මේ දවස් වල Revolution එකත් නැති එකේ ලැබුණු අධික ඉල්ලීම් පිට චිත්‍රපටියකට උපසිරසි දැම්මා. ඇත්තටම කිව්වොත් මේකේ blue ray ආපු කාලෙම මේකට උපසිරසි දාන්න කියලා මුලින්ම කිව්වෙ අපේ සමීර මලයා. ඒත් ඒ දවස් වල කර කර උන්නු වැඩ අනුව භාරගන්නවද නැද්ද කියලා හිතලා අන්තිමේ කවුරුත් නොකළොත් විතරක් පස්සෙ කරනවා කියලා හිත…

මේ දවස් වල Revolution එකත් නැති එකේ ලැබුණු අධික ඉල්ලීම් පිට චිත්‍රපටියකට උපසිරසි දැම්මා. ඇත්තටම කිව්වොත් මේකේ blue ray ආපු කාලෙම මේකට උපසිරසි දාන්න කියලා මුලින්ම කිව්වෙ අපේ සමීර මලයා. ඒත් ඒ දවස් වල කර කර උන්නු වැඩ අනුව භාරගන්නවද නැද්ද කියලා හිතලා අන්තිමේ කවුරුත් නොකළොත් විතරක් පස්සෙ කරනවා කියලා හිතලා පස්සට කල් දාලා දිමුතුගේ අදහසක් අනුව වෙන චිත්‍රපටියකට අත ගහන්න යද්දි එකපාරම සෑහෙන ඉල්ලීම් වගයක් මේල් එක හරහා ලැබෙන්න ගත්තා. ඉතින් ඒවත් සලකලා බලලා අනික් වැඩේට කලින් මේක ඉවර කරලා දෙන්න හිතුවා. ඒ ඉල්ලීම් කරපු අයගෙන් මම කරන විශේෂ ඉල්ලීමක් ලිපියේ අග තියෙනවා. පොඩ්ඩක් කාරුණිකව සලකා බලන්න.
කාටවත් විශේෂයෙන් විස්තර කරන්න ඕනා නැති විකි ලීක්ස් වෙබ් අඩවිය හා ජුලියන් අසාන්ජ් කියන නම් අප්‍රසිද්ධ තැන ඉඳන් මෙතරම් ප්‍රසිද්ධියට පත්වෙච්ච විධිය හා ඊට සම්බන්ධ අප්‍රසිද්ධ කතාව තමා මේකේ ගලාගෙන යන්නේ. විශේෂයෙන් ඊට ජූලියන් හා සම්බන්ධ වෙච්ච කෙනා හමුවෙච්ච විදියේ ඉඳන් කරපු කැපකිරීම් හා අවසානයේ සිදුවෙච්ච අවාසනාවන්ත වෙන්වීම දක්වා මේ චිත්‍රපටයෙන් කතා කරනවා. මම කතාව ගැන ඔයිට වඩා දෙයක් නම් කියන්නෙ නෑ. හැබැයි මේ චිත්‍රපටයට ජූලියන් දැඩි ලෙස විරුද්ධ වුණ බව හා මෙය පදනම් වී ඇති පොත් දෙකේ තියෙන්නේ විකෘති කළ දේවල් බව ජූලියන් පවසා ඇති බව කියන්නම ඕනේ. ඉතින් මේ අපභ්‍රංසේ වටහාගන්න එක වගේම මේ කරුණු වල සත්‍ය අසත්‍ය බව සොයා දැනගැනීම හා ඒ පිළිබඳ විනිශ්චයක් දීම ඔබට බාරයි.
මම මුලින් කිව්වා වගේ මේ කාරුණික නිවේදනය අර මට මේල් එවපු අයටයි. අපි ඒ මේල් වල තිබ්බ කරුණු මෙතන කමෙන්ට් එකකින්වත් නොදා ඉම්මු කියලා කරුණාවෙන් ඉල්ලනවා. මොකද ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක් කරනකොට ඒකේ සාර්ථක අසාර්ථක වීමට තම තමුන්ගේ දැනුම හා හැකියාව බලපානවා. තැන තැන විවේචනයක් නොකර ගන්න තියෙන දෙයක් අරගෙන බැහැර කරන්න ඕනා දේවල් බැහැර කරලා ඉම්මු කියන එක තමා මගේ අදහස. ඇත්තටම මේ චිත්‍රපටයේ බර ඉංග්‍රීසි වත් අමාරු වාක්‍යවත් නෑ. එකම දේ තිබ්බේ විශේෂ යෙදුම් නැත්තම් idioms හා පුවත්පත් යෙදුම් හරි විදියට තේරුම් අරගෙන උපසිරසි දාන එක විතරයි. හැබැයි වරදවා තේරුම් ගන්න එපා මගේ උපසිරසියත් 100% ක් නිවැරදියි කියලා. අනේ නෑ. වැරදි ඇති. ඒවා මට පෙන්වලා දෙන්න. මම කැමතියි වැරදි හදාගන්න. ඉතින් මම හිතනවා මගේ ඉල්ලීම ඔයාලා ඉටුකරයි කියලා.
