Watch Trailer

Champion (2019) Sinhala Subtitles | චැම්පියන් !! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සහෝදරවරුනි කාලයකට පස්සේ බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරැසියක් කරන්න ලැබුණා. කාල වේලාව තමා හැම දේකටම හරස් වෙන්නෙ. මගේ 65 වෙනි උපසිරැසිය ඔන්න අරගෙන ආවා. මෑත කාලයේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය වුණේ ක්‍රීඩාවන් අලලා. IMdb අගය 7.2 ක් අරගත්ත විජේගෙ Bigil (2019)චිත්‍රපටයටත් වඩා ඉහල IMdb අගයක් 7.8 ක්…

ඔන්න සහෝදරවරුනි කාලයකට පස්සේ බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරැසියක් කරන්න ලැබුණා. කාල වේලාව තමා හැම දේකටම හරස් වෙන්නෙ. මගේ 65 වෙනි උපසිරැසිය ඔන්න අරගෙන ආවා. මෑත කාලයේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය වුණේ ක්‍රීඩාවන් අලලා. IMdb අගය 7.2 ක් අරගත්ත විජේගෙ Bigil (2019)චිත්‍රපටයටත් වඩා ඉහල IMdb අගයක් 7.8 ක් වගේ ඉහල අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේම ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වෙන්න සිහින මවන තරුණයෙක් ගැනයි, නැතහොත් කියනවනම් තමන්ගේ පියාගේ ෆුට්බෝල් සිහිනය වෙනුවෙන් කැපවුණ පුතෙක් වටා ගෙතුන කතාවක්. පැය 1 කුත් විනාඩි 43 ක් පුරාවට දිවෙන sport වර්ගීකරණයට අයිති 13 December 2019 තිරගත වීම ආරම්භ කරල තියෙනවා.

ජෝන්ස්,පොඩි කාලේ ඉදන්ම ෆුට්බෝල් සෙල්ලමටමයි, එයාගෙ තාත්තා ගෝපි, පොඩි කාලෙදිම අන්ත්‍රා වුණා. ජෝන්ස්ට ඕන වුණේ තමන්ගේ තාත්තගෙ සිහිය වුණ ෆුට්බෝල් වලින් ඉහලටම ගිහින් ඉන්දියානු කණ්ඩායමට සෙල්ලම් කරන තැනට පත් වෙන්න. නමුත් ජෝන්ස්ගෙ අම්මා මේකට පොඩ්ඩක් වත් කැමති නෑ, සෙල්ලම් කරනව දැක්ක ගමන් ජෝන්ස්ට බැණුම්, ගුටි පූජාවයි. නමුත් ජොන්ස් නෙමෙයි ෆුට්බෝල් අතාරින්නෙ, අම්මට හොරෙන් ඉස්කෝලෙ සෙල්ලම් කරනවා. එයාගෙ යාලුවොත් එයාට හැම සහයක්ම ලබාදෙනවා. විශේෂයෙන්ම පාවි, එයා ජෝන්ස්ට ඕන් සල්ලි… අලුත් ඇකඩමියකට එකතු වෙන්න විස්තර හැමදේම හොයාගෙන උනන්දු කරවනවා. දවසක් පාවි, ජෝන්ස්ට මුදල් දෙන එක පාවිගෙ ගෙදරින් දැනගෙන එයාව ඉස්කෝලෙනුත් අස් කරගෙන යනවා. මේ ගැන කලකිරිල සෙල්ලමටවත් එන්නෙ නැතුව ඉන්න නිසා ඉස්කෝලේ පී ටී මාස්ටර් කතා කරල ජෝන්ස්ව එයාගෙ යාලුවෙක් වන ශාන්තා ළගට යවනවා ඇකඩමියේ පුහුණුවට. එතනට ගිහින් ජෝන්ස්ගේ විස්තර අහද්දි ශාන්තා දැනගන්නවා මේ තමන්ගේ යාලුවගෙ පුතා බව. මේ බව අගවන්නෙ නැතුව තාත්තා එක්ක එන්න එතකොටයි ඇකඩමියට ඇතුළත් කරගන්නෙ කියල ශාන්ත ජෝන්ස්ට කියනව. ජෝන්ස්ගේ තාත්තා නැතිනිසා එයා වෙන කෙනෙක්ව එක්ක එනවා ශාන්තා ගාවට. බැලින්නම් ඒ ශාන්තාගෙ යාලුවෙක්. පස්සෙ කොහොමහරි අම්මව එක්ක එන්න කිව්වට ගෙදර ගිහින් කියල බොහොම අමාරුවෙන් අම්මව එක්ක ඇවිල්ලා ඇකඩමියට ඇතුලත් වෙනවා. තාත්තාගෙ සිහිනය වෙනුවෙන් දක්ෂ ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වෙන්න හිතාගෙන. ඔහොම කාලයක් ගත වීගෙන යනකොට තවත් කොල්ලෙක් එක්ක වුණ රණ්ඩුවක් නිසා තමන්ගේ තාත්තට ඇත්තටම මොකද්ද වුණේ කියල දැනගන්නව. එතනින් පස්සේ ජෝන්ස්ගේ ෆුට්බෝල් හීනයට මොකද වුණේ කියල බලමු.

හැමෝටම තෙරුවන් සරණයි…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

8,879 downloadsDownload Champion-2019.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

8,879 downloadsDownload Subtitles43 KB

24 comments

  1. ඔෂද ධනංජය

    නියමයි සහෝදරයා පෝස්ටර් එක සුපිරියට දීල තියෙනවා

    1. ranga1984

      Thanks brother ko download link eka dannako...

    2. sugeeth

      LINK AKA DANNAKO

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. sugeeth

    LINK AKA DANNAKO

  4. shamika1559

    ai dan mewa download karanna bari

  5. gihan perera

    නියමයි....දෙනකන් බලන් හිටපු ෆිලුමක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජයජය වෙිවා මචෝ......

  6. arawindasunimal

    thanks sub ekata (oshada dananjaya) jayawewa.........

  7. Eranga Sandaruwan

    Per DVD????
    WebRip එක ආවනේ පෙරේදා??
    ඒ රිප් එකට මැච් වෙන් නැද්ද එතෝට?

  8. dhanukaakalanka

    Thanks...
    Jack & Daniel (2019) මලයාලම් ෆිලුමටත් ඉක්මනට සබ් දෙන්න.

  9. asanka sidukalum

    ela ela aaaa

  10. Rajitha Lakmina

    meke film file eka e website eke nane

  11. C lakmal

    thank u

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Nilush Angana

    Sub ekata thanx

  14. Udaya Saman

    බොහෙමෙ ස්තුතියි සහෝ උපසිරසියට ,ටික කාලෙකින් ආයෙත් සුපිරියක් අරන් ආවට.......එලම..ඔන්න බෑවා...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Lasantharathnasirirox

    ස්තුතියි ඔෂධ සහෝදරයා ....2020 ජයෙන් ජයම වේවා !!

  17. gayanmagee

    thanks

  18. Shalitha111

    Enai noki paayum thota film eke sub eka one mcn

    1. Ragu

      Enai noki pauom thota ekk subtitle ekk onna mcn

  19. Shehan putha

    Thanks bro

  20. නිමල් දිසානායක

    හොඳයි, ස්තුතියි ඔෂධ!

  21. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!