ප්‍රේමයට වයස බලපානවාද? මම අද මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ මම අද අරන් ආව ජපන් සලරුවෙන් කියවෙන්නේ, අවුරුදු 15ක පිරිමි ළමයෙකු සහ අවුරුදු 27ක තරුණියක් අතර ඇති වන ප්‍රේමයක් ගැන නිසයි. ඇත්තටම මේ ජපන් සලරුව, මිනිත්තු 46ක් පුරාවටම ඔබව අමුතුම ලෝකෙකට රැගෙන යනවාට කිසිම සැකයක් නැහැ. මම මෙතෙක් නැරඹු, චිත්‍රපටි අත…
ප්‍රේමයට වයස බලපානවාද? මම අද මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ මම අද අරන් ආව ජපන් සලරුවෙන් කියවෙන්නේ, අවුරුදු 15ක පිරිමි ළමයෙකු සහ අවුරුදු 27ක තරුණියක් අතර ඇති වන ප්‍රේමයක් ගැන නිසයි. ඇත්තටම මේ ජපන් සලරුව, මිනිත්තු 46ක් පුරාවටම ඔබව අමුතුම ලෝකෙකට රැගෙන යනවාට කිසිම සැකයක් නැහැ. මම මෙතෙක් නැරඹු, චිත්‍රපටි අතරින්, ඉතාමත්ම විශිෂ්ට ගණයේ සහ ඉතාමත්ම ප්‍රේමාන්විත චිත්‍රපටියක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙහි IMDB අගය දිහා බැලුවම උනත්, ඔයලට මේ චිත්‍රපටියේ විශිෂ්ට බව තේරුම් ගන්න පුළුවන්. අපේ සමාජයේ සම්මතයන්ට අනුව මෙවැනි ප්‍රේමයක් අසම්මත වුවත්, ඔබ බලන්න මේ ප්‍රේමය කෙතරම් සුන්දරද කියා.මම මේ ප්‍රේමයේ සුන්දර බව විදහා පෑමට ඔබට මෙහි එන එක් කොටසක් උපුටා දක්වන්නම්.
රාත්‍රියේදී, මා නින්දට යෑමට පෙරත්…
උදෑසනදී, මා අවදි වූ විගසමත්…
මා වර්ෂාව ප්‍රාර්ථනා කරනා බව මට වැටහුණි.
හිරු එලිය සහිත දිනයන්හිදී,
මා අඳුරේ ලාමකව සිටින්නාක් මෙන් දැනේ……
එවිට මා සිත අසහනයෙන් පෙළෙයි.
ඇය සිටින්නේ මාගේ ලෝකයෙන් බොහෝ ඈත් වූ
කාර්යබහුල වැඩිහිටියන්ගේ ලෝකයේය……….
මා හට, ඇගෙන් පිළිබිඹු වන්නේ මේ ලොව ඇති
ගුප්ත බව මිස අන් කිසිවක් නොවේ……….
අවංක ලෙස, මා හට කරුණු දෙකක් විශ්වාසයෙන් පැවසිය හැක:
එක: අවුරුදු පහළොවක් වන මා, ඈ හට නිකන්ම කුඩා ළමයෙක් පමණෙකි.
දෙක: මා පෙළන මේ හැඟීමෙන් ඈත් වීමට ඇති එකම දේ සපත්තු නිර්මාණයට යොමු වීමයි.
