Watch Trailer

Thor: Ragnarok (2017) Sinhala Subtitles | ලොවක් විනාශ කල පවුල් ප්‍රශ්නය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දොළොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේක රොයිලි සහෝදරයාට හිමි වූ චිත්‍රපටයක්. මොකද එයානේ මේකේ පළමු කොටසට උපසිරසි නිර්මාණය කලේ. කොහොම හරි එකදවසක් නිකම් මට මේක දෙනවද අහපු එකේ ප්‍රතිපලය තමා මේ. අද උදේ තමා වෙබ් පිටපත නිකුත් උනේ. ඉතින් අද දවස ඇතුලතම IMD…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දොළොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේක රොයිලි සහෝදරයාට හිමි වූ චිත්‍රපටයක්. මොකද එයානේ මේකේ පළමු කොටසට උපසිරසි නිර්මාණය කලේ. කොහොම හරි එකදවසක් නිකම් මට මේක දෙනවද අහපු එකේ ප්‍රතිපලය තමා මේ. අද උදේ තමා වෙබ් පිටපත නිකුත් උනේ. ඉතින් අද දවස ඇතුලතම  IMDb අගය 8.1 වන මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන එන්න මට පුළුවන් උනා.

ඇත්තටම මෙම චිත්‍රපටයට පදනම් වෙන්නේ නෝර්වේයානු (අතීත බටහිර ජර්මන්, නොර්වේ ආදී ප්‍රදේශයන්ගේ) දේව ඉතිහාසයට සම්බන්ද කතාවක්. ඇත්තටම ඔයාල දැනටමත් දන්නවා ඇති කියල හිතෙනවා මේ, තෝර්, ලොකි වැනි චරිත මාවල් කොමික් අරගෙන තියෙන්නේ මෙම නෝර්වේයානු දේව ඉතිහාසයෙන්. ඉතින් මේ කතවා සම්පුර්නම පදනම් වෙන්නේ තෝර්ගේ ලෝකය වන ඇස්ගාඩ් ලොවේ ඉරණම සම්බන්දයෙන්. ඔයාල අපි දන්නා මහා බාරත් යුද්දය, රාම රාවනා යුද්දය වැඩි හින්දු දේව ඉතිහාසයේ ප්‍රසිද්ද යුද්ද මෙන්ම මෙම නෝර්වේයානු දේව ඉතිහාසයේ තිබෙනවා ඇස්ගාඩ් දෙව් ලොව අනාගතයේ දෙවියන් අතර ඇතිවෙන යුද්දයකින් විනාශ වෙන බව. ඉතින් සරලවම මෙහි දක්නට තිබෙන්නේ එම ඉතිහාස කතාවේ කොමික් වර්ෂන් එකක්.

ඉතින් මෙහි සිටිනා චරිත ඔයාලට පොඩ්ඩක් කොමික් වලින් බැහැරව තේරුම් කරදෙන්න මම පොඩි උත්සාහයක් ගන්නම්.  ඉතින් තෝර්. මෙයා තමා අකුණු, ගුගුරුම්, කුනාටු , ඕක් ගස් වලට ප්‍රධාන දෙවියා. ඒවගේම ඇස්ගාඩ් දෙව් ලොව ආරක්ෂකයා වගේම මනුෂ්‍ය ලොව රැකවලා. දේව ඉතිහාසයට අනුව මොහු තමා මිනිස් ලොව ස්වභාවික විපත් පාලනය කරන්නේ. Mjölnir ලෙස හඳුන්වන මිටිය තමා මොහුගේ ආයුදය. ඊළඟට ලොකි. මොහු තෝර් ගේ සහෝදරයෙක් ලෙස මාවේල් විශ්වයේ සඳහන් වුවත් සැබෑ දේව ඉතිහාසයේ එවැනි පැහැදිලි සදහනක් නැහැ. පසුකාලින ඉතිහාස කතාවක පමණක් මොහු ඔඩින් නැතිනම් තෝර් ගේ පියාගේ තවත් එක් පුතෙක් ලෙස සඳහන් වෙනවා. ඊළඟට මෙහි දක්නට ලැබෙන හෙලා නැතිනම් මරණයේ දෙව්දුව ඇත්තටම දේව ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ ලොකි ගේ දියණියක් වශයෙන්.

