හොඳයි එහෙනම් මේ සූදානම සජීවීකරණ චිත්‍රපටයක් අරගෙන එන්න. හැබැයි මේක ප්‍රංශ ච්ත්‍රපටයක් ඒ වගේම වැරදීමකින් නෙමෙයි 18+ කියලා නම් කරලා තියෙන්නේ ඒක නිසා පොඩි කස්ටිය නොබලනවා නම් තමයි හොඳ, ඔන්න අනතුරු ඇගවීම කළා ආයේ නොකිව්වා කියන්න එපා. ඒ වගේමයි ඉල්ලීමක් කරන්න ඕන මේ සලරුව බාගත කරන්න කලින් පුර්ව ප්‍රචාරක පටය…

හොඳයි එහෙනම් මේ සූදානම සජීවීකරණ චිත්‍රපටයක් අරගෙන එන්න. හැබැයි මේක ප්‍රංශ ච්ත්‍රපටයක් ඒ වගේම වැරදීමකින් නෙමෙයි 18+ කියලා නම් කරලා තියෙන්නේ ඒක නිසා පොඩි කස්ටිය නොබලනවා නම් තමයි හොඳ, ඔන්න අනතුරු ඇගවීම කළා ආයේ නොකිව්වා කියන්න එපා. ඒ වගේමයි ඉල්ලීමක් කරන්න ඕන මේ සලරුව බාගත කරන්න කලින් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න. මොකද මේක සාමාන්‍ය සජීවීකරණ චිත්‍රපටයක් නෙමෙයි වෙනස් එකක්. කතාව නිසා නෙමෙයි වෙනස් කියන්නේ සජිවිකරණය කරලා තියන විදිහ නිසාවෙන්.
මේ චිත්‍රපටයේ එක විශේෂත්වයක් වෙන්නේ මේක අධ්‍යක්ෂණය, පිටපත් රචනය, සංස්කරණය හා සජීවී කරණය ඔක්කොම කරලා තියෙන්නේ එක පුද්ගලයෙක් ඔහු නමින් Sébastien Laudenbach. මේ තමයි ඔහුගේ පළමු සිනමා නිර්මාණය. මේ කතාව උපුටාගෙන තියෙන්නේ ග්‍රීම් සහෝදරයන්ගේ සුරංගනා කතාවකින්. ඒ උදවිය ගැන නම් අහලා නැති වෙන්න හැටියක් නැහැ නේ. 2016 කෑන්ස් සිනමා උළෙලේ දී දොරට වැඩුන මේ සිනමා නිර්මාණය මිනිත්තු 76 ක් පුරා දිව යනවා. ලබාගෙන ඇති IMDB අගය 7.1 ක්, රෝටන් ටෝමාටෝ මීටරයේ 100% හැටියට තමයි සඳහන් වෙන්නේ, එසේ මෙසේ විචාරක පැසසුමක් නෙමෙයි බව පේනවා ඇති නෙව.
හොඳයි එහෙනම් කතාව මෙහෙමයි, නියගයක් නිසා බොහොම සාගින්නෙන් පිපාසයෙන් ඉන්නා ඇඹරුම් හලක අයිතිකාරයෙක් කලේ දර හොයාගෙන ගිහින් ඉන්න වෙලාවක ඌරු පැටියෙක් දකිනවා, ඌ මරන්න හදනකොටම කොහෙන්ද මතුවුණ කෙනෙක් ඒකට හරස් වෙනවා, මෙයාට කියනවා පිපාසය සන්සිදුවන්නම් නමුත් මට තමුන්ගේ මෝලට පිටිපස්සේ තියන දේ ඕන කියලා. ඒ දේ තමයි ඇපල් ගසක් නමුත් මේ පුද්ගලයා ඒ වෙලේ තමුන්ගේ දුවණිය ඇපල් ගහ උඩ ඉන්නා විත්තිය දන්නේ නැහැ ඉතින් කැමති වෙනවා. මේ වෙනුවෙන් මෙයාගේ ගෙදරට එන දොළ පාර රත්රන් ගලා යන තැනට වැඩ සිද්ධ කරන්න මේ අමුත්තා සමත් වෙනවා. නමුත් මේ සියල්ල කරන්නේ හොඳ අදහසකින් නොවන බව තේරෙන්නේ ඒ අමුත්තා වෙනත් වෙසකින් තමුන්ගේ ණය එක්කාසු කරන්න ආ විට…
ඉතින් එහෙනම් අමුත්තා කවුද ? ණය කොහොම ගෙවාවී ද? දුවනියගේ අනාගතය කොහොම වේවි ද ? මේ සියල්ල බලාගන්න ඔබට භාරයි. එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය එව්වා !!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
15 comments
Kalana Dhananjaya Fernando
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
Suranjan
Thanks bro........jayawewa......!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
elama saho thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ranga11112
ස්තුති වේවා උපරැසියට
jessybmlt
supiri machn thdama amuthu ewata sub dmoooo
IreshSampath
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewasanji
Thanks
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

meka search karrata enne nane bn baiscopedownloads eke