හොල්මන් චිත්‍රපටි බලන්න කැමති බයිස්කෝප්වාසී යාළුවො වෙනුවෙන් අරගෙන ආපු වෙනස්ම ආරක කතාවක් තියෙන හොල්මන් ෆිල්ම් එකක් තමයි The Heretics කියන්නෙ. 2017 නොවැම්බර් මාසෙ පළවෙනිදා රිලීස් කරපු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chad Archibald කියන කැනේඩියානු අධ්‍යක්ෂවරයා විසින්. Nina Kiri, Ry Barrett, Jorj…
හොල්මන් චිත්‍රපටි බලන්න කැමති බයිස්කෝප්වාසී යාළුවො වෙනුවෙන් අරගෙන ආපු වෙනස්ම ආරක කතාවක් තියෙන හොල්මන් ෆිල්ම් එකක් තමයි The Heretics කියන්නෙ. 2017 නොවැම්බර් මාසෙ පළවෙනිදා රිලීස් කරපු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chad Archibald කියන කැනේඩියානු අධ්‍යක්ෂවරයා විසින්. Nina Kiri, Ry Barrett, Jorja Cadence, Will King, Nina Richmond යන නළු නිළියන් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. Fantasy, Horror යන කාණ්ඩවලට අයත් මෙම සිනමාපටය මිනිත්තු 87 ක කාලයක් පුරා දිග හැරෙනවා.
Google පරිශීලනය කරන්නන්ගේ 73% ක ප්‍රේක්ෂක මනාපයක් හා IMDB දර්ශකයේ 4.6 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඒ හැරුණු කොට සිනමා සම්මාන උළෙල තුනකදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහායක නිළිය ඇතුළු සිනමා සම්මාන පහකට වග කියන්නත් මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා.
කතාව පටන් ගන්නෙ තරුණියක් දකින එක්තරා සිහිනයකින්. ඒක ඇය මීට අවුරුද්දකට කලින් සැබෑවටම අත්විඳපු සිද්ධියක්. කිසියම් පිරිසක් ඇයව පැහැරගෙන යනවා. එහෙම පැහැරගෙන ගිය පිරිසෙන් දෙන්නෙක් ඇරෙන්න අනික් හැමෝම සියදිවි නසාගන්නවා. ඒක එක්තරා විදියක බලි යාගයක්. ඒ සිද්ධිය තමයි ඇය හැමදාම රෑට හීනෙන් දැකලා බය වෙන්නෙ. ඒ සිද්ධියෙන් හරියටම අවුරුද්දකට පස්සෙ ඇයව නැවත පැහැරගන්නවා. ඒ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර ෆිල්ම් එක බලලම තමයි හොයාගන්න වෙන්නෙ. තව දෙයක්… ඇයට පෙම්වතියක් ඉන්නවා. කාරණය ඒකම නොවුණත් පොඩිහිටියො නම් මේක නොබලන තරමටම තමයි හොඳ.
වැඩේ නම් මාස දෙකක් තිස්සෙ ඇදුණා. වැඩ රාජකාරි යෙදෙන්නෙත් අපි හිතන වෙලාවට නෙමෙයිනෙ. කොහොමින් කොහොම හරි බාර අරන් මාස දෙකක් සම්පූර්ණ වෙන්න දවස් දෙකක් තියලා තමයි සබ් එක බාර දෙන්නෙ. ඒ ගැන සමාව ඉල්ලන ගමන් හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා. වැරදි අඩුපාඩු පෙන්නලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආදරෙයි හැමෝටම!
“ඇය නපුරු සිහින දකින්නියක්… නපුර ඇය ළඟම ඇති බව නොදන්නා…”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,376 downloadsDownload THE-HERETICS-2017.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක දිසානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක දිසානායක
Subtitles
21 comments
යුරාන් ධනුක
Kulanjana Maduranga
subata thanks
Tharaka
THANKS...................
Rukshan37
Ela ela
Suranjan
Thanks machan......jayawewa......!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thilina_Prabash
Niyamai saho... obata jaya
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!YasasPerera
thanks mchn
suranuwan
thanks bro....
kavinuweerakkody
බොහොම ස්තූතියි!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
#subtitle_request
Heretic(2024) horror movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන් ද?
URL: https://m.imdb.com/title/tt28015403/
AsithaDilruwan
ela saho thanks
sandharu
Thanks sahoo
walakul
thank you
chanaka_priyakelum
Ftta... saho watinawa thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
RVMENDIS85
Thanks for sinhala sub
Anonymous
#subtitle_request
Heretic(2024) horror movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන් ද?
URL: https://m.imdb.com/title/tt28015403/
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තුතියි උපසිරැසියට...
නියම වැඩක් සහෝ...
ජය...!!! :D