මුලින්ම කියන්න ඕන මං මේක ගිය වර්ෂයෙ ඉඳල බලං ඉඳපු චිත්‍රපටයක් කියලා. පුර්ව ප්‍රචාරක පටය නිකුත් වුණත් එක්කම ලොකු කැමැත්තක් තිබ්බ චිත්‍රපටයක්. කොහොමහරි මේ ඇතිවෙලා තියෙන Covid-19 තත්ත්වය හේතුවෙන් චිත්‍රපටය කල් ගියා. ඒ කියන්නෙ 2021 වර්ෂයට. ඔන්න කොහොමහරි අද හොඳ පිටපතක් නිකුත් වෙලා තියෙනවා. එහෙනම් අපි බලම…

මුලින්ම කියන්න ඕන මං මේක ගිය වර්ෂයෙ ඉඳල බලං ඉඳපු චිත්‍රපටයක් කියලා. පුර්ව ප්‍රචාරක පටය නිකුත් වුණත් එක්කම ලොකු කැමැත්තක් තිබ්බ චිත්‍රපටයක්. කොහොමහරි මේ ඇතිවෙලා තියෙන Covid-19 තත්ත්වය හේතුවෙන් චිත්‍රපටය කල් ගියා. ඒ කියන්නෙ 2021 වර්ෂයට. ඔන්න කොහොමහරි අද හොඳ පිටපතක් නිකුත් වෙලා තියෙනවා. එහෙනම් අපි බලමුකො කතාව මොකක්ද කියලා.
ගාවින් කියන්නෙ නයිට්වරයෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්. නත්තල් දවසෙ තමන්ගෙ පවුලෙ අයත් සමඟ එය සමරමින් ඉන්දැද්දී එකපාරටම වගේ ආගන්තුකයෙක් පැමිණෙනවා. මොහු මනුෂ්‍යයෙක් නෙමේ. නමුත් මොහුට නයිට්වරයෙක් හැටියට තමයි සළකන්නෙ. ඉතින් මොහු මෙතනට ඇවිත් සෙල්ලමක් කරනවා. ඒ තමයි ඔහුගෙ හිස ගැසීම සඳහා නිර්භීත නයිට්වරයෙක්ට ඉදිරියට පැමිණෙන ලෙස ඇරයුම් කරනවා. නමුත් මෙය සටනක් නෙමේ. ඒවගේම ඔහුගෙ එක් කොන්දේසියක් වෙන්නෙ හරියටම අවුරුද්දකින් ඔහුටත් එලෙසෙම ගෙල ගසා දැමීම සඳහා ඉඩ ලබාදෙන එක. ඉතිං අවුරුද්දකින් පසු ඔහු තමන්ගෙ මේ චාරිකාව ආරම්භ කරනවා. ඒ අතරේදී ඔහුට මුහුණ දීමට සිදුවෙන දේවල් අනන්තයි. මීට එහා කිසිම සඳහනක් කරන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො ඔහුගෙ මේ චාරිකාව කොයි වගේද කියලා.
The Green Knight චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබෙන්නෙ David Lowery විසින්. රංගනයෙන් Dev Patel l Alicia Vikander l Erin Kellyman l Barry Keoghan l Ralph Ineson l Sean Harris l Joel Edgerton දායක වෙනවා. ඒවගේම මෙයට පාදක කරගෙන ඇත්තෙ 14 වෙනි ශතවර්ෂයෙදී නිකුත් වුණු Sir Gawain and the Green Knight නමැති කාව්‍ය මගිනුයි. IMDb අගය මේ වෙනකොට 7.4 වැනි අගයක් සහ කුණු තක්කාලි අගය 87% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් ඔයාලම බලලා දැනගන්නකො මොන වගේ අපුරු චිත්‍රපටයක්ද කියලා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
10,617 downloadsDownload The-Green-Knight-2021-Blu-Ray.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
41 comments
amila
oshanmp
වැරදි sub එකක් map වෙලා තියෙන්නේ!
Anonymous
The Swarm eke sub eka ne thiyenne..
Janaka
මේ ෆිල්ම් එක බලන්න එපා මචන්ලා උඹලගේ කාලය අපරාදෙ.. කිසිම ඇක්ෂන් එකක් නෑ මේකෙ ට්‍රේලර් එකේ බොරුවට පෙන්නනව වගේ.. මහම මහ මස්තෙ ගහන ෆිල්ම් එකක්. නින්ද යනවා, කතාව තේරෙන්නෙත් නෑ.
Anonymous
උඹට සෙට් නැතුවට අපි මොනා කරන්නද බන්.මේ ෆිලුමෙ අමුතුම රහක් තියෙන්නෙ.පොඩ්ඩක් හොයල බලහන් A24 ෆිල්ම් කියන්නෙ මොනවටද කියලා.Ex Machina, Midsommar, Hereditary, Lady Bird වගේ ෆිල්ම්..පොල්ලෙන් ගහනවා වගේ කතාවක් කියන එක උන්ගෙ විදිහ නෙවේ.මේක එක විදිහක කතාවක්.අනික කාලෙකින් බලපු හොඳම cinematography...මම කියපු කතාව බොරුනං vote 17,000කින් IMDb 7.1ක්, , Rotten Tomatoes 8.7ක්, Metacritic 8.5, හම්බෙන්න විදිහක් නැනෙ බන්.උඩ තියන කමෙන්ට් එක හින්ද ෆිල්ම් එක නොබැලුවොත් පට්ට අපරාදයක්....
Wijitha A.
