Watch Trailer

The Help (2011) with Sinhala Subtitles | හෘදයාංගම කතුවැකිය.. [සිංහල උපසිරසි සමඟ]

කැතරින් ස්ටොකෙට් විසින් 2009 වර්ෂයේදී The Help නමින් නවකතාවක් පල කිරීමට යෙදුනි. මෙය 2011 වර්ශයේදී එම නමින්ම රිදී තිරයට නැගෙන්නේ ටේට් ටේලර් අතින් චිත්‍රපටයට සරිලන අයුරින් ප්‍රතිරචනයෙන් සහ ඔහුගේම අද්විතීය අධ්‍යක්ෂනයෙනි. කතාවේ සාරය විවාදාත්මක හැඟීම් සමුදායකින් වෙලා, යුගයෙන් යුගයක මනුශ්‍යත්වය සොයන්නෙකු…

කැතරින් ස්ටොකෙට් විසින් 2009 වර්ෂයේදී The Help නමින් නවකතාවක් පල කිරීමට යෙදුනි. මෙය 2011 වර්ශයේදී එම නමින්ම රිදී තිරයට නැගෙන්නේ ටේට් ටේලර් අතින් චිත්‍රපටයට සරිලන අයුරින් ප්‍රතිරචනයෙන් සහ ඔහුගේම අද්විතීය අධ්‍යක්ෂනයෙනි. කතාවේ සාරය විවාදාත්මක හැඟීම් සමුදායකින් වෙලා, යුගයෙන් යුගයක මනුශ්‍යත්වය සොයන්නෙකුට ඇමරිකාවේ කලු ජාතිකයින් හට සුදු මිනිසුන්ගෙන් අත්විඳින්නට සිදුවූ අඩන්තේට්ටම් සහ කෙනෙහිලිකම්, සුදු මිනිසුන්ගේ ඇසට මනුශ්‍යයින් නොවූවත් මිනිසත් කමින් පිරුණු සුසිත් මනුශ්‍යයින් වූ ඔවුන්, ඔවුන්ගේ වැසුනු ලෑලි දොරවලට පිටුපා සුදු අවනඩු කඳුලු වලින් ලෑලි ගෙබිමෙන් සෝදන්නට වූ ආකාරය මැනවින් දක්වනට කතා කරුවා සුරුව ඇත. අඩු පඩියට ජීවිතයම සුදු පවුලකට කැප කොට, කලු මිනිසුන් සතියක දින නිවාඩුවක් ගන්නේ තම විවේකයට නොව තම දුක නැවත නැවතත් මෙනෙහි කොට හූල්ලන්නට ය. තමුන්ගේ කලු දරුවන් තමුන්ගේ හම කලුවූ සාපයට අසු වූවත්, හය හතර නොදන්නා ආදරෙන් පිරුණු සුදු ළදරුවන්ට බැලමෙහෙවර කම් කරන්නේ වැදූ අම්මාවරුන්ගේ ආදරෙයේ අඩුව කලු අම්මා කෙනෙකුගෙන් හෝ ලබාගන්නා නියාව තමුන් දන්නා හෙයිනි. තම දරුවන් ගෙදර තනිව ඇති දැඩි වෙද්දී උන්ව උස් මහත් කරන්නට හරි හම්බ කරන්නේ, තම සිත්තැවුල් සුදු ළදරුවන්ගේ දයාබර සිනහවෙන් සංසිඳුවා ගන්නට හැනි නිසා පමණක් නිසාම නොව හමේ ඇති සුද හදවතේත් ඇති අතලොස්සක් හෝ මිනිසුන් ඔවුන්ගේ ජීවිතයේ සිටින නිසාවෙනි.

