ස්වභාවික පරිසර සම්පත් වලින් පොහොසත් නමුත් ආර්ථික, සමාජීය සහ අධ්‍යාපනය යන අංශ වලින් දුප්පත් රටවල් බොහෝමයකම පාලනය එහෙම නැත්නම් ආධිපත්‍ය පවරාගෙන තිබෙන්නේ බටහිර රටවල්. ඒ රටවල් වල ජීවත් වෙන දියුණු යැයි සැලකෙන මිනිසුන් කොටසකගේ ඉල්ලුමට සරිලන සැපයුම සපුරාලනු පිණිස පෙර කී රටවල ස්වභාවික පරිසර සම්පත් හා මානව…

ස්වභාවික පරිසර සම්පත් වලින් පොහොසත් නමුත් ආර්ථික, සමාජීය සහ අධ්‍යාපනය යන අංශ වලින් දුප්පත් රටවල් බොහෝමයකම පාලනය එහෙම නැත්නම් ආධිපත්‍ය පවරාගෙන තිබෙන්නේ බටහිර රටවල්. ඒ රටවල් වල ජීවත් වෙන දියුණු යැයි සැලකෙන මිනිසුන් කොටසකගේ ඉල්ලුමට සරිලන සැපයුම සපුරාලනු පිණිස පෙර කී රටවල ස්වභාවික පරිසර සම්පත් හා මානව සම්පත් සූරාකන්නට බහු ජාතික සමාගම් කිසිදු පැකිලීමකින් තොරව වෙහෙසෙන බව ලොවට රහසක් නොවේ. නමුත් පොදුවේ ගත් කළ එකී රටවල් යම් කිසි වෙනත් ප්‍රශ්නයකට පටලවා එතුළින් රට අරාජික කර තම මඩිය තර කර ගැනීමයි ඔවුන්ගේ පැහැදිලිම වැඩ පිළිවෙල. ප්‍රධාන වශයෙන්ම එකී රටවල් තුළ ඇතිවෙන සිවිල් යුද්ධයන්ට පදනම් වන්නේ මෙවැනි ස්වභාවික සම්පත් තමන් සතු කර ගන්න වෙර දරන බලාධිකාරියන්ගේ ක්‍රියා පිළිවෙත්. මෑත ඉතිහාසයේ මැද පෙරදිග කලාපයෙන් සහ අප්‍රිකානු මහාද්වීපයෙන් මීට උදාහරණ අපිට දැකගන්න ලැබුණා. අද මේ අරගෙන ආපු චිත්‍රපටයත් මේ කාරණය පදනම් කරගනිමින් සිදුවෙන කුමන්ත්‍රණ වල හැඩය මොන වගේ විය හැකිද යන්න පෙන්වන සිනමා සිත්තමක්.
කොන්ගෝවේ පතල් හා කැණීම් කටයුතු පිළිබඳ අමාත්‍යතුමන්ගේ ඝාතනයෙන් වසර 8 ට පසු එරටින් පලා ගිය එම ඝාතනය සිදු කළ ඝාතකයා වූ ජිම් ටෙරියර් නැවත කොන්ගෝවට පැමිණෙනවා. මොළයේ ආබාධයකට ගොදුරු වී සිටන ඔහු තමන් කළ නරක දේවල් ගැන පසු තැවෙමින් කොන්ගෝවේ ජනතාව වෙනුවෙන් පානීය ජලය ලබා දෙන්නට වෙර දරන රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ එක්ව ළිං හෑරීමේ කටයුත්තේ නිරත වී සිටිනවා. ඒ අතරතුරේ ඔහුගේ ජීවිතය නැති කරන්න කවුරුන් හෝ දරන උත්සාහය අසාර්ථක වීමත් සමඟ ජිම් ලන්ඩනයට පැමිණෙනවා ඒ කවුරුන්ද ඒ වගේම තමන්ගේ ජීවිතය නැති කරන්න හදන්නේ කුමක් නිසාද යන්න සොයා බලන්නට. මේ පිළිබඳව කරුණු සොයන ඔහුට තේරුම් යනවා, මේ ආකාරයෙන් තමන්ව ඝාතනය කරන්නට සැරසෙන්නේ මීට වසර 8 ට පෙර තමන් විසින් සිදු කළ ඝාතනයේ ඉතිරි වූ සෙවැණැලි බව. තමන්ට වැළඳී තිබෙන රෝගාබාධයත් සමඟ ජිම් තම ජීවිතය වෙනුවෙන් සටන් කරද්දී, ඉන්ටර්පෝල් ඔත්තු සේවය ඔහුගේ ක්‍රියා පිළිවෙත දෙස විමසිල්ලෙන් සිටින්නේ තවත් අරමුණක් හිතේ පෙරදැරි කරගෙන. කතාව සම්බන්ධයෙන් කියන්නේ එපමණයි. නරඹන්න ඔබට බාරයි.
