Watch Trailer

The Green Hornet (2011) Sinhala Subtitles | ද කොල බඹරා [සිංහල උපසිරැසි සමගින්]

විජිත අසංක සොහොයුරාගේ ලිපිය… එන්.විජිත අසංක වන මගේ පනස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Action, Comedy, Crime වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 119 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය ක…

විජිත අසංක සොහොයුරාගේ ලිපිය…

එන්.විජිත අසංක වන මගේ පනස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Action, Comedy, Crime වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 119 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michel Gondry නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Neighbors චිත්‍රපට මාලාවෙ රඟපාන Seth Rogen නම් නළුවයි. ඊට අමතරව Jay Chou සහ සුරූපී නිළි Cameron Diaz ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා.

බ්‍රිට් රීඩ් (Seth Rogen) කියන්නෙ තමන්ගෙ පියාගෙ මරණින් පස්සෙ පත්තර කන්තෝරුවක් අයිති වුන කෙනෙක්. කේටෝ (Jay Chou) කියන්නෙ එයාගෙ සහයකයා. මේ දෙන්නා අහම්බෙන් වගේ පොඩි වැඩක් පටන් ගන්නවා. කොහොම හරි අන්තිමට ඒක අවසන් වෙන්නෙ නගරෙ ඉන්න ලොකුම පාතාල නායකයත් එක්ක ගැටුමක් ආරම්භ කරමින්. ඉතිං අන්තිමේදී බ්‍රිට්ටයි කේටෝටයි මොනවද වෙන්නෙ කියල දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්න වෙනවා. කම්මැලි නැතුව බලන්න පුළුවන් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් හරි Vote එකක් හරි දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්!

උදා සොහොයුරාගේ ලිපිය…

ජේම්ස් රේයිඩ් කියන්නේ අති දැවැන්ත පුවත්පත් සමාගමක් හිමි මහා ධනපතියෙක්. ඔහු තමන්ගේ ව්‍යාපාරය බොහොම නීතිගරුකව පවත්වාගෙන යන කෙනෙක් පමණක් නෙවෙයි; සමාජයට වැඩදායී දේ ඒ හරහා කරන කෙනෙක්. ඒ වගේම සමාජයේ හොඳ මුහුණ පෙන්නාගෙන අයුක්තිකම් අසාධාරණකම් සිදුකරන්න හදන අයට තමන්ගේ බලවන්ත ව්‍යාපාරයේ පිහිටාධාරය ලබා නොදෙන කෙනෙක්.

ඔහුගේ ව්‍යාපාරයට ඇති බලය නිසාවෙන්ම මේ සෘජු ප්‍රතිපත්ති වලට වන්දිගෙවන්න ඔහුට සිදුවෙනවා. නමුත් ඔහුගේ පුතා කිසි බරක්පතළක් නැති; අඥානයෙකුගේ නොසැලකිලිවන්ත ජීවිතයක් ගෙවන, හිතුවක්කාර නැහැදිච්ච පුත්‍ර රත්නයක්. මේ නිසා තම පියාගේ කටයුතු ගැන කිසිවක් ඔහු දන්නේ නෑ. පියාගේ හදිසි මරණයෙන් පසු මේ සියලු දේකම වගකීම භාරගන්න වෙන්නේ ඔහුට. නමුත් ඔහුගේ හිත දුවන්නේම කෙළිලොල් දඩබ්බර වැඩවලට. ඔහු තම මියගිය පියාගෙන් පළිගන්න කරන කිසියම් වැඩක් නිසා කිසිකෙනෙක් නොහිතන විදිහේ පටළැවිල්ලකට මැදිවෙන්න ඔහුටත් ඔහුගේ සහායකයාටත් සිදුවෙනවා. මේ පටළැවිල්ල මුල් කරගනිමින් ඔහු අරඹන වැඩේ බොහොම දුරදිග යනවා.

වාසනාවට ඔහුගේ සහායකයා ඔහු වගේ නෙමෙයි, එයා නියම වැඩකාරයෙක්. ඒ කියන්නේ ආත්මාරක්ෂක සටන් සහ කාර්මික නිර්මාණ සම්බන්ධ විශේෂඥයෙක්. ඉතිං ඔහුගේ මේ දක්ෂතා සහ නිර්මාණශීලීත්වයට පිං සිද්ධවෙන්න තමා ඔවුන්ට මේ හැම හදියකටම මුහුණ දීලා පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ. මේ පටළැවිල්ල මේ නගරයට මහා විනාශයක් කැන්දන දෙයක් බවට පත්වුණත්; අවසානයේදි ඒ හැමදේකටම මුල්වෙච්ච තකතීරු දේශපාලකයෙක්වත් ඔහුගේ අතකොළුව හැටියට ක්‍රියාකරන පතාළ කණ්ඩායමකුත් පරදවන්න විතරක් නෙමේ තමන්ගෙ පියාගෙ ඝාතකයාවත් වනසලා දාන්න මේ අයට හැකිවෙනවා.

