Watch Trailer

The Matrix (1999) Sinhala Subtitles | සැබෑ ලොව කුමක්ද? [සිංහල උපසිරැසි] [Blu-Ray Update]

කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ අපි මිට කලින් උපසිරසි දීල තියෙන, නමුත් අඩු පාඩු රැසක් තියෙනව කියල මෙට්‍රික්ස් රසිකයින් විසින් අපිව දැනුවත් කිරීම් සිදු කල සිංහල උපසිරසියක්. ඇත්තම අපේ මුල් කාලින උපසිරසිකරුවෙක් විධියට සඳුන් ප්‍රියංකර සහෝදරයා සබ් එක හොඳට කරලා තිබ්බ. නමුත් ඔහුගෙන් සිදුවෙලා තිබුණු එකම…

කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ අපි මිට කලින් උපසිරසි දීල තියෙන, නමුත් අඩු පාඩු රැසක් තියෙනව කියල මෙට්‍රික්ස් රසිකයින් විසින් අපිව දැනුවත් කිරීම් සිදු කල සිංහල උපසිරසියක්. ඇත්තම අපේ මුල් කාලින උපසිරසිකරුවෙක් විධියට සඳුන් ප්‍රියංකර සහෝදරයා සබ් එක හොඳට කරලා තිබ්බ. නමුත් ඔහුගෙන් සිදුවෙලා තිබුණු එකම වැරැද්ද වෙලා තිබ්බේ, සිනමාපටය දිවෙන තේමාව සම්බන්ධව හැදෑරීමක් නොකොට උපසිරසි යෙදීම. ඒ නිසාවෙන් ඔහුට බොහෝ තැන්වල සිනමාපටයට අදාළ වචන, වාක්‍යය ඛණ්ඩයන් සහ බස් වහර වැනි දෑ මගහැරී ගොස් තිබුනා.

ඒ නිසාවෙන් කුඩා කල පටන් මෙට්‍රික්ස් පිස්සෙක් වෙලා හිටිය මමම මේකට නැවත සිංහල උපසිරසි ගැන්වීමක් සිදු කරන්න බාරගත්තා, මෙට්‍රික්ස් රසිකයින්ගෙන් අපිට ලැබුණු ඉල්ලීම් ටිකත් සලකා බලමින්. ඉතිං මං වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ. මොකද මේ වෙන කොටත් වැඩි දෙනෙක් මේක බලල තියෙන නිසාත්, සඳුන් සහෝදරයා විස්තරයක් දීල තියෙන නිසාත්. එහෙම නම් සඳුන් සහෝදරයාටත් ස්තුතිය පුද කරමින් සමුගන්නම්. නැවතඋපසිරසියකින් මුනගසෙමු. මේ වසංගත සමයේ, පරිස්සමින් දිවි ගෙවන්න! 🙂

මේ සඳහා සිංහල උපසිරැසි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වුණත්, අන්තර්ජාල සබඳතාවයේ ප්‍රශ්නයක් නිසා ප්‍රමාද වුණා. මුලින්ම කැමතියි, ඒ වෙනුවෙන් කණගාටුව පල කරන්න. 1999 මාර්තු මාසයේ දී නිකුත් වූ මෙම සිනමා පටය එකල මහත් ජනප්‍රියත්වයට පත් වුණා. අන්තර්ජාතික සිනමා දත්තපදනම (imdb) තුල ඇගයුම් 8.7 ක් ලබා ගෙන ලොව ජනප්‍රියම සිනමා පට 250 අතරේ 16 වන තැන තවමත් රැඳී තිබෙන්නේ, ත්‍රාසජනක, වික්‍රමාන්විත සහ මනෝ විද්‍යාත්මක ප්‍රබන්ධ යන වර්ගී කරණයට අයත් වෙමින්..

මෙම සිනමාපටය තරමක් සංකීර්ණ කතා පුවතක් රැගත් එකක්. විශිෂ්ට සටන් දර්ශන සඳහා පරිගණක දායකත්වය මුලින්ම යොදාගත් සිනමා පට අතරින් මැට්රික්ස් ඉදිරියෙන්ම ඇතැයි සිතනවා. සමහර සිනමා පටවල මෙන් නොව මෙහි සියළු සටන් දර්ශන තාර්කික ලෙස ගොඩ නගා තිබෙනවා. මතු පිටින් පෙනෙන කතා පුවතට වඩා යමක් මෙහි අන්තර්ගත වෙනවා.. විශේෂයෙන් පවතින නරක ක්‍රමයට එරෙහිව සටන් කරන කණ්ඩායමකගේ ක්‍රියාකාරිත්වය.. නායකත්වය.. බිඳවැටීම්.. සබඳතාවයන් ආදිය. මෙය ගොඩාක් අය බලල තියන සිනමා නිර්මාණයක් උනත් මම උපසිරැසි යොදන්න තීරණය කලේ මෙයට මා බෙහෙවින්ම ඇලුම් කරන නිසාත් උපසිරැසි යෙදීමට පුහුණු වීමටත්ය

බයිස්කෝප් අපේ කතාබහකදී මේ පිළිබඳ මා පැවසූ විට මෙය ලබා දෙන ලෙසත් මෙහි අනෙක් කොටස් දෙකටත් උපසිරැසි යොදන ලෙසටත් පැවසූයේ දයාබර විකියා සහෝදරයා.. ඔහුට මගේ ස්තුතිය හිමි වෙනවා. ඉතිරි කොටස් දෙක සඳහා උපසිරැසි යෙදීම පිළිබඳව පවතින කාර්ය බහුලත්වය නිසා ස්ථිරව කිව නොහැකි වුවත් මෙය ලබා දෙන්නට තීරණය කළා. සිනමා පටයේ කතා පුවත ලිපිය තුළ විස්තර කිරීම මා නොරිසි කටයුත්තක්. එබැවින් මේ සටහන හමාර කරන්නට කැමතියි. අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න. සියළු දෙනාටම ජය!

~සඳුන් ප්‍රියංකර

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

59,584 downloadsDownload The-Matrix-1999.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සහ “සඳුන් ප්‍රියංකර“ සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

59,584 downloadsDownload Subtitles45 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.