මෙසේ සුදු හදවතක් ඇති කලු මෙහෙකාර අම්මා කෙනෙකුගේ සෙවනේ ඇති දැඩි වුනු ඉයුජිනියා ෆීලන් කුඩා කල පටන් රූමතියක් නොවුනු හෙයින් වැදූ තම අම්මාගේ ඇස නොගැටුනත්, ඉයුජිනියා ෆීලන් (ස්කීටර්) කොන්ස්ටන්ටීන් නම් තම ජීවිතයම ෆීලන් පවුලට කැප කල කාරුණික මෙහෙකාරිය තම මව් තැන තබා ඔවදන් ලබන්නේ හමේ සුද තම හදවතටද ආදර්ශ කර ගනිමිනි. දැන උගත් තරුණියක් ලෙස ඇති දැඩි වන ඇය ආශ්‍රය කරන තම යහලුවන් වර්ගවාදීන් වුවද, කුඩා කල පටන් තමාට ගුරුහරුකම් දුන් කොන්ස්ටන්ටීන් සිහියේ තබා කටයුතු කරනුයේ ඔවුන්ද මනුශ්‍යයෝ ය යන සම සිතිවිල්ලෙනි. ප්‍රාන්තයේ ජර්නලයක තීරු ලිපිකාරිනියක් ලෙස කටයුතු කරන්නට යෙදෙන ඇය නිව්යෝර්ක් නගරයේ සමාගමක ලේඛිකාවක් ලෙස රැකියාව කරන්නට උත්සාහා කලද, ඇයගේ අත්දැකීම් අඩුකම නිසාවෙන් ඇයට එම රැකියාවට අවස්ථාවක් ලැබෙන්නේ නැත. තමා නිවසේ නැති කාලය තුලදී කොන්ස්ටන්ටීන් නිවසෙන් යාම ඇයට ලොකු ගැටලුවක් වූවද පසුව තම මව විසින් ඇය රැකියාවෙන් පහ කල බව දැනගන්නට ලැබෙන ඇය ලේඛිකාවක් වශයෙන් ඇයගේ පලමු පොත රචනා කරන්නට කෙටුම්පත් තනන්නේ තම රැකියා අයදුම්පත ප්‍රතික්ශේප කල නිව්යෝර්ක් හාපර් සහ රෝ වල එලයින් ස්ටයින් සමගයි. ඇය තම පොතට මාතෘකා කරගන්නේ සුදු මිනිසුන්ගේ පවුල් වලට මෙහෙකාර කම් කරන මෙහෙකාරියන් හට සුදු පවුල් වලින් සිදුවන අකටයුතුකම් ය. මුලින් මෙහෙකාරියන් ඇයට තම තමුන්ගේ ජීවිත කතාව කියන්නට ප්‍රතික්ශේප කල ද, එදිනෙදා ඔවුනොවුනට සිදුවන ඉහිලිය නොහැකි අකටයුතු කම් අතරේ මෙහෙකාරියන් ඇයට තමුන්ගේ කතාව කියන්නට පෙලඹෙයි. පොත රචනා කරන අතරතුරම තමුන්ගේ මිතුරියන්ගෙන් තමුන්ට සිදුවන වෙනස්කම් වලින් පවා ඇය පලිගන්නට ඇය තම බුද්ධිය තීක්ශණව මෙහෙයවන්නට යෙදෙන්නේ කතාවට හාස්‍යද මුසු කරමිනි.

IMDB දර්ශකයේ 8.1ක අගයක් පමණක් නොව ලෝකය පුරා $216,639,112 ක් උපයා ගන්නේ ඇකඩමි සම්මාන වලද ඉහල ඇගයුම් වලට පාත්‍ර වෙමිනි. Viola Davis ඒබ්ලින් ක්ලාර්ක් ලෙසත්, Emma Stone ස්කීටර් ලෙසත්, Bryce Dallas Howard හිලී හෝල්බෘක් ලෙසත්, Octavia Spencer මිනී ජැක්සන් ලෙසත් යන ආකාරයෙන් ප්‍රධාන චරිත වලට පණ පොවයි. අග්‍රගන්‍ය රංගනයෙන් සහ ගැඹුරු සංවේදී කතා සාරයකින් අනූන කතාවක් ලෙස දැක්විය හැකි මෙම කතාව ඔබගේ දෑසට කඳුලක් සේම සිතට හිතන්නට යමක් ඉතිරි කරනු නොඅනුමානයි.

ආයු -බෝ -වේවා !!!

The Help (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම බ්ලුරේ  පිටපත් සඳහා වලංගු වේ.

4,840 downloadsDownload The-Help-2011.zip69 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

4,840 downloadsDownload Subtitles69 KB

36 comments

  1. අසිත

    Balala tyenawa godaaak lassana kathwak
    sub ekata thanks

  2. නිරෝෂ්

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

  3. tharindu gunarathna

    thanks thanks.....

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. kumara

    මේ වගේ වටිනා චිත්‍රපටියක් ඇයි මේ තරම් ප්‍රමාද වුනේ කියලා හිතෙනවා. බොහෝම වටිනා කතාවක්. ගොඩාකි පිං සහෝ මේ වගේ වටිනා පිලුමක් ගෙනාවට. ජයවේවා!!

