තවත් හොඳ හැබැයි ටිකක් පරණ ඒ කියන්නේ අවුරුදු 9 ක් විතර පරණ චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. එහෙම කිව්වාට මම බලපු හොඳම චිත්‍රපටයක් කියන්න පුළුවන් මේක. ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ධ ශ්‍රේෂ්ට ඉතිහාස කතාවක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටයේ තිර රචනය නිර්මාණය වෙලා තියෙන්නේ. The Greatest Game Ever Played (2005)…
තවත් හොඳ හැබැයි ටිකක් පරණ ඒ කියන්නේ අවුරුදු 9 ක් විතර පරණ චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. එහෙම කිව්වාට මම බලපු හොඳම චිත්‍රපටයක් කියන්න පුළුවන් මේක. ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ධ ශ්‍රේෂ්ට ඉතිහාස කතාවක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටයේ තිර රචනය නිර්මාණය වෙලා තියෙන්නේ. The Greatest Game Ever Played (2005) ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කර තිබෙන්නේ Agents of Shield කතා මාලාවෙන් අප හමුවූ දිවැස් ඇත්තා විසින්. හේ හේ.. ඒ කිව්වේ එම කතා මාලාවේ ජෝන් ගැරෙට්ගේ චරිතයට පණ පෙවූ Bill Paxton විසින්. ඇත්තටම Bill Paxton කියන්නේ ලේසි පාසු කෙනෙක් නෙවෙයි. පුංචිම තැනකින් සිනමාවට සම්බන්ධ වෙලා යන්න පුළුවන් සෑම තැනකටම වගේ ගිය දක්ෂයෙක්. සුප්‍රකට Titanic චිත්‍රපටයේ, Brock Lovett ගේ චරිතයට පණ පොවන්නේත් මෙයාම තමයි. ඉතින් එවැනි දක්ෂයෙක් නිර්මාණය කරපු සුන්දර චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. ලබාගෙන ඇති IMDb ලකුණු ප්‍රමාණය 7.5 ක්. මෙහි තිරරචනයට පදනම් කරගෙන තියෙන්නේ, Mark Frost විසින් රචිත The Greatest Game Ever Played: Harry Vardon, Francis Ouimet, and the Birth of Modern Golf නම් කෘතියයි. රංගනයෙන් දායක වෙනවා අපට හුරුපුරුදු Transformers චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පෙවූ Shia LaBeouf සමඟ, Stephen Dillane, Peter Firth සහ Elias Koteas.
දැන් කියන්නම් මේ කතාව මොකක්ද කියලා. මේ කතාව දිව යන්නේ, පළමු වරට එක්සත් ජනපද විවෘත ගොල්ෆ් ශූරතාවය දිනූ ආධුනික ක්‍රීඩක Francis Ouimet ගේ ගොල්ෆ් දිවිය පාදක කරගෙන. ඒ කාලයේ ආධුනික ගොල්ෆ් ක්‍රීඩාව ඉහළ පැලැන්තියේ අයගේ ක්‍රීඩාවක්. කම්කරු පන්තියේ සුළු වැටුපක් ලබන පියෙකුගේ පුතෙක් වුනු Francis Ouimet, කුඩා කල ඉඳන්ම ගොල්ෆ් ක්‍රීඩාවට දක්වන්නේ දැඩි කැමැත්තක්. නමුත් ඔහුගේ පියාගෙන් ඔහුට එයට අවසරයක් කිසි විටකත් ලැබෙන්නේ නැහැ. මොකද ඔහු හිතන්නේ ගොල්ෆ් ක්‍රීඩාව තමන්ගේ පන්තියට ගැලපෙන්නක් නොවන බවයි. නමුත් ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ සහායට සිටින caddy කෙනෙක් විදියට මොහු කුඩා කාලයේ පටන්ම ගොල්ෆ් ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. මොහු හැමවෙලාවෙම තමන්ගේ ආදර්ශයට ගන්නේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ට ක්‍රීඩක හැරී වෝඩන්ව. බොස්ටන් වල ජීවත් වන මොහුට කුඩා කාලයේදීම අවස්තාවක් ලැබෙනවා, හැරී වෝඩන්ව මුණ ගැහෙන්න. ඒ වගේම එදා ඔහුට ගොල්ෆ් පිත්ත අල්ලන හැටිත් හැරී වෝඩන් කියා දෙනවා. කාලය ගත වීමත් සමඟ ගොල්ෆ් ක්‍රීඩාවේ දක්ෂයෙක් වෙන්නට මේ පුංචි කොලුවාට හැකි වුනත් ඔහුට තම දක්ෂතා දැක්වීමට හොඳ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අවසානයේදී ඔහුට අවස්ථාවක් ලැබෙනවා, එක්සත් ජනපද විවෘත ගොල්ෆ් තරඟාවලියට ආධුනිකයෙන් විදියට සම්බන්ධ වෙන්නට. නමුත් මේ තරඟාවලියට සහභාගී වෙනවා, වරක් මේ කුසලානය තමන් සතු කරගත් බ්‍රිතාන්‍යය ක්‍රීඩක හැරී වෝඩන්. ඉතින් මේ දක්ෂයින් දෙදෙනා අතර දිවෙන මෙම තරඟය තමයි මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරෙන්නේ.
