දෙවෙනි කොටසෙදි පොරොන්දු වුනා වගේම තුන්වෙනි කොටසත් අරගෙන ඔයාල ලගට ආව.. මතකනෙ The Outlaws 2017, The Roundup 2022 චිත්‍රපටි.. මේව නම් ඉතින් මගනොහැර බලන්න ඕන නිර්මාණ හොදේ.. අහ්, ඒ වගේම මේකෙ හතරවෙනි කොටසකුත් The Roundup – Punishment නමින් නිකුත් වෙනව කියල දැනගන්න ලැබුන. කලින් කොටස් නොබැලුව කියල නම් මේ ච…

දෙවෙනි කොටසෙදි පොරොන්දු වුනා වගේම තුන්වෙනි කොටසත් අරගෙන ඔයාල ලගට ආව.. මතකනෙ The Outlaws 2017, The Roundup 2022 චිත්‍රපටි.. මේව නම් ඉතින් මගනොහැර බලන්න ඕන නිර්මාණ හොදේ.. අහ්, ඒ වගේම මේකෙ හතරවෙනි කොටසකුත් The Roundup – Punishment නමින් නිකුත් වෙනව කියල දැනගන්න ලැබුන. කලින් කොටස් නොබැලුව කියල නම් මේ චිත්‍රපටිය රසවිදින්න බාධාවක් වෙන්නෙ නෑ . මොකද මේව එකකට එකක් සම්බන්ධ කතා නෙමෙයි..

ඔන්න එහෙනම් මෙවරත් අපේ වීරයා මා සුක් දෝ එහෙමත් නැත්නම් Ma Dong Seok අපිව හම්බවෙන්න ඉතා තියුණු සටන් ජවනිකා ගොන්නක්ම අරගෙන ඇවිල්ල ඉන්නව . දන්නවනෙ සුක් දෝ ගෙ මුෂ්ටි පහරෙ තරම. කලින් වගේම මෙවරත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Lee Sang Yong.සටන් ජවනිකා තිතට අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මෙයා තමයි. Lee Joon Hyuk, Kim Min Jae, Bum Soo වගේ විශාල නළු නිලි ප්‍රමානයකුත් මෙවරත් රංගනයෙන් දායකත්වය සපයනව. 2023 මැයි 31 ලොව පුරා තිරගතවීම ආරම්භ කල The Roundup 2023 – No Way out චිත්‍රපටය ඩොලර් මිලියන 80 කට ආසන්න වාර්තාගත ආදායමක් උපයන්නත් සමත්වෙලා තියෙනව. ඒවගේම අමතක කරන්නම බැරි IMDB මීටරය 6.6 කට කරකවල තියෙනව කියලත් ආරංචියි.

අපි එහෙනම් බලමු චිත්‍රපටියෙ මොකක්ද වෙන්න යන්නෙ කියල. කතාව පටන්ගන්නෙ දෙවෙනි චිත්‍රපටියෙ සිද්ධියෙන් අවුරුදු 7 කට පස්සෙ. මා සුක් දෝව කැදවනව සෝල් නුවර අපරාධ විමර්ෂන ඒකකයට. මා සුක් දෝ වැඩ්ඩ කියල හැමතැනම ප්‍රසිද්ධවෙලා. ඉතින් ඔහොම ඉද්දි සුක් දෝ ඇතුලු කණ්ඩායමට විසදන්න ලැබෙනව අධිකව විෂ මත්ද්‍රව්‍යයක් ලබාගෙන මරණයට පත්වුනු කාන්තාවකගෙ නඩුවක්. ඒ නඩුව ගැන වැඩිදුර හොයාගෙන යද්දි මා සුක් දෝ ඇතුලු කණ්ඩායම දැනගන්නව මේ මත්ද්‍රව්‍යය කොරියාවට ගේන්න ජපානයේ යකූසා කල්ලිය සම්බන්ධයි කියල. (හැබැයි යකූසල ගැන දන්නෙ නෑ කියල නම් කියන්න එපා මෙතන.) ඉතින් මේ කල්ලියේ සහභාගීත්වයෙන් වගේම කොරියාවෙ ඇතුලෙ ඉන්න රහස් කල්ලියකගෙ සහයෝගයෙන් මේ මත්ද්‍රව්‍යය වෙළදාම රට ඇතුලෙ ජයටම කෙරීගෙන යනව.. මේක මැඩලන්න මා සුක් දෝ ඇතුලු අපේ කොල්ලො සෙට් එක ගන්න උත්සහය තමයි හරිම අපූරුවට මේ කතාව ඇතුලෙ දිග හැරෙන්නෙ. මේක ඇතුලෙ එකී මෙකී නොකී ක්‍රියාදාම ගොඩක් තියෙනව. ඉතින් නොබල කොහොමද.. අමතක වුනානේ. මම උඩින් කිව්ව නේද රහස් කල්ලියක් ගැන. බලන්නකො ඒ කල්ලියෙ සාමාජිකයො කවුද කියල. ඒක නම් මටත් හිතාගන්න බැරිවුනා.

