ආයෙත් ටික කාලෙකට පස්සේ සුපිරිම කොමඩියක් අරගෙන ආවා! හොද කොපියක් ඇවිල්ලා නම් දැන් ටික කාලයක් වෙනවා. ඔන්න දැන් තමා ඉවරකරගන්න ලැබුනේ. පසුගිය වසරේ දෙසැම්බර් 23වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. imdb අගය 6.3ක් ලබාගෙන තියෙන අතර මේ වනවිට හොද ආදායමක් උපයාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි නළු Bryan Cr…
ආයෙත් ටික කාලෙකට පස්සේ සුපිරිම කොමඩියක් අරගෙන ආවා! හොද කොපියක් ඇවිල්ලා නම් දැන් ටික කාලයක් වෙනවා. ඔන්න දැන් තමා ඉවරකරගන්න ලැබුනේ. පසුගිය වසරේ දෙසැම්බර් 23වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. imdb අගය 6.3ක් ලබාගෙන තියෙන අතර මේ වනවිට හොද ආදායමක් උපයාගෙන තියෙනවා. ප්‍රධාන චරිත විදියට, සුපිරි නළු Bryan Cranston(නෙඩ් ෆ්ලෙමින්), තවත් සුපිරි නළුවෙක් වන James Franco(ලෙයඩ් මේහිව්), සුරූපි නිලි Zoey Deutch(ස්ටෙෆනී ෆ්ලෙමින්) රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව ගැන කෙටියෙන් විස්තර කරන්නම්..
නෙඩ් කියන්නේ පොඩි මුද්‍රණ සමාගමක අයිතිකරුවෙක්. ඉතින් මෙයාගේ පවුලේ ඉන්නේ මෙයයි, බිරිදයි, පුතයි, දුවයි. දුව තමයි ස්ටෙෆනී. මෙයා ගෙදරින් පිට වෙන නගරයක නතරවෙලා ඉගෙනගන්න කෙනෙක්. දුව යාළුවෙලා ඉන්න කෙනා තමා ලෙයඩ්. හැබැයි ස්ටෙෆනී එයාට කොල්ලෙක් ඉන්නවා කියලා අම්මලාට කියන්නේ නෑ. ඒත් දවසක් ස්ටෙෆනී වීඩියෝ කෝල් එකක් අරගන්න වෙලාවේ ලෙයඩ් එතනට එනවා. ඉතින් සීන් එක මාට්ටු.:-). ඊටපස්සේ ස්ටෙෆනීම නෙඩ්ටයි පවුලේ හැමෝටමයි ලෙයඩ්ගේ ගෙදර එන්න කියනවා එයාව හම්බවෙන්න. ලෙයඩ් ගැන කියනවනම් පිස්සුම ඩයල් එකක්.ඇඟ පුරාම පච්ච කොටාගත්ත, කොයිවෙලෙත් කුණුහරුප කියන, විනෝදකාමී, අමුතුම විදියේ කෙනෙක්. හැබැයි පට්ටම සල්ලි කාරයෙක්.
