The Garfield Movie (2024) Sinhala Subtitles සුබ දවසක් කට්ටියටම! අද ගේන උපසිරසිය විශේෂයි, මොකද මේක තමයි මගේ තුන්වෙනි කඩයිම් උපසිරසිය හෙවත් 150 වෙනි සිංහල උපසිරසිය. ඉතින් ඒ වෙනුවෙන් පෙරේදා (9) අන්තර්ජාලයට නිකුත්වුණු The Garfield Movie (2024) චිත්‍රපටිය අරගෙන එන්න මම තීරණය කළා. The Garfield Movie (20…

සුබ දවසක් කට්ටියටම! අද ගේන උපසිරසිය විශේෂයි, මොකද මේක තමයි මගේ තුන්වෙනි කඩයිම් උපසිරසිය හෙවත් 150 වෙනි සිංහල උපසිරසිය. ඉතින් ඒ වෙනුවෙන් පෙරේදා (9) අන්තර්ජාලයට නිකුත්වුණු The Garfield Movie (2024) චිත්‍රපටිය අරගෙන එන්න මම තීරණය කළා.
The Garfield Movie (2024) Sinhala Subtitlesඉතින් සම්ප්‍රදායානුකූලව කඩයිම් ලිපියක මමත් මොනවහරි කියන්නෙපැයි නේද. හැම කඩයිමකම කිව්ව වගේ මම උපසිරසි ජීවිතේ ආරම්භ කරන්නේ 2021 වසරේ අගෝස්තු පළවෙනිදා Ben 10: The Secret of the Omnitrix (2007) චිත්‍රපටයෙන්. එදා ඉඳන් අවුරුදු 3ක් තිස්සේ විවිධාකාර චිත්‍රපටි සහ ටීවී එපිසෝඩ්ස් (වැඩිහරියක්ම කළේ ටීවී එපිසෝඩ් තමයි) ඔස්සේ මේ වෙනකොට උපසිරසි 150ක් නිර්මාණය කරන්න හැකිවුණා. ඒවගේම ළඟකදී ඉඳන් ඇනිමේවලටත් උපසිරසි හදන්න පටන්ගත්තා.
මේ අවුරුදු 3 ඇතුළේ මට අතහිත දුන්නු පිරිස බොහොමයි. ඉතින් නම් වශයෙන් කියන්න ගියොත් සෑහෙන දිග ලැයිස්තුවක් වෙනවා මේක. ඒවගේම එක නමක් හරි මඟඇරුණොත් ඒක ඒ කෙනාට කරන ලොකු අසාධාරණයක්. ඉතින් මෙච්චර කල් මට උදව් කරපු සහෝදර උපසිරසිකරුවන්ට වගේම සයිට් එක මෙච්චර කල් සාර්ථකව කරගෙන යන ඇඩ්මින් මඬුල්ලටත් හදපිරි ස්තුතිය පුද කරමින් ලිපිය ඉවරයක් කරන්නම්. ඒවගේම විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ වර්තමාන සංස්කාරක කටයුතු බොහොම මහන්සිවෙලා කරගෙන යන රවිඳු නවීන්, රවිඳු හෙෂාන්, විමා අයියා, හිරාන් එරන්ද සහ එල්. සී. දමැල් සහෝදරවරුන්ට.
ඒවගේම ස්තුති කරන්න ඕනේ මෙච්චර කාලයක් හදපු උපසිරසි 150 ඩවුන්ලෝඩ් කරගෙන බලපු සහ කමෙන්ට් කරලා මාව දිරිගන්වන ඔයාලට. ආදරෙයි . ඒවගේම මේ දවස්වල පැවැත්වෙන Best Web තරඟයෙන් වෝට් එකක් දීලා බයිස්කෝප් අඩවිය අංක 1 කරවාවි කියල බලාපොරොත්තු වෙනවා. සැලකිල්ලට සැලකිල්ල තමා ඉතින් බලාපොරොත්තු වෙන්නේ.
The Garfield Movie (2024) Sinhala Subtitlesඑහෙනම් අපි දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. “ගාෆීල්ඩ්” නම ඇහුවාම නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. මම හිතන්නේ තාමත් සිරසේ කාටූන් එක යනවා. සඳුදා දවස් පේන්න බැරි, ලසඤ්ඤාවලට පෙරේත, මේ කහපාට බඩජාරි පූසව දන්නේ නෑ කියන්නේ පුදුමයක් ඉතින්.
