ඔන්න එහෙනම් ආයෙත් වතාවක් ඉක්මණටම අළුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. මේ වතාවේ අරගෙන ආවේ සොම්බි චිත්‍රපටයක්. මෙතෙක් කාලයක් තුරාවට චිත්‍රපට 37ක් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීම සිදුකලත්, මේ තමයි සොම්බි චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැසි ගන්වන පලවෙනි වතාව. මෙම චිත්‍රපටය සතු සුවිශේෂිත්වය නම්, සමස්ථ සොම්බි ච…

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් ඉක්මණටම අළුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. මේ වතාවේ අරගෙන ආවේ සොම්බි චිත්‍රපටයක්. මෙතෙක් කාලයක් තුරාවට චිත්‍රපට 37ක් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීම සිදුකලත්, මේ තමයි සොම්බි චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැසි ගන්වන පලවෙනි වතාව. මෙම චිත්‍රපටය සතු සුවිශේෂිත්වය නම්, සමස්ථ සොම්බි චිත්‍රපට ක්ෂේත්‍රයම වෙනස්ම වූ දිශාවකට රැගෙන යමින් නිර්මාණය කරන ලද අති විශිෂ්ඨ නිර්මාණයක් වීමයි. සාම්ප්‍රදායික සොම්බි චිත්‍රපට රටාවෙන් මිදී, ප්‍රේක්ෂකයා හට නැවුම් වූ අත්දැකීමක් ලබාදෙමින්, චිත්‍රපට කලාවේ නව දොරටුවක් විවර කිරීමට උත්සාහ දැරුවාවූ මෙම සිත්තම, චිත්‍රපට විචාරකයින්ගේ ඉහළ ප්‍රශංසා ලබාගැනීමට පවා සමත්කම් දැක්වූවා.
Drama, Horror, Thriller යන කාණ්ඩයන් නියෝජනය කරමින්, එක්සත් රාජධානිය මූලික කර ගනිමින් 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සලරුව, මෙම ලිපිය මොහොත වන විට නවදහසකට ආසන්න වූ ප්‍රේක්ෂක ජනතාවකගේ මනාපයෙන් Imdb දර්ශකයේ 6.9 ක් වැනි ඉහළ අගයකින්ද, Rotten Tomatoes හි 84% ක අති විශිෂ්ඨ ඉහළ අගයකින්ද සමන්විත වන අතරම, සිය ශුද්ධ ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ක මුදලකින් සවිබල ගැන්වී ඇත.
කාල වකවානුව – නුදුරු අනාගතයේ එක්තරා කාල සීමාවක්.
සමාජ වාතාවරණය – හඳුනානොගත් ආසාධන තත්වයක් හේතුවෙන් බහුතරයක් වූ මිනිසුන්, සොම්බි බවට පරිවර්තනය වී ඇත. මනුෂ්‍යයන් ලෙස ඉතිරිව සිටින්නෙ ස්වල්ප වූ පිරිසක් පමණි. මහා මාර්ග, සාප්පු සංකීර්ණ, නිවාස යනාදී සියල්ල ජරා ජීර්ණව ගොස් ඇත. හමුදා පාලනයක් පමණක් ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිවහොත්, සමස්ත ලෝකයම පාළු මිනී පිටියක සිරි ගෙන ඇත.
මූලික ස්ථානය – මහා බ්‍රිතානයට අයත්වූ, අතිශය රහසිගත පර්යේෂණයන් සිදුකෙරෙන්නාවූ හමුදා කඳවුරක්.
කතා තේමාව – මෙලනි…. උපන් දා සිටම, හමුදා කඳවුරක් තුල, එක්තරා විශේෂිත වූ කුටියක් තුල, අතිශය දරුණු ලෙස සිර කර තබාගෙන සිටින්නා වූ කුඩා ගැහැණු ළමයෙකි. ඇය මෙන්ම තවත් කුඩා ළමුන්, මේ ආකාරයට සිරකොට තිබෙන්නා නමුත්, ඒ සියල්ලක්ම අතුරින් ඇය සුවිශේෂී වනවා. මෙම සියලු දෙනාම සිය අධි ආරක්‍ෂිත සිර කුටි තුලින් එලියට ගනු ලබන්නෙ, දිනකට එක් වතාවක් පමණි. ඒද, හමුදා ආරක්ෂාව යටතේ, අතපය සහ හිස අංශු මාත්‍රයක් හෝ සෙලවිය නොහැකි ලෙස විලංගු දැමීමෙන් අනතුරුවයි. එක්තරා දිනයකදී මේ සියල්ල උඩි යටිකුරු වනවා. අධි ආරක්‍ෂිත හමුදා කඳවුරට, අවට සිටින්නාවූ ගිනිය නොහැකි තරම් වූ සොම්බීන් ප්‍රමානයකගෙන් අති දැවැන්ත ප්‍රහාරයක් එල්ල වනවා. මෙම ප්‍රහාරය හමුවේ හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ වී යන අතර, ඉහත කී කුඩා දැරිය ඇතුළු කිහිප දෙනෙකුන් පමණක් සිය ජීවිත ගලවා ගැනීමට වාසනාවන්ත වෙමින්, මෙම ස්ථානයෙන් පළා යාමට සමත්කම් දක්වනවා.
