ඉතින් යාළුවනේ මෙච්චර ඉක්මනට ආයෙ හම්බ වෙන්න වෙයි කියලා හිතුවෙ නැහැ. මොකද මගේ පලවෙනි උපසිරැසිය කරලා පලවුනාට පස්සෙ මට තවත් එකක් කරන්න ගොඩක් ආසා හිතුනා. මොකද මෙහෙම උපසිරැසියක් කරලා baiscope site එකේ පල වෙලා ඒ දකිද්දි දැනෙන සතුට සල්ලි වලට ගන්න බැහැ. ඉතින් මගෙ පලවෙනි උපසිරැසියට ගොඩක් අය comment දාලා තිබ්…

ඉතින් යාළුවනේ මෙච්චර ඉක්මනට ආයෙ හම්බ වෙන්න වෙයි කියලා හිතුවෙ නැහැ. මොකද මගේ පලවෙනි උපසිරැසිය කරලා පලවුනාට පස්සෙ මට තවත් එකක් කරන්න ගොඩක් ආසා හිතුනා. මොකද මෙහෙම උපසිරැසියක් කරලා baiscope site එකේ පල වෙලා ඒ දකිද්දි දැනෙන සතුට සල්ලි වලට ගන්න බැහැ. ඉතින් මගෙ පලවෙනි උපසිරැසියට ගොඩක් අය comment දාලා තිබ්බා ඉතින් ඒ අයගෙ දිරි ගැන්වීමත් එක්ක මට තවත් එකක් කරන්න ඕනා වුනා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනා baiscope එකේ තිසාර අයියා මගෙ පලවෙනි උපසිරැසිය පල කරපු හින්දා තමා මට දෙවෙනි උපසිරැසිය කරන්න උනන්දු වුනේ. ඉතින් තිසාර අයියට ආයෙත් ස්තුතිය පිරි නමනවා🙏
හොදයි යාලුවනේ මගේ දෙවෙනි උපසිරැසිය ලෙස මම තෝරා ගත්තෙත් කලින් වගේම කාටුන් එකක් ඔයාලත් මේකට කැමති වෙයි කියලා හිතනවා.මොකද මේක ලස්සන කතාවක්. මේක නම තමා the fox and the hound [1981] සිංහලෙන් කියනවනම් [නරියා සහ දඩයම් බල්ලා] ඉතින් යාලුවනේ කලින් කතාව වගේම මේකත් පට්ට ලස්සනයි. මේ කතාව IMDB එක 7.3 වගේ අගයක් ගන්න අතරම මේක හදන්න $12,000,000 වගේ මුදලක් ගිහින් කියලා ගනන් හදාලා තියෙනවා.ඒ වගේම මේක ලොවපුර තිරගත කරලා $63,456,988 වගේ මුදලක් ශුද්ධ ලාබය ලෙස හොයලා තියෙනවා කියලා box office වාර්තා වල සටහන් වෙලා තියෙනවා.මේ ඇනිමෙෂන් කතාව ඇමරිකාව විසින් තමා නිපදාවා තිබෙන්නෙ. අපි කවුරුත් දන්න disney studio එකේ තමා මේක නිපදවා තිබෙන්නෙ.
හරි එහෙනම් වැල් වටාරම් නැතිව කතාවට බහිමු 😁😁😁 මේක පටන් ගන්නෙ කෑලෑවෙ ඇතුලෙ දවසක් නරි දෙනක් පස්සෙ දඩයක්කාරයො එලවගන එනවා මේ නරි දෙන පන බේර ගන්න දුවන්නෙ තනියම නෙවෙයි ඌගෙ පැටියවත් කටේ එල්ලගන ඉතින් මෙහෙම දුවන් යද්දි මේ නරි දෙන කැලාවෙ ලග තිබ්බ ගහක් යට පැටියව දාලා දුවනවා. ටික දුරයි යන්න හම්බුනේ දඩයක්කාරයො න්ගෙන් වෙඩි කාලා මේ නරි දෙන මැරෙනවා. ඉතින් මේ වෙන හැම දෙයක්ම එතන තිබ්බ ගහක් උඩට වෙලා බකමූනෙක් බලන් ඉන්නවා. එයාගෙ නම තමා ලොකු අම්මා. ඉතින් මේ ලොකු අම්මා මේ නරි පැටිය ලගට ඇවිල්ලා කියනවා ඔයාව බලා ගන්න කෙනෙක් හොයලා දෙන්නම කියලා. එයා කල්පනා කරනවා මොක්ද කරන්නෙ කියලා එයාට මතක් වෙනවා ඒ ලග තියෙන ගොවිපලේ ඉන්න මහලු කාන්තාව ගැන. ඒ මහලු කාන්තාවට මේ නරි පැටියා භාර දෙන්න සැලැස්මක් ක්‍රියාත්මක කරනවා ඒ බූමර් කියලා නම තියෙන කොට්ටෝරුවෙක් හා ඩින්කි කියන තවත් කුරුල්ලෙක් එක්ක කොහොම හරි මේ මහලු කාන්තව මේ නරි පැටියව ලමයෙක් වගේ හදා ගන්නවා. මේ අතර ගොවිපොල ලගම ඉන්නවා ආමොස් කියලා දඩයක් කාරයෙක් ඔහුට ඉන්නවා චීෆ් කියලා දඩයම් බල්ලෙක්
ඉතින් මේ ආමොස් දවසක් අලුත් බලු පැටියෙක් ගේනවා දඩයමට හුරු කරන්න හිතාගෙන. මේ බලු පැටියත් අර නරියගෙ වයසෙමයි ඉතින් මේ නරි පැටියගෙ නම ටොඩ්,බලුපැටියගෙ නම කොපර් කොහොම හරි කාටත් හොරෙන් මේ දෙන්නා හොදම යාලුවො වෙනවා. ඒත් දඩයම් බල්ලෙකුටයි නරියෙකුටයි එකට ඉන්න බැහැනේ
මේ දෙන්නගෙ යාලු කමට මොකද වෙන්නෙ. ආමොස් මොවුන්ට හොදින් ඉන්න දෙයිද? කතාව බලන්නකෝ කතාවම කිවුවහම අගයක් නැහැනෙ.පැයයි විනඩි 20ක් වගේ තමා මේ කතාව දිග හැරෙන්නෙ.
හරි යාලුවනේ අඩුපාඩු තියෙන්න පුලුවන් කලින් වගේ ඒවා පෙන්නලා දෙන්න කියලා කියන ගමන් ආයෙත් හමු වීමේ බාලාපොරොත්තුවෙන් සමු ගන්නවා! ඔයාලට බුදුසරනයි !

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
1,182 downloadsDownload The.Fox_.and_.the_.Hound_.1981.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මදුසංක
Subtitles
8 comments
Hashan M. Priyadarshana
pradeep94
Thank bro
rockz2020
White Snake එකෙන් පස්සෙ නේද, එල එල සුපිරියි ✌❤
2019 පටන් අරන් 1981 එකටම ගිහින් බයිස්කෝප් එකේ film list එකේ තිබ්බ තවත් හිස්තැනක් පිරෙව්වා නේද ;) ✌
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ජය වේවා! ✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුළුවන්නම් මේවත් බලනවද ✌
https://youtu.be/shAB0uY3Xjw
https://youtu.be/566_PBg6jkEpradeep94
Hari balannam godak thank
එල්.සී. දමැල්
මග ඇරිච්ච Disney animation එකක්. තෑන්ක්ස් මේක ගෙනාවට... දිගටම මේ වගේ ලස්සන චිත්‍රපට ගේන්න කාලය හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ජය...හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!