එහෙනම් දැන් චිත්‍රපටිය බලන එක ඔයාලට බාරයි. තව එකකින් හමුවෙන තෙක් සමුගන්නවා. ජයම වේවා!!!!!! 282
395 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4bf638065e20998f5530071cc98fe563defdb089791 MB (BR) කොපිය මෙතනින් බාගන්න
dfc473fbf827964a322ad047885b4294e8276681 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,608 downloadsDownload The.Fifth_.Estate.2013.baiscopelk.zip136 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
53 comments
Rashmika
චතුර මදුසංක
niyamay.ude pandarama gindara tamay...ela ela
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........IP-Man
good luck!
kshan
ptta tnz
piyumals
thanks bro...
chandima
නියමයි රොයිලි අයියේ.. හැමදාම වගේ පට්ට කතාවක්.. එල එල මේ බානව..සුභපැතුම්.
Tharindu perera
Fatta fatta......niyama paharak vageee....danma banava roili sahhoo...thanks sub ekataahhh....sahooo...24 tv series ekath kauruhari karanam mokoooo.....naththan roili sahooo velavak thibunoth oyaavath karannakoo.....e tv series eka nathi eka matanam danenne loku aduvak vageee......
susa
tnx macho
හර්ෂ ලහිරු
ස්තුතියි රොයිලි සහො :D ජය
නලින්
ස්තුතියි රොයිලි අයියා!
ජය වේවා!
Dhanushka
Thankssssssssssssss
tharu
Thanks aiye. keep it up..
Sameera Dananjaya
Niyama Movie Ekka !!
ගමයා
රොයිලි නම දෑක්ක ගමන් හිතුවා සුපිරි භාණ්ඩයක් තමා කියලා.
ආයේ ඉතින් කතා දෙකක් නෑ...
ස්තුතීයි සහෝ සබට!shani
thanks
delmar
:o
ganan ganna epa ban aiye..
hoda wadak karaddi, ee wade nagala yaddi eekata burana kattiya ona tharam innawane.
ganan ganna epa..
erisiyawa kiyala kiyanne okata...allu
ela saho.. niyama wade karala thiyanawa..
ela...
vee
maxxa maxxa
Nilanka
elaz bro. thanks.
“චූටී මල්ලි”
මොකද්ද සහෝ
සීන් 1
කොහොමහරි කමක් නෑ
හොද 1ක් වගෙ
එල එල සබට තුති
ඔබට ජය.................me
Thanks
eranga
good work thanksss... mamath downlod karanaya
indika
thnq
ප්‍රසාද්
නියමයි සහෝ…….
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
amila
superb...
Sanjaya
Thankzzz Saho.....
Thakshila
a very good movie as it seems.. thanks for the effort!! Im sorry- but the subs are not flowing.... can you support on that?
Thakshila
Actually, Itz not working on GOM player
Givantha Arshakularathne
පට්ට කතාවක් වගෙ,
ඔන්න බාන්න දෑම්ම.
සබට තුති,
ජය වෙවාasaaa
machaaa site eke wada supiri.tv series wade digatama karan yanna...davinci's demons,game of thrones new seasons enawaa...site eke yaluwanta kiyala ewayeth sub dala dennaa..api balan innawa....
Chamith
Thanx....
Narada Warnasundara
කල්පිතයකට වඩා සත්‍ය සිදුවීමක් පාදකව සිනමා කෘථියක් බිහිකිරීමේදී එහි අධ්‍යක්ෂක වරයා සුවිශේෂී නිර්මාණශීලී අයකු නොවුනහොත් එම නිර්මාණය නීරස එකක් බවට පත්වීම නොවැලැක්විය හැක්කකි...මෙම සිනමා නිර්මාණය නීරසව ඇත්තේ එම හේතුව නිසා බව මගේ පුද්ගලික අදහසයි.....
kapila
Hmmmmmmmm.....
kasun champika
thanks a lot brother....rock youuuuu
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
suchithra
thanks machan
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි රොයිලි අයියේ..
මම ගොඩක් ආස නළුවෙක් තමයි Benedict Cumberbatch...
මෙයාගේ The Imitation Game film එකටත් සබ් දෙනවද? :)Udara Damith B\K
ගොඩක් ස්තූතියි
Sanath Perera
bohoma isthuthi sub ekata saho...
ricado
thank you very much royly fernando aiya , i always love to watch movies base on real events & i enjoyed this movie very much. god bless u..............
Mahesh ruwan
බොහොම ස්තුතිය
eluwaproduction
thanks bro
Prasanna P Epitawaththa
Good job, well done
Rajitha Dilshan
thanks for subtitle....
RavindraRishantha
Thanx bro
Lakshan1327
Thanks bro
rishan_1
Thanks
Ravindu Sulakshana
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

meka denakn idye saho..THANKS LOT!!!!!!!!!!!!!!!!!!!!!!!!