ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් අටවන උපසිරසි නිර්මාණය. ඇත්තම කියනවා නම් රෝයිලි සහෝදරයා තමා මට කියුවේ පුළුවන් කමක් තියනවා නම් IMDb හොඳම චිත්‍රපට 250 ට ඇතුල් වෙන චිත්‍රපටයක් දෙකක් කරන්න කියල. ඉතින් එයා කියන දෙයකට බැ කියන්න පුළුවන් ද. ඉතින් මම මේ චිත්‍රපට දෙක තෝරා ගත්තා ඔයාලට ගෙන්න. IMDb දර්ශකය ක…

The-General-(1926)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස්  අටවන උපසිරසි නිර්මාණය. ඇත්තම කියනවා නම් රෝයිලි සහෝදරයා තමා මට කියුවේ පුළුවන් කමක් තියනවා නම් IMDb හොඳම චිත්‍රපට 250 ට ඇතුල් වෙන චිත්‍රපටයක් දෙකක් කරන්න කියල. ඉතින් එයා කියන දෙයකට බැ කියන්න පුළුවන් ද. ඉතින් මම මේ චිත්‍රපට දෙක තෝරා ගත්තා ඔයාලට ගෙන්න.

IMDb දර්ශකය කියන්නේ මොකක්ද ?

IMDb එහෙම නැත්නම් Internet Movie Database (අන්තර්ජාල චිත්‍රපට දත්ත ගොනුව) කියන්නේ කෝල් නිඩ්හම් ඇතුළු චිත්‍රපට වලට කැමැත්තක් දක්වන පිරිසක් විසින් 1990 දි විනෝදාංශ ව්‍යාපෘතියක් විදියට පටන් ගත්ත වෙබ් අඩවියක්. ඇත්තටම 1990 වේදි වෙබ් සෙවුම් යන්ත්‍රයක් වත් තිබ්බේ නැ. දැන් Nexus කියල හඳුන්වන වෙබ් සෙවුම් යන්ත්‍රය WorldWideWeb කියල පටන් ගත්තෙත් 1991. ඉතින් නිඩ්හම් චිත්‍රපට වල විස්තර ඇතුලත් වාර්තාවක් විදියට පටන් ගත්ත IMDb මේ වෙනකොට මිලියන මිලියන 3.5 චිත්‍රපට වල තොරතුරු ඇතුලත් වන සම්පුර්ණ මිලියන 185කට වඩා වැඩි තොරතුරු ගොනු සමන්විත වන සුවිසල් වෙබ් අඩවියක්. චිත්‍රපට විතරක් නෙවි , ටි වී වැඩසටහන්, විනෝදාත්මක වැඩහටහන් මෙන්ම මිලියන හතක නලුනිලි සහ වෙනත් ක්‍රියාකාරීන්ගේ විස්තරත් මෙම වෙබ් අඩවිය සතුයි. වර්තමානයේ කෙටියෙන් කියන විදියට ඕනෑම චිත්‍රපටයක විස්තරයක් IMDb සතුයි කිව්වොත් හරි.

IMDb රේටින් කියන්නේ වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයින් ගෙ කැමැත්ත අනුව අදාළ චිත්‍රපටය ඇගැයුම සිදුකිරීමේදී ඒ අනුව චිත්‍රපටයේ ගුණාත්මක බාවය තීරණය කිරීම. ඒ සඳහා එයාල සුත්‍රයක් බාවිතා කරනවා.

Weighted Rating (WR) = (v ÷ (v+m)) × R + (m ÷ (v+m)) × C

  • WR          – සාමාන්‍ය ඇගයීම
  • R              – පුද්ගලයන් ලබාදෙන තරු ගන්න (1 සිට 10 දක්වා)
  • V             – චිත්‍රපටයට ලබාදී ඇති චන්ද ගණන
  • M             – චිත්‍රපට දෙසිය පනහට පැමිණීම සඳහා අවශ්‍ය අවම චන්ද ගණන
  • C              – වාර්තාව පුරාවටම ලබාදී ඇති චන්ද ගන්නේ සාමාන්‍යය

ඉතින් මේ අනුව ඉහලින්ම පෙන්නුම කරන චිත්‍රපට දෙසිය පනහ තමා IMDb Top 250 කියන්නේ. අගය 9.2 අරන් The Shawshank Redemption (1994) කියන චිත්‍රපටය මේ වෙනකොට උඩින්ම ඉන්න අතර අගය 8.0 අරන් Beauty and the Beast (1991) දෙසිය පනස් වන ස්ථානයේ ඉන්නවා. ඒත් කෙටි චිත්‍රපට , ටි වී චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට මේ පෙළ ගැස්මට යොදා ගන්නේ නැ.

ඔන්න ඉතින් නොදන්නා යාළුවන්ට තමා ඒ විස්තර ටික කිව්වෙ. දැන් ඉතින් ඔයාලට උපසිරසි දෙන චිත්‍රපට දෙක පැත්තට හැරෙමු. මේ දෙකම 1920 දශකයේ තිරගත වෙච්ච චිත්‍රපට. The Gold Rush (1925) කියන එක IMDb Top 250 වල එකසිය තිස් වන ස්ථානයේ තියන අතර The General (1926) චිත්‍රපටය එකසිය හතලිස් එක් වන ස්ථානයේ තියෙන්නේ.

