The Gorge (2025) Sinhala Subtitles කාලෙකින් හොඳ sci-fi ෆිලුමක් බැලුවේ නැද්ද? ඒ එක්කම හොරර් වයිබ් එකත් තියෙන ඇක්ෂනුත් තියෙන ඒ අස්සේ ආදර කතාවකුත් තියෙන ෆුල් පැකේජ් එකක් බලමුද? මම මේ අරගෙන එන්නේ Apple TV ඔස්සේ උණු උණුවෙම ඊයේ නිකුත් උන The Gorge කියන සුපිරි ෆිලුමයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක මහත්මයා නිසාම ම…

The Gorge (2025) Sinhala Subtitles

කාලෙකින් හොඳ sci-fi ෆිලුමක් බැලුවේ නැද්ද? ඒ එක්කම හොරර් වයිබ් එකත් තියෙන ඇක්ෂනුත් තියෙන ඒ අස්සේ ආදර කතාවකුත් තියෙන ෆුල් පැකේජ් එකක් බලමුද? මම මේ අරගෙන එන්නේ Apple TV ඔස්සේ උණු උණුවෙම ඊයේ නිකුත් උන The Gorge කියන සුපිරි ෆිලුමයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක මහත්මයා නිසාම මේක එනකන් ඇහැ ගහගෙන හිටියේ. ඔයාලා ආසාවෙන් බලපු Sinister (2012), Soctor Strage (2016), Deliver Us from Evil (2014), The Black Phone (2021) වගේ ගුණාත්මක නිර්මාණ ගෙනාපු Scott Derrickson මහත්මයා තමයි මේ ෆිලුමත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ.

Sci-Fi | Horror | Action යන කාණ්ඩයන්ට මේ චිත්‍රපටය හොඳ විචාරක පැසසුම් එක්ක 82%ක ගූගල් පරිශීලක මනාපත් Rotten Tomatoesහි 64%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. ප්‍රධාන චරිත විදියට Tpm Gun: Maverick (2022), Fantastic Four (2015) යන නිර්මාණ තුලින් හමුවූ Miles Teller ලීවයි කේන් ලෙසත්, ජනප්‍රිය සුරූපී නිළි Anya Taylor-Joy ඩ්‍රාසා ලෙසත්, Alien චිත්‍රපට මාලාවේ එලන් රිප්ලි ලෙස අතිශය ජනප්‍රියවූ Sigourney Weaver බර්ත්ලමිවු ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

ලීවයි කේන් කියන්නේ හිටපු මැරීන් සෙබළෙක් මෙන්ම අති දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක්. එයාගේ දක්ෂකම නිසාම ලොව හොඳම ස්නයිපර්වරු 5 දෙනා ඇතුලේ ලීවයිත් ඉන්නවා. හැබැයි මෙයා කාත් කවුරුවත් නැතුව, තනියම අරමුණක් නැතුව කුළී භටයෙක් විදියට තමයි ඉන්නේ. ලීවයි මෙහෙම ඉද්දි දවසක් හමුදා ලොක්කෙක් මෙයාට අතිශය රහසිගත මෙහෙයුමක් දෙනවා. ඒක කොච්චර රහසිගතද කියනවනම් ලීවයිට යන්න තියෙන්නේ කොහෙද, කරන්න තියෙන්නේ මොනාද කියලවත් එයාට හරියට දැනගන්න දෙන්නේ නෑ. කොහොමින් හරි තමන්ගේ රාජකාරිය කරන්න ලීවයිට යන්න වෙන්නේ ඉන්න තැනවත් හරියට නොදන්න රටක තියෙන විශාල දුර්ග මාර්ගයක තියෙන මුර පළකටයි. ඉතිං මෙතන කලින් වැඩ කරපු කෙනා යන්න කලින් ලීවයිට ජිවීතේට අහපු නැති අමුතුම තාලේ උපදෙස් මාලාවක් දෙනවා. අන්න එතකොට තමයි ලීවයිට තේරෙන්නේ මේක තමන් හිතපු විදියේ රාජකාරියක් නෙමෙයි කියලා. ලීවයිට ලැබෙන උපදෙස් මොනවද? මේ දුර්ග මාර්ගයට මුර පළක් ඕන වෙන්නේ ඇයි? ඒවට උත්තර ඔයාලා මේක බලලම දැනගන්න.

වැඩි විස්තර කියලා ඔයාලගේ කුතුහලය නැති කරන්න ඕනනෑනේ. කෝකටත් කියලා ඔයාලා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා හිටියනම් මේකට තවත් කැමති වෙයි කියලා මම හිතනවා.  ඉතිං අළුත්ම ෆිලුමක් ඉක්මනටම දුන්න නිසා සලකගෙන යන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම අපේ රවිදු හේෂාන් සහෝටත් විශේෂ ස්තූතියක් පිරිනමන ගමන් මම යනවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

The Gorge (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

24,624 downloadsDownload The-Gorge-2025.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Gorge (2025) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

24,624 downloadsDownload Subtitles28 KB

26 comments

  1. Anonymous

    Thanx bro.....

  2. Buddhika laKMal

    අඩෝ...... තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට...
    මෙච්චර ඉක්මනට මේකට සබ් දෙයිකියලා හිතුවෙ නෑ ........
    තෑන්ක්ස් මචං..........

  3. Pradeep

    තැන්ක්ස් මචන්. මන් ටික්ටොක් එකේ මෙකේ කැලක් දැකලා ෆිල්ම් එක මොකද්ද බලන්න නෙට් යන්න හදද්දි කොකටත් කියලා බයිස්කොප් එකට ගියා මොනවාද දලා තියෙන්නේ කියලා බලන්න. කවර් පොටෝ එක දැක්ක ගමන්ම උඩ ගියා යකෝ මෙ මන් හොයන්න ආව එකනේ බයිස්කොප් එකේ දලා තියෙන්නේ කියලා තැන්ස් මචන් එගෙන් ඇන්ඩ් එගෙන්

  4. nisa

    sub akata thnkz kollo

  5. Tharindu

    Bohoma sthuti.. jaya wewa

  6. sathesha

    sub ekata thx.......puluwannam dune prophecy , day of the jackle ekatai sinhala sub denna puluwanda?

  7. Kavindu Nethmina

    Sub Ekata thanks bro

  8. Anonymous

    super...thanks

  9. Hashan

    Thanx for the sub bro....!!!

  10. Asanga kb

    bohoma sthuthi.. jayama wewaaa

  11. Chaminda Priyanga

    Thanks saho

  12. Roshan

    Thnx bro.Great job.Good luck.

  13. Viraj

    Thanks

  14. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝ දිගටම දෙන්න

  15. Kavindu Anushka

    THANK YOU FOR THIS

  16. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

  17. Chanaka

    The Day of the Jackal series ekatath sinhala sub eka one...

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  19. Ruchira

    Thanks for the sub!!!

  20. Sahan Gayantha

    thanks a loy Yuran saho sub ekata

  21. lasantha

    Thanks

  22. Anonymous

    Thank you

  23. NoName

    Ela Ela

  24. Malith samarawickrama

    Thanks saho sub ekata

  25. Anonymous

    Thankyou very much !!!

  26. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️