Watch Trailer

The First Grader (2010) | ජීවිතය අවසන් වනතුරු ඉගෙනීම නොනවතී. [සිංහල උපසිරැසි සමඟ]

අනුන්ගෙන් යැපි යැපි ඉඳලම මටත් හිතුණ සබ් එකක් දාන්ඩ. පළවෙනි උත්සාහය හින්දම මම තෝරගත්තෙ ටිකක් සරල ඉංග්‍රීසි තියෙන ෆිල්ම් එකක්. තෝරගත්ත කිව්වට ෆිල්ම් එක මට ගොඩක් දැනුණ හින්දම තෝරගන්ඩ සිද්ධ උණා. මං හිතනව මේ ෆිල්ම් එකේ හරය ගොඩක්ම ගැළපෙන්නෙ ලංකාවට. ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන කියනවනං මේක ඇත…

The First Grader (2010)
අනුන්ගෙන් යැපි යැපි ඉඳලම මටත් හිතුණ සබ් එකක් දාන්ඩ. පළවෙනි උත්සාහය හින්දම මම තෝරගත්තෙ ටිකක් සරල ඉංග්‍රීසි තියෙන ෆිල්ම් එකක්. තෝරගත්ත කිව්වට ෆිල්ම් එක මට ගොඩක් දැනුණ හින්දම තෝරගන්ඩ සිද්ධ උණා. මං හිතනව මේ ෆිල්ම් එකේ හරය ගොඩක්ම ගැළපෙන්නෙ ලංකාවට. ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන කියනවනං මේක ඇත්ත සිද්ධියක්. මේකෙ අධ්‍යක්ෂණය සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙක් වන justin chadwick ගේ. නාට්‍යමය චරිතාපදානයක් වන මේ ෆිල්ම් එක කෙන්යාවේ ජිවත් උන (1920-2009) කිමානි මරුගෙ කියල අපූරු විදියකින් ගිනස් පොතට ගිය කෙනෙක්ගෙ ජිවිත කතාව. IMDB දර්ශකයේ 7.3 ක අගයක් දිනාගෙන තියෙන මේ ෆිල්ම් එක ඇකඩමි සම්මාන 2ක් ඇතුළුව තවත් සම්මාන 6ක් දිනාගෙන තියෙනව. BBC films සහ UK film council වල ඉදිරිපත් කිරීමක් වන මේ ෆිල්ම් එක බෙදාහරින්නෙ National Geographic Entertainment එකෙන්.

කතාව මෙහෙමයි, වසර ගණනාවක් බ්‍රිතාන්‍ය අධිරජ්‍යවාදී පාලනයට යටත්ව තිබුණු කෙන්යාව නිදහස ලබා ගත්තට පස්සෙ කෙන්යානු රජය
2003 අවුරුද්දෙදි තීරණය කරනව එයාල පොරොන්දු උණ විදියටම හැමෝටම නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න. ආරංචිය ලැබුණු ගමන්ම ඉස්කෝලෙට ඇතුල්වෙන්න එන ළමයින් අස්සෙ අවරුදු 84ක් වයස නාකි ලොක්කෙකුත් ඉන්නව. එයා තමයි මරුගේ. දෙතුන් පාරක් අසාර්ථක උණත් කරුණාවන්ත වගේම ආදර්ශමත් ගුරුවරයෙක් වන ජේන්, මරුගේව ඉස්කෝලෙට ගන්ඩ තීරණය කරනව. කොහොම උණත් මොන දේටද බාධා නැත්තෙ. දරුවන්ගෙ දෙමව්පියො, ජනමාධ්‍ය වගේම ඉස්කෝලෙ අයිතිකාරයත් මේකට විරුද්ධ වෙනව. ඒත් ඇයි මේ තරම් වයසට ගිය කෙනෙක්ට ඉගෙනගන්න ඕන කරන්නෙ?