ඊළඟට කොමික් චරිත කිහිපයක් ඔයාලට මෙහි දක්නට පුළුවන්. හල්ක්, මායා දොස්තර (ඩොක්ටර් ස්ට්‍රේන්ජ්), සහ කුඩා දර්ශනයක් සඳහා බ්ලැක් විඩෝ ඒ අතරේ ප්‍රධානයි. ඒවගේම චිත්‍රපටය අවසන් ඇවෙන්ජර් චිත්‍රපටය සිදුවීම් සිදුවී වර්ෂ දෙකකට පසු වෙන සිද්දියක් ලෙස තමා පෙන්වන්නේ. ඔයාලට මතක ඇති හල්ක් යානයක නැගිලා වේගයෙන් පියඹා යනවා. ඒවගේම ඊට පස්සේ තෝර් විවිධ වීර ක්‍රියා සිදුකරමින් විශ්වය පුරා ගමන් කරනවා. චිත්‍රපටයේ නොපෙන්නුවත් නෝර්වේයානු දේව ඉතිහාසයේ විශාල සත්වයන් සමග සටන් කිරීම, විශ්වයේ තිබෙන දුර්ලභ වස්තුන් සොයා ගෙන යන ගමන සිදු වුවා යැයි අපට සිතන්න පුළුවන්. චිත්‍රපටයේ ආරම්භයේ එක් ස්ථානයක ඔහු එවැනි සඳහනක් කරන හින්දා.

මෙම දේව යුද්දය සටහන් වන නොර්වෙයානු රුප සටහනක්

කොහොම හරි කලින් කිව්වා වගේ ඇස්ගාර්ඩ් දෙව්ලොව විනාශ වෙන දේවයුද්දය තමා මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. තෝර්, ලොකි සහ තෝර් ගේ වැඩිමල් සහෝදරිය ලෙස මෙහි හඳුන්වන හෙලා සහ හල්ක් මිට මැදිවෙන ආකාරය ඔයාලට මේකෙන් බලන්න පුළුවන්. ඒවගේම තෝර් සහ හල්ක් හමුවීම සිදුවෙන ආකාරය සහ මෙම යුද්දයට වටපිටාව සකස්වීම ඉතාමත් පැහැදිලිව පෙළගස්වා තියෙනවා. ඒත් දෙයක් කියන්න ඕනා. මොකද මේක චිත්‍රපටයත් මාවේල් චිත්‍රපට වලට ලඟදි හැදිලා තිබෙන අවාසනාවන්ත රෝගය වන කොමික් කොමිටේල් කිරීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙලා තියෙනවා කියල මට පුද්ගලිකව හිතෙනවා. මොකද අකුණු වලට අධිපති දෙවියන් මේ චිත්‍රපටයේ කුඩා ටිසර් (විදුලි ස්පන්ධන) මෙවලමක් අධාරයෙන් අඩපන කිරීම සහ සම්පුර්ණ දෙව් ලොවක් තුල පිරිසක් යානාවකට පැටවීම වගේ දේවල් ටිකක් විතර පැටලිලි සහිතයි. කමක් නැ කොමික් නේ. සමහරු තර්ක කරනවා වගේ කොමික් වල මොනවද ඇත්ත කියල කියන මතේ පිහිටා ඉඳිමින් මට කියන්න පුළුවන් මෙම චිත්‍රපටය ගොඩාක් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියල. කුණු තක්කාලි අගය 92% සහ IMDB 8.1 ඉතින් ලේසියෙන් ලැබෙන්නේ නැනේ. ඒවගේම මෙහි තෝර් සහ ලොකි ඇමරිකානු ඉංග්‍රීසි උච්චාරනයත්, ඇස්ගාර්ඩ් සහ සකාර් වැසියන් තරමක් පැරණි  ඉංග්‍රීසි වලට සමාන භාෂාවක් භාවිතා කරන හින්දා උපසිරසියේ සිංහල දෙබස් යෙදීමේදී ඒ බාෂා ආකාරයන් යොදාගැනීමට මම සැලකිලිමත් උනා.

