සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මාස දෙකකින් විතර පස්සෙ තමා මං ආපහු සබ් එකක් අරගෙන ආවේ. මං අවසන් වරට ලබා දුන්නෙ The Big Lebowski (1998) කියන චිත්‍රපටය. මේක මගේ 26 වෙනි උපසිරසි නිර්මාණය. මේ වතාවේ අරගෙන ගොඩක් පැරණි Black & White චිත්‍රපටයක්. මෙය ස්වීඩන් භාෂාවෙන් යන චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මෙය…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මාස දෙකකින් විතර පස්සෙ තමා මං ආපහු සබ් එකක් අරගෙන ආවේ. මං අවසන් වරට ලබා දුන්නෙ The Big Lebowski (1998) කියන චිත්‍රපටය. මේක මගේ 26 වෙනි උපසිරසි නිර්මාණය. මේ වතාවේ අරගෙන ගොඩක් පැරණි Black & White චිත්‍රපටයක්. මෙය ස්වීඩන් භාෂාවෙන් යන චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මෙය අපිට එදිනෙදා දකින්න ලැබෙන තාලේ චිත්‍රපටයක් නෙමෙයි. ජීවිතය ගැන හොඳ පාඩම් කියාදෙන, ගැඹුරැ අර්ථයක් කැටිකරගත් නිර්මාණයක්. එමෙන්ම විවිධ රටවල් වල මෙම චිත්‍රපටය සිනමාකරණය පිළිබඳව ඉගැන්වීමට පවා යොදාගනු ලබනවා. ඉතිං මට හිතුනා මෙම වටිනා නිර්මාණය වෙනුවෙන් උපසිරසක් ලබාදෙන්න.
මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1957 වර්ෂයේදි. මෙම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ සුපක්‍රට ස්වීඩන් ජාතික අධ්‍යක්ෂවරයකු වන Ingmar Bergman විසින්. මෙයට Victor Sjostom, Bibi Anderson, Ingrid Thulin යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. එම අවධියේදි අන්තර්ජාතික සිනමා උළෙල්වල් වලදි සම්මානයට පාත්‍ර වුන මෙම චිත්‍රපටය, 8.2 ක් වැනි ඉහලම IMDB අගයක් හිමිකරගෙන IMDB දර්ශකයේ 152 වෙනි ස්ථානයේ පසු වෙනවා. ඉතිං මේ චිත්‍රපටය එදාමෙදා තුර බිහිවුණ විශිෂ්ට සිනමා නිර්මාණයක් බව පැහැදිළියි. මෙහි කතාව ගැන විස්තරයක් කරන එක නම් ටිකක් අමාරැයි. මොකද මෙහි කතාවක් ගලාගෙන යනවට වඩා, අධ්‍යක්ෂවරයා මෙහිදි උත්සහ දරා තිබෙන්නෙ යම් යම් සිද්ධි, චරිත සහ හැඟීම් පිළිබඳව විග්‍රහයක යෙදෙන්න. මෙහි ප්‍රධාන චරිතේ වෙන්නෙ ඊසැක් බෝර්ග් නැමැති මහළු වියේ පසුවෙන මහාචාර්යවරයෙක්. වෛද්‍යවරයෙක් ලෙස කල සේවාව නිසා මොහුට ගෞරව උපාධියක් පිරිනැමෙනවා. එම උපාධිය ලබාගැනීමට යන අතරතුරදි, ඔහු තම ජීවිතය අනුසාරයෙන් ගොඩනැගුනු සිහින පෙළක් දකිනවා. එමෙන්ම මෙම ගමන තුළදි ඔහුට විවිධ තරාතිරම් වල පසුවෙන පුද්ගලයින් කිහිප දෙනෙක් මුණගැසෙනවා. එම සිහින සහ පුද්ගලයින් ඇසුරින් ඔහු තම ජීවිතය ගැන කෙරෙන විග්‍රහයක් තමා මෙම චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ. ඉතිං චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි.
විනාඩි 90ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය ඇත්තටම නරඹලා විනෝද වෙන්න පුළුවන් ජාතියේ එකක් නෙමෙයි. මෙහි තිබෙන දෙබස් සහ කථාව තුළින් නරඹන්නාව යම් කිසි වෙහෙසකට පත්කරනවා. ඉතිං මෙම චිත්‍රපටයේ චරිත, සිදුවීම්, දෙබස් හොඳ ඉවසීමකින් යුතුව නරඹන්න. එහෙම කරොත් අධ්‍යක්ෂවරයා දෙන්න උත්සහ කරපු පණිවිඩය අවබෝධ වේවි. සිනමා විචාරකයින් මෙම චිත්‍රපටයට විවිධාකාර අර්ථකතන දී තිබෙනවා. ඉතිං චිත්‍රපටය නරඹා ඔබම හොඳ නරක තීරණය කරන්න.
