Watch Trailer

The Happytime Murders (2018) Sinhala Subtitles | රූකඩ ඝාතකයා සොයා! [සිංහල උපසිරැසි සමඟ] (18+)

උදාවුන නව වසර හැමකෙනෙක්ටම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා! කියල ප්‍රාර්ථනා කරනවා. හා හා පුරා කියලා මේ වසරට ලබාදෙන පලමුවෙනි උපසිරැසිය ලබාදෙන්නයි මේ සූදානම. අලුත් වසරක් වුනත් සුපුරුදු පරිදි කොමඩියක් තමා ඔන්න මුලින්ම අරන් ආවෙ. එහෙනම් කොමඩි ප්‍රේක්ෂකයො ටික ඔහොම්ම ලිපියෙ පල්ලෙහාට ආවනම්. චි…

උදාවුන නව වසර හැමකෙනෙක්ටම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා! කියල ප්‍රාර්ථනා කරනවා. හා හා පුරා කියලා මේ වසරට ලබාදෙන පලමුවෙනි උපසිරැසිය ලබාදෙන්නයි මේ සූදානම. අලුත් වසරක් වුනත් සුපුරුදු පරිදි කොමඩියක් තමා ඔන්න මුලින්ම අරන් ආවෙ. එහෙනම් කොමඩි ප්‍රේක්ෂකයො ටික ඔහොම්ම ලිපියෙ පල්ලෙහාට ආවනම්.

චිත්‍රපටිය ගැන කතාකලොත්, මුලින්ම කියන්නම් මේකෙ රූකඩ එහෙම නැත්තන් පපට්ලා එහෙම හිටියට පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටියක් නෙමෙයි. ඒ කිව්වෙ මේක වැඩිහිටියන්ට පමණක් වෙන්වුන කොමඩි නිර්මාණයක්. ඒ ඇයි කියල බැලුවොත් ඉතින් තේරෙයි. මතකනේ Sausage Party එහෙම. ගිය වසරේ අගෝස්තු 24 තමා මේක නිකුත්වෙලා තියෙන්නෙ. අයිතිවෙන්නෙ Action, Comedy, Crime යන අංශවලට. ප්‍රධාන චරිතයක් විදියට කොමඩි පැත්තෙන් විශේෂයෙන්ම කවුරුත් දන්න කියන Melissa McCarthy රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ප්‍රධාන චරිත බොහෝමයක් හඩ නළුවන් නිසා හඳුන්වාදීමක් අවශ්‍ය වෙන එකක් නෑ. මොකද මේකෙ වැඩිහරියක් රූකඩත් ඉන්නවනෙ.

කතාව මෙහෙමයි, ෆිල් ෆිලිප්ස් කියන්නෙ හිටපු රූකඩ පොලිස් නිලධාරියෙක්. රාජකාරියකදි සිද්ධවෙච්ච යම් දෙයක් නිසා මිනිහට පොලීසියෙ රස්සාව නැතිවෙලා. දැන් එයා පුද්ගලික පරීක්ෂකයෙක් විදියට තමා වැඩකරන්නෙ. මේ අතර නගරයේ ඝාතන රැල්ලක් ආරම්භවෙනවා. මිනිස්සුන්වනම් නෙමෙයි රූකඩයින්ව. ඉතින් මේ විදියට රූකඩයින්ව ඝාතනය වෙන එකතැනක ෆිලිප්සුත් අහම්බෙන් වගේ ඉන්නවා. ඉතින් මෙතන හිටිය නිසාත්, ෆිලිප්ස් හිටපු පොලිස් නිලධාරියෙක් නිසාත් එයාගෙ ලුතිනන් ෆිලිප්ස්ව මේ ඝාතකයා හොයන වැඩේට උදව්කාරයෙක් විදියට යොමුකරනවා. ඒ පරීක්ෂක එඩ්වඩ්ස් එක්ක. හැබැයි මේ දෙන්නා (එඩ්වඩ්ස් සහ ෆිලිප්ස්) ෆිලිප්ස්ට රස්සාව නැතිවෙන්න කලින් හවුල්කාරයො විදියට වැඩකරපු දෙන්නා. බැලින්නම් ෆිලිප්ස්ගෙ රස්සාව නැතිවෙන්නත් එඩ්වඩ්ස් හේතුවක් වෙලා තියෙනවා. ඉතින් නයාට අදුකොල වගේ ඉන්න මේ දෙන්නට ඒවා අමතක කරල, දෙන්නා ඉස්සර හිටිය වගේ එකතුවෙලා මේ රූකඩ ඝාතකයාව හොයාගන්න සිද්ධවෙනවා. ඉතින් අපේ රූකඩ පොලිස් නිලධාරියා වන ෆිලිප්ස් සහ ඇත්ත මනුස්ස ගෑනියෙක් වන එඩ්වඩ්ස් දෙන්නා එකතුවෙලා මේ රූකඩ ඝාතකයාව සොයායන එක තමා කතාවේ මූලික සාරාංශය වෙන්නෙ.

ඒවගේම තව දෙයක් කියන්නම්, මේක හැමෝටම ගැලපෙන විදියෙ චිත්‍රපටියක් වෙන එකක් නෑ. ඒ නිසා කොමඩිවලට කැමති, රූකඩ වැඩ ටිකක් බලන්න කැමති, පොඩ්ඩක් ආතල් එකට විතරක් බලන්න කතාවක් හොයන කෙනෙක් මේක බලන එක හොදයි. ඒවගේම පූර්ව ප්‍රචාරක පටය බලල අදහසක් අරගෙන කැමතිනම් නරඹන්න කියල කියනවා. මොකද ආදායම් අතින් වගේම ප්‍රේක්ෂක අදහස් අතින් වැඩි සාර්ථකත්වයක් ලැබිල නෑ. නමුත් කොමඩියක් විදියට සාමාන්‍ය නිර්මාණයක්. එහෙනම් තවත් එකක් අරන් ඉක්මනින් එන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

හැමෝටම ජයවේවා!! සුභ නව වසරක් වේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,925 downloadsDownload The-Happytime-Murders-2018.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

3,925 downloadsDownload Subtitles60 KB

16 comments

  1. Ravindu Rukshan

    PaharK thama Night School ona

  2. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata...
    Jaya wewa!

  3. Kantha_DLA

    සුබ අලුත් අවුරුද්දක් වේවා .....!

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු...

  5. D.Chamara

    bohoma sthuthi sahooo

  6. Damith Sameera

    night school 2018 sub one aiya

  7. Kulanjana Maduranga

    subata thanks....

  8. Sandeepmadushan

    ස්තුතියි සහෝ..

  9. Thisal

    thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. luckysun

    super

  12. Suranjan

    Thanks machan jayawewa......!

  13. jagath55

    Thanks

  14. Dewadithya

    Thanks for Sub!

  15. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  16. Sahan Gayantha

    thanks a lot Isuru saho sub ekata