ඉතින් තෝර් චරිතයේත් පැහැදිලි වෙනස්කම් කිහිපයක් මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. එකක් තමා ඔයාල අපි තෝර් චරිතයේ දැක්ක දිගු කොණ්ඩය දක්නට නොලැබීම. එත් ඉතින් මාවෙල් හි අපි ඔක්කොම දන්නා ස්ටේන් ලිම මෙම කොණ්ඩය කපා දැමීමේ දර්ශනයට පෙනී සිටින හින්ද එයාලට හොඳ නම් අපිට හොඳා කියන කියමනට එකඟ වෙන්න වෙනවා. ඒවගේම තෝර් ගේ මිටිය චිත්‍රපටයේ පළමු විනාඩි විස්ස අතුලේදීම දුවිලි වෙලා යනවා. ඩොලර් මිලියන එකසිය අසුවක් වියදම් කරලා ඩොලර් මිලියන අටසිය පනහකට වැඩි මුදලක් හොයල තියෙන හින්ද මෙම වෙනස් කම් ලොව කොමික් රසියකින් පිළිඅරගෙන කියල අපිට හිතන්න පුළුවන්.

ඉතින් ඔන්න ඔයාලට මෙම චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් තව දෙයක් කියන්න අවස්ථාවක් කර ගන්නවා. ගිය පාර මම දැක්කා කමෙන්ට් එකක් මමත් අලුත් චිත්‍රපට වලට හැරුණද පරණ ඒවා කරන්නේ නැත්ද කියල. එහෙම දෙයක් නැහැ. ඊළඟට මම ඔයාලට අරගෙන එන්නේ පරණ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරසියක්. ඉතින් ඒකත් එක්ක හමුවෙමු.

බුදු සරණයි…!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

66,834 downloadsDownload Thor-Ragnarok-2017-BR.zip161 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

66,834 downloadsDownload Subtitles161 KB

377 comments

  1. sheyya

    1st

  2. විමා

    එලම එලම
    කලින් බැලුව හෝල් එකෙන්ම
    එහෙමයි කියල ආයේ නොබලා ඉන්න බැහැනේ
    මෙන්න ගන්නවා :D

  3. Sandarugunawardana

    Niyamaiiiiii

  4. sanjaya kumara

    THANKS SUB EKATA......

  5. podda

    elama!!! thanks sub ekata

  6. Vimukthi2001

    එලම බ්‍රෝ සුපිරි tanx

  7. තරිඳු පෙරේරා

    බොහොම ස්තුති සහෝ සබ් එක ගන්නවා මේ වගේ ටව සබ් කරන්න ශක්තිය ලැබේවා ඒ වගේම ඔබේ අනාගතයට සුබ පතනවා

  8. GeethD

    THANKS SUB EKATA

  9. pasinduadhithya

    enakan balan hitiyeee.thank you saho ikmanata dunnata

  10. Z3RO

    hammo elama

  11. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  12. Mokshaya

    Thanks bro....

  13. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට ස්තුතියි අසංක අයියේ!

  14. Malinda

    story eka gena echchara kemeththak ne wage? :D mama nam enakam balagena hitapu kathawak.

  15. gihan perera

    ගොඩක් ස්තුතියි..මෙික දෙනකන් බලන් හිටියේ..දෙවි පිහිටයි සහෝ...දිගටම උපසිරැසි දෙන්න...

  16. Anuruddha Leo

    හම්මේ හවස මේ ගැන කතා කළා විතරයි.........තැන්ක්ස් අයියා උපසිරසට

  17. kalanagunasekara

    elmaaa

  18. Lushan Tharinda

    Subata thanks bro...
    Blu-ray eka awama update karanna karanno...

