UK ප්‍රින්ටින්! සුන්දර් මෝහන් ත්‍රිපාටිගෙ ෆැක්ටරිය. එක පාරටම ඒකට ලක්ශ 3ක විදුලි බිලක් එනවා. මණ්ඩලේට ගිහින් බැලුවම, මීටරේ කැඩිලලු. ඒක හරිගස්සන්න ඒගොල්ලො හයි කරනවා චෙක් මීටරයක්. ඊලග මාසෙ බිල ලක්ශ 54යි. බිල ගෙවාගන්න බැරි නිසා ත්‍රිපාටි සිය දිවි හානි කර ගන්නවා. ඒත් කවුරුවත් දන්නෙ නැද්ද මානසිකව බලපෑම් ඇ…

UK ප්‍රින්ටින්!
සුන්දර් මෝහන් ත්‍රිපාටිගෙ ෆැක්ටරිය.
එක පාරටම ඒකට ලක්ශ 3ක විදුලි බිලක් එනවා.
මණ්ඩලේට ගිහින් බැලුවම,
මීටරේ කැඩිලලු.
ඒක හරිගස්සන්න ඒගොල්ලො හයි කරනවා
චෙක් මීටරයක්.
ඊලග මාසෙ බිල ලක්ශ 54යි.
බිල ගෙවාගන්න බැරි නිසා
ත්‍රිපාටි සිය දිවි හානි කර ගන්නවා.
ඒත් කවුරුවත් දන්නෙ නැද්ද
මානසිකව බලපෑම් ඇති කරා කියලා
විදුලිබල සමාගමට එරෙහිව නඩු මගට යන්න පුළුවන් බව.
විදුලි සමාගමකට විරුද්ධව ගොනු කෙරුණු පළමු නඩුවයි මේ
විරුද්දතාව පල කිරීමට ලක්ශ ගනනින්
පිලිස්සුනු බල්බ විදුලිබල සමාගමට
පැමිනිලි පාර්ශවයට ත්‍රිපාටිගේ හොඳම මිතුරා SK,
විත්ති පාර්ශවයෙන් ලස්සන කෙල්ලෙක්.
දන්න සිංහලෙන් කියනවනම් විදුලි බල ඉල්ලුම වැඩි උනාට සැපයුම එහෙමමයි. උත්තරාකන්ද් ප්‍රදේශයේ විදුලි බල ආයතනයේ සේවකයින් 800කට පැය විසිහතරෙම විදුලිය නොමිලේ දෙනවා. දුප්පත් මනුස්සයට සම්බන්ධතාවයවත් නෑ. සේවක මණ්ඩලයට නොමිලේ දෙන්න අරමුදල් තියෙනවා.
ඔයි කියන මීටර් එක ඇතුලේ එක පුංචි බල්බ් එකක් පත්තුවෙනවා. ඒ ලයිට් එක තමයි පාරිභෝගිකයා හැමදාටම අඳුරේ තියන්න හේතුවෙන්නේ, පුංචි ලයිට් එකකින් මොනව හම්බ කරන්නද?. එක පුංචි ලයිට් එක නිසා පරිබෝජකයෙක්ගෙන් දවසකට සත 50ක් වැය වෙනවා. කෝටි හතරක් පරිභෝජකයින්ට, අවුරුද්දකට කීයක් හම්බකරනවද ?. පාඩු ලබන සමාගමක් කෝටි 730 ක ආදයක් ලබනවා. කාටවත් වැඩක් නැති පුංචි ලයිට් එකකින්. ඒත් අබලන් විදුලි මීටරේ මාරු කරන්න එයාල ගාව රුපියල් දාහක් වත් නෑ. ඉතින් මෙයාලගේ වැඩ නිසා කෙනෙකුගේ ජීවිතේ නැතිවෙන්න බැරිද?
2018 සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා ඉන්දියාවෙ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Toilet: Ek Prem Katha අධ්‍යක්ශනය කරපු ෂ්‍රී නාරායන් සිං විසින්. රංගනයෙන් දායක වෙන්නෙ ෂහීඩ් කපූර්, ෂ්‍රද්ධා කපූර්, යමී ගෞතම් සහ දිව්යෙන්ඩු ෂර්මා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ අනූ මලික් සහ රෝචක් කෝලි.
මේ චිත්‍රපටිය මිශ්‍ර ප්‍රේක්ශක ප්‍රතිචාර දිනා තියෙනවා. ඒ වගේම IMDB අගය 6ක් වෙනවා. හොඳ කොපියක් ඇවිත් සෑහෙන දවසක් උනත්ඉං ග්‍රීසි සබ් එකක් තවම ආවෙ නෑ. ඒ නිසා තාරක මල්ලිත් එක්ක එකතු වෙලා වෙනත් බාශාවකින් තිබුනු සබ් එකකට අසා ලිවීමක් කරල තමයි මේ ගෙනාවෙ. උත්තර්කන්ඩ් වල බාවිතා වන ගැමි භාශාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවටම තියෙන්නෙ. එ නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන්. ඒ ගැනත් සමාවෙන්න. ඒ වගේම තාරක මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ උදව් කලාට.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු. ලැබුවා වූ නව වසර ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා!

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
14,506 downloadsDownload බට්ටී-ගුල්-මීටර්-චාලූ-2018.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “තාරක නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
1 comment
Sahan Gayantha
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks a lot sub ekata