Watch Trailer

The Little Mermaid (1989) with Sinhala Subtitles | පුංචි දියකිඳුරිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේක මගේ මුල්ම උපසිරසිය. කාලෙක ඉදන් උපසිරසියක් කරන්න හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒත් කොහොම කරන්න ද කියලා තේරුමක් තිබුණේ නෑ.. ඉතින්, මට උපසිරසියක් කරන ආකරය කියලා දීල, මාව දිරිමත් කරපු තිසර නියෝ සහෝ ව මතක් කරන්න ම ඕන. ඒ වගේම මට ගොඩක් දේවල් කියල දුන්නු චාමර සම්පත් සහෝට ත් ගොඩක් ස්තූතියි.…

The Little Mermaid (1989)

මුලින්ම කියන්න ඕන මේක මගේ මුල්ම උපසිරසිය. කාලෙක ඉදන් උපසිරසියක් කරන්න හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒත් කොහොම කරන්න ද  කියලා තේරුමක් තිබුණේ නෑ.. ඉතින්, මට උපසිරසියක් කරන ආකරය කියලා දීල, මාව දිරිමත් කරපු තිසර නියෝ සහෝ ව මතක් කරන්න ම ඕන. ඒ වගේම මට ගොඩක් දේවල් කියල දුන්නු චාමර සම්පත් සහෝට ත් ගොඩක් ස්තූතියි.. මුල්ම උපසිරසිය නිසා ගොඩාක් වැරදි අඩුපාඩු ඇති. ඉතින් ඒවට සමාවෙන්න..

ෆිල්ම් එක ගැන කියනවා නම් මේක ටිකක් පරණ ඇනිමේෂන් ගණයේ එකක්. මේ සලරුව තිරගත වෙලා තියෙන්නෙ 1989 වර්ෂයේ. මේ ෆිලුම නිශ්පාදනය කරල තියෙන්නෙ  Hans Christian Andersen විසින් රචිත “The Littel Mermaid”නම් වූ කෘතිය පාදක කරගෙන..  ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ   Ron Clements හා John Musker. නිශ්පාදනය කරල තියෙන්නෙ Walt Disney Pictures හා  Silver Screen Partners IV සමාගම් දෙක මඟින්.  ඇනිමේෂන් ගණයේ එකක් වුණාට  මේ සලරුව ට ඉහළ  IMDb අගයක් ලැබිල තියනවා.. මේකට ලැබිල තියන IMDb අගය 7.6ක්..  ඒ වගෙම මේ ෆිල්ම් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ය ඉක්මවූ ආදායමකුත් වාර්තා කරල තියෙනවා..

ඉතින් කතාව පැත්තට ගියොත් කතාව මේකයි , මිනිත්තු 83 පුරා ගලායන මේ කතාව ගෙතෙන්නෙ සාගරයේ ජීවත් වෙන දියකිඳුරියක් ගැන. මේ දියකිදුරියගෙ නම තමා ඇරියල්. ඇරියල් කියන්නෙ සාගරය පාලනය කරන ට්‍රයිටන් රජතුමා ගෙ දියණියන් ගෙන් සත්වැනි බාලම දියණිය. ඇයට ඉතාමත් ලස්සන කටහඬක් තියනවා.. ඒ වගෙම ඇරියෙල් ගොඩක් ආසයි සාගරයෙන් එළියට ඇවිත් පිටත ලෝකය දකින්න. ඒත් ඒකට ට්‍රයිටන් රජතුමා නම් කොහොමවත් ම කැමති නෑ.. ආ.. අමතක වුණා නෙ, ඇරියල් ට ඉන්නවා යාළුවෙක්. යාළුවෙක් කිව්වෙ පුංචි ගප්පියෙක්.. ඉතින් කොහොම හරි දවසක් ඇරියෙල් සාගරයෙන් පිටතට එනවා.. එතකොට තමා එයා එරික් ව දකින්නෙ.. එරික් ව දැකපු ඇරියල් ට ඔහු ගැන ආදරයක් ඇතිවෙනවා… ඒත් ඇරියෙල් කිඳුරියක්, එරික් මනුෂ්‍යයෙක්.. මේ අතරෙ උර්සුලා කියන  මායාකාරියක් සාගරයේ පාලනය ලබාගන්න සැලසුම් කරනවා… ඉතින් මම තවත් කතාව ගැන කියන්නෙ නෑ… එරික් කියන්නෙ කවු ද …. ඇරියෙල් ට එරික් ගෙ ආදරය හිමිවේවි ද…  ට්‍රයිටන් රජතුමා ඔවුන්ට කැමත්ත දෙයි ද… උර්සුලා මොනව කරයි ද … අවසානයේ මොනව වෙයි ද…. කතාව බලල ම ඉන්නකෝ..  

~~අපි නැවත හමුවෙමු~~

 

 

The Little Mermaid (1989) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

606 downloadsDownload The.Little.Mermaid.1989.Baiscopelk.com_.rar34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/IsuruSampath1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

606 downloadsDownload Subtitles34 KB

17 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  2. praneeth madu

    tnx mcn..gud luck

  3. lk

    THANX

  4. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි! ජයෙන් ජයම වේවා!

  5. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
    උපසිරැසියට බොහෝම ස්තිතියි,
    ජයෙන් ජයම වේවා...!!!

  6. vihanga

    sabata thanks. puluwannam Thumbelina (1994) ekatat sub denna.

  7. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ISURU saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Withanage Priyantha Dayakeerthi

    පළමු උපසිරසියට උණුසුම් සුබපැතුම්! හැකිනම් Dracula AD 1972 චිත්‍රපටයට සිංහල උපසිරසි දෙන්න.

  10. Chami.S

    Thanks.
    Good Luck...

  11. Thisara Neo

    පළමු උපසිරසියට සුබ පැතුම් මචෝ
    උපසිරැසියට තුති…
    ඉක්මනටම දෙවන උපසිරසියෙන් හමුවෙමු...
    ඔබට ජය

    #Hail_Hydra

  12. Wijewardhana

    70 දශකයේ හොඳ එකකට උපසිරසි දෙන්න, ස්තුතියි!

  13. Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. MAALNATH

      Thanks.....good luck

  14. Rumesh Nilantha Jayaweera.

    thanks

  15. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  16. sayu

    The little mermaid ariel's beginning 2008 ekata subtitles dennako