The Ghazi Attack චිත්‍රපටිය 1971 ඉන්දු පකිස්තාන යුද්ධයේ සැබෑ සිදුවිමක් ඇසුරින් නිමැවුනු සිනමා පටයකි. කතාවට පාදක වෙලා තියෙන්නෙ පකිස්තානු සබ්මැරීනයක් වන Ghazi ඉන්දීය යුධ නැවක් වන INS වික්‍රාන්ත් ගිල්වීම සදහා විෂාකපට්නම් වලට යාමේදි ඉන්දීය සබ්මැරීනයක් වන S-21 විසින් පහර කා විනාශ වන ආකාරය තමයි. INS Kara…


INS Karanj(S21)
PNS Ghazi
ඒ වුනත් පකිස්තානු නාවික හමුදා කියන්නෙ Ghazi විනාශ වෙලා තියෙන්නෙ එහි සිදු වූ පිපිරීමකින් හෝ මුහුදු බෝම්බයකට හසු වීම නිසා කියලා. කොහොම වුනත් අවසානයෙ ඉන්දියාව Ghazi විනාශ කරපු එකට ලකුණු දාගත්තා. ඒ කොහොම වෙතත් චිත්‍රපටියෙත් කියවෙනවා Ghazi ට සමාන කරන්න ඉන්දියාවෙ ඒ කාලෙ කිසිම සබ්මැරීනයක් තිබුනෙ නෑ කියලා. ඉතින් මට හිතෙන්නෙ පාකිස්තානු නාවික හමුදා කියන කතාව ඇත්ත වෙන්න ඇති කියලා. මොකද ඒකට හේතුව Ghazi ගෞරව සම්මාන දිනපු සබැරීනයක්. හැබැයි පකිස්තානයෙ කතාව බොරු වෙන්නත් පුළුවන්. ඒකට හේතු තියෙනවා. PNS Ghazi කියන්නෙ Tench-class diesel-electric සබ්මැරීන් එකක්. ඒවගේම දිගින් 95m. වේගය මතුපිටදි නාවුක සැතපුම් 20.25යි. ජලය යටදි නාවුක සැතපුම් 8.75 යි. ඒ වුනත් පරික්ෂා කර ඇති ගැඹුර 120m යි. INS Karanj(S21) කියන්නෙ Kalvari-class සබ්මැරීන් එකක්. ඒ කියන්නෙ ඉන්දියාවට හදුන්වලා දුන්න මුල්ම සබ්මැරීන් වර්ගය. දිගින් 91.3m වෙනවා.මතුපිටදි වේගය නාවුක සැතපුම් 16 යි. ජලය යටදි වේගය නාවුක සැතපුම් 15 යි. පරික්ෂා කර ඇති ගැඹුර 250m.
ඔය ඉහලින් කියපුවා දිහා බැලුවම INS Karanj(S21) සබ්මැරීනය PNS Ghazi ට වඩා ජලය තුලදි වේගවත් වගේම ලොකු ගැඹුරක කිමිදෙන්න හැකියාව තියෙනවා. ඔය වගේ වාසි වලින් PNS Ghazi සබ්මැරීනය ඉන්දියානු සබ්මැරීනය විසින් විනාශ කලා කියලා කාට හරි හිතෙන්න පුළුවන්. අනේ මංදා ඉතින්.කතාව දිහාට හැරුනොත් පකිස්තානය සැලසුමක් හදනවා INS වික්‍රාන්ත් කියන ඉන්දියානු යුධ නැව ගිල්වලා දාන්න. ඒකට හේතු තියෙනවා. ඒ ඔවුන්ගෙ සැපයුම් බටහිර පකිස්තානයේ ඉදන් නැගෙනහිර පකිස්තානයට යවන්න තියෙන එකම විදිහ මුහුදු මාර්ගය වුනත් ඒක මේ යුධ නැව ආරක්ෂා කරගෙන ඉන්න නිසයි. ඒ වෙනුවෙන් තමා පකිස්තානය කැප්ටන් රසාක් සමග Ghazi සබ්මැරීනය දියත් කරන්නෙ. ඔය අතරෙ ඉන්දියාව ‘Operation Sea-Sight’ කියලා මෙහෙයුමක් දියත් කරනවා. ඒ කැප්ටන් රන් ව්ජේ සිංගෙ අණ යටතෙ තියෙන S-21 සබ්මැරීන් එකෙන්. මේ මෙහෙයුම නිරීක්ෂණ මෙහෙයුමක් විතරයි. ඒත් මගදි වෙන සිදිවීම් හේතුවෙන් එය වෙනස් වෙනවා. ඉතින් ඔයාලම ඒක බලන්න. IMDb දර්ශකයෙ 8.4/10 අගයකින් සැරසුන Sankalp Reddy ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ සිනමාපටයෙ කැප්ටන් රන් විජේ සිං ලෙසින් Kay Kay Menon ද, ලෙෆ්ටිනන් කමාන්ඩර් අර්ජුන් වර්මා ලෙසින් Rana Daggubati වගේම තවත් ඉතා ප්‍රසිද්ධ නළු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB / Blu-Ray පිටපත සඳහා අදාල වේ.