ඇත්ත. මට තියෙන ප්‍රශ්නෙ ගාවින් මොන මගුලකට අරූගෙ පොරව ගත්තද කියලා. ඒකෙන් කරන්න පුළුවන් මගුලක් නෑ.
Janaka Jagath
වැඩක් නෑ . පට්ට කම්මැලී. ඒත් උපසිරැසියට ස්තූතී
Jerome Valeska
නිවැරදි උපසිරැසිය නැවත අප්ලෝඩ් කරන ලදී.
Anonymous
Thanks
Anonymous
Thanks .....
Anonymous
සබට තුති සහෝ.පට්ට ෆිලුමක්.
kavinu
ෆිල්ම් එක ආව දවසෙම සබත් දාලනේ!
මරු මරු
බලන්න හදන්නේ එහෙනම්Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kushan
Sub akta thanks
jagath55
Thanks
charith
සබ් එකට ස්තුතියි....
Anonymous
thanks mchn sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
සමීර
18+ තිබ්බට මේකෙ එහෙම කිසිම දෙයක් නෑ. මේකෙ කෙටියෙන් වෙන්නෙ අර උඩ කතාවෙ විදියට අන්තිමට හොයන් යන එක. වැඩක් නෑ මම නම් කියන්නෙ. වැඩිය තේරෙන්නෙත් නෑ. අපරාදෙ ඩේට ටිකනම්, අමුතු ෆිල්ම් බලන අයටනම් හොදයි. කම්මැලී ටිකක්. අනික මේකෙ ලොකු ස්ටෝරි එකක් නෑ.
කවිඳු ජයවර්ධන
කතාවනං ටිකක් බෝරින් තමා.ගොඩක් අයට කතාව තේරිලා නැති පාටයි.කියන්න ගියොත් ස්පොයිල් වෙන හින්ද නොකියා ඉන්නම්.අනිවා බහුතරේකට සෙට් නැති කතාවක් වෙයි.සබ් එකනං හොඳට තිබ්බා සහෝ.සබට තුති..!!!!
Anonymous
කතාව බලල කමෙන්ට් එකක් දාන්න එනකොටයි දැක්කෙ උඩ රේටින්ග් 3.4යි කියලා.අඩේ ෆිල්ම් එකක් අව්ල්නං වෙන කොහෙහරි ගිහින් රේට් කරගනින්ල්ල බන්.දන්නැත්තං දැනගනිල්ලා උඩ තියන රේටින්ග් තියෙන්නෙ සබ් එකේ ගුණාත්මකබවට එහෙම නැතුව ෆිල්ම් එකේ නෙවේ.. .යකෝ සබ සුපිරියටම තිබ්බා.අනිවා 9/10ක්වත් තියෙන්න ඕනේ සබ් එකට..
Anonymous
සබට තෑන්ක්ස් සහෝ.
Sanjeewa Karunarathna
සදාකාලික ආතර් පුරාවෘත්තයක් වන "ද ග්‍රීන් නයිට්" මත පදනම් වූ වීර කාව්‍යයක් වන ග්‍රීන් නයිට් පවසන්නේ, ආතර් රජුගේ නොසැලකිලිමත් සහ හිසරදයක් වූ බෑණා වන ශ්‍රීමත් ගවේන්ගේ (දේව් පටේල්) කතාවකි. -සම ආගන්තුකයෙකු සහ මිනිසුන්ගේ පරීක්‍ෂක. අවසාන අභියෝගයට මුහුණ දීමෙන් ඔහුගේ චරිතය නිර්වචනය කිරීමට සහ ඔහුගේ පවුල සහ රාජධානිය ඉදිරියේ ඔහුගේ වටිනාකම ඔප්පු කිරීමට ගැඹුරු ගමනක් යන ගමනේදී ගවේන් අවතාර, යෝධයන්, සොරුන් සහ උපක්‍රමකරුවන් සමඟ සටන් කරයි. දූරදර්ශී චිත්‍රපට නිෂ්පාදක ඩේවිඩ් ලෝවෙරිගෙන්, රවුම් මේසයේ නයිට්වරුන්ගෙන් සම්භාව්‍ය කතන්දරයක් මත නැවුම් හා නිර්භීත කරකැවිල්ලක් පැමිණේ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
chinthaka.max4
thankx machan
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Shanaka
Mekanam meloma kamakata nethi. Moda film ekak.meka download krla nettam download krnna epa. Kalakanniyek nam download krla balanna. sub eka dapu kena rasa kara kara kiyala tiyenwa. Hebei. Meka nam meloma kamakata nethi buruma buru film ekak. Camera , and sounds hodai. But no meaning at all. Sub eka daana kena poddak kathawe wistarekuth demmanam hodai boru noda.
Anonymous
baluwata melo magulk terune na..sub eke awlk na.story eka complicated,meke sttory eka dannwanm podi explanation ekak daanna.thanks
Anonymous
උඩින් පෙන්නන කතාවට අමතරව, යටිපෙළින් යන කතාව තේරුනොත්නං බලපු සුපිරියක් වෙයි.
Maduwantha
Film eka supiri Ekak wedak na kiyala. Nobala Inna EPA
Samanya film ratwa nemei eekai godak ayata alkane natte meke wali udda na
Lipiye rahata kiyala tiyena de ee widihata ma wenawa
Meka godak adventure, fantasy ganayata Tama ayath wenne aniwa balanna data aparade kiyala hitenawanm 500mb copy ya gannaLakshansilva18
thanks
Anonymous
Bluray sub akath denawada..? please...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
everything everywhere all at once
Me film 1t sub denwadSahan Gayantha
Thanks a Ravindu saho sub ekata..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
The.Swarm kiyana eke sub eka thiyenne. sub eka wena ekak