Watch Trailer

The Housemaid (1960) Aka Hanyo Sinhala Subtitles | ලෝක සිනමාවේ ඉතාම වටිනා සිනමාපටයක් නැරඹීමට ඔබ සැමදෙනාට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා පැරණි වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. ඔහු මා විසින් සිංහල උපසිරසි ලබාදුන් ලොව හොඳම සිනමාපට සියය තුළ තිබූ “බයිසි…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස්එක්වන උපසිරසි නිර්මාණය” යි. මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා පැරණි වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. ඔහු මා විසින් සිංහල උපසිරසි ලබාදුන් ලොව හොඳම සිනමාපට සියය තුළ තිබූ “බයිසිකල් තීෆ්” සිනමාපටය අගය කරලා තිබුණා. මේ එවැනිම ඉතා පුදුම හිතෙන ගණයේ සිනමාපටයක්. ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. එමෙන්ම මෙය මා ඉතාම කුතුහලයෙන් නැරඹු සිනමාපටයක්. මාස දෙකක් තුළ මා මෙය දෙවරක් නැරඹුවා, තුන්වන වාරයේ නරඹමින් උපසිරසි සැකසීම සිදුකළා. ඇත්තෙන්ම සිනමාවට කැමති කෙනෙක් මෙය නරඹලා නැත්නම් වැඩක් නැහැ කියලා, මෙය නරඹා අවසන් කළ පසුව මට සිතුණා. දැනට කලාත්මක ඉංග්‍රීසි සිනමාපට සඳහා උපසිරසි ලබාදෙන “රොෂාන් ශමීර ජයසිංහ” සොයුරාටද මා මෙය නරඹන්නට ආරාධනා කරනවා. ඔහුත් මෙවැනි ඒවාට කැමති කෙනෙක්. එසේම “ෂාමල් මනෝජන්” සොයුරාද මෙවැනි සිනමාපට මට යෝජනා කරන අදහස් දක්වමින් මා දිරි ගන්වන කෙනෙක්. ඔහුගේ අදහස් ද මට ඉතා වටිනවා.

මෙය ලෝක සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයක්. වර්තමානයේ පරිගණක මායාවලින් පිරී ඇති ප්‍රවේගකාරී සිනමාපට පමණක් නැරඹීමට පමණක් හුරුවී ඇති කෙනෙක් වුවත් මෙම සිනමාපටය විනාඩි දහයක් නොකඩවා නැරඹුවාහොත් එහි අවසානය දක්වා නැරඹීමට යොමුවෙනවා. මෙහි කතා කතා සාරාංශය වන්නේ, කොරියාවේ පියානෝ ගුරුවරයෙක් වන “කිම් මහතා” කර්මාන්ත ශාලාවක සේවිකාවන්ට සංගීතය ඉගැන්වීම සිදුකරයි. ඔහු තම දියණිය, පුතා සහ බිරිඳ සමග “ආදරබර චාම් ජීවිතයක්” ගත කරන කඩවසම් පුද්ගලයෙකි. සංගීත පන්තියේ තරුණියන්ද සිතින් ඔහුට ආදරය කරයි, ඔහුගේ බිරිඳ කිම් මහත්මියද වෙහෙස වෙමින් නිවසේ මැහුම් කටයුතු සිදු කරයි. මේ නිසා ඇයට ගෙදර දොරේ වැඩකටයුතු සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍ය වේ. කිම් මහතා සංගීත පන්ති ශිෂ්‍යාවක් මාර්ගයෙන් තම නිවසට ගෘහ සේවිකාවක් සොයා ගනියි. නමුත් වැඩි කල් යන්නට මත්තෙන් ඇය අමුතු ලෙස හැසිරීමට පටන් ගනී. ඇය, කිම් මහතා ගැන සැලකිල්ලක් දක්වන අතර ඔහු සම්බන්ධතාවයකට පොළඹවා ගැනීමට උත්සාහ කරයි. නමුත් ඔහු තමාගේ පවුල් ජීවිතයට දැඩි ලෙස ආදරය කරන කෙනෙකි. මේ අතර දරුවෙක් ලැබීමට ඔහුගේ බිරිඳ, තම මවගේ නිවසට යයි. මෙතැන් සිට මේ චාම් නිවසේ සාමය බිඳී යන අතර සේවිකාව ඉතා දරුණු ලෙස හැසිරීමට පටන් ගනී. ඇය සමඟ විවාහ ජීවිතයක් ගත කරන ලෙස කිම් මහතාගෙන් බලෙන් ඉල්ලා සිටී. ඇය, කිම් මහතාගේ පවුලේ අයට වසදී මරා දැමීමට උත්සාහ කරන අතර මෙහිදී අහිංසක දරුවෙක් වන කිම් මහතාගේ පුතා ශෝක ජනක ලෙස මියයයි. මෙතැන් සිට මහත් ගැටළු ඇතිවේ. ඉතිරි සිදුවීම සඳහා සිනමාපටය නරඹන්න.

මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්”, “තුම්සෙ අච්චා කෝන් හේ”, “බොබී”, “ගවාර්”, “ගුම්රාහ්” “ආනන්ද්”, “දොන්”, “කාලියා”, “ද ග්‍රේට් ගැම්බ්ලර්”, “ෂාහෙන්ශා”,”අමර් අක්බාර් ඇන්ටනි”, “දූල් කා පූල්”, “වික්ටෝරියා 203″, ද ට්‍රේන්”, ජුග් ගයා ආස්මාන්” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ The Housemaid (1960) – Hanyo යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය එකයි, මිනිත්තු පනස්එකයි, තත්පර හතළිහක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. මෙය වෙනත් භාෂා සිනමාපටයක් වුවත් පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

2,516 downloadsDownload The-Housemaid-1960.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

2,516 downloadsDownload Subtitles29 KB

40 comments

  1. ari

    supiri

  2. leo one

    Great .....!! May success be with you, always…Wishing you good luck!

  3. shehan

    Thanks for the subtitle... keep it up

  4. Mahesh

    The Handmaiden(2016)
    The Wailing(2016)
    හැකි නම් ඔබත් ඔය korean සිනමා නිර්මාන දෙක නරබන්න…
    පරන ඒවා වගේම හෝ ඊට වැඩියෙන් ව්ස්මය ජනක නිර්මාන තවමත් නිර්මානය වෙන බව ඔබට තෙරුම් යයි!!!

    1. Priyantha Dayakeerthi

      Mahesh,
      මීට පෙර ඔබ මේ ඉහත සිනමාපට දෙක ගැන "රොෂාන් සමීර" සොයුරාගේ පෝස්ට් එකක දන්වා තිබුණා. මම ඒ සිනමාපට දෙක නැරඹුවා. ඔබට ස්තුතියි! මගේ යෝජනාව අනුව හැකිනම් ඔබත් මෙය නරඹන්න.

    2. Mahesh

      අනිවාර්යෙන් නරබන්නම්!!!
      ඒ වගේම reply කිරීම ගැන ඔබට ස්තුතියි,මොකද මේ site එකේ උපසිරසිකරුවන් බොහෝ දෙනෙක් ඒ දෙය කරන්නේ නෑ

  5. D P Gamage

    ලෝක පොදු සමාජ භාෂාවෙන් නිමවූ චිත්රපටයක්, ඉංග්‍රීසි උප ශීර්ෂ වලින් මීට පෙර බැලුවා. නැවත බලනවා. ඊළගට වෙන්දේ මොකක්ද කියලා දිගටම බලන්න පුළුවන්. ඔබට ස්තුති කරමි...

  6. Achi

    බොහොම ස්තුතියි සබ් එකට සහ ඔබේ කැපවීමට....

