Watch Trailer

The Glass House (2001) Sinhala Subtitles | ග්ලාස්ගේ නිවහන [සිංහල උපසිරසි සමඟ]

හායි… ගොඩ කාලෙකට පස්සේ, හරියටම අවුරුද්දකට විතර පස්සෙයි මේ උපසිරසියක් අරන් ආවේ. කාර්යබහුලත්වයත් එක්ක උපසිරසි කෙරුවාවෙන් අයින් වෙලා හිටියේ. හදිසියේ වැටුන නිවාඩු වගයක් නිසා පොඩි නිදහසක් ලැබුනා එක උපසිරසියක් කරන්න.ලගකදී ඉදන් ත්‍රාසයජනක චිත්‍රපටි වලට ලොකු කැමැත්තක් ආවා. ඉතින් හොඳම ත්‍රාසය ජනක චිත්‍රපටි…

හායි… ගොඩ කාලෙකට පස්සේ, හරියටම අවුරුද්දකට විතර පස්සෙයි මේ උපසිරසියක් අරන් ආවේ. කාර්යබහුලත්වයත් එක්ක උපසිරසි කෙරුවාවෙන් අයින් වෙලා හිටියේ. හදිසියේ වැටුන නිවාඩු වගයක් නිසා පොඩි නිදහසක් ලැබුනා එක උපසිරසියක් කරන්න.ලගකදී ඉදන් ත්‍රාසයජනක චිත්‍රපටි වලට ලොකු කැමැත්තක් ආවා. ඉතින් හොඳම ත්‍රාසය ජනක චිත්‍රපටි එකතු කරගෙන යනගමන් අහම්බෙන් තමා මේ චිත්‍රපටිය හම්බුනේ . මේකට උපසිරසි දීලා නෑ කියල දැනගත්තට පස්සේ වෙලාවත් තිබුන නිසා මේකට උපසිරසි දෙන්න කියල තීරණේ කළා.මං ගැන හෑල්ල ඇති නෙහ්? ෆිල්ම් එක පැත්තට යමු එහෙනම් 😀

The Glass House එහෙමත් නැත්තම් ග්ලාස්ගේ නිවහන කියන මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 5.8ක් වගේ ඉහල අගයක් ලැබිලා තියනවා.Leelee Sobieski (රූබි) ,Diane Lane(එරින් ග්ලාස්), Stellan Skarsgard(ටෙරී ග්ලාස්) යන අය මේකේ ප්‍රධාන චරිත වලට පන පොවමින් නිර්මාණය වෙලා තියන මේ චිත්‍රපටියට box office ඇමරිකානු ඩොලර් මිලියන 23.6ක් වාර්තා වෙනවා. 2001 උනත් Old is gold කියල කම්මැලි නැතුව කුතුහලේ එක්ක බලන්න පුළුවන් කතාවක්.

කතාව ගැන ටිකක් කියනවනම් මේකේ ඉන්නවා රූබි කියල දගකාර කෙළිලොල් කෙල්ලෙක්. එයාගේ අම්මයි තාත්තයි හදිසි අනතුරකින් නැතිවෙනවා. එතනින් පස්සේ එයයි එයාගේ මල්ලි අම්මලාගේ ලගින්ම හිටපු යාලුවෝ වගේම කාලයක් අසල්වාසීන් වුන ග්ලාස් මහත්මයයි මහත්මියයි ගාවට යනවා. ගාවට යනවයි කිව්වට එයාල එක්කන් යනවා. එතන ඉදන් ග්ලාස් පවුල තමා මෙයාලගේ භාරකාරයෝ වෙන්නේ. එයාල ගොඩක් හොඳ අය නිසාත් එයාලගේ ගෙදර ගොඩක් ලොකු සැපපහසු තැනක් නිසාත් රූබි එයාගේ මල්ලිත් එහෙ හොඳින් ඉන්නවා.එත් පස්සේ පස්සේ රූබි එයාලගේ දෙමව්පියන්ගේ මරණේ ගැන හොයන්න ගන්නවා. ඉතින් හැමදේම හිතපු විදිහටම තියෙන්නේ නැතිවෙනවා. එයාට ටික කලක් යද්දී හිතෙන්න ගන්නවා ඇත්තටම ග්ලාස්ලා එයාලට ආදරේට එයාලව බලාගන්න ගත්තද නැත්තම් සල්ලිවලට තියන කෑදරකමට ගත්තද කියල.කතාවේ බාගයක්ම මෙතනම කිව්වද කොහෙද.. තව කිව්වොත් බලන්න දේකුත් නැත වෙනවා.. එහෙනම් රූබි එයාලගේ දෙමව්පියන්ගේ මරණේ ගැන හොයාගන්නේ කොහොමද, ඒ වගේම ග්ලාස්ලා ඇත්තටම හොඳ අයද නැද්ද කියල ඔයාලටම බලන්න ඉඩ ඇරලා මන් යනවා. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

3,691 downloadsDownload The-Glaas-House-2001.zip46 KB

උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Purnima-Madubhashini-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

3,691 downloadsDownload Subtitles46 KB

20 comments

  1. tharangani

    thanx

  2. sameera

    film eke sub eka newe tinne bucket list film eke eka tinne broo eka hadanna

    1. Tharaka

      ඔව්.. ෆිල්ම් එකේ සබ් එක නෙමෙයිනේ තියෙන්නේ?

    2. gihan perera

      Sub eka dala theyanne web dL copy ekatai BR rip copy ekati.me dakata thamai sub eka galapanne.oya download karala aththe wana copy ekak.

    3. Tharaka

      ආ.. දැන් හරි. මම ඒ වෙලාවේ සබ් එක download කරද්දී තිබුනේ The Bucket List (2007) ෆිල්ම් එකේ සබ් එක. උපසිරැසි දෝෂය ඉක්මනින් නිවැරදි කලාට බොහොම ස්තූතියි, ඇඩ්මින්තුමනි !!!!!!!!!!!!!!!!!

  3. madushan

    Well come back akkio
    Thanks sub 1ta puluwannam 13 ghost film 1ta sub Denna thawa x files reason eta sub Denna ☺☺☺☺☺☺☺

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!!!

  7. asitha

    elama sahi thanks

  8. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  10. madu

    Thank you

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි පුර්ණිමා.
    ජයෙන් ජය.

  14. Dewadithya

    Thanks for Sub!

  15. Hasitha gayan

    උපසිරස ලබා දුන්නාට ස්තුතියි.

  16. Lakshansilva18

    The perfection (2018) sub dennako

  17. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති