The Great Dictator යනු 1940 වර්ෂයේ චාලි චැප්ලින් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ දේශපාලනමය ප්‍රහසනයකි. මෙම සනමා කෘතියේ අනෙක් විශේෂත්වය වන්නේ චාලි චැප්ලින් විසින් ද්විත්ව චරිත රංගනයක යෙදීමයි. ලෝක සිනමාවේ අමරණීය නිර්මාණයක් ලෙස සැලකෙන මෙය නිහඩ සිනමාවේ වාර්ථාගත නිර්මාණකරුවෙකු අඛණ්ඩව හඩ සහිත සිනමාව කරා අවත…
The Great Dictator යනු 1940 වර්ෂයේ චාලි චැප්ලින් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ දේශපාලනමය ප්‍රහසනයකි. මෙම සනමා කෘතියේ අනෙක් විශේෂත්වය වන්නේ චාලි චැප්ලින් විසින් ද්විත්ව චරිත රංගනයක යෙදීමයි. ලෝක සිනමාවේ අමරණීය නිර්මාණයක් ලෙස සැලකෙන මෙය නිහඩ සිනමාවේ වාර්ථාගත නිර්මාණකරුවෙකු අඛණ්ඩව හඩ සහිත සිනමාව කරා අවතීර්ණ වීමක් වශයෙන්ද පෙන්වා දිය හැකිය. මෙය ඔහුගේ නියම වශයෙන් හඩ සහිතව නිර්මාණය කළ පළමු නිෂ්පාදනයයි. එමෙන්ම ඔහුගේ වාණිජමය වශයෙන් ඉතා සාර්ථක වූ සිනමා කෘතියක් වන මෙය ඇකඩමි සම්මාන පහක් දිනා ගැනීමද විශේෂත්වයකි. ඒවා නම්, හොදම නිෂ්පාදනය, හොදම නළුවා, හොදම තිර රචනය, හොදම සහාය නළුවා හා හොදම සංගීතය සදහා වන සම්මාන වේ.
ඒකාධිපතියෙකුගේ ස්වරූපය නිතරම හාස්‍යජනකය. එහෙත්, එම හාස්‍යය තුළ මිනසාට හා සමාජයට මාරාන්තික බලපෑමක් සැගව පවතී. එකී හාස්‍යය තුළ සැගවුනු මාරාන්තික බලපෑම හදුනා ගත හැක්කේ දේශපාලනික වශයෙන් සංවේදී මිනිසෙකුට පමණි. චාලි චැප්ලින් යනු එසේ දේශපාලනික වශයෙන් සංවේදී නිර්මාණකරුවෙකි. ඔහුගේ නිහඩ සිනමාවේ බොහෝ නිර්මාණ, එනම් Modern Time, City Light, The Circus, The Kids, Gold Rush වැනි බොහෝ නිර්මාණ දේශපාලන තේමා රැගත් නිර්මාණ විය. චාලි චැප්ලින්ගේ චරිතාපදානය අධ්‍යනයේ දී මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු සනාථ කර ගත හැකිය.
1964 වසරේ ඔහු විසින් රචිත ස්වයං චරිතාපදානයේ (මෙය චූලානන්ද සමරණායක මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත) චාලි චැප්ලින් පවසන්නේ තමා නාසින්ගේ භීෂණය අත් නොදැක්කේ නම් මෙවන් නිර්මාණයක් කිරීම බෙහෙවින් දුෂ්කර වන ඇති බවයි. එමෙන්ම, මෙම කෘතිය හේතුවෙන් ඔහු හිට්ලර්ගේ මරණ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් හිමි කර ගැනීමට සමත් විය.