සිදුවන්නෙ කුමක්ද – හමුදා නිලධාරින් කිහිප දෙනෙකුන් සමගින් දිවි ගලවාගන්නා මෙම කුඩා දැරිය සියළු දෙනාගේම භීතියට කරුණක් වනවා. ඉහත කී ආකාරයට කුඩා ළමුන්, එතෙක් කාලයක් පුරාවට අමානුෂික ලෙස සිරකොට තබාගෙන සිටියාවූ කාරණාව කුමක්ද…? නිර්භීත හමුදා නිලධාරින් පවා භීතියෙන් ත්‍රස්ත කිරීමට තරම් මෙම කුඩා දැරිවිය සතු සුවිශේෂිත්වය කුමක්ද…? එසේම, සිය ජීවිත බේරාගෙන පලායන්නාවූ මෙම කණ්ඩායමට, නිරුපද්‍රිතව ගමන් කිරීමට හැකියාව ලැබෙන්නෙ ඉතාමත් සුළු කාල සීමාවක් පමණයි. නොසිතූ විරූ අයුරින් පමිනේන්නාවූ බාධා මගින් සියල්ල උඩි යටිකුරු ස්භාවයක් ගනු ලබනවා. සිදුවන්නෙ කුමක්ද… අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී යන්නාවූ සොම්බි අමනුෂ්‍යයන් හමුවේ මොවුන් කෙසේ නම් සිය දිවි බේරාගනීවිද… මොවුන් අතුරින් අවසානයේ දිවි ගලවා ගැනීමට කී දෙනෙකුන් නම් සමත්කම් දක්වාවිද…? මෙකී නොකී සියලු ප්‍රශ්නාර්තයන් සඳහා මෙම සලරුව, කදිම ලෙස ප්‍රේක්ෂක ඔබ සැම වෙනුවෙන් පිළිතුරු ලබාදෙනු ඇත.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. වගකීමෙන් කියනවා, චිත්‍රපටය අවසානයේ කිසිඳු ආකාරයක පසුතැවිල්ලක් නම් සිදුනොවේවි. රසවිඳින්න හැකියාව සහිත අනර්ඝ සිතුවක් ලෙස හැම දෙනාටම නිර්දේශ කරනවා. කොහොමත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම ඉන්නකො මුලින්ම.
එහෙනම්, අදට අවසරයි. තවත් රසබර සිත්තමකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Girl.with.All.the.Gifts.2016.720p.BluRay.x265.ShAaNiG
ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,429 downloadsDownload The.Girl_.with_.All_.the_.Gifts_.2016.Baiscopelk.com_.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
28 comments
Kantha_DLA
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. ලොකු දෙයක් ශැනිග් කොපියට ම උපසිරැසි දුන්න එක. ඒකත් සොම්බි නිර්මාණයකට දුන්න එක තවත් වටිනවා.
lahiru devinda
ස්තුති සහො උපසිරස දුන්නට....
සොම්බි නම් ඉතින් මරු.ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි
JR
බොහෝම ස්තුතියි සහො, ජයවේවා!!!
rasanga
ස්තුතියි සහෝ උපසිරැසියට
Ravindu Rukshan
thx sub ekata
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thank you machan......jayawewa......!
සනත් ගුණතිලක
mewwane yakoo film.... thanks broo
Kithmal
සහෝ " Cannibal Holocaust 1980 " Movie එකට සිංහල සබ් එක දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්
Damith
elama film ekak balapu.
thankx.Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekta Thanks saho
Pasan
sub ekata thanks macho..
geeganagamage
බොහොම ස්තුතියි
HummerDanu
thanks bro
Rukshan37
Ela
indika75
Thanks..
Dewadithya
Thanks for sub!
Anonymous
Thankzzzzzzzz
muditha gayan
Thankzzzzzzzz
poorna
ela හොදට sub වික හදල තියෙනව
poorna
ela subtitles is very good tanks for do this for all
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.