පොඩි ෂොට් එකක් දාගත්තට පස්සෙ කරන කියන දේවල් ගැන කාටද සිහියක් තියෙන්නෙ… සිහිය ආවට පස්සෙ තමයි ඉතින් පොළව පලාගෙන යන්න හිතෙන්නෙ… John Chickie Donohue වියට්නාමයේ ගත කළ සති අටක මතක සටහන් ඇතුළත් කරලා J. T. Molloy සමඟ රචනා කරපු ග්‍රන්ථයක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය හැදෙන්නෙ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ…

පොඩි ෂොට් එකක් දාගත්තට පස්සෙ කරන කියන දේවල් ගැන කාටද සිහියක් තියෙන්නෙ…
සිහිය ආවට පස්සෙ තමයි ඉතින් පොළව පලාගෙන යන්න හිතෙන්නෙ…
John Chickie Donohue වියට්නාමයේ ගත කළ සති අටක මතක සටහන් ඇතුළත් කරලා J. T. Molloy සමඟ රචනා කරපු ග්‍රන්ථයක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය හැදෙන්නෙ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Peter Farrelly. ඔහු සමඟ තිර පිටපත ලියන්න Brian Currie හා Pete Jones එකතු වෙනවා.
Peter Farrelly ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 2019 අවුරුද්දෙ Best Motion Picture of the Year ඔස්කාර් සම්මානය හිමිකර ගන්නෙ Peter Farrelly අධ්‍යක්ෂණය කරපු Green Book චිත්‍රපටිය.
Andrew Muscato කියන පුද්ගලයා මේ කතාව කෙටි වාර්තා චිත්‍රපටියක් විදියට හදලා 2015 නොවැම්බර් 11 වෙනිදා Pabst Blue Ribbon YouTube නාලිකාවට මුදා හරිනවා. 2019 අප්‍රේල් 26 වෙනිදා Skydance Media ආයතනය The Greatest Beer Run Ever ග්‍රන්ථය චිත්‍රපටියකට අනුවර්තනය කිරීමේ අයිතිය ලබා ගන්නවා. ප්‍රධාන චරිත දෙක සඳහා මුලින් Dylan O’Brien හා Viggo Mortensen තෝරගෙන තිබුණත් 2021 අවුරුද්දෙ Apple Studios ආයතනය මේ චිත්‍රපටිය ලබාගැනීමත් සමඟ ඔවුන් දෙදෙනා වෙනුවට Zac Efron හා Russell Crowe යොදා ගන්නවා. මේ දෙන්නට අමතරව Jake Picking, Kyle Allen, Archie Renaux, Will Ropp, Bill Murray එහෙමත් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
Adventure, Comedy, Drama යන කාණ්ඩවලට අයත් මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 6.8 ක අගයක් සහ ගූගල් පරිශීලකයින්ගේ 85% ක කැමැත්තක් ලැබිලා තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසෙ 30 වෙනිදා තමයි තිරගත කිරීම ආරම්භ කරන්නෙ. මෙහි රූගත කිරීම්, තායිලන්තයේ බැංකොක් නුවර හා ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රදේශවල සිදුකර තිබෙනවා.
ඉතින් The Greatest Beer Run Ever කියන්නෙ ඇමෙරිකාව හා වියට්නාමය අතර 1961 අවුරුද්දෙ ඇවිළුණ යුද්ධයේ එක අතුරු කතාවක්. ඇමෙරිකාව විසින් වියට්නාමයට එරෙහිව සිදුකරන යුද්ධය ගැන කයිවාරු ගහන චිකී, නිව්යෝර්ක්වල ඉඳලා හමුදාවේ ඉන්න එයාගෙ යාළුවන්ට දෙන්න බියර් අරගෙන වියට්නාමයට යනවා. වියට්නාමයට ගියාට මොකද ඇමෙරිකාව හා යුද්ධය ගැන ඔහු මවාගෙන හිටපු චිත්‍රය නෙවෙයි එහෙ ගියාට පස්සෙ ඔහුට අත්විඳින්න වෙන්නෙ.
පැය දෙකක් පුරාවට කිසි කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් නිර්මාණයක්. “අයියෝ… පරණ කතාවක්නෙ…” කියලා මිස් කරගන්න එපා කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.
චිත්‍රපටිය අවසානයේ එහි සැබෑ චරිතවල අතීත හා වර්තමාන ස්වරූපය දැක බලාගන්න ඔයාලට පුළුවන්.
“ගොළු වෙන්න එපා ආතර්… මේක තවදුරටත් යුද්ධයක් නෙවෙයි… ඒක සමූහ ඝාතනයක්…”
“ඒකට තමයි යුද්ධයක් කියන්නෙ චිකී… ඒක දැවැන්ත අපරාධ ස්ථානයක්…”

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,026 downloadsDownload The.Greatest.Beer_.Run_.Ever_.2022.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක දිසානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක දිසානායක
Subtitles
8 comments
Anonymous
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි අසංක සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!bandara
Thanks Lot Asanka
විමා
මේක මාර මුවි එකක්.
බලපු වෙනස්ම යුධ කතාවක්.
හැමෝම අනිවා බලන්න ඕන කතාවක්.
සබට බොහොම ස්තුතියි සහෝ.Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak sthuthi..Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks jayawewa....!