ගාෆීල්ඩ් කියන චරිතය Jim Davis කියන පුද්ගලයා මුලින්ම නිර්මාණය කරන්නේ පත්තරවල යන චිත්‍රකතා තීරු එහෙමත් නැත්නම් comic strip එකක් විදියටයි. ඒ, 1976 තරම් ඈත කාලෙකදී. ඒවගේම ලෝකයේ වැඩියෙන්ම පළවෙනු කොමික් ස්ට්‍රිප් එක විදියට ගිනෙස් ලෝක වාර්තා පොතට ඇතුළත් වෙන්න පවා ගාෆීල්ඩ්ට හැකි වුණා. ඉතින් අද වෙනකොට මේ iconic character එක පාදක කරගෙන ලයිව්-ඇක්ෂන් ෆිල්ම් දෙකක් සහ සීරිස් තුනක් නිර්මාණය වෙලා තියෙනවා.
මේ අරගෙන ඇවිත් තියෙන්නේ ගාෆීල්ඩ්ගේ අලුත්ම චිත්‍රපටිය. මේ වෙන්කොට IMDb දර්ශකයේ 5.7ක අගයක් ගන්න මේක සමත් වෙලා තියෙනවා. හඬකැවීම් ශිල්පීන් විදියට Chris Pratt (ගාෆීල්ඩ්), Samuel L. Jackson (වික්), Hannah Waddingham (ජින්ක්ස්), Ving Rhames (ඔටෝ), Nicholas Hoult (ජෝන්) ආදී ජනප්‍රිය නළු නිළියන් පිරිසක් යොදාගෙන තියෙනවා. ෆිල්ම් එකට මිනිස්සුන්ගේ අවධානය ඇදගන්න ලොකු ලොකු නළු නිළියන් යොදාගන්න එක ඉතින් හොලිවුඩ් එකේ තියෙන ට්‍රෙන්ඩ් එකක්. මේ ෆිල්ම් එකත් වෙනසක් නෑ.
එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලන්නකෝ. උපසිරසිය ගැන අදහසකුත් යටින් කොටාගෙනම යන්න. අලුත් උපසිරසියකින් වෙන දවසක හමුවෙමු. පීස් ✌️.
The Garfield Movie, The Garfield Movie (2024) Sinhala Subtitles, The Garfield Movie (2024), The Garfield Movie Sinhala Sub
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා ලබා දි ඇත.
12,887 downloadsDownload The-Garfied-Movie-2024-Sinhala-Subtitles.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Editor's Pick
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Garfield Movie
- #The Garfield Movie (2024)
- #The Garfield Movie (2024) Sinhala Subtitles
- #The Garfield Movie Sinhala Sub
- #You Decide
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
සංජන චමෝද්
Kaviya
Awesome bro..
Gagan pabasara
සුභ පැතුම් සහෝදරයා ❤️
Chanaka Sangeeth
Thank you boss
Nishan
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. මම තාම බැලුවේවත් නෑ ෆිල්ම් එක. ඒත් මේ comment එක දාන්නේ සහෝදරයගේ 150 වෙනි සබ් එක නිසා. තව ඉදිරියටත් මේ වගේ වටින ෆිල්ම්ස් වලට සබ්ස් දෙන්න සහෝදරයට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන ගමන්, මේ ෆිලුම ගැනත් පොඩ්ඩක් කියන්න හිතුනා. එදත් අදත් හෙටත් අපේ ළමා කාළය කාටුන් වලින් රසවත් කළ ලංකාවේ එකම රූපවාහිනී නාළිකාව සිරස විතරමයි. හඬකැවීම් අතින් සිරසට සම කරන්න පුලුවන් නාළිකාවක් මම හිතන්නේ නෑ ඇති කියලා. ඇමෙරිකාවේ එක්තරා සගරාවක වරක් පළවුනා ටිං ටිං කාටුනයට සිරස නාළිකාව කළ අතිවිශිෂ්ඨ හඬකැවීම පිළිබඳව. එහි පළවුනේ original cartoon එකෙහි ඇති හඬකැවිම පවා ඉක්මවන ඔනෑම රසිකයෙක් ගේ ආකර්ෂණය දිනාගැනීමට පවා සමත් හඬකැවීමක් එහි අන්තර්ගත බවයි. එසේනම් නැවතත් ඔබටත් එමෙන්ම සිරස නාළිකාවටත් නැවතත් සුභ පතන ගමන් මම නවතින්නම්. ජයෙන් ජයම වේවා!!!
