ඔන්න එහෙනම් අද ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. හින්දි සිනමාවට අලුත් නලුවෙක් එක්ක රංජන් චන්ඩේල් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි. මේකේ නිළිය අපිට කලින් තෙලුගු චිත්‍රපටයකින් දැකගන්න පුළුවන්. ඒ බොක්ස් ඔෆිස් හිට් එකක් වුණු Arjun Reddi චිත්‍රපටයෙන්. එම චිත්‍රපටයෙන් තම සිනමා රංගනය පටන් ගන්න ඇය තවත් දමිළ,…

ඔන්න එහෙනම් අද ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. හින්දි සිනමාවට අලුත් නලුවෙක් එක්ක රංජන් චන්ඩේල් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි. මේකේ නිළිය අපිට කලින් තෙලුගු චිත්‍රපටයකින් දැකගන්න පුළුවන්. ඒ බොක්ස් ඔෆිස් හිට් එකක් වුණු Arjun Reddi චිත්‍රපටයෙන්. එම චිත්‍රපටයෙන් තම සිනමා රංගනය පටන් ගන්න ඇය තවත් දමිළ, තෙලුගු හා හින්දි කිහිපයක රගපැවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන Aditya Rawal කියන්නේ භාරතීය හින්දි සිනමාවේ අපි හැමෝම දන්න හාස්‍ය නළුවෙක් වන Paresh Rawal ගේ පුතා. Hera Pheri, Hungama, Oh My God, වැනි ජනප්‍රිය චිත්‍රපට වල අපිට මෙයාව දැක ගන්න පුළුවන්. මේක බාරදුන්න සිසිල අයියටත් ස්තූතියි කියන ගමන් කතාවට බහින්නම්.
නසීර් ජමාල් කියල කොල්ලෙක් ඉන්නවා. එයා තාම කොලේජ් එකට යන කොල්ලෙක්. එයාගේ තාත්තා අලහාබාද්වල නම තියන් ඉන්න කෙනෙක්. දවසක් මෙයාට මෙයාගේ යාලුවා සාහිද් පාර්සලයක් දෙනවා ගිහින් දෙන්න කියල. ඒක දෙන්න යද්දී තමයි මෙයා නීලම්ව දකින්නේ. නීලම් කියන්නේ ජිගර් ෆරීද් නම් මැර ජන්ද අපේක්ෂකයෙක් යටතේ බලහත් කාරකම් විදදරා ඉන්න කෙල්ලෙක්. නීලම් තමන්ගේ නැන්දා එක්ක උත්සවේක තනිවෙලා ඉන්නකොට මේ ජිගර් වරීද් ඇවිත් කියනවා මං ඔයාව අපේ උත්සවේ මිස්.අලහාබාද් විදියට පත් කරන්නම් කියල. ඒත් එයාව එහෙම කෙනෙක් නොකළ ජිගර් එයාට අවශ්‍ය කරන සැප පහසුකම් දීලා එයාව එයාගේ යටතේ තියාගත්තා. නීලම්ටත් කිසිදෙයක් කරගන්න බැරි වෙලාවක මේ දේ හොදයි කියල එයා අවුරුදු කිහිපයක් ජිගර් එක්ක හිටියා. නාසීර් පාර්සල් එක දෙද්දී දැක්ක මේ නීලම් අතරේ ආදරයක් ඇති වෙනවා. දෙන්නට දෙන්නා කොහොමහරි ආදරේ කරනවා. ඒත් මේක ජිගර් දැනගන්නවා. ප්‍රශ්න ගොඩ ඇතිවෙනවා ඒක නිසා. මොනවද වුණේ කියල දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ.
- IMDb Rate – 5.9/10
- Genre – Romance
- Director – Ranjan Chandel
- Writers – Ranjan Chandel, Hanzalah Shahid
- Released Date – 10 April 2020
එහෙනම් ආයෙම ලස්සන ෆිලුමකින් හම්බවෙන්නම් කියනගමන් ගිහින් එන්නම් හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි 🙏
S T A Y H O M E !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,764 downloadsDownload බම්ෆාද්-2020.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
0 comments
No comments yet.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie