Watch Trailer

Shoot ‘Em Up (2007) with Sinhala Subtitles | දන්නවද මම අකමැතිම මොකටද කියලා?(18+) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියලා මමත් ඔන්න අපේ බයිස්කෝප් අඩවියට ගොඩ වුනා. හැබැයි ඔක්කෝමලාගෙන් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මේ ෆිල්ම් එකට සබ් දෙන්න මම අපේ හිතාදර රොයිලි සහෝදරයාගෙන් ඉල්ල ගත්තේ මීට අවුරුද්දයි මාස තුනකට කලින්. බාගෙකට වැඩියෙන් වැඩ ඉවර කරලා තියෙද්දී ඇති වුන පු…

Shoot 'Em Up (2007)

ඉතින් යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියලා මමත් ඔන්න අපේ බයිස්කෝප් අඩවියට ගොඩ වුනා. හැබැයි ඔක්කෝමලාගෙන් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මේ ෆිල්ම් එකට සබ් දෙන්න මම අපේ හිතාදර රොයිලි සහෝදරයාගෙන් ඉල්ල ගත්තේ මීට අවුරුද්දයි මාස තුනකට කලින්. බාගෙකට වැඩියෙන් වැඩ ඉවර කරලා තියෙද්දී ඇති වුන පුද්ගලික ප්‍රශ්න කිහිපයක් නිසා මේකෙ ඉතිරි වැඩ ටික මගේ අතින් කල් ගියා. ඉතින් ගොඩක් කල් ගිය නිසා මම හිතුවා මේක වෙන කෙනෙක් අරගෙන කරයි කියලා. අපේ යශෝධ සහෝදරයා මට පනිවිඩයක් එව්වේ නැත්නම් මම හිතාගෙන හිටියේ මේක මේ වෙද්දි දීලා ඇති කියලා. මොනවා වුනත් මෙච්චර කල් අපේ බයිස්කෝප් සහෝදරයින් මම ගැන විශ්වාසයෙන් හිටපු එක ගැන මම මගේ ස්තූතිය පුද කර සිටිනවා. යශෝධ සහෝදරයාගේ පනිවිඩයෙන් පස්සෙ මම ආයෙමත් වැඩ පටන් අරන් ඔන්න මේ විදියට මගේ පලවෙනි උපසිරසිය ඉදිරිපත් කරනවා.

චිත්‍රපටය ගැන කිව්වොත් 2007 අවුරුද්දේ ආපු සුපිරි ක්‍රියාදාම වලින් පිරුන චිත්‍රපටියක් තමයි මේක. පැය 01 විනාඩි 26ක් පුරාවට දිවෙන action/thriller ගනයට අයත් මේ කතාවට IMDB 6.7ක අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ශනය කලේ Michael Davis. ප්‍රධාන චරිත විදියට Clive Owen (King Arthur-2004, Inside Man-2006, Killer Elite-2011), Monica Bellucci, Paul Giamatti යන නලු නිලියන් රoගනයෙන් එක් වෙනවා.

කතාව කෙටියෙන් කිව්වොත් කිව්වොත් මෙන්න මෙහෙමයි. ගැබිනි කාන්තවක් පස්සෙන් මිනිස්සු වගයක් එලවගෙන එනවා ඒ කාන්තාව මරන්න. ඒ කාන්තාවට වඩා ඒ මීනිස්සුන්ට ඕන කුසේ ඉන්න දරුවව මරන්නයි. ඉතින් පාරෙ පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ කැරට් අලයක් කකා ඉන්න ස්මිත් කියලා මනුස්සයෙක් මේ කාන්තාව බේර ගන්න ඉදිරිපත් වෙනවා. එතනින් තමයි මේ කතාව වගේම මේ හැම අවුලක්ම පටන් ගන්නේ. ස්මිත්ට කාන්තාව බේර ගන්න බැරි වුනත් දරුවා බේර ගන්න පුලුවන් වෙනවා. ඒත් මම කිව්වා වගේ එතනින් මේක ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය බලලාම බලා ගන්න එක හොදයි.

ඒ වගේම කියන්න ඕන මේකෙ එන සමහර දර්ශන නිසා මේක 18+ ගොඩට දාන එක තමයි හොද කියලයි මට හිතෙන්නේ. පලවෙනි උපසිරසිය නිසා අඩුපාඩු ගොඩාක් ඇති. මගේ යාලුවෝ අඩුපාඩු තියෙන ඒවා පෙන්නලා දෙයි කියලා හිතනවා. ඉක්මනින් තවත් එකකින් හමුවෙමු. හැබැයි මම පොරොන්දු වෙනවා අයෙ නම් මේ ගේ පරක්කු කරන්නේ නැහැ කියලා. ඔයාලා හැමෝටම ජය!

Shoot 'Em Up (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shoot.’Em.Up.2007.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,758 downloadsDownload Shoot.Em_.Up_.2007.Baiscopelk.com_.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/AsankaPriyadarshana1-e1484896721468.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රියදර්ශණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,758 downloadsDownload Subtitles30 KB

34 comments

  1. ධනා

    එල

    1. Asanka Priyadarshana

      ස්තුතියි සහෝ

  2. Dhananjaya Chamath

    සුපිරියි

    1. Asanka Priyadarshana

  3. Devaka Sadaruwan

    සාදර යෙන් පිලිගන්නවා. ඊලග එක්ක ඉක්මනින්ම මුණ ගැහෙමු

    1. Asanka Priyadarshana

      අනිවා

  4. දමිත්

    පලමු උපසිරැසියට සුබ පැතුම් සහෝ,
    කලින් සිංහල නැතුව බලලා තිබුනට ආයෙත් බලන්න බාගත්තා.
    ජයෙන් ජය...

    1. Asanka Priyadarshana

      ස්තුතියි සහෝ

  5. Ds Nishan

    බොහොම ස්තුතියි සිංහල Subtitle එකට !

    Torrent Movies Direct Download කරන හැටි සිංහලෙන් දැනගන්න ,
    මෙන්න ලින්ක් එක : https://youtu.be/PAvs6v4nalY

  6. sherlock galle

    Thanks

  7. shwrlovk galle!!

    Dr stranger2016??

  8. Asanka

    මම පොඩි දෙයක් කියන්න යන්නෙ. මාව වැරදියට තේරුම් ගන්න එපා. මේ ෆිල්ම් එක නම් මම තාම බැලුවේ නෑ. ඒත් තමන්ගෙ මුල්ම (සමහර අය 10-20 වෙනි එකෙත්) සබ් එක කරපු ගොඩක් අය Google Translate පාවිච්චි කරලා English Sub පරිවර්ථනය කරලා තිබුණා. ඒකෙන් නියම අදහස තේරුම් ගන්න බැරි වෙනවා.

    1. Asanka Priyadarshana

      ගොඩක් ස්තුතියි මිත්‍රයා comment එකට. බලලම තව comment එකක් දෙන්න

  9. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASANKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  10. maheshbabu

    good luck for ur first sub bro..............jaya wewa

  11. mithun

    මමත් මෙක නම් බලල නෑ රෙටින් එකත් යම් තාක් දුරට තියෙන නිස හොදයි කියල හිතනව බොහොම ස්තුතියි සහො උපසිරැසි ගන්වල ගෙනාවට සබ් එක ගත්ත පලමු වැඩේ නම් හොදයි වගෙ ඉදිරියටත් හොද චිත්‍රපට බලල දෙමු...

  12. අසිත

    meka paata film eka patan gathth welawe idala wedi thiyanwa.
    iwarayak na.kawuruth balnna.

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.

  14. Bobby

    Thank you very much friend,.

  15. Ddmd Ruwan

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.ඊලග එක්ක ඉක්මනින්ම මුණ ගැහෙමු..............

  16. Chamith Janaka

    Elama අසංක Bro Digatama Sub Damu. Welcome To Baiscoplk.com.....!

  17. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  18. Web-බුවා

    එළ එළ මහත්තයෝ! ඔහොම යමු ලොක්කා. සබට ස්තූතියි හොඳේ.

    ජය! :)

  19. paranormal

    Thank you very much..ele ele.......

  20. punsara

    patta filumakne godak tuti sahoo sub ekta no word to say

  21. අසංක ප්‍රදීප් රණතුංග

    සහෝ, හේතු දෙකක් හින්ද මට මේ කමෙන්ට් එක දාන්නම හිතුනා. පලවෙනි හේතුව තමා ඔයා සබ් එක වෙන්කරගෙන කරන්න පරක්කු උන කතාව. දෙවන එක තමා අද දවස (ජනවාරි 23). මම හිතන්නේ අසංක කියන නම තියන අයට වෙන පොදු ප්‍රශ්නයක් ද කොහේද මේ පලවෙනි සබ් එක වෙන්කරගත්තට පස්සේ සබ් එක කරන්න පරක්කු වෙන එක. මොකද මමත් මිට හරියටම අවුරුද්දකට කලින් ඒ කියන්නේ 2016-01-23 දින තමා පළමු උපසිරැසිය විදියට ටෙරමොස් චිත්‍රපටය වෙන්කරගත්තේ. ඒ උනත් ඊට පහු වෙනිදාම මෝටර් බයිසිකලය අනතුරට පත්වීම හින්ද අතයි කකුලයි කඩාගෙන ඇඳට උනා. අන්තිමට සබ් එක දෙන්න පුළුවන් උනේ මාස පහකට පස්සේ මැයි මාසේ 10 වෙනිදා. ඒ උනත් ඊට පස්සේ ඒ කාලය කවර්වෙන්න මේ වනකොට සබ් 87 දෙන්න පුළුවන් වෙලා තියනවා. ඉතින් තව අසංක කෙනෙක් වන ඔයාටත් ඒ වැඩේ කරන්න කියල මම යෝජනා කරනවා.

    ඉතින් සුපුරුදු විදියට අනිත් නව උපසිරසි කරුවන්ට දෙන උපදෙස ඔයාටත් දෙන්නම්. දිගටම උපසිරසි දෙන්න හිතන් ඉන්නවා නම් ඔයාට මල් වගේම ගල් පවා ලැබෙන බව සිහිතබා ගන්න. ඒ වගේම ඔයාටම අවේනික චිත්‍රපට තෝරන් උපසිරසි නිර්මාණය කරන්න බලන්න. එතකොට ඔයාටම අවේනික රසිකයන් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.

    අවසාන වශයෙන් මේ උපසිරසියට ස්තුතියි..

    බුදු සරණයි...

  22. Daminda Gamage

    good job

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Akalanka

    Thnx...........

  25. Prabuddha Kulatunga

    ado ube lipiya patta atal bn :D "පාරෙ පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ කැරට් අලයක් කකා ඉන්න ස්මිත්" :D :D thank u :D

  26. suranuwan

    thanks..

  27. Pkm

    Thanks

  28. Dewadithya

    Thanks for Sub!

  29. nilanka_baiscop

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.