Kantha_DLA
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි සනුප ...............
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sandeep Madushan
Congratulations brother.. superb achievement ️
Pavith Wijesooriya
තුන්වෙනි කඩයිමට සුභ පැතුම් මලේ!
200ත් ඉක්මනින් අල්ලමු.
උපසිරසියටත් ගොඩක් ස්තූතියි…UD Shehan
Congratulations !!!
Buddhika Lakmal
150ට සුබපැතුම් කොල්ලෝ....
ඉගෙනීමේ වැඩකටයුතු සාර්තකව ඉදිරියට කරගෙන යන්න ලැබේවා....
ඉස්සරහටත් සිංහල උපසිරැසි කරන්න වෙලාව ලැබේවා...........
ජයවේවා මල්ලි...........හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 150 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!Kesara Withanage
150 වැනි කඩඉමට උණුසුම් සුබපැතුම් සනූප මල්ලි.
සෑහෙන වේගෙන් කඩඉම් තරණය කරනවා වගේ.
අධ්‍යාපන වැඩ කටයුතු වගේම කරන කියන සියලු වැඩකටයුතු සඵල වේවා!
ඉදිරියටත් සිංහල උපසිරැසි ගන්වන්න අවස්ථාව ලැබේවා!
තෙරුවන් සරණයි!Anonymous
Thanks Brother
Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
Sachintha Lankesh
congratulation broo...Thank you bosa sub ekata...200th ikmanaatama allamu
රුක්ෂාන් ඛාන් (රුකා)
Congratulations මලේ, තුන්වෙනි කඩයිම වෙනුවෙන්! ෆිල්ම් එක බැලුවා, පට්ට! උපසිරැසියට බොහොම ස්තුතියි! ❤️❤️ මේ දවස්වල සයිට් එකේ සබ්ටයිට්ල් මැෂින් එක තමා අර කියනවත් වගේ. ජයවේවා!
එල්. සී. දමැල්
150වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සනුප මල්ලි! :)
අර අනිත් කමෙන්ට්වල තියෙනවත් වගේ කොලිටිම සබ් මැෂින් එකක් තමයි ඉතින් එකෙන්ම. සනුප කියන්නෙ නමකට වඩා දැන් බ්‍රෑන්ඩ් එකක්. ❤️
200නුත් ඉක්මනින්ම හමු වෙමු එහෙනම්.
ඉතින් සබ් වගේම සහ අධ්‍යාපණ ඇතුළු අනිත් හැම කටයුත්තක්මත් සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මේ ෆිල්ම් එකත් ඉතින් එනකල් බලාගෙන හිටිය එකක්. :D
සබ් එකටත් ගොඩක් ස්තුතියි.
ජය ✌Anonymous
thank you bro
Asela chathuranga
බොහොම ස්තුතියි මහත්තයා, උපසිරැසියට, බුදු සරණයි
Ravindu Navin - Admin
දැන් නම් ගොඩක් පරක්කුයි නේද. සමාවෙන්න ඕනේ. කඩයිම වෙනුවෙන් සුබම සුබ පැතුම්! අධ්‍යාපන කටයුතු ඉහළින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩි වැඩියෙන් උපසිරසි අරගෙන එන්න ඉඩහසර ලැබේවා, උපසිරසි ගැන්වීමේ වේගය තව තවත් වැඩි වේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම වේවා!
Bimsara Yashan (ඔලිව)
150 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් සනුප මල්ලි. ගොඩක් අය කියල තියෙනවත් වගේ සයිට් එකේ මේ වෙනකොට ක්‍රීයාකාරීව වැඩ කරන වේගවත් සහ ගුණාත්මක සබ් මැෂින් එකක් තමා. ඉදිරියටත් මේ වගේම හැකි විදිහට උපසිරැසි අරන් එයි කියලා බලාපොරොත්තු වෙනවා සහ ඔයාගෙ පෞද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු ඉහලින්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
ishu
සුභ පැතුම් කොල්ලා.. නියමයි.. හදවතින්ම සුබ පතනවා..
Ashka Lakshan
Thanks for the subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සයිට් එකේ මේ දවස්වල ඉන්න සබ්ටයිට්ල් මැෂින් එක කිව්වොත් හරි. ඉක්මනටම 200 ගහමු. ඉතින් 150 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුහ පැතුම්.❤️❤️