  7. Shamal manojan

    බොහොම ස්තූතියි උපසිරැසියට. ඒ වගේම මා ගැනත් සඳහන් කලාට. ඇත්තටම ඔබ පැරණි හින්දි සිනමාවෙන් ඔබ්බට ගොස් කාලෙකට සැරයක් හෝ මෙවැනි සිනමා නිර්මාණයක් දෙනවා නම් ඉතා වටිනවා. පෝස්ටරේ දැක්ක ගමන් හිතුනේ අකිරා කුරසාවා ගේ ෆිල්ම් එකක් වත් ද කියලා. මා අකිර කුරසාවා ගේ පැරණි ෆිල්ම් වලට ඉතාම කැමතියි. නමුත් Trailer එක බලලා ලිපිය කියෙව්වම තේරුනේ අමුතු ආකාරයේ පැරණි කොරියන් චිත්‍රපටයක් කියලා. නැවත වාරයක් ස්තූතියි කරමි මේ සදහා ඔබ වැය කල කාලය වෙනුවෙන්. මෙවැනි අමුතු සිනමා නිර්මාණ ඇල්ෆඩ් හිච්කොක්ගේ සිනමාවට ආවේණික දෙයක්නේ. කුරසාවා වගේම හිච්කොක්ගේ ෆිල්ම් වලටත් මා ඉතාම කැමතියි. හැකි ආකාරයෙන් මෙවැනි සිනමාපට ඉදිරියටත් කලාතුරකින් හෝ ලබාදෙන ලෙස ඉල්ලමි. තෙරුවන් සරණයි.

  8. නිරෝෂ්

    ස්තුතියි .ජයවේවා!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි...!
    හොද වෙලාවට ඔබතුමාගෙ කමෙන්ට් එක දැකපු දවසෙම බලන්න බැරි උනේ.
    ඔබතුමා මේකට සබ් කරයි කියල නං හිතුවෙ නෑ.
    දැන් සිංහල සබ් එකත් එක්කම බලලම කියන්නංකො.....

  10. Anonymous

    Great job. Thankz for everyone. Love u all..............

  11. Priyantha Dayakeerthi

    Madhumathi සහ Ek phool do mali, පැරණි හින්දි සිනමාපට දෙකට මාගෙන් සිංහල සබ් කීපවරක්ම ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඒ ෆිල්ම් දෙක මේ වෙබ් එකේ නැතත් ලංකාව තුළ කාලයකට පෙර නිකුත් වූ සිංහල සබ් සහිත ඩීවීඩී මා සොයාගත්තා. ඒ නිසා එවැනි ඒවාට මම නැවත සබ් කරන්නට යන්නේ නැහැ. 0714510793 අමතන්න ඒවා ලැබෙන්නට සලස්වන්නම්.
    ඒවාගේම සබ් කළයුතු සිනමාපට තිබේ නම් යෝජනා කරන්න. මා හට මේ කාර්යය සඳහා අදහස් දක්වන ඔබ සැමදෙනාටමද ඉතාමත් ස්තුතිවන්ත වෙමි!

  12. yohan

    obathumata bohoma sthuthii. meka mama narabala thiyanawa newatha upasirasi samaga balannam. hekinam perani bengali film walatath upasirasi labadenna kiyala illanawa.satyajith rai wage nirmanakaruwange nirmana.

    1. Priyantha Dayakeerthi

      අනිවාර්යයෙන් හොඳ බෙන්ගාලි ෆිල්ම් එකකට සබ් දෙන්නම්, ස්තුතියි යෝජනාවට!

    2. Priyantha Dayakeerthi

      Yohan,

      Monihara - 1961
      Devi - 1960
      Komal Gandhar - 1961 ආදී වශයෙන් මෙහි බෙන්ගාලි සිනමාපට රාශියකට දැනට "වජිර රත්නායක" සොයුරා ඇතුළු කීප දෙනෙක් සබ් දීලා තිබෙනවා. එහි නොමැති කීපයකට මම සබ් දෙන්නම්.

  13. Supun Kaushalya

    ගොඩක් ස්තූතියි පැරණි චිත්‍රපට රසවිඳින්න කැමති අපි වගේ සුළු පිරිසක් වෙනුවෙන් මෙහෙම සබ් කරනවට

  14. Anonymous

    Thank a lot!

