Watch Trailer

Geostorm (2017) Sinhala subtitles | මිනිසා විසින් ගෙන ආ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉදපු චිත්‍රපටයක්. අත්තම කියනවනම් මම නෙවෙයි මේ චිත්‍රපටිය භාරව හිටියෙ. අපේ වෙන සහෝදරයෙක්. කොහොමහරි ඉතිං ඔන්න උපසිරැසිය කරලා අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම , සාගර රටාවන් ව…

ඔන්න ඉතිං ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉදපු චිත්‍රපටයක්. අත්තම කියනවනම් මම නෙවෙයි මේ චිත්‍රපටිය භාරව හිටියෙ. අපේ වෙන සහෝදරයෙක්. කොහොමහරි ඉතිං ඔන්න උපසිරැසිය කරලා අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා.

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම , සාගර රටාවන් වෙනස් වීම, හිම කදු දි වීම, මේ දේවල් සිදු වීමට මිනිසා සම්පූර්ණයෙන්ම පාහේ වගකීම දැරිය යුතු වෙනවා. ඒ වගේම නියං, කුණාටු, ගං වතුර වගේ පාරිසරික ව්‍යසන වලටද මිනිසා කෙලින්ම දායකත්වය සපයනවා. කාර්මීකරණයත් සමග පරිසරයට වන හානි මේ වන විට අතිශයින්ම ඉහල මට්ටමට පැමිණ තිබෙනවා. ස්භාව ධර්මයාට වුවද ඉවසා දරා ගත හැකි ප්‍රමාණයක් පවතිනවා. ඒ ප්‍රමාණය ඉක්මවා ගිය පසු තමයි මං ඉහලින් සදහන් කල ව්‍යසන ඇතිවෙන්න පටන් ගන්නෙ.

අවසානයේ ඒ ව්‍යසන ව්ලින් දුක් පීඩා විදවන්න සිදුවන්නේද මිනිසා වන අපිටමයි. මේ වන විටද ලොව පුරා නියගය, ගං වතුර, කුණාටු වැනි දේ වලින් බොහෝ ජීවිත අහිමි වෙනවා. අපේ රට තුලත් එය එසේම තමයි. අපි පරිසරයට ලබා දෙන්නෙ මොනවාද පෙරලා එය අපිටම ලැබෙන වග අප හොදින් දැන සිටිය යුතු කාරණයක්. එය තේරුම් ගත් රටවල් ලෝකයේ නැතුවා නොවෙයි.

Geostorm චිතපටියට පාදක වෙන්නෙත් මං ඔය ඉහලින් සඳහන් කල කරුණු කාරණා ටිකම තමයි. කතාව මේකයි, ලෝකය පුරා සැඩ කුණාටු, ටොනේඩෝ, ගං වතුර, නියං තත්ත්වයන් හේතුවෙන් ලෝකය මරු කටට වැටෙමින් තිබු අවස්ථාවක රටවල් 17 එකතු වී මේ ගැටලුවෙන් ගොඩ ඒමට ක්‍රමයක් හොයනවා. අවසානයෙ ඔවුන් ඒකට පිලියමක් හොයා ගන්නවා. රටවල් 17 ක විද්‍යාඥයන් එකතුවෙලා චන්ද්‍රිකා දහස් ගානකින් යුත් දැලක් එහෙම නැත්නම් ජාලයක් ඔවුන් නිර්මාණය කරනවා. ඒ එක එකක් යොදා ගෙන කාළගුණයේ මූලිකාංග වෙන තාපය, පීඩනය, සහා ජලය පාලනය කිරීමට. මේ ජාලය නම් කරන්නෙ “ඩච් බෝයි” යනුවෙන්. මේක නිර්මාණය වෙන්නෙ තනි මනුස්සයෙක් නායකත්ව දුන්න කණ්ඩායමක් අතින්.

කෙසේ හෝ අවසානයෙ ඔවුනට හැකි වෙනවා කාළගුණය පාලනය කරන. ඉතිං ලෝකය බේරගන්න නිර්මාණය කරපු ඩච් බෝයි එකම ලෝකය විනාශ කරන්න පාවිච්චි කරන්න ගත්තොත් මොන වගේ දේවල් සිද්ද වේවිද? ඒක ඔයාලට බාරයි.

ඇමරිකානු ඩොලර් මිලියන 120 වියදමින් නිමවුනු Geostorm චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 205.4 ක ආදායමක් උපයා ගන්න සමත්ව තිබෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ 5.5/10 ක අගයෙන් වගේම කුණු තක්කාලි දර්ශකයෙ 13% අගයකටද හිමිකම් කියනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ජේක් ගෙ චරිතයට Olympus Has Fallen, London Has Fallen, Gamer, Reign of Fire වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වුනු සුපිරි නළු Gerard Butler රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Abbie Cornish “සාරා” ලෙසත්, Jim Sturgess “මැක්ස්” ලෙසත් රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම චිත්‍රපටිය Fantasy/Science fiction කියන ඝාතනයට අයත් වෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය Dean Devlin විසින් වන අතර බෙදා හැරීම් කටයුතු Warner Bros. Pictures ආයතනය මගින් සිදු කරනවා.