ඔන්න ඉතින් වැඩේ පටන්ගන්නේ මෙයාලා ලෙයඩ්ව මුනගැහෙන්න ගියාට පස්සේ තමා. ලෙයඩ්ගේ වැඩ නිසා නෙඩ්ට මුල ඉදලම මිනිහව වැඩිය අල්ලන්නේ නෑ. කොටින්ම ලෙයඩ් කාරයා ස්ටෙෆනීගේ අම්මටත් ඉගි බිඟි කරන්න පටන්ගන්නවා. ගෙදරට පිලිගන්නෙත් කිස් එකක් එහෙම දීලා.:-). මේ වගේ තවත් විකාර ගොඩයි. හැබැයි ලෙයඩ් ස්ටෙෆනීට ඇත්තටම ආදරේ කරනවා. ස්ටෙෆනීත් එහෙමයි. කොටින්ම ලෙයඩ් ස්ටෙෆනීව කසාද බදින්න පවා හිතාගෙනයි ඉන්නේ. මේ ගැන ලෙයඩ් නෙඩ්ට කෙලින්ම කියනවා. මොකද ලෙයඩ් නෙඩ්ගේ ආශිර්වාදය නැතිව ස්ටෙෆනීගෙන් මේ ගැන අහන්නේ නෑ කියලා කියනවා.ඉතින් ඒක කිව්ව ගමන් නෙඩ් ඒකට අකමැති වෙනවා. මොකද බෑනා කරගන්නවා තියා නෙඩ්ට මිනිහා ගැන හිතාගන්නත් බැරුවයි ඉන්නේ.හැබැයි ලෙයඩ් කියනවා නත්තල් දවස වෙද්දී නෙඩ් එයාට “පුතා” කියලා කතාකරයි කියලා. ඉතින් නෙඩ් ලෙයඩ්ට කැමතිවෙයිද? ඇතුළු ගොඩක් දේවල් දැනගන්න පුළුවන් මේ චිත්‍රපටිය නැරඹුවොත්.
මිනිත්තු 111ක් පුරා කොමඩිවලින් කිසිම අඩුවක් නෑ.මෑතකදී ආව තවත් හොදම කොමඩියක් බවට නොබියව, ඉහලින්ම නිර්දේශ කරන්න කැමතියි. කොමඩි ප්‍රේක්ෂකයෝ ඇතුළු සියලුම දෙනාට චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. තවමත් “හොදද?” කියලා හිතේ සැකයක් එහෙම තියෙනවානම් ට්‍රේලර් එක බලන්න කියලා කියනවා. එහෙනම් තවත් උපසිරැසියකින් මුනගැහෙමු!
හැමෝටම ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
Why.Him.2016.720p.BluRay.x264-GECKOS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,600 downloadsDownload Why-Him-2016.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
38 comments
Isuru
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.දිල්ශාන් සචින්ත
මරු මරු. කොල්ලෝ.පහරක් වගේ
mithun
Thank bro balanna hitam unna ekak
Imalka
sub akta tnxxxxxx........... mektath sub aka denwda.
Office Christmas Party (2016)
Mayura
ආසිරියා අපට කලින් බැලුවා. හෙලා දකිනවා
shan
ගොඩාක් තුති සහෝ සබට
අසිත
hoda film ekak bawa nam dakka saho
thma baweth na
dan sab ekka balanna bariya
thanks sahomelan shamika
sub ekata bohoma sthuthi.digatama sub karanna.podi illimak tiyenawa me wage comedy fillm wagayakata sub ne ewata sub denna puluwannm kawruhari jaya!!!!!
Chalana
thnx bro...
shasith sandaruwan
බොහොම ස්තූතියි මලේ උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Ravindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…onna download dawa...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
උපසිරැසියට බොහොම ස්තූතියි
Dasitha147
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
sasindu
elazzzzz thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
Thnxxxxxx
Pasindu
Sub ekata thanks saho
Dulanga
Thanks
dinusha
thanx bro...................
g@neo
Sub එක ස්තූතියි මචන්..ෆිල්ම් එක නම් පට්ට.කාලෙකින් බලපු පට්ට කොමඩිය
Tharuth Chiranthana
සබට ස්තූතියි සහෝ...
LAKSHAN
සබට ස්තූතියි සහෝ
Damith
බොහොම ස්තූති යාළු උපසිරසියට. ජයින් ජයම වීවා!!!
w a thilak
බොහෝම ස්තුතියි
ravindu
sub ekata tanx.....................!!!!! jaya weva.....!!!!
Dilshan Sachintha
elama isuru apith gatta on
Lushan Kuruppu
THANKS BRO!!!
kent
thanks bn
Virajperera
tnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Hasith Madusanka
Thankz bro
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Rukshan37
Ela
Hasantha
Thanks brother
Sahan Gayantha
thanks a lot saho sub ekata
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela mchn. Thnx