ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 3 වන උපසිරසි නිර්මාණයත් සමගයි. මේ වතාවේ මා රැගෙන ආවේ හොලිවුඩය හෙල්ලු ඉතාම විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්. ඇත්තටම මේ වෙනුවෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරසක් පළ වී නොතිබීම විශාල අඩුවක්. ඉතිං මට සතුටුයි ඒ අඩුව පුරවන්න ලැබීම ගැන. මේ කතාව පටන් ගන්නෙ නම් හෙනම…

ආයුබෝවන් හැමදෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 3 වන උපසිරසි නිර්මාණයත් සමගයි. මේ වතාවේ මා රැගෙන ආවේ හොලිවුඩය හෙල්ලු ඉතාම විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක්. ඇත්තටම මේ වෙනුවෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරසක් පළ වී නොතිබීම විශාල අඩුවක්. ඉතිං මට සතුටුයි ඒ අඩුව පුරවන්න ලැබීම ගැන. මේ කතාව පටන් ගන්නෙ නම් හෙනම හෙන කුපාඩි විදියකට. පොඩි පොඩි සිද්ධි කීපයකුත් තියන නිසා තමයි 18+ එකක් විදියට වර්ග කළේ. ඒත් මැදහරියක් ගියාට පස්සෙ නම් සෑහෙන්න සීරියස් කතාවකට තමයි ප්‍රවිශ්ට වෙන්නෙ. කතාව අවසන් වෙන්නෙත් ඉතාම විශිෂ්ට විදියට. අවසානයේදී මෙය ප්‍රේක්ෂකයාව හිතන්න යොමු කරවනවා. ඒ වගේම තමා මේ චිත්‍රපටය අපේ තරැණ පරපුර වෙනුවෙන් හොඳ ආදර්ශ කිහිපයකුත් ලබා දෙනවා.
දැන් මං චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියන්නම්. මේක තිරගත වෙලා තියෙන්නෙ 1967 දී. ගොඩක් පරණ එකක් කියලා හිතන්න එපා. මේක වර්ණ චිත්‍රපටයක්. පරණ උනාට කොලිටිය අතිනුයි කතාව අතිනුයි ගත්තම මේක ඉතා ඉහල මට්ටමේ නිර්මාණයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Mike Nicholas විසින්. මෙයට පාදක වෙලා තියෙන්නෙ Charles Webb කියන ලේඛකයා විසින් රචනා කෙරෑ The Graduate කියන නවකතාවයි. මෙයට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ ඔස්කාර් සම්මානලාභී සුපිරි නළුවෙකු වන Dustin Hoffmann. ඊට අමතරව Anne Bancroft, Katharine Ross, Murray Hamilton යන අය කට්ටිය මෙයට රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය නිපදවු ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 105ක්. එම අගය 1967 වර්ශයේ තිරගත වු චිත්‍රපටවලින් වාර්ථා වුණු ඉහලම ආදායමයි. එය වර්ථමාන උද්ධමනයට සාපේක්ෂව බැලු විට, ඇමරිකාව තුළ මෙතෙක් වැඩිම ආදායමක් ලැබු චිත්‍රපට අතරින් මෙයට හිමිවන්නෙ 22 වෙනි තැනයි. ඉතිං එය ලැබු ජනප්‍රියතාව ගැන හිතාගන්න පුළුවන්නෙ. ඒ වගේම තමා මෙය ඉතා ඉහල IMDB අගයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. එම අගය සටහන් වන්නෙ 8.0 ක් ලෙසින්. එමෙන්ම 2014 වර්ශයේදී The Hollywood Reporter කියන වෙබ් අඩවිය නම් කරපු Hollywood’s 100 Favourite Films කියන ලැයිස්තුවේ මේ චිත්‍රපටයට හිමි උනේ 28 වෙනි තැන. තවද American Film Institute මගින් නම් කෙරැ හොලිවුඩයේ හොඳම චිත්‍රපට 100 ලැයිස්තුවේ මෙයට හිමි උනේ 17 වෙනි තැන. එමෙන්ම මෙය සම්මාන 20කින් වර්ණ ගැන්වුන චිත්‍රපටයක්. ඉතිං මේ චිත්‍රපටයට හිමි වුන තැන ගැන හිතාගන්න පුළුවන්නෙ. ඒ වගේම ප්‍රකට ගීතයක් වන The Sounds of Silence අන්තර්ගත වන්නෙත් මේ චිත්‍රපටයෙම තමා.