අපි දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මදක් හැරෙමු. උසස් පාසලක සිසුවෙකු වන, 15 හැවිරිදි අකිසුකී අවුරුදු 27ක තරුණියක් වන යුකිනෝ සමඟ පෙමින් බැඳෙන්නේ අහම්බෙන් සිදු වූ සිදුවීමක් නිසයි. මේ ප්‍රේමයට වර්ෂාව සමඟ ඇති සම්බන්ධය කුමක්ද, මේ ප්‍රේමයට ඇතිවන බාධක මොනවාද, මේ ප්‍රේමයට අවසනදී සිදු වන්නේ කුමක්ද කියා මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න කියලා මම ආරාධනා කරනවා. සමාජ සම්මතයන්ට පිටු පා යන, මේ සුන්දර ප්‍රේම කථාව හද සසල කරවන සුළු අවසානයකින් යුතු බව සහ ඉතාමත්ම අලංකාර දර්ශන වලින් යුක්ත බව නම් කිව යුතුමයි. ඒකාකාරී බවින් මිදුණු, සුන්දර පෙම් කථාවක මිහිර විඳ ගැනීමට ඔබට ආරාධනා කරමින්, මම ඔබෙන් සමුගන්නම්. අමතක නොකර comment එකකුත් දාලා යන්න. මේ චිත්‍රපටිය නරඹලා ඉවර වෙලාම comment එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
1,853 downloadsDownload The-Garden-Of-Words-2013.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර වෙත්තසිංහ
Subtitles
50 comments
ජයනි
tharanga
patta kathwak wage thnakzzzz
සංජය
එල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...
shani
THANKS
Sisira Hegoda
Thanks.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........chamath
thanx bro sub walata. jaya wewa
නිරොශන් හේවගේ
නියමයිනෙ ඉශාර. මේ වගේ කෙටි කතාවක් කියවල තියෙනවා. trailer එක බැලුවා. මේ ඒක නෙවේ වගේ. ඔයා කලින් දීපු wolf children එකත් ගොඩක් ලස්සනට තිබුනා. මේක ඊට වඩා හොද එකක් වගෙයි. මාත් බාගන්නවා. විනාඩි 46 නෙ. එල. ගොඩක් තෑන්ක්ස් මේ වගේ අපූරු සංවේදී කතා ඉදිරිපත් කරනවට. ඇත්තටම මේ වගේ කතා මනසට ආහාරයක් වගෙයි. action, sci f බලන අය ඉදල හිටල අඩු තරමෙ මේ වගේ කතාවක් වත් බලන්න.
නලින්
ස්තුතියි ඉෂාර සහෝ! හිතට වැදුනා ලිපිය බැලුවම..
ජය වේවා!
shanaka
Thanks bro..nice one
HimEshCrEeD
මම මේක සබ
දෙනකන් බාගෙන හිටිය...
අද දෙය් හෙට දෙය් කියල
බල බල හිටිය..
scl ගිහින් ඇවිල්ල සය්ට් එකට
ආව විතරය් මෙන්න යකෝ
බඩු දීල
එහෙනම් සබට තුති බලලම එන්නම්... :DThanu
Thanx mchn sub 1ta
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
deleepa jayamal
මචං ටිකක් පණඅැති චිත්‍රපටි ටිකක් කරපන්ෙකා් ඔක්ෙකා්ම ෙපාඩි අයෙග් ඒවාෙන් ෙදන්ෙන් ටිකක් හිතට වදින චිත්‍රපටි ටිකක් ෙදන්න බලන්න මමත් ඒකක් ෙදකක් ෙදන්නම් බලන්නෙකා් අනික චිත්‍රපටි ෙදනෙකාට ෙහාදඒ්වා ෙදන්න බලන්න නැතුව චිත්‍රපිට ෙදන්නම් වාෙල් ෙදන්න ඒපා අනික රූපවාහිනි කතා හා අනිෙම්ෂන්ම රකර ඉන්න ඒපා චිත්‍රපටි ඔන තරමි තිෙයනවා අරෙගන කරන්න ඔබට ජය
rough(2007)
Franken fish(2004)
Snakehead terror(2004)
Black water(2007)
Willard(2003)තිසර නියෝ (Thisara Buddhika)
එකිනෙකාගේ රසවින්දනය වෙනස් සහෝ. ඔයා කැමති දේට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ටික සාධාරණව හිතන්න
OrigAnno
ඔබතුමාගෙ පික්චර් ලෑයිස්තුව දෑක්කාම මට ඔබතුමාගෙ රසවින්දනය පිලිබඳව හිතා ගන්න පුලුවන් උනා. හික් හික්.. අනේ මනුස්සයෝ ටිකක් මේ ලෝකෙට වෑඩියා නම් හොඳයි නේද?
janith
mama balanne cartoon awlak naane?