හැබැයි මරුගෙට ඕන කරන්නෙ කියවන්න ඉගෙනගන්න විතරියි. ෆිල්ම් එක පුරාවටම බලන කෙනාගෙ කුතුහලයට හේතු වෙන දෙයක් තමයි මරුගෙ ගාව තියන ලියුම. එයා ඒක හැම වෙලේම වගේ කවරෙන් එළියට අරන් බලනව, එයාට ඕන කම තියෙන්නෙ මේ තමන්ට ලැබුණු ලියුම කොහොමහරි කියවගන්න. ඒ වගේම තමයි මරුගෙ කියන්නෙ බ්‍රිතාන්‍ය පාලන කාලෙදි බ්‍රිතාන්‍යට විරුද්ධව කැරලි ගහල අවරුදු ගාණක් සිරගතව ඉඳල දුක් විඳපු කෙනෙක්. ෆිල්ම් එක පුරාවටම මරුගේගෙ ඒ කටුක මතකය එයාට වද දෙනව. ඉතිං ෆිල්ම් එක බැලුවට පස්සෙ දැනගන්න පුළුවන් මොකද්ද මේ ලියුමෙ තියෙන්නෙ කියල.

අප්‍රිකානු සංගීතය එක්කම මිශ්‍ර උණ බටහිර සංගීතය තමයි ෆිල්ම් එකට යොදාගෙන තියෙන්නෙ. අප්‍රිකානු සංගීතය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ බොක්කටම වදිනව. අධ්‍යාපන ක්‍රමය, දේශපාලනය සහ පවතින සමාජයේ අඩුපාඩු සියුම් විදියට විවේචනය කරන ෆිල්ම් එකක් විදියට මේක ලංකවේ අපිට ගොඩක් ගැළපෙනව. ඉගෙනීමේ වටිනාකම ගොඩක් හැඟුම් බර විදියට කෙරෙන ඉදිරිපත්කිරීමක්. ඉතින් ස්ටෝරි වලට කැමති කට්ටියට මේක ගොඩක් හොඳ ෆිල්ම් එකක් වෙයි කියල හිතනව. ඔබට ජය !

The First Grader (2010) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

656A437F3640595E7AE5637ADEC6A97DF9562C98 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,752 downloadsDownload The-First-Grader-2010.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/wayantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වයන්ත සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වයන්ත සඳරුවන්

Subtitles

1,752 downloadsDownload Subtitles39 KB

42 comments

  1. ccnp

    Txxxx saho palamu sub akata

  2. pathum

    Thanks

  3. kalana

    Ela ela digatama subtitles denna obata jaya

  4. wow

    Wow.....maru

  5. isuru

    Palamu wadeyta suba pathum....digatama subs demu

  6. upali

    Thnxxxxxxxcc

  7. ishara

    mama dannaw me kathawa
    meka godak hodai
    thanks bro mekata sub dunnata. :D

  8. rusuru | රුසිරු

    පළමු වැඩේට සුභ පැතුම්!

  9. ositha

    palamuwenma supirima film akak deepu akata txzz digatama mey wage wadagath awa demu kiyala kiyanwa onna man

    1. Wayantha

      අනිවාර්යෙන්ම.

  10. quik

    thanks

  11. zumo man

    elazzz thnxzzz

  12. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  13. dammika

    maru niyamai

  14. Palitha Baddegama

    අධ්‍යාපනයට වැදගත් වන
    Peepli Live (2010) Hindi
    සිංහල උපසිරැසි යොදන්න. ඔබ කරන්නේ ලොකු පිනක්.

    පාලිත බද්දේගම.
    අධ්‍යාපන අමාත්‍යාංශය

    1. uda

      වයන්ත සදරුවන් සහෝ උපරිමයි මේ උත්සාහය...

      අර තමන්ගේ ජීවිත කාලයක අද්දැකීම් ජීවීතේ අන්තිම කාලේ අකුරු ඉගෙනගෙන පොතක් විදිහට පළ කළ කෙනාද මේ?

      මට මතකයි එහෙම කෙනෙක් ගැන! නමුත් කොහේද හෝ කවුද? කොහොමද? විස්තර මතකයේ නෑ. මේ එයානම් මේ කතාව අපිට කිව්ව එකට ඔයාට බොහොම ස්තුතියි සහෝ. එහෙම මිනිහෙකුගේ ජීවිතයට එබිලා බලන්න ලැබෙන එක පොත් ලක්ෂයක් කියවනවාට වඩා වටිනවා.

      මටත් තියෙනවා ඔයාට යොමුකරන්න යෝජනාවක්. සම්මාන 15ක් දිනාගත් චීන සිනමා සිත්තමක් වන Not One Less (1999) ත් සිංහල කරන්න. චීනයේ අතීශය දුෂ්කර ගම්බද පාසලක ගුරුතුමා වෙනුවට තාවකාලිකව වැඩ භාරගන්නා, ප්‍රාථමික පන්තිය පමණක් සමත් අවුරුදු 14ක දැරිවියක් ගැන කතාවක් ඒක. ඇය එන්නේ මුදලක් ලබාදෙන පොරොන්දුව පිට. නමුත් පාසලේ එකම ළමෙක්වත් අඩුවුණොත් ඇයට මුදල් නෑ. නමුත් එක ළමෙක් පැනලා යනවා. එතනින් එහාට...