මෙම සිනමා කෘතිය සාපේක්ෂව දෙබස් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා ඉංග්‍රීසි සිනමා කෘතියකි. චාලි චැප්ලින්ගේ නිහඩ සිනමාවේ රිද්මය යොදා ගැනීම නිසා දීර්ඝ දෙබස් දක්නට ලැබෙන බව මාගේ නිරීක්ෂණයයි. එමෙන්ම, සාහිත්‍යමය දැනුමෙන් පෝෂිත චාලි චැප්ලින්ගේ දෙබස් සිංහලට පෙරලීම එක්තරා ආකාරයකට අභියෝගයක් විය. හේතුව, බොහෝ විට ඔහු විසින් යොදා ගන්නා ලද දෙබස් මගින් අදහස් කරන ලද ව්‍යාංගාර්ථ නියමාකාරයෙන් මතු කිරීමට තරම් භාෂා ඥානයක් මා ලබාගෙන නොමැතිකමයි. විශේෂයෙන්ම යුදෙව් බාබර් විසින් චිත්‍රපටය අවසානයේ හමුදා භටයන් අමතා කරන කතාව විලියම් ශේක්ෂ්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යයේ එන, මාක් ඇන්තනි විසින් සීසර්ගේ අවමංගල අවස්ථාවේ කළ කතාව තරමටම සාහිත්‍යයෙන් පෝෂිතය. එය පරිවර්තනය කිරීමේ දී විශේෂ සැලකිල්ලක් දැක්වීමට මට සිදු විය. එබැවින් මෙය නියම පරිවර්ථනයකට වඩා ඡායානුවාදයක් වශයෙන් හදුන්වා දීම වඩාත් උචිත බව සිතමි.
මා විසින් මීට පෙර පරිවර්ථනය කර ලබා දුන් උප සිරැසි හා ලිපි පල කිරීම සම්බන්ධයෙන් බයිස්කෝප් වෙබ් කණ්ඩායමට මාගේ ස්තුතිය පුද කරමි. ඇත්ත වශයෙන්ම මා බොහෝ සිනමා කෘතිවල උපසිරැසි සිංහලට පරිවර්ථනය කරලන ලද්දේ මාගේ විනෝදාංශයක් වශයෙන් වන අතර ඒවා මෙම සිනමා කෘති නැරඹීමට කැමැති, එහෙත් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් නොමැති සහෝදර සහෝදරියන් සමගම බෙදා හදා ගැනීමට ලැබීම අතිශය සතුට කරුණකි. ඒ සදහා සද්-කාර්යයක් ඉටු කරන මෙම වෙබ් අඩවියේ පරිපාලන කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥතාව නැවතත් පල කරමි.
මෙම උපසිරැසි දිගු කාලයක් මුළුල්ලේ, ලැබෙන විවේක අවස්ථාවන් යොදා ගනිමින් සිදු කළ බැවින් යම් යම් අඩුපාඩු හා වෙනස්කම් ඇති බව පෙනී යයි. ඒ සම්බන්ධයෙන් මා සහෘද සැමගෙන් සමාව ඉල්ලා සිටින අතර එවැනි අඩුපාඩු වේ නම් මා දැනුවත් කරන ලෙසද ඉල්ලමි.

Due to copyright issues, we do not provide any torrent links.
The.Great.Dictator.1940.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
753 downloadsDownload The-Great-Dictator-1940.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කපිල ජනක බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කපිල ජනක
Subtitles
34 comments
Withanage Priyantha Dayakeerthi
Kapila Janaka Bandara
ප්‍රියංකර සහෝදරයාගේ අදහස් දැක්වීමට ස්තුතියි. මේක ඇත්තටම මං ආසම එකක්. මොකද, චාලි චැප්ලින් කියන්නේ සැබෑ කලාකරුවෙක්. ඔහුගේ ජීවිතය ගැන දැන ගත්තම එයාට ගරු නොකර ඉන්න කිසිම රසිකයෙකුට බෑ.
මේ චිත්‍රපටිය ගැන කියනවා නම්, මට මේක මුලින්ම හඳුන්වා දුන්නේ අපේ හිටිය හොඳ සිනමා උගතෙකු වන කීර්තිශේෂභාවෝපගත ෂෙල්ටන් පයාගල මහතා. මා විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයකුව සිටි 1998 අවුරුද්දේ (මගේ වයස දැන ගන්නවා මේකෙන්) එයා මම ඇතුළු මගේ කලා මිතුරන් කණ්ඩායමකට තමන් අතේ තිබ්බ වීඑච්එස් පටිය බලන්න දුන්නා.
මගේ ලිපියෙන් ස්තුතිය පල කරන්න බැරි වුනාට මං ඔහු ගැන ගෞරවයෙන් මතක් කරනවා.