18,670 downloadsDownload The-Ghazi-Attack-2017-Blu-Ray-Update.zip116 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
36 comments
Sach
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Gathsara Umesh Kumara
Bohooma sthuthiy upasiresiyata..
lipiyanm suppaaprabodha
Thank bro sub ekata. Jayawewa
Sisila Prasad
පට්ටයි සහෝ.
සුපිරිම කතාවක්නේ මේ වතාවේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.
මේක නම් අනිවා බලනවා. දැනටම බාගෙන තියෙන්නෙ.
ලිපියත් සුපිරියටම තියෙනවා.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
ජයවේවා!!!එල්.සී. දමැල්
වටින කතාවක් වගේ
බොහොම ස්තුතියි...Tharidu Sagara
සබට තුති සහෝ
Direct link https://www.facebook.com/tharidu.sagara.37thisal
thankss
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
Kamal
එල කොල්ලෙක්.. ෆිල්ම් එක බාගන සබ දෙනකම් බලාගන හිටියේ. බොහොම ස්තුතියි සහෝ සබට.
Achintha Arash Munasinghe
කොහොම උනත් දැන් INS- VICKRANT නෞකාව යකඩ වලට බජාජ් සමාගමට විකුණලා තියෙන්නේ. අලුතෙන්ම එන BAJAJ-V බයික් එක ගහන්නේ ඒ නැවේ යකඩ වලින්.
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
lalithya
Death at a Funeral movie ekata sinhala sub dapan machan patta comedy eka , 7.4imdb
Sandun
2007 2010 dekama sub baiscop eke tiyenwa machan
Pasan
Frankenstein vs the mummy
Baar baar dekho
Me movie walta sub diyanko machn..Damith Perera
original v.3 එකට
සබ් එක ගැලපෙන්නේ නෑ සහෝනිරෝෂ්
ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රංගික
ප්‍රණාමමි ප්‍රණාමම් මචන්.එනකල් මග බැලුවා.තැන්කු
hasith
thank you sahoo denakan unne
damithperera
sub ekata match vena link ekak dennako
Lahiru
sub eka match wenne na bro..
ලහිරු ප්‍රසාද්
මේකට මැච් වෙනවා.
The Ghazi Attack (2017) Hindi HDRip X264 700MB ESubs.mkv
Ravin Laksitha
thanks machan sub ekata...........
praneeth madu
ස්තුතියි සහෝ උපසිරසියට
mindika
Thanks !!!!!!!!!!!!!!
nipun gunasekara
Jolly LLB 2 sub dennako
Tharindu TD
Thanks for subtitles...
Mekata sub denna puluwanda
( Badrinath Ki Dulhania 2017 )Dulanga
Thanks
R.S. Samantha
Thank You macho...
hoda vistharayakuth dila thiyenne
ela ela
jaya wewa....!!!එන්.විජිත අසංක
සබ් එක දුන්නට බොහොම ස්තූතියි සහෝ. ඒත් මේක BRRip එකට අප්ඩේට් වෙලා නෑ නේද? පුළුවන් නම් එහෙම කරන්න.
C. R. ජයලත්
Niayamai Saho Jaya Wewa!!!!!
nalin.kumara0510
Thanks bro good luck
sandharu
Thanks broo
Hasantha_Sajeewan
Thanks
Udaya Fdo
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබට තුති සහෝ !!!!!!