The Girlfriend (2025) Sinhala Subtitles දැනිලා තියෙනවාද කවදහරි එලියට එන්න පාරක්වත් හිතාගන්න බැරි තරමට නූල් බෝලයක් වගේ තමන්ව ප්‍රශ්නෙකට පැටලුනු වෙලාවක්? රශ්මිකා මන්දනා රංගනය එකතු කරන භූමා කියන මේ කතාවේ ප්‍රධාන චරිතයත් ඒ වගේ ප්‍රශ්නයකටයි මූන දෙන්න යන්නේ. භූමා දේවී තමන්ගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න…

දැනිලා තියෙනවාද කවදහරි එලියට එන්න පාරක්වත් හිතාගන්න බැරි තරමට නූල් බෝලයක් වගේ තමන්ව ප්‍රශ්නෙකට පැටලුනු වෙලාවක්? රශ්මිකා මන්දනා රංගනය එකතු කරන භූමා කියන මේ කතාවේ ප්‍රධාන චරිතයත් ඒ වගේ ප්‍රශ්නයකටයි මූන දෙන්න යන්නේ. භූමා දේවී තමන්ගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න රාමලිංගයියා විද්‍යා හා මානවශාස්ත්‍ර විශ්වවිද්‍යාලයට එන්නේ ගොඩාක් බලාපොරොත්තු හිතේ තියාගෙන. අහම්බෙන් හම්බුණ වික්‍රම් හෙවත් විකී කියන කොල්ලා නිසා තමන්ගේ ජීවිතේ උඩු යටිකුරු වෙනවා කියලා තේරෙන්න භූමාට වැඩි කලක් යන්නේ නෑ. එක පැතතකින් වික්‍රම්, අනිත් පැත්තෙන් තමන්ගේ තාත්තා, ඊළගට තමන්ගේ හොදම යාලුවෝ සහ උපාධිය කියන හතර පැත්තකින්ම චෙක්මේට් වෙච්ච භූමා තමන්ගේ කතාව මොන පැත්තකට හරවයිද? භූමා තව කෙනෙක්ගේ අතකොලුවක් වෙලා ජීවිත කාලෙම බිත්ති හතරකට කොටුවෙයිද නැත්තන් එයා ඒකට විරුද්ධව තමන්ගේ මුලු ශක්තියම යොදවලා සටන් කරයිද?
චිත්‍රපට 25කටත් වඩා රංගනයෙන් දායක වුන රාහුල් රවීන්ද්‍රන්ගේ රචනයෙන් වගේම රංගනයෙනුත් පෝෂණය උනු මේ කතාව සයොකොලොජිකල් ත්‍රිලර් එකක්. තෙළිඟු සිනමාවම අද්භූත ෆැන්ටසි චිත්‍රපටි කරා යොමුවෙන මේ කාලේ 2025 නිකුත්වුණු මේ චිත්‍රපටිය වැඩිපුර යථාර්ථය පැත්තට යොමු වෙනවා. සරලවම කිව්වොත් කණ්ණාඩියකින් අපිවම පෙන්නන එක තමයි මේ චිත්‍රපටියෙන් කරන්නේ.
අනුන්ගේ චිත්තවේග තමන්ට වාසි වෙන විදිහට හැසිරවීම (manipulation) කියන්නේ වෙනමම විශයක්. ඒකේ කප් ගහපු දෙන්නෙක්ම අපිට මේ චිත්‍රපටිය ඇතුලේ හම්බෙනවා. කලින් ඒ ගැන දන්නේ නැත්තම් ඒකෙන් ගැලවෙන්න මැනිපියුලේට් වෙන කෙනාට බොහොම අමාරුයි. ඒක ගැන ඉගෙනගන්නත් මේ චිත්‍රපටියෙන් ඔයාලාට අවස්ථාව හදලා දෙනවා. ඒ වගේම කෙනෙක් හැසිරෙන විදිහෙන් අදින පළදින විදිහෙන ඒ කෙනා ගැන ගොඩක් දේවල් එලිවෙනවා. භූමාගේ වගේම වික්‍රම් සමහර අවස්ථාවල අදින ඇදුම්වලින් පවා මේක පෙන්නනවා. විශේෂයෙන්ම භූමාගේ සලුව. මේ වගේ මනසේ උඩ ස්තරය විනිවිදගෙන ගැඹුරට යන තව කරුණු ගොඩක් හම්බෙන ground level එකෙන් next level එකට යන්න ආසා ඔයාලා බලන්න ඕනෙම සුපිරිම මෝටිවේශන් කතාවක් තමයි ‘පෙම්වතිය’ කියලා කියන්නේ.
The Girlfriend (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,526 downloadsDownload The.Girlfriend-2025.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුචිර මුතුගල (රාම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-06-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Girlfriend Sinhala Subtitles
Subtitles by
රුචිර මුතුගල (රාම්)
Subtitles
- #MaxxA
- #Must Watch
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #The Girlfriend (2025) Sinhala Sub
- #The Girlfriend (2025) Sinhala Subtitles
- #The Girlfriend Sinhala Sub
- #The Girlfriend Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #රුචිර මුතුගල (රාම්)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
නිශාන් සමීර
Buddhika laKMal
පළවෙනි සබ් එකට සුබපැතුම් මචං...
මේකට තෑන්ක්ස්එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් රුචිර සහෝ!
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. 🙂
ජය! ✌
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Girlfriend (2025) Sinhala Subtitles | පෙම්වතිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/06/The-Girlfriend-2025-2.jpg)
පලවෙනි වැඩේට සුභ පැතුම්!
සබ් දෙමු දිගටම.....
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●