Withanage Priyantha Dayakeerthi
මීට පෙර ඔබ සිංහල උපසිරසි සැපයූ සම්මානලාභී Life is Beautiful (1997) සිනමාපටය ඔබේ සිංහල උපසිරසි සහිතව DVD වෙළඳ පොලේ තිබී මිලදී ගත්තා. එයත් ඉතාමත් වටිනා සලරුවක්. එයත් ඉතා වටිනා එකක් නිසා වෙන්න ඇති කවුරුන් හෝ DVD නිකුත් කරන්න ඇත්තේ. මෙයත් අනිවාර්‍යයෙන් එසේම වේවි. එවිට ලංකාවේ බොහෝ අයට නරඹන්නට හැකිවේවි. ස්තුතියි!
Chalana
thnx bro...
Kasun Harshana
යුග යුග දනන් සිනහ ගඟුලේ ගිල්වූ ඒ අසාහය රංගන ශිල්පියා "චාලි ස්පෙන්සර් චැප්ලින්" නොහොත් අප හොඳින් දන්නා චාලි චැප්ලින්ගේ අද්විතීය සිනමා නිර්මාණයක් "The Great Director". මේ සිනමා නිර්මාණය පිළිබඳ අසා තිබුණත් එය නැරඹීම පමාවුණේ සිංහල උපසිරැසියක් නොතිබීම නිසයි.දැන් ඔබේ උපසිරැසිය සමග නරඹන්නට පුළුවන්. චාලි චැප්ලින්ගේ තවත් මෙවැනි සලරුවකට උපසිරැසි ගෙන එන්න. ඔබට ජයෙන් ජයම වේවා අප වෙනුවෙන් මේ කරනා මහඟු සේවය වෙනුවෙන්
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
මොනතරම් පරන උනත් කවදවත් වටිනාකම අඩුවෙන්නේ නැති සිනමා නිර්මාණ තමයි මේ..! හැම නිර්මාණයකින්ම සිනහවට වගේම අවසානයේ ප්‍රේක්ෂකයාට සිතන්නට යමකුත් ඉතිරින අසහාය රංගන ශිල්පියෙක්..
ජය වේවා..බුදුසරණයි..එල්.සී. දමැල්
Thanks අනිවාර්යයෙන් බලනවා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මෙය චාලි චැප්ලින්ගේ අගනා සිනමා නිර්මාණයක්. මා මෙය අනිවාර්යයෙන් නරඹනවා.
හැකිනම් Limelight (1952) , Chaplin (1992) ෆිල්ම් වලටත් සබ් දෙන්න.
ජය වේවා!
බුදු සරණයි!Thilakarathna
ඉතාම වටිනා සද්කාර්යයක්. කලාත්මක චිත්‍රපට අගය කරනා අප වෙනුවෙන්ම කළ සේවයක් මෙය. ඔබට යහපතක්ම වේවා!
Ekanayake
Mewa ithaa durlaba chithrapata. Mewani ewa sab dena aya baiscope web eke naha. Oya meka thora ganeemath pudumayak. Kohoma wuwath ithaa hondama deyak oba me karala thiyenne. Thanks!!!!
Akalanka
Thnx........
rfer
බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් මේ කරන දේට
අසිත
මෙය නොබැලූ දෑස් කුමට?
බොහොම පින් සහෝ.මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!අසිත
ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටයි
North by Northwest (1959) (IMDB 250)
Rope (1948)
Rebecca (1940)ස්ටැන්ලි කුබ්රික්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
A Clockwork Orange (1971) (IMDB 250)
Dr. Strangelove or How I Learned to Stop Worrying and Love the Bomb (1964) (IMDB 250)
Paths of Glory (1957) (IMDB 250)ඒත් එක්කම IMDB 250තියෙන මේ ෆිල්ම් ටිකත් මම යෝජනා කරනවා…
Donnie Darko (2001) Time Travel Story
Stand by Me (1986)
Requiem for a Dream (2000)
Unforgiven (1992)
Incendies (2010)
Casino (1995)
Raging Bull (1980)අසිත
ඒත් එක්කම IMDB 250තියෙන මේ ෆිල්ම් ටිකත් මම යෝජනා කරනවා…
Donnie Darko (2001) Time Travel Story
Stand by Me (1986)
Requiem for a Dream (2000)
Unforgiven (1992)
Incendies (2010)
Casino (1995)
Raging Bull (1980)Kapila Janaka Bandara
අසිතගේ යෝජනාවන්ට බොහෝම ස්තුතියි. මට අලුත් දැනුමක් වගේම අදහසක් ලැබුණා. මං ඉස්සරහට මට ලැබෙන විවේකය අනුව තව තවත් ඔබ වෙනුවෙන් පරිවර්තන දායකත්වයක් ලබා දෙන්න උත්සාහ කරන්නම්.