හරි, කතා ඇති. ඉතින් අවසාන වශයෙන් මම ඔයාට ආරාධනා කරනව මේ වසරේ සාර්ථකම කොරියානු ක්‍රියාදාම අත්දැකීම විදගන්න මාත් එක්ක එකතුවෙන්න කියල. මේ වගේ හරි ලස්සන ෆිල්ම් ගොඩකට මම උපසිරසි දීල තියෙනව. ඒවත් අරගෙන පුලුවන් වෙලාවක බලන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් සුපිරි චිත්‍රපටියක් අරගෙන ඔයාල ලගට එන්නම් ඉක්මනින්ම. කියන්න තියෙන්නෙ, සැනසීමට තියෙන එකම දේ, කමෙන්ට් එක නොදීනම් යන්න එපා කියල.. හරි, එහෙනම් මම ගිහිල්ල එන්නම්. අපි ආයෙත් ලස්සන දවසක ගොඩක් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු. එතකන් ඔයාල ඔක්කොම සතුටෙන් ඉන්න ඕන හොදේ..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

23,990 downloadsDownload The.Roundup.No_.Way_.Out_.2023.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

23,990 downloadsDownload Subtitles43 KB

29 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. ASELAHATHTHOTUWA

    NIYAMAYI

  3. Samitha Dilshan

    Thank you broo

  4. MJF

    Thanks mcho

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඉෂූ ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. රුක්ෂාන්

    සබට බොහොම ස්තුතියි.
    මේ නළුවාගේ ෆිල්ම් සේරටම සබ් දෙන්න පුළුවන් නම්.

  7. Chaminda

    Thanks bro sub 1ta ❤️❤️❤️❤️

  8. Dj-1528

    මෙයාගේ champion film එකටත් sub දෙන්නකො.any way thanks for the sub ❤

  9. Lahiru

    කොරියන් ෆිල්ම් , සීරීස් වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා
    ජය වේවා සහෝ

  10. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. ලකා

    මේකනම් පට්ටයි

  12. Asanga kb

    Thank you machan.. Meka BR ekata deepu sub ekak kiyala thiyenne waradeemakin wenna athi neda?

    1. baiscopelk ishu

      මේක WEBRIP එකට සෙට් වෙනව..

    2. Anonymous

      ❤️

  13. Dasun

    Congratulations

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  15. chandika

    thank you for the subtitle

  16. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    1. Divya

      Thank you godak lassana film ekak subtitles supiri

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      ඉල්ලාග එකත් ඕනේ

  19. Dewadithya

    Thanks for Sub!

  20. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  21. SUNI

    bluray sub ??????

  22. Nimsara

    aluthin awa no way up 2024 film ekt sinhala sub dennako

  23. Pasindu Punsara

    TNX BRO

  24. Sameera

    Roundup punishment අලුත් එකට සබ් ඕනේ..

  25. Anonymous

    thnx and good luck

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.