Watch Trailer

Honest Thief (2020) Sinhala Subtitles | අවංක හොරාගේ වික්‍රමය [සිංහල උපසිරසි]

ආයූබෝවන්, ඔක්කොටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මොකද ගොඩක් කලින් දෙන්න පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. Covid-19 වසංගතයත් එක්ක වැඩ රාජකාරි නිසා මේකේ බාගයක් කරද්දි මඟ හැරුනා. අද අහම්බෙන් තමයි මේ ෆයිල් එක දැකලා අදම මේකේ වැඩ ඉවරයක් කලේ. Honest Thief (2020) මේ ෆිලුම IMDb 6.0ක අ…

ආයූබෝවන්, ඔක්කොටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මොකද ගොඩක් කලින් දෙන්න පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. Covid-19 වසංගතයත් එක්ක වැඩ රාජකාරි නිසා මේකේ බාගයක් කරද්දි මඟ හැරුනා. අද අහම්බෙන් තමයි මේ ෆයිල් එක දැකලා අදම මේකේ වැඩ ඉවරයක් කලේ. Honest Thief (2020) මේ ෆිලුම IMDb 6.0ක අගයක් ලබගන්නත් 79%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Action/Thriller යන කාණ්ඩ වලට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Mark Williams. රංගනයෙන් දායක වෙන්නේ Non-stop (2014), Unknown (2011), The Commuter (2018) සහ Taken චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් සුපිරි නළු Liam Neeson ටොම් ඩෝලන් ලෙසත්, Terminator 2: Judgment Day (1991), The Last Rampage (2017), The Protege (2021) වැනි චිත්‍රපටවල රඟ පෑ Robert Patrick සෑම් බේකර් ලෙසත්, Jolt (2021), Terminator:Genisys (2015), A Good Day To Die Hard (2013) වැනි චිත්‍රපට වලින් හමුවූ Jai Courtney නියෝජිත නිවෙන්ස් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

ටොම් ඩෝලන්, හිටපු මැරීන් සෙබළෙක්, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙක්. ඒ වගේම එක්සත් ජනපදයේ විවිධ නගරවල එක පෙළට සිදුවු බැංකු මංකොල්ලකෑම් වලට සහ ඩොලර් මිලියන 10කට ආසන්න සොරකම් වලට FBI එකට අවශ්‍ය මහ මොළකරු ඔහුයි. මේ මංකොල්ලකරුවා බැංකුවලට ඇතුලුවෙන සහ පිටවෙන මාර්ගය ගැන කිසිම සළකුණක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මාධ්‍ය විසින් ඔහුව “අදිසි සොරා” ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වනවා. වසර ගණනාවකින් මොහුගේ සැබෑ අනන්‍යතාව හෝ වෙනත් තොරතුරක් දැනගන්න නෑ. හදිසියේම ටොම්ට ඕන වෙනවා ඔහු කරපු වැරදිවලට පසුතැවිලා FBI එකට භාරවෙන්න. ඒ නිසා ටොම් FBI එකට කෝල් කරලා පාපොච්චාරණය කරලා තමන්ගේ වැරදි වලට බාරවෙලා අඩු දඬුවමක් ලැබෙන විදියට ගණුදෙනුවක් කරන්න සූදානම් වෙනවා. මේ වැඩේට FBI එකෙන් තරුණ ඒජන්තවරුන් දෙදෙනෙක්ට භාර දෙනවා. මෙයාලා ටොම්ව හම්බෙලා කතාබහ කලාට ටොම් කියන කිසිම දෙයක් සාක්ෂි නැතුව පිළිගන්න ඔවුන් අකැමති වෙනවා. ඒ නිසා සාක්ෂි විදියට හොරකම් කරපු සල්ලිවලින් මිලියන 3ක් තියෙන ස්ථානය ටොම් මේ නියෝජිතයන් දෙන්නට දෙනවා. සල්ලි හොයාගන්න මේ FBI නියෝජිතයෝ දෙන්නා වෙනමම සැලස්මක් හදනවා. ඉතිං මේ සිදුවීමෙන් පස්සේ ටොම් ඩෝලන් සහ FBI එක අතර ද්වන්ධ යුද්ධයක් ආරම්භ වෙනවා.

මීට වඩා චිත්‍රපටයේ කතාව ගැන මීට වඩා මුකුත් කියන්නේ නෑ. ඔයාලගේ නොමසුරු ප්‍රතිචාර ලබාදෙන්න කියලත් මතක් කරන්න ඕන. ඔයාලගේ කොමෙන්ට් එකෙන් තමයි තවත් වැඩකට අත ගහන්න ශක්තිය එන්නේ. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න සිසිල ප්‍රසාද් සහෝටත්, මේ ගැන හොයලා බලපු චාමර සම්පත් සහෝටත් ප්‍රතිචාර දක්වන සහෝදර , සහෝදරියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මුළු ලෝකයම Covid-19 උවදුරින් ඉක්මනින් සුවපත් වේවා ! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,817 downloadsDownload Honest.Thief_.2020.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

7,817 downloadsDownload Subtitles40 KB

30 comments

  1. Sandun

    pattta saho me wage weda digatama karanna

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Lakshansilva18

    thanks for subtitles

  4. Anonymous

    thanx..me movie eka godak kaleka sita balaporoththuwa sitiye

  5. Asa

    බොහොම ස්තූති කොල්ලා

  6. DILmin

    Sub ekata thanks!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Udaya Fdo

    Thank you

  9. Janaka Udayanga

    EXCELLENT Film

  10. Bobby

    Thank you very much Bro.

  11. Pradeep

    Bell Bottom 2021 hindi movie eka denna puluwanda

  12. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  13. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  14. Anonymous

    thank you

  15. supun

    tz sub ekata..

  16. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. AB

    Thanks bro

  18. mindika

    Thanks !!!

  19. Anonymous

    Malli taish eke sub denna.harshwardan rane inne eke.eke comments godak hodai.man Google eke baluwa.oyala sub denakam Tama inne.anith Mona sub dena site tibunath oyala wage clear na.thnaks bro.oyala hamoma godak hodata sub denawa.thanks for everything.

  20. Anonymous

    Thanks Brother

  21. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  22. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  23. සුභාෂිණී මල්ලව ආරච්චි

    උපසිරැසියට ගොඩක් ස්තූතියි මල්ලි.

  24. Malith Samarawickrama

    Thanks bro sub ekata

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Nishan

    Thanx bro

  27. Dewadithya

    Thanks for Sub!

  28. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  29. dasun

    thanks

  30. Darshana pethum

    Thanks brother..