  15. Shaggy

    බොහොම ස්තූතියි

  16. Bandara

    වර්ථමානයේ තරුණ පරපුර මනක්කල්පිත චිත්‍රපටි සදහා ඇබ්බැහිවීමක් දක්නට ලැබෙනව.තිර රචනයක් නැති අවසානයක් නැති එවැනි දේවල් වලට යොමුවීම කුඩාකාලයේ සිට ජංගම දුරකතන වලින් ගේම් සෙල්ලම් කරපු බහුතරයක්. ඒ හේතු‍ෙවන් එම දරුවන්ගේ රසවින්දනාත්මක හැගීමක් ඉතිරිවෙලා නැහැ. විතානගේ සහෝදරය විසින් මෙවැනි පැරණි චිත්‍රපටි වලට (හිංදි චිත්‍රපටිද ඇතුලුව) සබ් ලබාදීම ඉතා අගය කොට සලකරනව.

  17. THE NEW FOLDER

    GOOD WORK,
    THANKS FOR SUB, (SPECIALLY OLD MOVIES)
    GOD BLESS YOU & FAMILY

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Sanjaya

    niyamai aiya...a parana film ganna puluwan nam godak watinawa.mamath winodanshayak wasayen film akathu karanawa.mama den nam korea inne. mata puluwannam A parana film ganna widihak kiyanna.A serama balanna asai.mage laga denata oyala ahema sub deela thiyena godak film thiyenawa.4Tb 2k wage backup karan innawa, mamat man laga thiyena awa oni nam dennam
    (whatsApp imo viber+821021552655)

  21. W T Ajith

    විතානගේ මහත්මයාණනි,
    ඔබේ සබ් එක ලබාගෙන මෙය බැලුවා. එයට මගේ ස්තුතිය! මා ජීවිතයේ දුටු අමතක නොවන සිනමාපටයක්. ජීවිතයට හොඳ අත්දැකීමක්, ඔබ කියලා තිබෙනවා වගේම පුදුම සිනමාපටයක්. නිකන් ඇත්ත සිදුවීම් ජාලයක් වගේ. තවත් මෙවැනි කතාවකට සබ් දෙන්න. නැවතත් ස්තුති කරමි.....

  22. Suranjan

    Thanks jayawewa.....!

  23. Anonymous

    අම්මෝ!!! නිවසට සේවිකාවක් නම් ගේන්න හොඳ නැහැ.....

  24. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  25. rasthafa

    Tnks ! ! !

  26. බ්න්දුල

    ස්තුතියි ඉදිරියටත් හොද නිර්මිාණ ඉදිරිපත් කරන්න

  27. Dewadithya

    Thanks for sub"

  28. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  29. කවිඳු ජයවර්ධන

    ඔබේ ලිපිය නිසාම මේ චිත්‍රපටිය මා බැලුවා..ලිපියේ තියෙන විදියටම පට්ටම ෆිලුමක්..සිතන්නට යමක් ඉතුරු කල සිනමා නිර්මාණයක්.පැරණි සිනමාවද රස විදින අපිට ඔබ ලබා දෙන මේ උපකාරයට බොහොම පින්..ඉදිරියටත් මේ වගේ වෙනත් භාෂා වල වටිනා සිනමා නිර්මාණ ලබා දෙන්න..
    උපසිරැසියට බොහොම ස්තුතියි..!!!ඔබට ජය!!!

  30. Anonymous

    උපසිරසට බොහොම ස්තූතියි

  31. Prasad

    බොහොම වටින අදහසක්..ඒවගේම මහන්සි වෙලා දුන්න sub එකට අනේක වාරයක් ස්තූතියි

  32. UDARA DAMITH

    elaaaaa

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Udaya saman

    ලෝ පුකට සිනමාවක් කෙසේනම් අතහරින්නද....බෙහෙවින් ස්තුතියි විතානගේ අයියා ඔයා කරනා වු මේ මහගු සේවයට....ඇත්තටම ඔයා ලබා දෙන උපසිරසි සහිත සිනමාපට ඉහලින්ම නරබන කෙනෙක් තමයි මාත්...ඒව එකක්වත් අතහරින්නෙනම් නැ.....බොහොම ස්තුතියි මේ උපසිරසියට

  35. ab

    sub ekata bohoma sthuutuiii

  36. visu_rajapaksha

    The Housemaid නමින්ම 2010 දි ආපු මේකේ remake එකටත් සබ් දෙන්නකෝ