කොහොමද බයිස්කෝප් යාළුවනේ, මේ මගේ දෙවැනි උපසිරැසිය. මම මගේ පළමු උපසිරැසිය කලේ, Ben 10 : Alien Swarm (2009) චිත්‍රපටියට. ඒ 2015 දී. 😁 මම අද ඔයාලට උපසිරැසි අරගෙන ආවේ, 2004 වසරේ නිකුත් වෙච්ච, Taxi චිත්‍රපටියට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, 2005 වසරේ නිකුත්වෙච්ච, Fantastic Four චිත්‍රපටිය අධ්‍ය…

කොහොමද බයිස්කෝප් යාළුවනේ, මේ මගේ දෙවැනි උපසිරැසිය. මම මගේ පළමු උපසිරැසිය කලේ, Ben 10 : Alien Swarm (2009) චිත්‍රපටියට. ඒ 2015 දී. 😁 මම අද ඔයාලට උපසිරැසි අරගෙන ආවේ, 2004 වසරේ නිකුත් වෙච්ච, Taxi චිත්‍රපටියට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, 2005 වසරේ නිකුත්වෙච්ච, Fantastic Four චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ, Tim Story විසින් වන අතර,මෙය 20th Century Fox ඉදිරිපත් කිරීමකි. මෙය Action සහ Comedy වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් වන අතර, මෙහි ධාවන කාලය, පැයයි විනාඩි තිස් හතකි.
මෙහි ප්‍රධාන චරිතය වන බෙල් විලියම්ස්ට පණපොවන්නේ, ඇමරිකානු නිළියක සහ රැප් ගායිකාවක් වන, Queen Latifah විසිනි. ඇගේ තෙවන ගීත ඇල්බමය වන, Black Reign (1993) හී ගීතයක් වන, “U.N.I.T.Y.” කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ගැයුනු, ලොවපුරා ජනාදරයට පත් ගීතයක් විය. මෙහි ඇන්ඩි වොෂ්බර්න් ලෙස රඟපාන්නේ, Jimmy Fallon විසිනි. ජනප්‍රිය රූපවාහිනි කතා මාලාවක් වන, Marvel’s Agents of S.H.I.E.L.D. හි මැක් ලෙස රඟන, Henry Simmons ද මෙහි රංගනයෙන් දායක වේ.
කතාව ගැන කියනවනම් මෙහෙමයි. ඇන්ඩි වොෂ්බර්න් කියන්නේ ටිකක් පිස්සු විකාර කරන පොලිස් නිළධාරියෙක්. NYPD හී පොලිස් නිළධාරියෙක් හැටියට, මෙයාගෙ තියෙන ලොකුම දුර්වලකම තමයි, එයාට වාහන එලවන්න බෑ. ලයිසන් එක කොහොමහරි අරගෙන තිබ්බා වුනත් මෙයාට වාහන එලවන්න බැරි, මෙයා ඕනෑවට වැඩිය හිතන නිසා. මෙයාගේ අනිත් වැඩත් එහෙම තමයි. ලොකු ලයින් එකේ හිටියත් මෙයා කරන සේරම වැඩ අනාගන්නවා. මෙයාගේ අන්තිම වැඩේ මෙයා ඇනුවට පස්සේ, මෙයාගේ ලුතිනන් මෙයාගේ ලයිසන් එක ගන්නවා. මෙයාගේ ලුතිනන් මාර්තා, එක්ක මෙයා මුලින් සෙට් වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් මෙයාගේ විකාර වැඩ නිසා එයත් අකමැත්තෙන් ඉන්නේ. ඊට පස්සේ තමයි මෙයාට බෙල් විලියම්ස් කියන ටැක්සි රියැඳුරිය හම්බ වෙන්නේ, බෙල් කියන්නේ දක්ෂ මෝටර් රථ පදවන්නියක්, කාර්මිකවරියක් සහ NASCAR හි රේස් පදින්න ආසාවෙන් ඉන්න කෙනෙක්.වැනේසා කියන්නේ බ්‍රසීලයේ ඉඳන් තවත් මිතුරියන් හතර දෙනෙක් එක්ක, නිව්යෝර්ක් නගරයට එන සරාගී හෙරක්. ඉතින් ඇන්ඩි බෙල්ගේ ටැක්සියෙන් මේ හෙරව අල්ලන්න ගිහින් බෙල්වත් ලොකු අමාරුවක දානවා. බෙල්ගේ කොල්ලා, ජෙසීටත් උත්තර බඳින්න වෙනවා.ඉතින් තවත් විස්තර කියන්න යන්නේ නැහැ. ඔයාලම බලන්න. ඇන්ඩිටයි බෙල්ටයි මේ හෙර අල්ලගන්න පුළුවන් වෙයිද? ඇන්ඩිට වාහන පදින්න පුළුවන් වෙයිද? අපේ පොලිස් ජෝඩුව ආයේ සෙට් වෙයිද? බෙල්ට එයාගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද? ඔයාලා බලලම දැනගන්න. ටැක්සි Film වලට ආස අය අනිවා බලන්න. දැනට බයිස්කෝප් එකේ තියෙන ටැක්සි film වගේම මේකත් සුපිරියක්.
ඉතිං, මට මේ උපසිරැසිය කරන්න අවස්ථාව දුන්, සිසිල ප්‍රසාද් සොයුරාට 💙 ස්තුතිවන්ත වන අතර, තවමත් පැතිර යන COVID-19 රෝගයෙන් ඔබ සියළුදෙනා ආරක්ෂා වේවා යැයි පතමී! 😷 ස්තුතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
4,289 downloadsDownload Taxi-2004.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අමිල එරන්ද
Subtitles
12 comments
හසිත මධුෂාන්
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.
Request......
The Nutty Professor - 1996
The Nutty Professor II: The Klumps - 2000Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
XmanujaX
fatta bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Palmer (2021)
Bliss (2021)jagath55
Thanks
Pramukmili
Thanxx bro...............
Prabhasoft
Thanks Bro...!!!
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks. .......good luck. .......
Anonymous
THANKS
Advertisement
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!