Keshan Wasala
මේක කලින් දුන්නට ඒකේ කොපියේ ලොකු දැක්කම මම නම් ගත්තේ නෑ :D මේක ගන්නවා අඩු නිසා ගොඩක් ස්තුතියි සහෝ .. ජපන් ඒවා බලනවා අඩුයි ඒ උනාට බලන්න හිතුනා ..
danushka
thanks machan,,,
හශාන්
එල කිරි !!!
දිල්ෂාන් කාලිංග (ඩිලා)
ස්තුතියි සහෝ...කලින් දුන්නා කිව්වට මම දැක්කේ නැහැනේ.ඉතින් ඔන්න මේක අරගත්තා.
Emi
Thank you sooooo much
Kulanjana Maduranga
niyamai...subata thanks ISHARA saho.good work.ohoma yn.jaya wewa..............
sachith
thank you.. :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Yenu
thank you
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachira
supiri tawa tawa japan fillm danawanm godak pin
Chami
Thank you very much... nice description thanks for all
inoka perera
bohoma istuti
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි............
@ sachira මම තවදුරටත් වැඩි වශයෙන් ජපන් ෆිල්ම් වලට සබ් දීමට බලාපොරොත්තු වෙනවා.
@ තිසර නියෝ (Thisara Buddhika),
ඇත්තටම මම දැක්කේ නැහැනේ සහෝ මේ ෆිල්ම් එකට සබ් දීලා තියනවා කියලා.
ඇත්තටම ඒක search කරලා බැලුව නැති එක මගෙත් වරදක්.
ඒ ගැන මම සමාව ඉල්ලනවා. ආයෙත් එහෙම වැරැද්දක් නොවෙන්න වගබලා ගන්නම්.
ඔබට ජය……………..දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි උපසිරසියට,මම මේක කලින් බෑව , මේක කලින් දීලා තියෙන එකක්නේ, කොහොම උනත් මහන්සියට ස්තුතියි,ජයවේවා.
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි…………
wiki
Thanks
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි……
Nilanthi
ගොඩක් ලස්සන කතාවක්.... මමත් බැලුවා. ස්තුතියි...
ඉෂාර වෙත්තසිංහ
Nilanthi, කතාව බලලම comment එකක් දැම්මට ගොඩක් ස්තූතියි...............
venuka
ela ela
nirosha
mekanam aththatama lasssana cartoon film ekak.asawen sinhala sub ekka baluwe.hitatama wadfina katawak.puluwannam thawath megage japan cartoon ekak denna.sub walata thanks
Rukshan
thanks saho.................
ඉෂාර වෙත්තසිංහ
මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාටම ගොඩක්ම ස්තුතියි.......................
@Nirosha, ෆිල්ම් එක බලලම comment එකක් දැම්ම එක ගැන ගොඩක්ම ස්තූතියි.
මම තවත් බොහෝමයක් ජපන් animation චිත්‍රපටි වලට ඉදිරියට සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.....
Rukshan, venuka comment කලාට ගොඩක් ස්තුතියි..........................
ඔබට ජය...............great
මේකට ගොඩාක් සමාන වෙන කතා නැද්ද?
anime නොවුනත් කමක් නෑ. tamil හැර.Anonymous
your name. samanai kyann ba ithin
Pavith Wijesooriya
ගොඩක් ලස්සන ඇනිමේ එකක්.විනාඩි 45 පුරාවටම ඇහැ කතාවෙන් පිටතට යන්න දුන්නෙම නෑ.ඒ තරම්ම මේක ලස්සනයි.ඉතින් ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සන ඇනිමේ එකකට උපසිරසි ලබා දුන්නට.ඉදිරියටත් ඇනිමේ වලට උපසිරසි ලබා දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.ජය වේවා!!!
Anonymous
download link ekak ewannako . godak kal idan hoyaganna beri una.
Anonymous
Good
Anonymous
Thanks for the
M P S N Wickramasinghe
Meka BR tibbata yts eka tiyena BR ekata gelapenne nene.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Garden Of Words (2013) Sinhala Subtitles | මේ ප්‍රථම වසන්තයයි. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Garden-Of-Words-2013.jpg)

Thank youuu :)