Pierre Morel විසින් අධ්‍යක්ෂණය කළ The Gunman ලෙසින් නම් කෙරුණු මේ සුන්දර සිනමා නිර්මාණය රසිකයින් වෙත නිදහස් කෙරුණේ 2015 මාර්තු 20 වෙනිදා ඇමරිකාවේදී. චරිතාංග නළු Sean Penn, Jasmine Trinca, Idris Elba වගේම Ray Winstone යන රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් හැඩ වුනු මේ චිත්‍රපටයේ තිර රචනය, Jean-Patrick Manchette ගෙනි. IMDb ලකුණු පුවරුවේ 5.6 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම, අපරාධ, හා නාට්‍යමය කියන කාණ්ඩ වලට අයත්. පූර්ව ප්‍රචාරක පටය නරඹලාම චිත්‍රපටය බාගත කරගන්නා ලෙස මතක් කරන ගමන් තවත් චිත්‍රපට සිංහල උපසිරැසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සැමට ජයම වේවා..! එලස්ස්ස්…
817 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
29DBECF9C558BB81697FCCF63FDAF2D6A077EB2C1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
73D041915689295E33DE297153C87A427B23B276 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,813 downloadsDownload The-Gunman-2015-BR-UPDATE.zip180 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
42 comments
සසිනිකා
Kalum
Thanx Yashoda
ඉසු ඩිපි (Isu DP)
TV Series අත ඇරියා විතරයි පට්ට භාන්ඩයක් ගෙනල්ලා තියෙන්නෙ.
ඔන්න 265 කොපියක්ම හොයලා බානවා ඈ. සබ ගැලපෙයිනේ.
හැබැයි TV Series වැඩේ ගැන තව පාරක් හිතන්න. Plz !
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!madusanka jayasooriya
නියමයි යශෝධ. සබ් දෙනකං බලන් හිටපු සලරුවක්. තෑන්ක්ස්. ජය වේවා
sanjeewa
Thanks sinhala sub dunnata oyage mahansiyata Godak Thanks saho..........
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..............තව තවත් උපසිරසි දෙන්න ලැබෙවා.....................
achi
බොහොම ස්තුති සහෝ. දිගටම යමු. ජය.
නලින්
නියමයි යසෝ... බලන්න ඕනේ වෙලාවක් ලැබුන ගමන්
ජය වේවා!
Elderman
Meka nam balanna hitapuma ekak. Aluth tv series ekak ehema patan ganna asawak nadda yashodha?
“චූටී මල්ලි”
patta yasho
digtma mey wage hoda ewwata demu
tnxxxxme
Thanks
isuru
තෑන්ක්ස් සහෝ!
එල්.සි. දමැල්
ස්තූතියි
ජය...deleepa
ෙම් වාෙග් සමාජයට අාදර්ශ ගන්න පුලුවන් චිත්‍රපටි වැඩි වැඩිෙයන් ඔබට කරන්න ලැෙබ්වා කියලත් ෙම් වෙග් වටිනා නිර්මාණ අපහට දායක කිරිම පිලිබව ලාංකිකයකු හැටියට හදවතින්ම ඔබට ෙගෟරව ස්තුතිය පිරිනමමි.
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Sam
thnksss sahooo..elzzz..
යශෝධ හේමාල්
හම්මේ ...
සබ දෙනකං බලන් හිටියෙ :*
පිං සිද්ධ වෙච්චාවෙ !bobby
ඔන්න මම බලන්න ගත්තා. ෙබාහොම ස්තතියි
kamal
maxxa film akak
thisal
yify updte ek oni tnxxxxxxxxxxxxx
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
නියමයි මචො.
ස්තුතියි සබ් එකට.
ජය.Rasidu
Niyamayi. Sub ekata Thanx. Tv series atha arala danna epa. Patta supiri tv series ekakatath sub denna..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි යශෝ..
ෂෝන් පෙන් නම් අනිවා බලන්න එපයි,
මගෙත් යාලුවෙක් පොර..
මතකද අයි ඇම් සෑම්...
එහෙනම් ගන්නවා..
901 වැඩියි නේ..
නැද්ද පොඩි අයිටම් එකක්...
ජය වේවා!!රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Praveen
Machan friday movie ekta sub dapanko
යොහාන් භාතිය
බොහොම ස්තූතියි සහෝ, ජය වේවා!!!
indika
බොහොම ස්තුතියි
isuru
Ela saho jaya wewa
හසන්ත මාලිංග
බොහෝමස්තූතියි සහෝ උපසිරැසියට...
සුපිරි කතාවක් වගේ..
ජය :Dගමයා
සුපිරි භාන්ඩයක් වගේ..
ඕන්න බාගත්තා
..ස්තුතියි සබට..bee
awesome bro patta
අසිත
බොහොම පින්.ජය වේවා!!
Januka
Super mchn...............ptta film 1......................
kavi
tnx srimaal .........god bless !!!!!!
Nandana
Thank U Yashodha.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයsanath
thankz machan sub ekata….
rajeew
ජය වේවා
දිසා
එල එල..
ඔයලා නිසයි අපි පිලිවෙලකට film1k බලන්නෙ..
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

උපසිරැසියට බොහොම
ස්තූතියි ...