සෙත් බ්‍රන්ඩල් මම විද්‍යාඥයෙක්. මං ලෝකෙම වෙනස් කරන අලුත්ම සොයාගැනීමක් කළා. එක තැනකින් තවත් තැනකට ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් ක්‍රමයක්. මුලින් ටෙලිපෝර්ට් කරන්න පුලුවන් උනේ අජීවී වස්තු විතරක් උනත්, රොනීගේ උදව්වෙන් සජීවි වස්තුත් ටෙලිපෝර්ට් කරන්න මට පුලුවන් උනා. වෙරෝනිකා(රොනී) මම පත්තර වාර්තාකාරියක්. විද්…

සෙත් බ්‍රන්ඩල්

මම විද්‍යාඥයෙක්. මං ලෝකෙම වෙනස් කරන අලුත්ම සොයාගැනීමක් කළා. එක තැනකින් තවත් තැනකට ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් ක්‍රමයක්. මුලින් ටෙලිපෝර්ට් කරන්න පුලුවන් උනේ අජීවී වස්තු විතරක් උනත්, රොනීගේ උදව්වෙන් සජීවි වස්තුත් ටෙලිපෝර්ට් කරන්න මට පුලුවන් උනා.

වෙරෝනිකා(රොනී)

මම පත්තර වාර්තාකාරියක්. විද්‍යාඥයන්ගේ පාටියකදි හම්බුන සෙත් මට හෙළි කලා එයාගෙ ලෝකෙම වෙනස් කරන අලුත්ම සොයාගැනීම ගැන. ඒ වෙද්දි එයා ටෙලිපෝර්ට් කළේ අජීවී වස්තු විතරයි. මගෙත් උදව් ඇතුව එයාට පුලුවන් උනා සජීවී වස්තුත් ටෙලිපෝර්ට් කරන්න.

ස්ටැතිස් බෝරන්ස්

මම වෙරෝනිකා වැඩ කරන පත්තරේ සංස්කාරකවරයා. වෙරෝනිකා කියන්නෙ මගේ කලින් පෙම්වතිය. වෙරෝනිකා මට කිව්වා සෙත්ගෙ සොයාගැනීම ගැන. ඒත් මං මුලින් ඒක විශ්වාස කළේ නෑ. ඒත් පස්සෙ මට තේරුනා. සෙත් කියන්නෙ දක්ශයන්ගෙත් දක්ශයෙක්.

විද්‍යාවේ දියුණුව මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන කරනවා.

ඒත්,

විද්‍යාවේ අත්වැරදීමක් හිතාගන්නවත් බැරි ප්‍රතිපල ගේන්න පුලුවන්.

ලස්සනම ලස්සන විද්‍යා ප්‍රබන්ධයක්.
මූසලම මූසල ආදර කතාවක්.

සංවේදී අය උදේ වරුවක නම් බලන්නෙපා. දවසම මුස්පේන්තු වෙලා යයි.

අති විශිෂ්ට රංගනය, අංගරචනය, විශේෂ ප්‍රයෝග වගේම පසුබිම් සංගීතය ප්‍රේක්ශක හදවත් ඇද බැඳ තබාගනීවි.

1987 අවුරුද්දේ හොඳම අංග රචනය(Best Makeup) සඳහා OSCAR සම්මානය දිනපු,

IMDB අගය 7.6 ක්(මනාප 167365 කින්) සහ
Rotten Tomatoes අගය 93% ක් ලබාගත්තු,

Jeff Goldblum, Geena Davis සහ John Getz ගේ විශිෂ්ට රංගනයෙන් හැඩ උනු,

David Cronenberg ගේ සුපිරි අධ්‍යක්ෂණයෙන් බිහි උනු,

අවුරුද්ද පරණ නිසා බහුතරයක් විසින් මඟෑරගන්න අති දුර්ලභ මැණිකක් The Fly(1986)…

සැ:යු: පිළිකුල දනවන දර්ශන සහ ලිංගික දර්ශන ඇතුළත් බැවින් පවුලේ සැමට සුදුසු නොවේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,252 downloadsDownload The.Fly_.1986.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

4,252 downloadsDownload Subtitles67 KB

22 comments

  1. කවිඳු ජයවර්ධන

    කලින්ම කියපු හින්ද දෙනකල් බලාන හිටියේ..සබ් එකට තෑන්ක්ස් අයියේ.

    1. Sohan Jayasooriya

      අනිවා.. ඔයාගෙ කමෙන්ට් එක බලාපොරොත්තු උනා මලේ

  2. daminda gamage

    ela ela bokka

    1. Sohan Jayasooriya

      දමින්ද අයියේ සබක් කරමු නේහ්

  3. Sahan Prabhasara

    පට්ටම අප්පිරියයි
    ඒ උනාට කතාව පහර ❤️

    1. Sohan Jayasooriya

      ඔව් බත් කකා නම් බලන්න අමාරුයි අවුල් යන අයට :|

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. ශාමල් මනෝජන්

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ.

    දෙනවා කියලා තිබුණු නිසා ෆිල්ම් දෙකම Download කරලා බලාගෙන හිටියේ.

    The Fly II - 1989
    Cat's Eye - 1985
    Mosquito - 1994

    යන චිත්‍රපට කිහිපයත් හැකි අයුරින් උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි

    1. Sohan Jayasooriya

      The Fly II දෙන්නම් එක්සෑම් ඉවර උන ගමන්ම

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් මේවටත් සබ් දෙන්න ඉදිරියෙදී
    Audition (1999),Ichi the Killer (2001),Wolf Creek (2005),Lake Mungo (2008),Grotesque (2009)
    The Taking of Deborah Logan (2014),Critters (1,2,3,4,Critters Attack!)

    1. Sachith

      Bro deborah logan ekata sub ekak hambunada?

  7. අසින්ත

    බලං හිටියෙ සබ දෙනකං...
    ඉක්මනට දෙකත් දෙන්න.
    ස්තූතියි.

  8. Supun Kaushalya

    දැක්ක ගමන් හිතුන ඔයා හරි රොෂාන් හරි තමා සබ් දෙන්න ඇත්තෙ කියල.... සුපිරි ෆිල්ම් එක දෙවනි කොටසටත් සබ් දෙන්න

  9. Suranjan

    Thanks....jayawewa....!

  10. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Sohan Jayasooriya

    ස්තුතියි හැමෝටම

  12. S.H.Tharaka Prabhath

    Thanks for the sinhala sub sohan bro...

  13. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  14. Anonymous

    thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!