මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. රජ පවුලක් සහ එහි රට වැසියන් අතර සිදුවන ගැටුම් මාලාවක් ගැන කියවෙන, දිල්ප් කුමාර්, නදීරා සහ නිම්මි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහ…
මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. රජ පවුලක් සහ එහි රට වැසියන් අතර සිදුවන ගැටුම් මාලාවක් ගැන කියවෙන, දිල්ප් කුමාර්, නදීරා සහ නිම්මි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. මෙය සඳහා සිංහල උපසිරසි ලබාදෙන මෙන් “කසුන් හර්ෂණ අත්තනායක” සොයුරා ඇතුළු කීපදෙනෙක්ම මගෙන් ඉල්ලා සිටි බව මතක් කිරීමට ද කැමැත්තෙමි.
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වන්නේ ශාම්ශාර් කුමරු, රාජ්ශ්‍රී කුමරිය, ජායි ටිලක් සහ මංගලා ය. රජ මාලිගාවේ පැවතී සංදර්ශනයක දී රාජ්ශ්‍රී කුමරියගේ සොහොයුරු වූ ශාම්ශාර් කුමරු සහ ගම් වැසියෙක් වූ ජායි ටිලක් අතර ප්‍රදර්ශනාත්මක අසිපත් ගැටුමක් ඇතිවේ. මෙහිදී අසාධාරණ ලෙස කුමරු ජයගන්නා අතර පසුව පැවති තවත් තරගයක දී ජායි ටිලක් විසින් රාජ්ශ්‍රී කුමරියගේ අශ්වයා දිනාගනී. මේ නිසා රට වැසියා සහ මාලිගය අතර අමනාපයක් ඇතිවේ. ජායි ටිලක් මුරණ්ඩු ගති පැවතුම් ඇත්තෙක් නිසා ඔහු කුමරියගේ ආදරය දිනා ගැනීමට උත්සාහ කරයි. නමුත් රාජ්ශ්‍රී කුමරිය ඉතාමත් නපුරු ගතිගුණ සහිත කාන්තාවකි. එක් අවස්ථාවකදී ජායි ටිලක් විසින් කුමරිය පැහැරගෙන යනු ලබයි. එතැන් සිට ජායි ටිලක් හට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්“, “සුරාජ්“, “ගීත්” ,”අප්නා දේශ්“,”අර්සු“,”කැරවෑන්“, “අල්බේලා“, “ජන්ග්ලී“, චෝරි චෝරි“ යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය දිනෙක මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසිපස්වෙනි සිංහල උපසිරසිකරණයයි. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,336 downloadsDownload Aan-1952.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
15 comments
Kulanjana Maduranga
නවින් නිසල්
උපසිරසියට ස්තුතියි :)
කසුන් හර්ෂණ
ඔබේ උපසිරැසියක් නම් අනිවාර්යයෙන්ම නරඹනවා. Aan චිත්‍රපටය හින්දි සිනමාවේ රන් සලකුණක්. දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න. ලිපිය තුළ මගෙ නමත් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. පසුව බ්‍රහ්මචාරී, අසාද්,ගන්වාර්,ගුම්නාම් යන චිත්‍රපට සඳහාත් සබ් දෙන්න. ගොඩක් පින්!
shasith sandaruwan
පැරණි හින්දි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් කරනා සේවය බොහොම අගෙයි අයියේ..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!kumara
බොහෝම ස්තූතියි සබ්එකට. ඔබගේ මෙම උත්සහය ඉතාමත් අගයකොට සලකමි. බොහෝම පිං.
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************SPD
නියමයි මචන්.
බොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝ.
Madhumati(1958)
Naya Daur(1958)
Gunga Jumna(1961)
දිලිප් කුමාර්ගේ චිත්‍රපට ටිකට සිංහල උපසිරසි නැති එක ලොකු අඩුවක් සහෝ.
පුළුවන් නං දෙන්න බලන්න.
ජය වේවා...!!!Priyantha Dayakeerthi
SPD වෙත,
Madhumati(1958)
Naya Daur(1958)
Gunga Jumna(1961)
ඔබ ඉල්ලා ඇති මෙම සිනමාපට තුනේම ඩීවීඩී මා මිලදී ගෙන මා ළඟ තිබෙනවා. වෙළඳ පොළේ තිබෙන නිසා උපසිරසි කරන කාලය අපරාදේ නේද? ඒ කාලය වැයකර දැනට සබ් නැති ඒවා දෙන්නම්.අසංක ප්‍රදීප් රණතුංග
ප්‍රියන්ත මේ මතය තමා වෙනස් කරන්න උත්සාහ ගන්නේ. එත් වෙනස් වෙන්නේ නැති හැඩයි. වෙළඳපොලේ ඇති. ඒත් බයිස්කෝප් එකේ නැ. පැරණි හින්දි චිත්‍රපට කරන කීප දෙනාගෙන් කෙනෙක් හින්ද මමත් යෝජනා කරනවා බයිස්කෝප් එකේ නැති මේවා කරන්න කියල
Kamal
ප්‍රියන්ත, මෙම චිත්‍රපටය මම බලන්න ආසා එකක්. ඒත් වීඩියෝව සොයාගන්න නම් ගොඩක් අපහසුවුණා. එත් සබ් එක අවසන්වෙන
කාලය අනුව ගළපලා මම වීඩියෝව සොයාගත්තා. මෙවැනි චිත්‍රපටවලට ඉදිරියටත් උපසිරසි කරන්න. ඔබට ස්තුතියි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
murdock
elakiri film eka
Withanage Priyantha Dayakeerthi
උපසිරැසිය බාගත කරගන්නා අයවළුන් වෙත,
යූ... ඕපන් කර, Aan – 1952 යනුවෙන් ටයිප්කර සර්ච් කරන්න. එවිට ලැබෙන Aan විස්තරය තුළ ඇති පැය 02 යි, මිනිත්තු 48 යි. තත්පර 40 ක වීඩියෝව මෙම උපසිරසියට ගැළපෙයි. මෙය මෙගාබයිට් 786 ක වීඩියෝවකි.Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි පැරණි චිත්‍රපට ලබාදීම වෙනුවෙන්..ඔබට ජය..!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

niayamai…great work.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……