තවත්නම් මොකුත් කියන්න බෑ. මොකද හොදටම මහන්සියි, උදේ ඉදන් සබ් එක ගහලා ඇගිලි වලට වඩා බෙල්ල රිදෙනවා මොනිටරේ දිහා බලන් ඉදලා උස්ස ගන්න බැරි ගානට. ඉතිං උපසිරැසිය අරන් යන ගමන් අදහසක් හලාන යන්න අමතක කරන්න එපා. හැකි කෙනෙක් ඉදී නම් “කී බෝඩ් එකක් “එවනු මැනවි. දැං බටන් වැඩ කරන්නෙ නැ.

එහෙනම් මම ගියා. ජය වේවා!

ප.ලි: මේ උපසිරැසිය ලබා දීලා තියෙන්නෙ HDRip එක්කට. නමුත් කිසිම බාධාවක් නැතුව නැරඹිය හැකි තත්ත්වයේ තියෙන නිසයි මෙහෙම උපසිරැසි ලබා දෙන්නෙ. WEB සහා BR පිටපත් නිකුත් වූ වහාම යාවත්කාලින කරලා දෙනවා කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැනෙ. ඕකට දුන්නායි කියලා බයිනව එහෙම නෙවෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD/WEB/BR  පිටපත් සඳහා අදාල වේ.

45,454 downloadsDownload Geostorm-2017-BR.zip124 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

45,454 downloadsDownload Subtitles124 KB

113 comments

  1. Charith Madhusanka

    Thank you very much bro!

    1. smt90

      ස්තුතියි....

  2. prabodha

    Me awrudde apu supirima film eka thanks broo..

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. losaka

    Thank you bro...

  5. prabodhaya nirmana

    Thx sub 1 ta

  6. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. මම BR එක එනකන්ම බලන් ඉන්නවා .

  7. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. BR එක එනකන්ම බලන්

  8. කසුන් නුවන්ත

    අනිවාර්යෙන්ම ඉතිං මේ වගේ සුපිරියක් බ්ලූරේ ම බලන්න ඕනෑ,
    අනිවා බැලිල්ලක් තමා මේක,
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැ.සියට....
    ජය වේවා...!

  9. Hasitha Madush

    thanks sahooo...elama..!!!

  10. malith madhushan

    thanx saho meka denakan balan hitiye

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! මමත් BR එක එනකන්ම බලන් ඉන්නවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  12. C. R. ජයලත්

    Niyamai Lahiru Aiya
    Jaya Wewa!!!!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Rajitha Kumarage

    Great Work bro.......ඉවසල බැරිම තැන ඊයේ Subtitle නැතුවම බැලුව.....!!! දැන් ඉතින් අයෙත් බලනවද කියල හිත හිත ඉන්නවා. :P

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේකනම් 1080p BR එකකින් බලන්න ඕනි සහෝ. ඒ තරම් පට්ට. BR ආවා ගමන් අනිව බැලිල්ලක් තමයි.. ජය වේවා!

  16. Dulanga

    Thanks

  17. Chanaka

    ela saho.. sub ekak enakan balan hitiya balanna.

  18. Lakshitha

    BR එකෙන්ම බලමු. letter එක අවුලක් නැහැ පට්ට .

  19. kelum chathuganga abeysekara

    thanks

  20. suriya

    Isthuthiy sahodarayaa

  21. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  22. Dhanushka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  23. Dhanushka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි....!

  24. chameera

    sthuthi saho....

  25. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  26. Pradeep Anuruddha Dissanayake

    තෑන්ක්ස් ෆ්‍රෙන්.මච් ලව්

  27. Ÿûwåñ Κhärã Šãndårúwàn

    thnx bro

    Gerald's Game sub dennko bro rating hoda movie ekak

  28. DG

    bohoma sthuthi saho...

  29. Buddhika BDS

    that's my boy......

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. thanula

    thnks bro sub ekata.all the best.

  32. Uvindu

    Thankyou..

  33. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි ලහිරු සහෝ.
    ජයෙන් ජය.

  34. nikson amaratunga

    සිංහල උපසිරැසි දුන්නට බෝහෝම ස්තුතියි සහෝ.......

  35. Tharangani

    thanx

  36. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  37. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  38. Kapila4499

    thanks for sub and good job bro................

  39. A.P Dissanayake

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.........

  40. malintha

    thank u,,jaya weawa obata

  41. Z3RO

    Thx bro

  42. Prasad Lakmal

    thnax sub ekata

  43. Lt.Snk

    I got the sub. thanks lot.
    waited for long time.
    thanks again

  44. hasalasilva

    Superb Film
    Great job Lahiru Prasad & Baiscope Team

  45. Dushan Tharuka

    THANK YOU !!!

  46. Nethsara

    Sthutiy...

  47. Yeshanchanura

    Thank you

  48. Udara Damith Dissanayaka

    එල
    වෙබ් එකට දුන්නට
    හොද මිනිස්සු
    ලෝකය බේරගන්ඩ කියලා හදන ඒවා පර මිනිස්සු
    තමන්ගේ සූක විහරණය සදහා යොදා ගැනීම අඩ ඊයේ නොවේ
    අතීතයේත් සිදුවිය
    අනාගතයේත් එයම සිදු වෙයි .....

  49. shenal

    thanks

  50. Maduranga80121

    Niyamai bro.....tnx....!!!

Load more comments