මෙම චිත්‍රපටයට අදාලව අන්තර්ජාලයේ විවිධ පිටපත් අන්තර්ගත උනත් ඒ හුඟක් ටොරන්ට් වල සීඩ් නැතිවෙලා ගිහින්. එමෙන්ම සමහර පිටපත් ප්‍රමාණයෙන් ගොඩක් විශාල ඒවා. ඉතිං මං සබ් එක හදන්න යොදාගත්තෙ, “Ingmar Bergman – Smultronstallet AKA Wild Strawberries (1957) කියන 1.09 GB ප්‍රමාණයේ පිටපත. එහි සීඩ් හොඳට තියෙනවා වගේම කොලිටියත් ගොඩක් හොඳයි. එම පිටපත අන්තර්ජාලයේ තියෙන ටොරන්ට් වෙබ් අඩවියකින් ලේසියෙන්ම බාගන්න පුළුවන්. ඒ වගේම මෙය ස්වීඩන් භාෂාවෙන් යන චිත්‍රපටයක් නිසා සබ් එක හදන එක ටිකක් දුෂ්කර උනා. මං යොදාගත්තු ඉංග්‍රීසි උපසිරසියෙත් යම් යම් ගැටලුකාරී තැන් තිබ්බා. ඉතිං මං උපරිම උත්සහය දැරැවා සබ් එක හොඳට හදන්න. වැරැද්දක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් සමාවෙන්න කියලත් ඉල්ලනවා. එහෙනම් තවත් උපසිරසක් ඉක්මනින්ම රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය පතමි !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,709 downloadsDownload Wild-Strawberries-1957.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/james-dc-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
James DC
Subtitles
24 comments
Udara Damith Dissanayaka
Wicki
බර්ග්මාන් ගේ නිර්මාණයකට සබ් දුන්න එක හීනයක් වගේ. ඔබට බොහොම පින්. හැකිනම් CITIZEN KANE එකට උපසිරස දෙන්න.ඔබට බොහොම ස්තුතියි
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි James DC.
වෙනදා වගේම අදත් පරණ ෆිල්ම් එකකට නියම උපසිරැසියක් දීලා තියෙනවා.
කදිම ලිපියකුත් එක්කම.
ජයෙන් ජය.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasitha_Madhushan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.........
මේ වගේ පරන ෆිල්ම් එකකට සබ් එකක් කලාම ලැබෙන වීව්ස් ගාන ඩවුන්ලෝඩ්ස් ගාන වෙච්ච මහන්සිය අගයලා වැටෙන කමෙන්ට්ස් ගාන අඩු බව දැන දැනමත් අපි වගේ පරන ෆිල්ම් බලන සුලුතරයක් වෙනුවෙන් වෙන මහන්සියට ආයෙමත් වතාවක් බොහොම ස්තූතියි කියනවා.... ලගදීම තවත් මෙවැනිම මගහැරුන පරන හොද ෆිල්ම් එකක උපසිරැසියක් සමගින් හමුවෙමු.
ඔබට ජය.......!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Soori
බොහෝම ස්තුතියි සහෝ මේ වගේ විශිෂ්ඨ නිර්මාණයකට සිංහල උපසිරැසි ලබා දුන්නාට....!!!
jagannatha
මෙවැනි චිත්‍රපටයක් ලබා දීමට සිතීමත් අගය කළ යුතුයි. බොහො ම ස්තූති උපසිරැසියට.
thusithaltr
විශ්ව සිනමාවේ අපූර්ව නිර්මාණයක් අප වෙත ගෙන ආ ඔබටත්, බයස්කෝප් කණ්ඩායමටත් බෙහෙවින් ම තුති.
sathira529
මෙවැනි විශිෂ්ට චිත්‍රපටයක් කිසිම ලාබ අපේක්ෂාවකින් තොරව අපේ රසවින්දනය උදෙසාම උපසිරැසි ගැන්වීම වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ස්තූතියි..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
AsithaDilruwan
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!AsithaDilruwan
ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් එකටයි
Rebecca (1940)ස්ටැන්ලි කුබ්රික්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
A Clockwork Orange (1971) (IMDB 250)
Dr. Strangelove or How I Learned to Stop Worrying and Love the Bomb (1964) (IMDB 250)
Paths of Glory (1957) (IMDB 250)
AsithaDilruwan
ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටයි
Rebecca (1940)pdcmadusanka
සුපිරි වැඩක්
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!sadahamrc
You don't need to apologies brother. What you do is far more than we expect for free. Thanks a lot. Cheers!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ලස්සන ජිවිතයට යමක් ගත හැකි ෆිලුමක්..මේවා කවදාවත් පිළුම් වෙන්නෙත් නෑ..
දෙබස් තේරුම් ගන්න ටිකක් වෙහෙසෙන්න ඕන.
පැය 1.30 නිසා Backward කර කර බැලුවත් මොකද..
ජය වේවා!!Priyantha Dayakeerthi
MDb ඉහළ අගයක් ගත් එකක් නම් අනිවාර්යයෙන් බලනවා. ඔබට ගොඩක් ස්තුතියි!!!
sam fisherr
හම්බො මෙකෙ පරණඅපෙ තාත්තත් ඔයිට පස්සෙ ඉපදිලතියෙන්නෙ
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රො සබ් එකට.. ජය වේවා!
Godzilla912
Thankx මම බැලුවා ඒත් ගොඩාක් තැන් තෙරුම් ගන්න අමාරුයි.
sasanka
thanks for the sub
Advertisement
නියමයි \
ඔන්න ඩවුන්ලෝඩ් වෙන් ඩ දම් මා
නිවී සැනැ සිල්ලේ බලන්ඩ ඕනි එකක් වගේ පෙන්නේ