Watch Trailer

The Hollow (2015) with Sinhala Subtitles | ශාපලත් හැලොවීන් මෘගයා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම.. කොහොමද ඔයාලට? මගේ තුන්වැනි උපසිරැසිය විදියට මේ ෆිලුම තමයි මම ඔයාලට අරගෙන එන්නේ.. මේ ෆිලුමත් බාරදීම සම්බන්ධයෙන් සමන් ප්‍රසාද් සහෝදරයාට මගේ ස්තුතිය හිමිවෙනවා. උපසිරැසිය ගිය සතියේ කරලා ඉවර කරත් ලිපියට වෙලාවක් තිබුනේ නෑ. ඒකයි දෙන්න තව චුට්ටක් පරක්කු වුනේ. ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාස…

The Hollow (2015)

සුභ දවසක් හැමෝටම.. කොහොමද ඔයාලට? මගේ තුන්වැනි උපසිරැසිය විදියට මේ ෆිලුම තමයි මම ඔයාලට අරගෙන එන්නේ.. මේ ෆිලුමත් බාරදීම සම්බන්ධයෙන් සමන් ප්‍රසාද් සහෝදරයාට මගේ ස්තුතිය හිමිවෙනවා. උපසිරැසිය ගිය සතියේ කරලා ඉවර කරත් ලිපියට වෙලාවක් තිබුනේ නෑ. ඒකයි දෙන්න තව චුට්ටක් පරක්කු වුනේ. ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ දහවෙනිදා නිකුත් වුණ මේ ෆිලුමත් අයිති වෙන්නේ හොරර් වර්ගයට. Sheldon Wilson විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට Stephanie Hunt, Sarah Dugdale, Alisha Newton හා Richard Harmon ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. රේටින්ග්ස් නම් ගොඩක් ලැබිලා නැති වුනාට මේ ෆිලුම රසාස්වාදයට බාධාවක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් හොද ෆිලුම් එකක්.

කතාව ගැන කියනවනම්, සහෝදරියන් තුන්දෙනෙක් ඉන්නවා. සාරා, මාලී සහ එමා කියලා. ඒ කට්ටියගේ දෙමව්පියන් වාහනේ අනතුරකට ලක්වෙලා නැතිවෙනවා. ඉන්පස්සේ මේ අය එයාලට ඉන්න එකම පිහිට වෙන කෝරා නැන්දා ලගට යන්න තීරණය කරනවා. මේ නැන්දා ඉන්න දූපතේ මීට අවුරුදු සීයකට කලින් හැලොවීන් රෑ මායාකාරියන් කිහිපදෙනෙක් පුච්චලා මරපු, ඒ ගොල්ලෝ ඒ මරණෙන් ආයේ ඇවිත් මුළු දුපතම බිහිසුණු කුණාටුවකින් නැති කරලා දාපු වගේම හැම අවුරුදු සීයකට වතාවක්ම ආයෙත් ඒ ශාපෙට ගොදුරු වෙන්න නියමිත දුපතක්. මේ කුණාටුවත් එක්ක එන දරුණුම දෙයක් තියෙනවා. ඒ තමයි අර මායාකාරියන්ගේ ශාපය. ගින්දර, කෝටු සහ පොළොවෙන් නිර්මාණය වුනු විනාශ කල නොහැකි මෘගයා. බේරෙන්න තියෙන එකම විදිය තමයි හැලොවීන් රෑ ඉවරවෙලා ඉර එලිය වැටෙනකම් හැංගිලා, අර මෘගයාටඅහු නොවී ඉන්න එක. මේ දේ ගැන කටකතා තිබුනට ගොඩක් අය විශ්වාස කරන්නේ නෑ ඒක. ඒකෙ ප්‍රථිපල ඒ කට්ටියට ඇස් පනාපිට දැකගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කිසිදෙයක් නොදන්න සහෝදරියන් තිදෙනා මේ දුපතට යනවා කෝරා නැන්දා හොයාගෙන. හැබැයි මෙතන ඉන්න බාලම සහෝදරියට, එමාට මේ දුපතේ මොකක්හරි දරුණු දෙයක් වෙනබව දැනෙනවා. ඒත් ලොකුම සහෝදරී, සාරා ඒක එච්චර ගනන් ගන්නේ නෑ. ඉතින් ඊට පස්සේ මේ තුන්දෙනාට, කෝරා නැන්දට සහ මේ දූපතෙන් පිටනොවුන හැමදෙනාටම මොනවගේ ඉරණමක්ද අත්වෙන්නේ, ඇත්තටම මොන විදිහේ මෘගයෙක්ද ඌ, කාටද මේ ශාපයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ කියලා දැනගන්න මේ ෆිලුම අරගෙන බලන වැඩේ මම ඔයාලට බාර කරනවා.

ඕනෑම Bluray කොපියක් එක්ක උපසිරැසිය ගැලපෙනවා. හැබැයි ෆිලුම බාගනිද්දී චුට්ටක් පරිස්සමින් බලලා කරන්න. මොකද මේ නමින්ම 2016 අවුරුද්දේ ආපු ෆිල්ම් එකකුත් තියෙනවා. තව මේ නමට වඩා එක අකුරක් වෙනස් 2015 වේම ආපු එකකුත් තියෙනවා. ඒ නිසා ගූගල් එකේ හොයනකොට වුනත් නමයි, අවුරුද්දයි හරියටම ටයිප් කරන්න. එහෙනම්, අදට මම සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවනතුරු සැමටම ජය..!

The Hollow (2015) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,238 downloadsDownload The.Hollow.2015.Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/ChamithMihiranga-e1474327085153.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමිත් මිහිරංග

Subtitles

3,238 downloadsDownload Subtitles27 KB

13 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. sujeewa

    මේකේ සබ් දෙනකන් බලන් හිටියේ.ස්තුතියි මචන්...

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට.සහෝ මේ දෙකටත් සබ් දෙනවද?
    The Human Centipede 2 (Full Sequence)
    The Human Centipede 3 (Final Sequence)
    ජය වේවා!

  4. Sohan jayasooriya

    Thanx bro

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Lushan Kuruppu

    Thank You... Bro!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chamith Mihiranga

    කමෙන්ට් එකකින් මට ශක්තියක් වෙන හැමෝටම ස්තුතියි..
    ෆිලුමට ලින්ක්ස් හොයාගන්න අපහසු කවුරුහරි කෙනෙක් ඉන්නවනම්
    පහතින් දාලා තියෙන ෆේස්බුක් ගිණුම හා සම්බන්ධ වී විමසන්න..
    https://www.facebook.com/chamith.mihiranga.9

  11. Sri Lanka Tours

    ස්තූතියි

  12. vishwa kelum

    Bohoma sthuthi sahodaraya.tha a film valata sub denna.godak hodai oyala karana de api godak agaya karana.

  13. isuru

    Thanks machooo..