අද මම අරගෙන ආවෙ 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා, ඒ කියන්නෙ 2017 හැලොවීන් දිනේදි CBS Television එකේ විකාශනය කරපු විශේෂ සජීවීකරණ හැලොවීන් චිත්‍රපටියක් (Special Animated Television Film). Michael Jackson’s Halloween කියලා නම් කරපු මේ චිත්‍රපටිය Mark A.Z.Dippé ගෙ අධ්‍යක්ෂණයක්. The Estate Of Michael Jackson ආ…

අද මම අරගෙන ආවෙ 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා, ඒ කියන්නෙ 2017 හැලොවීන් දිනේදි CBS Television එකේ විකාශනය කරපු විශේෂ සජීවීකරණ හැලොවීන් චිත්‍රපටියක් (Special Animated Television Film). Michael Jackson’s Halloween කියලා නම් කරපු මේ චිත්‍රපටිය Mark A.Z.Dippé ගෙ අධ්‍යක්ෂණයක්. The Estate Of Michael Jackson ආයතනය තමයි මේකෙ නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ.
මේකෙ ප්‍රධාන චරිත දෙකට, ඒ කියන්නෙ වින්සන්ට් (Vincent) සහ වික්ටෝරියා (Victoria) කියන චරිත දෙකට කටහඬ දීල තියෙන්නෙ Lucas Till සහ Kiersey Clemons. ඊට අමතරව Jim Parsons, Lucy Liu, George Eads, Alan Cumming, Christine Baranski, Brad Garrett එහෙමත් කටහඬින් දායක වෙලා තියෙනවා.
කොහොමහරි ඔන්න රූපවාහිනියෙ විකාශනය වෙලා දවස් 20ක් ඇතුළත ඔයාලට සිංහල උපසිරැසි එක්ක මේ චිත්‍රපටිය බලන්න අවස්ථාව සැලසුවා. ඇත්තටම මේකෙ ඉංග්‍රීසි උපසිරැසියක්වත් හොයාගන්න බැරි වුණා. කාල රාමු ටිකත් එකින් එකට හදන්න වුණා. පොඩි පොඩි අඩු පාඩු තියෙන්න පුළුවන්. ඒත් කතා රසයට හානියක් නොවෙන්න මගේ පස්වෙනි උප සිරැසි නිර්මාණය විදිහට මේක කරන්න පුළුවන් වුණා කියල හිතනවා.
මයිකල් ජැක්සන්ගෙ ගීත වලට ආදරය කරන අයට නම් මේ චිත්‍රපටිය ගොඩක් හොඳයි. ජැක්සන්ගෙ සිංදු 28ක කොටස්, රී මික්ස් (Re Mix) මේකෙ තියෙනවා. ගොඩක් ජනප්‍රිය This Place Hotel, Thriller, Human Nature, Earth Song, Dangerous, Jam, Bad, Beat It, Heal The World, Ghosts, Will You Be There ගීත එයින් සමහරක්. ඇත්තටම මයිකල් ජැක්සන්ගෙ සුරතලෙක් වුණු “බබල්ස්” කියන චිම්පන්සියගෙ නම තමයි මේ චිත්‍රපටියෙ ඉන්න චිම්පන්සියාටත් දාල තියෙන්නෙ. ජැක්සන්ගෙ සින්දුවල තිබුනු සමහර තැන්වල (This Place Hotel, 777 Jackson Street වගේ) නම් එහෙමත් මේකෙ ඇතුළත් වෙලා තියෙනවා.
කතාව විදිහට වින්සන්ට් සහ වික්ටෝරියා, හැලෝවීන් රෑ අහම්බෙන් මුණ ගැහෙනවා. ඒ දෙන්නා ජැක්සන් වීදියේ අංක 777 තියෙන හෝටලයට යන්නෙ වින්සන්ට් භාර ගත්තු කෙසෙල් ඕඩර් එකක් භාර දෙන්න වගේම වික්ටෝරියා එක්ක ආපු බල්ලාව ගොයාගෙන. ඒ හෝටලේ ඇතුළෙදි වින්සන්ට්ට සහ වික්ටෝරියාට සිද්ධ වෙන පුදුම සහගත වැඩ ටිකක් තමයි මේකෙදි පෙන්නන්නෙ.
එහෙනම් මේ රූපවාහිනී චිත්‍රපටිය උපසිරැසිත් එක්ක බැලුවට පස්සෙ, පොඩි අදහසකුත් පහළින් දාන්න අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
3,369 downloadsDownload Michael-Jacksons-Halloween-2017.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
22 comments
KAVINDA GAMAGE
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
KA VEE SHA
සබ් එක්ට තෑන්ක්ස් මචෝ....පට්ට ෆිල්ම් එකක් වගේ ජය වේවා !
Gathsara Umesh Kumara
Bhoom sthuthiyi
nisha
sub akata thanks....
Lasantha Kumara Gamage
Niyamai. Keep up the good work!
අසිත
elama saho thanks
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith B/K
නියම එකක් දීලා තියෙන්නේ
සුපිරියෙන්ම සුපිරිසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
thushara
we love MICHAEL JACKSON
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රංජීව සහෝ.
ජයෙන් ජය.kumara
MICHAEL JACKSON GOD of POP
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharanga
Thanx for the sub
Tharanga
IDX FORMAT WALIN SUB DENNA
නදිනි
මමනම් දන්නෙ නෑ ඇයි baiscopelk එකෙන් මේ sub කරපු කෙනාට හොද rating දීලා තියෙන්නෙ කියල. මොකද මොහුගෙ මෙම උපසිරැසිය ගොඩක්ම වැරදි. මුලින් English ඉගෙනගෙන ඉන්න sub කරන්න කලින්. baiscopelk එකෙ අයටත් ඉටපස්සෙ English ඉගෙන ගන්න කියන්න.
Anonymous
free දෙන නිසා කට වහගෙන හිටපන්
rockz2020
බොහොම ස්තූතියි! ❤
ජය වේවා! ❤
Advertisement
![Michael Jackson’s Halloween (2017) Sinhala Subtitles | සාන්තුවරයන්ගේ දිනයේ රෑ සාදයට මයිකල් ජැක්සන් පැමිණෙයි! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Micheal-Jacksons-Halloween-2017.jpg)
ගොඩක් ස්තූතියි. හරිම ලස්සන චිත්‍රපටියක් වගේ. ඔන්න මමත් බලනවෝ…..