      මේක හරිම සංවේදී වගේම අරුත්බරයි රසවත්. ඉඩක් වෙන්කරගන්න. කතාව සංක්ෂේප කළේ අදහසක් ගන්න පහසුවෙන්න. දිගටම මේ වගේ වෙනසක් එක්කරන්න. ජය!

    2. Wayantha

      මම අනිවාර්යෙන්ම බලන්නං, ගොඩක් ස්තුතියි.

  15. සචින්ත

    එල වැඩක් වගේ. සුබ පතුම්.

  16. me

    Thanks

  17. තරිඳූ පෙරේරා

    palamu vadeta jaya sahoooo......digatama demuuu.....

  18. Thisara NEO

    නියමයි සහෝ, පලවෙනි උත්සාහයම වටිනා දේකට යොදවල. ඔය වගේ නිර්මාණ කොච්චර බැලුවත් එපා වෙන් නෑ.
    පුළුවන් හැම වේලාවෙන ඔය වගේ නිර්මාණ වලට සබ් දෙන්න. comment, downloads අඩු උනත් සැලෙන්න එපා. වටිනවා ඔය වගේ නිර්මාණ..

    ජයවේවා.පලවෙනි උත්සාහයට. ඉක්මනටම හමුවෙමු දෙවෙනි නිර්මානයෙනුත්

    1. Wayantha

      ගොඩක් ස්තුතියි, අනිවාර්යෙන්ම.

  19. “චූටී මල්ලි”

    එල ෆිල්ම් 1ක් නෙ
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.....

  20. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි එකටම සුපිරි ෆිලුමක් අරන් ඇවිත් තියෙන්නේ
    බොහම ස්තුතියි සහෝ උපසිරසට
    අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගැන්නවා
    දිගටම මේ වගේ හොද නිර්මාණ අරන් එන්න අපට
    මෙන්න බාන්න දැම්මා

  21. Sanjaya

    me wage Sub Danna sahota Niduk Nirogi Suwaya Lebewa......

  22. LaSa MaRLeY

    මම මේක බලලාම කොමෙන්ටුවක් දැම්මොත් හොදයි කියලා කල්පනා කරා,ලස්සන කතාවක්,අනිවාර්යයෙන් බලන්න,Thank You "Wayantha Sandaruwan"

  23. jayanandana

    සුපිරිම ෆිල්ම් එකක්, උත්සාහය හා කෑපවිම ඈත්නම් අපගේ අරමුන කරා යන ගමන් මාර්ගය අමාරූ උවත් යා අපගේ අර්මුන කරා හෑකියි,,,,

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  25. Emi

    Thank you

  26. රොයිලි

    බොහොම ස්තූතියි වයන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  27. mudiya / මුදියා

    සෑහෙන්න අගය කිරීමක් ලැබිල තියෙනව අපේ අයගෙන්.
    අනිව හොඳ ඇති.
    බලන්න ඕනි ඉක්මනටම.
    නියමයි වයන්ත.
    පළවෙනි එකට උණසුම් සුභ පැතුම් මගෙන්.
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  28. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  29. උදය කුමාර

    සබ් එක දීපු නිසා කරදරයක් නැතුව බලාගත්ත. නියම ෆිල්ම් එකක්.අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් දුන්නට බොහෝම ස්තුතියි...

  30. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. King Ara

    උපසිරසට ස්තුතියි!

  32. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  33. gayan

    ලස්සන කතාවක් වගේ බොහොම ස්තුතියි යාළුවා

  34. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  35. wiki

    Thanks....

  36. DDSameera

    මෙන්න මේ වගේ සත්‍ය කතාන්දර අපිට සමීප කරවන ඔබතුමාට හුගක් ස්තූතියි..සහෝ.....ජය ජය හෝ..!!!

  37. nidi

    Wayantha, first selection eka nam super! eeth eththatama dukai me tharam honda film ekakata comments wetila nethi eka gena. site ekata ena mithuru hemoma, subs dena sohoyuru- sohoyuriyanta comments deela eyalage mahansiya agayamu!

  38. don syd

    update ekak nadda