Watch Trailer

The Girl in the Fog Aka La Ragazza Nella Nebbia (2017) Sinhala Subtitles | මිහිදුමේ සැඟවුන යුවතිය… [සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ අපරාධ වෙනවා කියන එක අද සමාජේ අමුතු දෙයක් නෙමේනේ. මිනිස්සු මැරෙනවා අතුරුදහන් වෙනවා. ලෝකය වාණිජමය වෙන්න වෙන්නම මිනිස් ජිවිත වලට වටිනාකම හැමදාම එන්න එන්න පහල යනවා . ඔබ බලවත් මුදල් තියෙන කෙනෙක් නම් ඔබට ඔබේ පවුලට ඔබේ මුදල් නිසා ඇති අවදානම අනතුරක් වෙන්න තියෙන ගොඩක් වැඩියි. එහෙම කියල මුදල් නැති පවු…

 

ලෝකයේ අපරාධ වෙනවා කියන එක අද සමාජේ අමුතු දෙයක් නෙමේනේ. මිනිස්සු මැරෙනවා අතුරුදහන් වෙනවා. ලෝකය වාණිජමය වෙන්න වෙන්නම මිනිස් ජිවිත වලට වටිනාකම හැමදාම එන්න එන්න පහල යනවා . ඔබ බලවත් මුදල් තියෙන කෙනෙක් නම් ඔබට ඔබේ පවුලට ඔබේ මුදල් නිසා ඇති අවදානම අනතුරක් වෙන්න තියෙන ගොඩක් වැඩියි. එහෙම කියල මුදල් නැති පවුල් වල අයට ඒ අවදානම නැති වෙන්නේ නැහැ. ලෝකයේ කොහේ කොතැනක හිටියත් දරුණු සත්ව කොට්ඨාශයක් තමයි මිනිහා කියන්නේ. ක්ෂණයකින් හිත වෙනස් වෙලා රෞද්‍ර කෙනෙක් වෙන්න පොඩි සිදුවීමක් ඇති. ඒ අතරේ වෙනස් ම අමුතු මානසිකත්ව තියන අමුතු විදිහේ කොටසකුත් අපි අතර ඉන්නවා. පිටට සාමාන්‍ය ජිවිත ගෙවන කාටවත් කරදරයක් නොවෙන විදිහට පෙනුනට ඒ මිනිස්සු ඇතුලේ ජිවත් වෙන්නේ රාක්ෂයෝ. ඉතින් ඒ රාක්ෂයෝ ගොදුරු බිලිගන්න එනකොට ඒවාට බිලිවෙන අය පවුල් පසුබිම අනූව නෙමේ බිලිවෙන්නේ. වර්තමානයේ ඔයාල දකින්න ඇතිනේ ඉන්දියාවේ සිද්ධ උන සමූහ දූෂණ සහ ලංකාවේ සේයා ඝාතනය වගේ සිද්දීන්. ඉතින් විකෘති ආශාවන් තියෙන සමාජයේ තුල හොඳ මුහුණක් පෙන්වාගෙන ඉන්න රාක්ෂයෝ තමයි වඩාත්ම භයානක වෙන්නේ. මේ විස්තර ටික කිව්වේ එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා  ඉතාලියේ ඇවචෝට් ප්‍රදේශයේත්. ඒ විස්තරේ තමයි මේ කියන්නේ.