දැන් මං මේකේ කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. මේ කතාව පටන් ගන්නෙ අවුරැදු 21ක් වයස තරැණයෙක්ගෙන්. ඔහුගේ නම බෙන්ජමින් බ්‍රැඩොක්. ඔහු ඉතා ධනවත් පවුලක දරැවෙක්. එමෙන්ම ඔහු තමා ඒ පවුලේ සිටින එකම දරැවා. ඔහු ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු යම් මට්ටමකට අවසන් කර නිවාඩුවට ගෙදර එනවා. මේ එද්දි ඔහු පෙන්නපු සාර්ථකත්වය නිසා ඔහුගේ දෙමව්පියන් විසින් විශාල සාදයක් ලෑස්ති කරලයි තියෙන්නෙ. මේ සාදයට ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා. මෙන්න මේ සාදයේදි බෙන්ජමින්ට හම්බුවෙනවා විශේෂ අමුත්තියක්. එයා නිසා බෙන්ජමින්ගේ ජීවිතය හිතපු නැති විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙ වෙන දේවල් කියන්න ගියෝතින් නම් කතාවේ රසය නැති වෙලා යනවා. මං මුලිනුත් කිව්වා වගේ මේක ආරම්භ වෙන්නෙ හාස්‍ය මුසුවු හෙන කුපාඩි කතාවකින්. ඒත් මැද හරියක් ගියාට පස්සෙ අවසානය දක්වාම පුදුමාකාර කුතුහලයකුයි තියෙන්නෙ. කතාව අවසන් වෙන්නෙත් ඉතාම විශිෂ්ට විදියට. මේ චිත්‍රපටය ඔබ නරඹනවා නම්, මං ඔබෙන් එක දෙයක් ඉල්ලන්නම්. ඒ තමා මෙකේ අවසාන තප්පර කිහිපය ඉතා හොඳ අවධානයකින් බලන්න කියලයි. එහෙම නැති උනොත් අධ්‍යක්ෂක වරයා අපිට ලබා දෙන්න උත්සහ කරපු හොඳ පණිවිඩයක් ඔබට මග හැරී යාවී. මේකේ අවසානයට නම් ඇත්තටම හිනාවෙන්නද එහෙම නැත්තං අඬන්නද ඕනෙ කියලා හිතාගන්න අමාරැයි.
ඉතිං ඕගොල්ලොම මෙය රස විඳලා හොඳද නරකද කියා තීරණය කරන්න. ළඟදීම තවත් උපසිරසි නිර්මාණයක් සමගින් ඔබ හමුවෙන්නම්. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Graduate {1967} 720p BRRip x264 – HDMiCRO by Mr. KickASS
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,853 downloadsDownload The-Graduate-1967Baiscopelk.com_.rar38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
29 comments
sajith anyshka
Jayan Chamal
pataa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Hiruni
Thanx............ :)
Asitha
elama sho
thanksGeeth
ThanQQQQ bro
Chalana Rukshan
thnx bro..
Dulanga
Thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තිතියි
ජයෙන් ජයම වේවා...!!!Tharaka
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති මේ වගේ හොඳ පැරණි ලෝක ප්‍රකට චිත්‍රපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා එවැනි අය වෙනුවෙන් අළුත් එවාට වගේම පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට මම කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Withanage Priyantha Dayakeerthi
මේ චිත්‍රපටය බලන්නම ඕන. “නව පරපුර සඳහාම උපසිරසි නිර්මාණය වූ” මේ වෙබ් එක තුළ මෑතක සිට ස්වර්ණමය පැරණි චිත්‍රපට ප්‍රියකරන්නන් සඳහා ද සාධාරණයක් ඉටු කිරීමට සොයුරන් කීපදෙනෙක් කැපවී සිටිනවා දැක්කා. ඔවුන්ට අපගේ උපහාරය අවංකවම පුදකර සිටිනවා! සතියකට වරක් හෝ මෙවැනි නිර්මාණයක් ලබාදෙන්න. ස්තුතියි!
James DC
ඉදිරියේදිත් මෙවැනි නිර්මාණ වලට උපසිරස ලබා දෙන්න උත්සහ කරන්නම්.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
උපසිරැසියට තුති…
ඔබට ජය#Hail_Hydra
Wijewardhana
තවත් 1960, 1970 දශකවල හොඳ එකකට උපසිරසි දෙන්න, ස්තුතියි!
Thilakarathna
පැරණි ඒවාටත් සැඟවුණු රුචිකත්වයක් තිබිලා. එය ලබාදුන් ඔබට ගොඩක් ස්තුතියි! නැවතත් මෙවන්නක්ම ලබා දෙන්න.
wiki
Thanks
Gamage
අද තමයි මේ චිත්‍රපටය උපසිරසි සහිතව බැලුවේ. හොඳ සිනමා නිර්මාණයක්. එමෙන්ම විශිෂ්ට උපසිරසි ගැන්වීමක්. හැකිනම් IMDb දර්ශකයේ 112 වන ස්ථානයේ ඇති ජනප්‍රිය නිලියක්වූ "මැරලින් මොන්රෝ" රඟපෑ 1959 වර්ෂයේ තිරගත වූ "Some Like It Hot" චිත්‍රපටයට සිංහල උපසිරසි ලබා දෙන්න. ස්තුතියි!
James DC
ගොඩක් ස්තුතියි. මේ දිනවල වෙනත් චිත්‍රපට 2කට උපසිරස සාදමිනුයි ඉන්නෙ. ඒ දෙක ඉවර කරාට පස්සෙ මේක හදන්න බලන්නම්. මීට කලින් මං Roman Holiday [1953] කියන පැරණි චි්‍ත්‍රපටයට උපසිරස ලබා දුන්නා. කැමති නම් එයත් නරඹන්න.
James DC
සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි.
venuka
thanx broooo sub ekata
good luckඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
kent parker
thanks bn
sathira529
උපසිරැසියට ස්තූතියි..
Wicki
සිංහල උපසිරැසියට ස්තූතියි..
ricadodamien
Thank u James brother & baiscope team for the sub, all the best to baiscope team............
Hetti
බොහොම ස්තූතියි.අනිවා බලනවා...
sasanka
thanks for the sub
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

hoda film ekak wage.aniwa balanawa.sub ekata thanks bro.digatama karagena yanna subapatanawa.jayawewa oba samata!!!