පන්ති භේදය තම අභිප්‍රායන් ඉටු කරගැනීමට බාධාවක් කරනොගත් ශ්‍රේෂ්ට ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ ජීවිත කතාව විශිෂ්ට ලෙස ගෙන හැර දැක්වූ මෙම චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. සියලු දෙනාටම ජයම වේවා…! එලස්ස්ස්………
795 MB (BR) කොපිය මෙතනින් බාගන්න
32e1cbd040b9bce7b703a1f5e0fe27cf81ba7aff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,073 downloadsDownload The.Greatest.G.E.P.2005.baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
25 comments
කැලුම් ගුණසේකර
ෂෙහාන්[Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Naween
පට්ට මචන් තෑන්ක්ස් :-)
ajith ranjan
patta thanx
Kulanjana Maduranga
ela ahhhhhh.subata thanks YASHODA saho.keep it up.jaya wewa.............
amila
elazzz
shan
supiri mcn... sub ekata pin hode....
Isu DP
Niyamai Yashoda Sahoo......
50 Gahuwa Withrai Sata Pata Gala Sub Denawane...
Parana Unth Hoda Katha Gena Eknam Niyamai...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Pකේ.යූ.ජී. උදාර
කාලෙක ඉඳන් ඇහේ ඇනි ඇනි තිබ්බ එකක්..............
මේක සිංහලෙන් හැඩ කළාට බොහොම ස්තූතියි යශෝධ.රුවන් සම්පත්
elaz' saho..... digatama yamu''jaya wewa!!!!!!!
ගයාන් රූකාන්ත (ජෝනා)
අදම බලන්න ඕනේ මේකනම්
සබට තුති යශෝදයෝ...එලස්ස්ස්ස්. :) :)Nelson Rodrigo
ස්තුතියි සහෝදරය
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියම කතාවක් වගේ, බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,ජයවේවා.
“චූටී මල්ලි”
සෙට් උනොත් බලනවා මචෝ
එල තව හොද මූවි වලට කරමු සබ්ස්
සබට තුති
ඔබට ජය.............Dulanga
thanks
indika
thnq :)
realsumedha
හොඳ මූවි එකක් ...
කලින් බලල තියෙනවා ...
ඒත් සබ් එක්ක නැවත බලනවා ...
වටිනා මූවි එකකට සබ් කරන්න කැප කළ කාලය වෙනුවෙන්....
හදවතින්ම ස්තුති කරනවා ....රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සුපිරි කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
ela ela tawath 1k
heta ude banna oni
jayama wewa'...Viraj Kodituwakku
Bohomatma stuti saho! mn meka balala tiyenawa. mn balapu lassanama chitrapatiyak meka. dan itin tawa sarayak balanna puluwan. mokada sinhala sub tiyena nisa. hamoma meka balanna, lassana film 1k. jayen jaya!!!
Mamjula
ස්තුතියි
penda
patta film 1 bro niyamai
iresha1986
thanks............ very good film......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Greatest Game Ever Played (2005) | දක්ෂතාවය පෙරටු කොටගත් වීරයින්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Greatest-Game-Ever-Played-2005.jpg)

ස්තුතියි සහෝ උපසිරැසියට. අරන් බලමු කෝ?