Watch Trailer

Maharaja (2024) Sinhala Subtitles | සර් ලක්‍ෂ්මිව හොයලා දෙන්න සර්. [සිංහල උපසිරසි]

Maharaja (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවිය වෙත එන්නෙත් සැලකිය යුතු කාලයකට පස්සේ! සමහර අයට දැන්නම් ඉතින් අපිව අමතක වෙලත් ඇති. දහසකුත් වැඩ රාජකාරි මධ්‍යයේ කොහොමින් හරි වෙලාවක් වෙන්කරගෙන දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසි හදලා අරන්…

Maharaja (2024) Sinhala SubtitlesMaharaja (2024) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවිය වෙත එන්නෙත් සැලකිය යුතු කාලයකට පස්සේ! සමහර අයට දැන්නම් ඉතින් අපිව අමතක වෙලත් ඇති. දහසකුත් වැඩ රාජකාරි මධ්‍යයේ කොහොමින් හරි වෙලාවක් වෙන්කරගෙන දමිළ සිනමාපටයකට සිංහල උපසිරැසි හදලා අරන් එන්න හිතුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මා පෙළඹුනු ප්‍රධාන හේතුව නම් මෙය තිරගතවීමට දින දෙකකට පෙරාතුව මාධ්‍යෙව්දීන්ට සහ සිනමා විචාරකයින්ටම වෙන් කල විශේෂ දර්ශන වාරය සහ එම දර්ශන වාරයෙන් පසුව ඔවුන් විසින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ සිනමාපටය පිළිබඳව ලබාදී තිබු ඉතා සුළු විචාරයන්. සැලකිය යුතු කාලයක සිට දමිළ සිනමාපට නරඹන, සිංහල උපසිරැසි නිර්මාණය කරන අයෙක් ලෙස මා මෙතෙක් මෙවන් දර්ශන වාරයන් ගැන අසා තිබු අවස්ථා ඉතාමත් අල්පයි. ඔබට මතක ඇති පසුගිය අවුරුද්දේ තිරගත වුනු මා විසින්ම සිංහල උපසිරැසි නිර්මාණය කර ඔබ වෙත ගෙන ආ Por Thozhil 2023 දමිළ චිත්‍රපටය එම චිත්‍රපටය සඳහාද මෙවැනි විශේෂ දර්ශන වාරයක් තිබුණු අතරම ඒ චිත්‍රපටය සඳහාද ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබුණා සේම එම චිත්‍රපටය නැරඹු ගෝලීය ප්‍රේක්‍ෂකයින්ද ඉතාමත් හොඳ ප්‍රතිචාර දක්වමින් සිනමාපටයේ ආදායම් වාර්තා අතින් හොඳ මට්ටමකට රැගෙන ආවා.

Maharaja (2024) Sinhala Subtitles

එහිදි මට නම් තේරුම් ගියේ එකම එක කාරණයයි. තිරගත කරන්නටත් කලින්ම විචාරකයින්ට මාධ්‍යවේදින්ට විශේෂ දර්ශන වාරයක් සූදානම් කර ඔවුන්ට නැරඹීමට අවස්ථාවක් දෙනවාය කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් විය යුතුයි. ( මට සිතෙනා ආකාරයට) ඔවුන් විසින් සෘණාත්මක විචාරයන් සමාජ මාධ්‍යජාලා ඔස්සේ මුදා හැරියහොත් සිනමාපටයේ නිෂ්පාදක කණ්ඩායම ඇතුලු වාණිජමය වශයෙන් ඒ හා සම්බන්ධ වන අයට මොනව වගේ ඉරණමක් අත් වේවිද යන්න අමුතුවෙන් කිව යුතු නෑ. යම් විදියකින් එම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමට පක්‍ෂපාතී පිරිසක් සඳහාම විශේෂ දර්ශන වාරයක් ලබාදී නිෂ්පාදකයින්ගේ වාණිජ අරමුණ ඉටුකර ගැනීමට ඕනෑ කරන විචාරයන් සමාජගත කර සමස්ථ ප්‍රේක්‍ෂකයින්ගේ අප්‍රසාදයට ලක්වුවහොත් කුමක් සිදුවේද අමුතුවෙන් සඳහන් කල යුතු නෑ. ඔබටත් වැටහෙනවා ඇති තිරගත කිරීමට ප්‍රථම සිදුකරනු ලබන විශේෂ දර්ශන වාරයේ ඇති අවදානම සහ එහි ඇති වැදගත්කම.
Maharaja (2024) Image 01