  6. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  7. Ice&Fire

    Dude , me wage hoda ratings thiyena movies walata sub karana un me site eke hari adui , kalayak me wage movies walata sub karapu set ekak meke hitiya ..habi dan penna na...godakma Korean & Tamil wage movies/tv show walata thama sub watenne dan...man hithane ekata hethuwa demand eka ..eth uba demand eka gana hithane nathiwa me karana deta godak pin!!!

    me wage hoda ratings thiyena hoda movies thawa godak thiyenawa machan...puluwanam masekata ekak hari karapan...api inawa balanna :)

    Thanks lot!!!!

    1. Ice&Fire

      hama BR ekakatama match wena widihata sub eka dammata ...thanks agian!!!

  8. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
    8.1 IMDB තිබිලා ප්‍රණීත් අයියා සබ්ක් එකත් දීලා මේ ෆිලුම බලන්නේ නැත්තම් ඒ දෑස් කුමටද..! ජය වේවා අයියේ.
    ******************බුදුසරණයි******************

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. ricado

    wow, it looks like a must watch movie to me. thank you praneeth for the sub & god bless u..........

  11. Shani

    Love this kind of films. Hope it ill be a great movie.
    Thkz a lotttttttttttt

  12. ඩෙනා රිස්

    උසස් රසාස්වාදයක් තියෙන කෙනෙකුට බලන්නම වටින කථාවක්... ගොඩක් ස්තූතියි මෙහෙම හොයල දාන එකට සහෝ...

  13. Kaushan_P_Herath

    සබට තෑන්ක්ස් මචං

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. LSM HUSKAA

    Rain Man (1988) balala adala iwara una vitarai ayeth aduwahaki.
    ගොඩාකි පිං සහෝ මේ වගේ වටිනා පිලුමක් ගෙනාවට. ජයවේවා!!
    L.A. Confidential 1997 puluwannam sub dennako saho.

  16. Buddi

    Thanks.............

  17. Dulanga

    Thanks

  18. wiki

    බොහොම ස්තූතියි

  19. Ben Nisal Maduranga

    ස්තූතියි

  20. Indrajith

    thanks for the subtitle

  21. Viranga Bogahalanda

    godak isthuthi aiye

  22. nadeera witharanage

    බොහොම ස්තූතියි!!!!!

  23. Buddika Manaram

    දෑසට කඳුලක් සේම සිතට හිතන්නට යමක් ඉතිරි කරට ,
    ගොඩාකි පිං සහෝ මේ වගේ වටිනා පිලුමක් ගෙනාවට. ජයවේවා!!

  24. කෞශල්‍ය දුෂ්‍යාන්

    යකඩෝ...මේවනේ ෆිල්ම්....ශ.....කෙහොමද මේක මිස් වුනේ අෆ්ෆා. ඩෙඩ්පූල් එකේ තිබ්ච්ච හින්දා බාගෙන බලන්න ගත්තේ.ප්‍රණීත් ලොක්කා...තව තව මේවගේ එ්වා ඕනා....සබට තුති.සදා ජය.

  25. MAALnath

    Thanks ............good luck .....................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  26. Nidi

    අනේ ප්‍රණීත්, ඇයි අපේ රසිකයෝ මෙච්චර දුප්පත්?
    ඔයාලා වගේ අය සබ්ස් දෙන ෆිල්ම් එකක් ගැන හරි එයාලා විශ්වාසය තියන්නේ නැතිද?
    කොච්චර හොඳට මනුෂ්‍යත්වය පෙන්නන ෆිල්ම් එකක්ද?
    මට නම් හොඳටම හොඳයි.
    ගොඩක් ස්තුතියි ප්‍රණීත්!

  27. Gayan Chathuranga

    thanks bro!

  28. sajitha rasanga

    thnk sub ekt

  29. Supun shanika

    ස්තූතියි සහෝදරයා

  30. Emi

    Thank you

  31. Waruna Kamalawansha

    සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තූතියි

    1. Anonymous

      It's a film with a great meaning.. Thank you for the sub

  32. sasanka

    thanks for the sub

  33. praveen bhawantha

    download karanna bane subtitle eka. server eke awlak. (nginx issue ekak)

  34. Nethmi pooja

    It's a film with a great meaning.. Thank you for sub