The Legend of Maula Jatt (2022) Sinhala Subtitles ලෝක සිනමාව තුළ දකුණු ආසියාතික සිනමාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. ක්‍රියාදාම, අපරාධ සහ ත්‍රාසජනක (Action, Crime & Thriller) කථා තේමාවන් සදහා එහි ප්‍රමුඛස්ථානය හිමිවේ.. ඒ සියල්ල සපිරි පාකිස්ථාන සිනමා ඉතිහාසයේ බිහිවූ දැවැන්තම සහ සාර්ථකම සිනමා නිර්මා…
The Legend of Maula Jatt (2022) Sinhala Subtitlesලෝක සිනමාව තුළ දකුණු ආසියාතික සිනමාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. ක්‍රියාදාම, අපරාධ සහ ත්‍රාසජනක (Action, Crime & Thriller) කථා තේමාවන් සදහා එහි ප්‍රමුඛස්ථානය හිමිවේ.. ඒ සියල්ල සපිරි පාකිස්ථාන සිනමා ඉතිහාසයේ බිහිවූ දැවැන්තම සහ සාර්ථකම සිනමා නිර්මාණයයි “The Legend of Maula Jatt”
IMDbහි 8.4 ක් ලබා ගත් මෙය හුදෙක් සාමාන්‍ය චිත්‍රපටයක් නොව, වසර ගණනක මහන්සියෙන් තිරයට ආ දැවැන්ත ව්‍යාපෘතියකි.. අති දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන බිලාල් ලෂාරි (Bilal Lashari) ගේ අධ්‍යක්ෂනයෙන්ද, අම්මාරා හික්මත් සහ අසාද් ජේ. ඛාන්ගේ නිෂ්පාදනයෙන්ද පැමිණි මෙම චිත්‍රපටයේ රංගන දායකත්වය ෆවාද් ඛාන් (Fawad Khan),හම්සා අලී අබ්බාසි (Hamza Ali Abbasi), මහිරා ඛාන් (Mahira Khan), හුමයිමා මලික් ඇතුළු අතිදක්ෂ රංගන ශිල්පීන් විසින් ලබා දෙයි.. මෙය 1979 වසරේ තිරගත වී පකිස්ථානය තුල අතිශය ජනප්‍රිය වූ “Maula Jatt” නම් සම්භාව්‍ය චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.. රුපියල් කෝටි ගණනක දැවැන්ත අයවැයකින් නිර්මාණය වූ මෙය, ලොව පුරා තිරගත වී ඉහළම ආදායමක් ඉපැයූ පාකිස්ථාන චිත්‍රපටය ලෙස ඉතිහාසගත වී ඇත..
කතාව ගෙතෙන්නේ පන්ජාබ් ප්‍රාන්තයේ අතීත ගම්මානයක් පසුබිම් කරගෙනයි.. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මව්ලා ජට්, අතීතයේ සිදුවූ ඛේදජනක සිදුවීමක් නිසා අමතක වීමේ රෝගයකින් සහ මානසික කම්පනයකින් පෙළෙන, එහෙත් අතිශය භයානක සහ කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි මල්ලවපොර ශූරයෙකි. ඔහු ජීවත් වන්නේ මත්පැන් සහ සටන් මත යැපෙමිනි..
ඔහුගේ අඳුරු අතීතයේ රහස් හෙළිවීමත් සමඟ, ඔහු සිය පවුල වෙනුවෙන් පළිගැනීම උදෙසා පෙරමුණට පැමිණෙයි. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් වන්නේ, ‘නට්’ (Natt) පරම්පරාවයි. එහි අතිශය රුදුරු සහ බලවතා වනුයේ නූරි නට්ය.. නූරි යනු පරාජය යනු කුමක්දැයි නොදන්නා, තමාට සමාන තරඟකරුවෙකු සොයමින් සිටින, තමාගේම නීති ක්‍රියාත්මක කරන අතිශය සාහසික මෙන්ම බුද්ධිමත් චරිතයකි.. මේ යෝධයන් දෙදෙනාගේ ගැටුම මුළු කතාවේම ගමන්මග තීරණය කරයි..
චිත්‍රපටයක වීරයාට වඩා ප්‍රතිවීරයා ප්‍රබල වූ විට කතාව කෙතරම් රසවත් දැයි නූරි නට්ගේ චරිතයෙන් මනාව ඔප්පු වේ..හම්සා අලී අබ්බාසි විසින් නිරූපණය කරන මෙම චරිතය ප්‍රේක්ෂකයා තුළ බිය මෙන්ම ගෞරවයද ඇති කරයි..
එසේ නම් අවසාන වශයෙන් සති ගණනක දැඩි ප්‍රයත්නයක් අවසානයේ ඔබ වෙත ලැබෙන මෙම උපසිරසියට ඔබගේ වටිනා අදහස් එක් කරන ලෙසත් උපසිරසියේ නම් වෙනස් කර වෙනත් ස්ථානවල පල කිරීමෙන් වලකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා.. තවත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු.. සුභ දවසක්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
936 downloadsDownload The-Legend-of-Maula-Jatt-2022.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Legend of Maula Jatt Sinhala SubtitlesSubtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Must Watch
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Susse Wold
- #The Legend of Maula Jatt (2022) Sinhala Sub
- #The Legend of Maula Jatt (2022) Sinhala Subtitles
- #The Legend of Maula Jatt Sinhala Sub
- #The Legend of Maula Jatt Sinhala Subtitles
- #You Decide
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
3 comments
Buddhika laKMal
Chaminda Priyanga
Thank you saho sub 1ta
Anonymous
බොහොම ස්තූතියි සහෝ සබ් එකටයි, ලිපියටයි දෙකටම.. ජයවේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Legend of Maula Jatt (2022) Sinhala Subtitles | අනීතික භූමියක අනුකම්පා විරහිත සටන්කරුවා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/The-Legend-of-Maula-Jatt-2022-2.jpg)
ස්තූතියි ඉෂාන් සහෝ වෙනද වගේම මගඅරුනු සුපිරි මූවි එහෙකට සිංහල සබ් ගෙනාවට