The Gold Rush (1925) – රන් වාසනාව

සුප්‍රකට නලු චාර්ලි චැප්ලින් රඟපාන මේ චිත්‍රපටිය IMDb අගය 8.2 අරන් තියනවා. කතාව ගැන කියනවා නම් ඇලස්කාවේ රත්‍රන් හොයාගෙන යන හුදකලාවේ අවිදින්නෙක් විවිද ගැටළු මැදින් ගොර්ජියා කියන යුවතියක් ගෙ ආදරය ලබා ගන්න උත්සහ කරන එක තමා විත්‍රපටිය. විනොදයන් බලන්න පුළුවන්. චාර්ලි චැප්ලින් ඉන්නවානම් ඉතින් කියන්න දෙයක් නෑනේ ඒක.

The General (1926) – ආදරය සහ කෝච්චිය

ඇත්තටම මේ චිත්‍රපටිය නිහඬ චිත්‍රපටියක්. IMDb අගය 8.2 අරන් තියනවා. ඔයාල බලාවි නිහඬ නම් කොහෙන්ද උපසිරසි කියල. මේකෙ උපසිරසි ලයින් තියෙන්නේ හැට ගණනක්. ඒ හින්ද තමා වෙනත් චිත්‍රපටියක් එක්ක මේක දෙන්නේ. මොකද බයිස්කෝප් එකේ තියෙන්නම ඕන චිත්‍රපටියක් වෙන හින්ද. චිත්‍රපටියේ නරඹන්නන්ට කරුණු පැහැදිලි කරන තැන් වල විතරයි මේකෙ උපසිරසි තියෙන්නේ. කතාව ගැන කියනවා නම් , ජොනි කියන පුද්ගලයා එයාගේ කෝච්චියට ගොඩක් ආදරෙයි . ඒ වගේම එයාගේ කෙල්ලා ඇනිබල් ටත්. ඉතින් එයාට වෙනවා මේ දෙකම බේර ගන්න ප්‍රශ්න වලින්. මම කතාව කියන්න යන්නේ නැ. ඔයාලම බලන්නකෝ. ගොඩක් ලස්සන කතාවක් කියල කියන්න පුළුවන්.

මම ඊළඟට දෙන්නෙත් පැරණි චිත්‍රපටියක්. කාලයක ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක්. ඉතින් එකෙන් හමුවෙමු.

බුදු සරණයි  …..!

 

 

 

 

...

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි YIFY පිටපත් සඳහා අදාළ වේ.

250 downloadsDownload The.General.The_.Gold_.Rush_.Baiscopelk.com_.rar18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

250 downloadsDownload Subtitles18 KB

12 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Ishan Madusha

    ලිපියටයි උපසිරැසියටයි ගොඩාක් ස්තුතියි සහෝ

  3. කවීන් ලහිරු

    සබ් එකට තුති අසංක සහෝ
    ඊලග උපසිරැසියෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. ashan lankanath

    thanks numb (2015) film sub eka denna

  5. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ! පරණ වුනත් මේවා ලෝක සිනමාවේ සදා නොමියෙන චිත්‍රපට. ඉදිරියටත් මේ වගේ අප නොදැකපු කාලයාගෙන් වසන් වූ චිත්‍රපට බයිස්කෝප් එක වෙත ගෙන එන්න කියා ඉල්ලා සිටිනවා. ඔන්න බාන්න දැම්මා. බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  6. Dulanga

    Thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Withanage Priyantha Dayakeerthi

    "ලොව මහා සිනමාකරු" චාලි චැප්ලින්ගේ මා නැරඹු පළමු සිනමාපටය වූයේ"ද ගෝල්ඩ් රශ්", මා එය නැරඹුවේ යක්කු ගස් නගිනවාය කියන මධ්‍යම රාත්‍රියේ, මීට වසර දොළහකට පමණ කලින්, ස්වාධීන රෑපවාහිනී නාලිකාව හරහා අහම්බෙන්, මා එම චිත්‍රපටය නරඹා විශ්මයට පත් වුණා, ඒ වගේම කනගාටුවට පත්වුණා. ඒ මන්ද මෙවන් සිනමා නිර්මාණ මෙරට දරුවන්ට නරඹන්නට අවස්ථාවක් සහ ඒවා සුදුසු අවස්ථාවේ විකාශය නොකරන නිසා සහ ඒවායේ රුචිකත්වයක් නොමැති සහ නොදන්නා පිරිස් මේ සියලු වගකියයුතු තැන් අරක්ගෙන තනතුරු හොබවන නිසා. ඒ අපේ රටේ ජනතාවගේ 95% ක කැමැත්ත.

    "ද ජෙනරල්" නිහඬ චිත්‍රපටයද මා කීපවාරයක් නරඹා තිබෙනවා. මේ චිත්‍රපට දෙකම ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ලෙස බොහොම සරල සහ සිත් ගන්නා ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙවැනි අනර්ඝ චිත්‍රපට මේ ලෝකයේ බිහිවූවා කියා නැවතත් අපට මතක් කරදුන් "අසංක ප්‍රදීප් රණතුංග" සොයුර ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Asitha

    ade elama thanks

  11. ricadodamien

    Thank U Asanka brother & baiscope team for the sub, all the best to baiscope team.................

  12. kalingu

    thx...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.