Maharaja (2024) Sinhala Subtitles

සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අඩංගු කතාව පිළිබඳව මම කිසිවක් සටහන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ චිත්‍රපටය ඔබට නැරඹීමට ඔබට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් හේතු ලෙස ඉදිරිපත් කරන්නට කැමතියි තිර රචනය, විජේසේතුපතිගේ අපරිමිත රංගනය, අන්තර්ගතයේ ඇති සංවේදි හරය. ඉහත රූප වලින් පවා දක්වා ඇති ආකාරයට මෙම සිනමාපටය ඉන්දියාවේ පමණක් නොව විදේශයන්හි පවා ඉතාමත් හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයන් මෙන්ම ආදායම් වාර්තාවන්ද තබමින් ජයග්‍රාහී ගමනක් යෑමට සමත් වුනා. සිනමාපටයේ අන්තර්ගතය පිළිබඳව වචන කිහිපයක් පැවසුවහොත් මෙය No Heroine, No Romance, No Unwanted Songs යන මැයෙන් නිර්මාණය වූවක්. ඒ වගේම ” මක්කල් සෙල්වන් විජේ සේතුපති” මෙහි ප්‍රධාන චරිතය රඟදක්වනවා. මේ ඔහුගේ සිනමා දිවියේ 50 වන සිනමාපටය. විජේ සේතුපති ගැන දමිළ සිනමා රසිකයින්ට මා අමුතුවෙන් විස්තර කලයුතු නෑ. මීට අප අඩවියේම ඔහු රංගනයේ යෙදුනු සිනමාපට සඳහා උපසිරැසි නිර්මාණය කර ඉදිරිපත් කිරීමේදි ඔහුගේ හැකියාවන් දක්‍ෂතාවයන් පිළිබඳ මා මෙන්ම අපගේ අනෙකුත් සහෝදර උපසිරැසිකරුවන් පවා ලිපි වලින් සටහන් තබා ඇති. ඔහුගේ රංගන දිවිය තුල පවා ලොකු වෙනසක් ඇතිකරමින් නිකුත් වූ ඉතාමත් පහසුවෙන්ම BlockBuster ලේබලය අලවාගත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින් නැරඹීමට ඔබටත් අවස්ථාව…..

ක්‍රමානුකූල නොමැති තිර රචනය විශිෂ්ට සිනමා රසවින්දනයක් ලබාදෙනු ඇත….
அன்புள்ள திரு.விஜய் சேதுபதி அவர்களே,
உங்கள் 50வது படத்திற்கு எங்களின்
அன்பான வாழ்த்துக்கள்!
(ආදරණීය විජේ විජේසේතුපති ඔබගේ 50 වන සිනමාපටය වෙනුවෙන් අපගේ උණුසුම් සුභපැතුම්!)

 

Maharaja (2024) Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

23,231 downloadsDownload Maharaja-2024-Sinhala-Subtitles.zip65 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Maharaja (2024) Sinhala Subtitles Maharaja (2024) Sinhala Subtitles Maharaja (2024) Sinhala Subtitles

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

23,231 downloadsDownload Subtitles65 KB

26 comments

  1. Thilina Weerasinghe

    උපසිරැසිය සදහා ඔබට බොහොම ස්තුතියි

  2. pradeep premalal

    බොහොම ස්තූතියි

  3. Ravindra

    Thanks

  4. PCVENOM

    #1

    First / Fast and Qulity Sub

    Thanks For the Sub

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි තරිදු ...............
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    අමතක කරන්නේ නෑ ......
    තරිදු....අමතක කරන්න බෑ......

  6. Dasun Lakruwan

    Thank you මේ සුපිරියට සබ් එක දුන්නට

  7. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  8. Buddhika Lakmal

    දෙමළ ෆිලුමක්නං ඉතිං M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ම තමයි අයියේ....
    ඒ නම ඉතිං කොහොම අමතක වෙන්නද.....................
    කාලෙකින් හරි උපසිරැසියක් ගෙනාවට බොහෝම ස්තූතියි.....
    ජයවේවා..............

    1. Chanaka Sangeeth

      Thank you boss

  9. Anonymous

    පට්ටයි , බලන් හිටපු film 1ක් , බොහොම ස්තුතියි සබට ♥️

  10. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    1. Anonymous

      e bn lang ek tamli nadd

  11. Kaveen

    thank you.

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Pradeep

    තැන්ක්ස් සබ් එකට. තව Mandakini 2024 මලයාලම් ෆිල්ම් එකටත් ඉක්මනටම සබ් එක ඕන.

  14. Thusitha

    Thanks brother ..❤️ jaya wewa..

  15. lakmal

    thank you so much bro

  16. P_mihir

    Supiri❤️ thankyou❤️

  17. chathura

    thank you

  18. Hashan

    Thanx for the sub...❤️

  19. Viraj

    Thanks

  20. Anonymous

    netflix ekata wada karanne kohomada

  21. Hari

    බලලම ඉවර වෙලා කමෙන්ට් එකක් දැම්මා.. අමුතුම විදිහට ගලාගෙන යන කතාවක් සුපිරි ඈ.. සේතුපති රගපෑම ආය කියල වැඩක් නෑ.. සේතුගෙ අමුතුම සුපිරියක් ඈ.. සබ් එකට ගොඩක් ස්තූතී .. ජය වේවා..

    1. Anonymous

      Torrent eka kohenda?

  22. Amila Gihan

    Thank you so much machan.!

  23. Dewadithya

    Thanks for Sub!