විශේෂයෙන්ම ස්ටැන්ලි කුබ්රික් ගැන කියපු එකට මං ආසයි. එයාගේ නිර්මාණයක් නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන (මිනිහා කරලා තියෙන්නෙත් ෆිල්ම් අතලොස්සක් විතරයි). දක්වපු අදහස්වලට ආයෙමත් ස්තුතියි.
praneeth madu
උපසිරැසියට බොහොම ස්තූතියි
Dasitha147
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හිරු
ගොඩක් ස්තුතියි.. ඔන්න මමත් බා ගත්තා..
Thusitha Kumara
විශ්ව සිනමාවේ අපූරුවතම නිර්මාණයක් උපසිරැසි ගන්නා තිළිණ කළාට බෙහෙවින් ම තුති.
Dulanga
Thanks
mayantha
sub ekta bohoma sthuthi
Withanage Priyantha Dayakeerthi
සිනමා ලොව සුන්දරම නිලියක් වූ "මැරලින් මොන්රෝ" රඟපෑ 1959 වර්ෂයේ තිරගත වූ Some like it hot හෝ ඇය රඟපෑ වෙනත් ප්‍රසිද්ධ සිනමාපටයකට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කපිල ජනක බණ්ඩාර සොයුරාට යෝජනාකර සිටින්නෙමි.
Bhagya
Thanks for the sub. Well done!
Sp Kamal
අපේ පණ්ඩිත ටීවී චැනල්වලින්නම් ජීවිතේට මේවාගේ වටිනා නිර්මාණයක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ පරිත්‍යාගයට ගොඩක් ස්තුතියි......නැවතත් ඔබ එන්නේ කවදාද?
Gamage
Sab eken baluwa, supiri film ekak. Thanks!!!!!!
ravindu
sub ekata tanx......e wagema lipiyath godak hodi.....!
Waruna Kamalawansha
නියමයි... බොහොම් ස්තූතියි....
tharindu gunarathna
thanks
jello
Thanks For Subtitle.......Good luck
Gayashan
Thank you for the subtitles..Great work...
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

කපිල ජනක බණ්ඩාර සොයුර ඔබට මාගේ ප්‍රණාමය!!!
එසේ කියලාම අදහස් දැක්වීම ආරම්භ කරන්නම්. ලොව මහා සිනමාකරු ශ්‍රීමත් චාලි චැප්ලින් කලාකරුවාණන්ගේ ඉතාමත් වටිනා මෙම සලරුවට සිංහල උපසිරසි ලැබී තිබෙනවා දැක්කාම මට ඉමහත් සතුටක් දැනුණා. මෙය මා මීට පෙර තුන්වරක් නරඹා තිබෙනවා. දැන් ඉතා ආසාවෙන් ඔබේ උපසිරැසිය භාවිතා කරමින් නැවතත් නරඹන්නට පුළුවන්. දැනටත් මෙහි වීඩියෝව මා ළඟ තිබෙනවා. බයිස්කෝප් වෙබ් එකෙන් මීට පෙර මෙම සිනමාපටය සඳහා උපසිරසි ලබාදෙන ලෙස වාර දහයක් පමණ ඉල්ලා තිබෙනවා. ඇඩ්මින් එකේ "අසංක ප්‍රදීප් සොයුරා" කීවා මෙය කෙනෙක් භාර ගෙන තිබෙන්නේ කියා. ඉතිං එනතුරු මඟ බලාගෙන සිටියේ. මා යෝජනා කරනවා මෙම ලින්ක් එකෙන් පැමිණෙන සැමටම මෙම අගනා සිනමාපටය නරඹන්නට කියා. ඉතිං සොයුර මෙවැනිම පැරණි කලාත්මක සිනමාපටයක්ම ඊළඟටත් අපට දෙන්න. ඔබේ වෙහෙසට මාගේ අවංක ස්තුතිය!!!