ඇය නමින් ඇනා ලූ. ගැටවර වයසේ තවමත් පාසල් යන දැරියක්. පල්ලියේ වැඩකටයුත්තකට නිවසින් පිටවූ ඇය ආයෙත් ගෙදරට ඇවිදින් නැහැ. ඒ ගැන සැක කරන්න කිසිම කෙනෙකුත් ඇත්තේ නැහැ. පවුලට කීකරු ආගමට ලැදි කෙනෙක් විදිහට ඇයට අනතුරක් කරන්න කෙනෙක් ඉන්නවද කියන එකත් අභිරහසක්. එත් ඇනා නැති වෙලා. ඒ ගැන වගකීමක් දෙන්න කිසිම කෙනෙක් නැහැ. පොලිසියටත් ඒ ගැන හිතාගන්න බැහැ. අවට ඉන්න අසල්වැසියෝ උනත් එහෙම අය නෙමෙයි. එත් ඇනා ලූ නැතිවෙලා ඇය ගැන කිසිම හෝඩුවාවක් නැහැ. කිසිම දෙයක් හොයාගන්න බැරි තැන පොලිසිය ස්වයං නිගමනයකට එනවා මේ වගේ සිද්දි වලදී. ඒ තමයි ගෙදරින් පැනලා ගිහිල්ලා එහෙමත් නැත්තන් කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. ඉතින් ඇනා ලූටත් මේ තීන්දුව ලැබෙන්න බොහොමත්ම ආසන්නයි. ඒ අතරේදී තමයි ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙක් වන වොගෙල් ඇවචෝට් වලට එන්නේ ඇනා ලූට උනේ මොකද හොයන්න. මේ වොගෙල් කියන කෙනා ටිකක් අමුතු කෙනෙක්. කලිනුත් එහෙම අභිරහසක් විසදපු කෙනෙක්. නමුත් ඒ අභිරහස විසඳුනා කිව්වට වැරදිකරු උන කෙනාට පොලිසියට වන්දි ගෙවන්න සිද්ධ උනා. මොකද ඔහු එහි වැරදිකරු නොවුන බවට නැවත තීන්දු උන නිසා. වොගෙල් අපරාධ විසඳන්න අමුතුම විදිහකට. වෙනත් පරීක්ෂකයෝ මාධ්‍යට හැම දෙයක්ම සඟවන කොට ඔහු අපරාධ විසඳන්න භාවිතා කරන්නේ මාධ්‍ය. මේ ක්‍රමයෙන් අපරාධ විසඳෙන එක කෙසේ වෙතත් වොගේල්ට සහ මාධ්‍ය වල මූල්‍ය අර්බුද නම් විසඳෙනවා. මෙහෙම අගක් මුලක් නැතිව ඉන්න අතරේදී විවිධ හෝඩුවාවන් එනවා එත් ඒ කිසිම දෙයක් ඇනා ලූ හොයාගන්න රුකුළක් වෙන්නෙම නැහැ. ඒ අතරේදී තමයි පිරිමි ළමයෙක් ගැන විස්තර ලැබෙන්නේ. මේ කොල්ලා දකින දකින දේ වීඩියෝ කරන්න හුරු උන කෙනෙක්. එයා ඇනා ලූ යන එන අතරේ වීඩියෝ කරලා. ඉතින් මොකුත්ම නැති වෙලේ මේ කොල්ලා තමයි දැන් ප්‍රධාන සැකකාරයා වෙන්නේ. එත් එයාගේ වීඩියෝ බලනකොට ඒ සැකය වෙනස් වෙනවා. මම මෙතනින් එහාට මේ ගැන නොකියා ඉන්නම්. මොකද ඔයාලටත් කුතුහලයක් ඉතිරි කරන්න අවශ්‍ය නිසා. ඉතාලි භාෂා චිත්‍රපටයක් වන මේ අපරාධ සහ කුතුහලය කැටි උන චිත්‍රපටය 2017 තිරගත වුවක්. සම්මාන රාශියකටම හිමිකම් කියූ චිත්‍රපටයක්. ඉතාලි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ 2018 වසරේ හොඳම චිත්‍රපටය උනෙත් මේ චිත්‍රපටයයි. යන්න කලින් කියන්න ඕන ලෝකයේ කොච්චර අපරාධ සිද්ධ උනත් ඒ හැම අපරාධයක්ම හැමෝම දන්නෙත් නැහැ. ඒ අපරාධ වලට ගොදුරු උන හැම කෙනෙක්ටම ඒ වෙනුවෙන් යුක්තියක් ඉෂ්ඨ වෙන්නෙත් නැහැ. ඒ වගේම අපරාධ වලට අහුවෙන හැම කෙනෙක්ම වරදිකරුවොත් නෙමෙයි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR පිටපත් සඳහා  අදාළ වේ.

4,627 downloadsDownload The.Girl_.in_.the_.Fog_.2017.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

4,627 downloadsDownload Subtitles48 KB

35 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. MudithaDissanayaka

    good job.hasantha aiya.
    welawa labuna gaman biscope ekata goda wadinawa,
    budu saranai

  3. indika75

    thanks..

  4. lakshansmt

    supiri ela ela
    screen eke hima watena eka fatta ;))

  5. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :) :)
    ජය වේවා.!

  6. gihan perera

    ස්තුතියි සහෝ....නියමයි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි....ජය වෙිවා.....

  7. arawindasunimal

    thanks sub ekata jayawewa.............

  8. Shaggie

    Thnks mchn

  9. chandika1975

    thank you for the subtitle bro.........

  10. palithadesilva

    thankyou..

  11. Suranjan

    Thanks jayawewa.......!

  12. Saranga J. Liyanagama

    Thanks..

  13. Hiranhiru

    ගොඩක් ස්තුතියි...
    දිගටම උපසිරැසි දෙන්න අපි වෙනුවෙන්..
    දවසකට දෙකකට සැරයක් වත් පිලුමක් නොබැලුවොත් නිකම් බූටක් කෑවා වගේ මාර පාලුවක් දැනෙන්නෙ..
    තෙරුවන් සරණයි...!

  14. kodagoda

    tnx sahoo supiriyak dunnata jaya

  15. Rukshan37

    Ela

  16. Buddi

    Thanks.......

  17. ranga11112

    thanks hasantha

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. madhusankha

    Thanks bro...

  20. Dewadithya

    Thanks for Sub!

  21. Sajithlakshan

    thanks ................

  22. AsithaDilruwan

    ela saho thanks

  23. sampath n perera

    thanks

  24. jagath55

    Thanks

  25. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ..

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. D.Chamara

    BOHOMA STHUTHI SAHOO

  28. sanjeewakbg

    thanks bro..

  29. melinda

    super one ... thank you for the sub

  30. Dulan Madhushan

    Thanks bn

  31. Anonymous

    thanks sub wlt

  32. Anonymous

    එළ එළ පට්ට ෆිල්ම් එකක්
    Thanx bro

  33. Rishantha

    Thanks Brother

  34. Ishan Madusha

    බොහෝම ස්තූතියි...