  19. Helili Hemamali

    අයියගෙ උපසිරැසියක් නම් ආයි අහන්න දෙයක් නෑ, ස්තූතියි. තවත් සුපිරි නිර්මාණයක් අරන් එන්න.

  20. saihns

    එල පුතී එල...

  21. adMark

    Ela bro .jaya wewa

  22. LoneWalker

    Thanks

  23. rihanakash521

    Thnz macho

  24. geeganagamage

    ගොඩක් ස්තුතියි මේක එනකම් ගොඩක්කල් බලාගෙන හිටියා . ඔබ සැම අප වෙනුවෙන් මේ කරන උතුම් සේවය අප සැමට ගොඩක් වටිනවා . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට . එත් මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
    බුදු සරණයි , දේවි පිහිටයි .

  25. Tharindu_Rukshan_Perera

    බොහෝම ස්තුතියි සහො උපසිරැසියට මේ බ්ලුරේ එක එනකල් ඉදලම බලනවා තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    1. ආසිරි ප්‍රියන්ත

      යෙන්න බ්ලුරේ කොපි වන්දෙට්ට මා, ඉදු වෙබ් ඩි එල් කොපි නල්ල සුබ්ම්,
      නාන් සජෙසමා ඉදු වෙබ් කොපි පාක්කරංග.
      නන්රි.

    2. Udara Damith Dissanayaka

      හි

  26. macrocomlk

    ammo meka enakal tama balan hitiye....thanks machan

  27. TharakaWAS

    Thanks

  28. Sampath23

    PAtta thanks

  29. shanaka herath

    elama

  30. ආසිරි ප්‍රියන්ත

    තද තද බ්‍රෝ,
    අපිනම් සබ එක්ක සයිට් එකේ දෙන්න කලින්ම බැලුවා,
    සබ එක කුණුකොල්ලෙට අන්ඩර්කට් මාර්ගෙන් හම්බුනා, අඩු ගාණකට.
    සබ එක එලටම තිබ්බා ඈ.
    ජය වේවා.
    තව අරං එමු ගිඩි ගිඩි ගාලා.

  31. Shalin kavinda

    Fattama supiri...thnxx

  32. Thisal

    thanks mcn

  33. Iman Kasthuri

    Thanks brother. ikmnt dunnata!

  34. Milan Sadaruwan

    THANKS bro..........

  35. Amalka Himeshan

    Thanks machan sub ekata

  36. janithchandimal

    thanks

  37. Avindu Umesh Gunasinghe

    tnx..bro.meka enakmmai hitiye..elama.

  38. nirodha uthpala

    Brrip eanakan ivasanna vena ceen eakak thiyenne. Thx for sub bro update eaka apu gaman suba brrip valata update eaka ona kollo.thx for the sub digatama demu obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  39. Ruwan18

    PATTA THANKS SAHO

  40. Ashan Maduranga

    sub ekata thanks bro

  41. Pasan wijewardhana

    Ammoh atiyntnm thnkz bolaw

  42. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි කිව්වා උපසිරැසියට..
    ඕං එහෙනම් ගත්තා
    දිගටම සබ් දෙමු ආ.. :P
    ඔබට ජය!

  43. malidu8

    Ela

  44. kumaradasa

    Sub ekata thanks bro

  45. Prabodha Madhusankha Hettiarachchi

    marai bro ikkamata sub eka dala neee. Supiri..

  46. Kc96

    thankz bro

  47. johnnysand

    තෑන්ක්ස් බ්‍රෝ සබට...

  48. Chathura Abesiriwardhana

    තද තද බ්‍රෝ,

  49. Gathsara Umesh

    Hmooo enkm ifya thrmk...
    Jl eka blala mta DC epam unaa..monw unth mm assm DC...eth JL ek cha un hinda mek enkm thma ifiye..bohoom sthuthiyi ayyee..oyage subnm aye kiynn detk nee supper....
    Ikmaninm thawath upasiresiyakin hmuwemu...jayawewaa ethek obata.........

  50. shan AC

    thnx broo.....

Load more comments