මේකත් Marvel Comics, DC Comics වගේ පරණ කොමික් බුක් එකක් පදනම් කරගනිමින් හදපු කතාවක්. අරවා වගේම නොම්මර එකේ කතාවක්. ඉතිං මේ වසරේ මුලදීම නිකුත්වෙච්ච මේ අලුත් ලස්සන කතාව බලන්න; රසවිඳින්න; කියලාහැමෝටම ආරාධනා කරනවා.

 

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

6,088 downloadsDownload The-Green-Hornet-2011.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

6,088 downloadsDownload Subtitles73 KB

84 comments

  1. chamila

    Meka baluwa...

  2. SPND

    patta tnx a lot

  3. nuwan srimal

    math baluwa..patta comedy.

  4. Dhana

    meka baluwa.. patta..

  5. ashan suranga

    niyamai machan.........

  6. කැනී

    හොදයි කියල හිතනවා,බලමු

  7. udara

    293mb copiyak dunnata hugak thanks.

  8. $uvin

    meka nam balan indala... passe barima thana baala baluwa!!!!

  9. husp

    thx wewa bro

  10. Sha

    Me tiyanne niyama Film 1k :)
    Thankzzzzzzzzzz Film 1a dunnata. Danma banna danawa ;)

  11. Udaya සාලින්ද

    maxxa film ekk. mamanam kalinama bewa ela.....

  12. T Nuwan

    නියම film 1ක මචන්.මේවාට සින්හල සබ් දාල දෙන්ට බලපන් මොකද film නම් ඕනෙ තරම් හොයා ගන්ට තියනවානෙ බන්.

  13. Pavith

    ඔන්න අපිත් බෑවා.....
    ජය වෙවා...

  14. Viraj

    Thank you very much !!!

  15. laksirigun

    Onna mama 3 weniya Thanks !! Thanks !! Thanks !!!!!!

  16. Jayan Chamal

    math baluva godak isra patta movie eka

  17. Gayan

    Bala balannam

  18. Dinusha

    meka baluwa sinhala sub ekkama post karala thibuna nam thamai goda...

  19. madusanka

    මේක මම බාලාතියෙන්නේ තාම බැලුවෙ නෑ. හොදයි වගේ..... :) :)

  20. Lahiru

    මේක එලම බයස්කෝප් එකක්, මල් හත්ය් ආ..........ඒ වගේද මේකේ හදන තේ එක ..................

  21. sunanda

    මැක්සා ‍ෆිල්ම් එකක්නෙ.ස්තුති උදා සහො..........

  22. chanaka

    mata hamba unooooooooo
    elaaaaaaaaaaaaaaaa
    film ekak baganna baganna

  23. isuru

    fatta fatta

  24. max

    293 MB copy ekak dunnata godaaaaaaaaaaaaaaak pin... thanks sahoo....!!!!

  25. Anonymous

    maxaaaaaaaaaaaaaaaaaaa

  26. Prasad Mahesh

    ela ela meka hoya hoya hitiye .thanks

  27. රොයිලි

    මොකෝ මේ කමෙන්ට් අඩු? මේක නියම චිත්‍රපටියක් නේ. හැමෝම බාගන්න. ස්තූතියි උදා සහෝ ලිපියට. :P :P

  28. Heshan A Porage

    maxxa machanz..!!

  29. indika

    comment adu unata prahnayk ne balama balamu hodai wage

  30. yooooo

    tks a lot....

  31. lakshan

    maru film aka thanx machan ............... :*

  32. kasun

    ela elaaaa balamu

  33. sujja

    thanks bro

  34. blackcorde

    කට හරි පුලුවන්ද මෙය දාන ෆිල්ම් වලට ට්‍රලර් එකක් add karanna ..adminta kiyala wade karaganna balanna..thnxxx

  35. ashan kandy

    hoda ekak enakan hitiye.. thanks saho..

  36. Nipuna

    Ane kauruhari "The Eagle-2011" film eka baaganna honda torrent ekak hoyala dennako,,,english sub ekkama...bohoma pin siddawenwa

  37. Nipuna

    aiyyo ane....The Eagle...one....

  38. Randi

    thanks for the torrent bro

  39. AL1717

    meka Nam mata Echara Elluwe ne.

    Beluwa. Etha kisi gathiyak Ne

    Thanks Machan

    Jaya Wewaaaa

  40. k.s.supun

    ඔන්න අපිත් බෑවා…..
    ජය වෙවා…

  41. uda

    හැමෝටම ගොඩක් ස්තුතී මෙහෙම යමක් කියලා අපිට තව තවත් දිරි දෙන එක ගැන.

  42. Uraj Deemantha

    අදයි දැක්කේ මේක.... :( දැම්මා බාන්න .... :D

  43. රුවා

    එලස්........

  44. kathu

    පට්ට..පට්ට..!!

  45. saji

    mokada oya size dehekata tiyenne
    size wadi eke quality wadi nisada..

  46. Gamith

    පට්ට..පට්ට..!!

  47. Shashi Fernando

    ane manda, koikatat balama balamuko hodada kiyalaa. savoy eket giya neda?

  48. THISAL

    SUPEEEEEEEEEEEEEERRRRRRRRRRRRRRRRRRBBBBBBB!!!!!!!!!!!!!

  49. Gihan Ruchira

    mkea wada nahane mahcanla

  50. Gihan Ruchira

    mkea wada nahane mahcanla
    error

Load more comments