හොඳයි ඔන්න එහෙනම් මේ සුදානම් වියට්නාම චිත්‍රපටයක් අරගෙන එන්නටයි, මේක Horror, Romance නියෝජනය කරන කාලෙකින් මාව ටිකක් පුදුම කරන්න සමත්වුණ සිනමා නිර්මාණයක්. මේ ටිකේම ටිකක් වෙනස් වැඩි දෙනෙක් බලන්නේ නැති ඒවා අරගෙන ආව එකේ එහෙම්ම වැඩේ දිගටම කරගෙන යන්නට හිතුවා… :D. මුලින්ම කියන්න ඕන මේක 18+ කියලා නම් කරලා…

හොඳයි ඔන්න එහෙනම් මේ සුදානම් වියට්නාම චිත්‍රපටයක් අරගෙන එන්නටයි, මේක Horror, Romance නියෝජනය කරන කාලෙකින් මාව ටිකක් පුදුම කරන්න සමත්වුණ සිනමා නිර්මාණයක්. මේ ටිකේම ටිකක් වෙනස් වැඩි දෙනෙක් බලන්නේ නැති ඒවා අරගෙන ආව එකේ එහෙම්ම වැඩේ දිගටම කරගෙන යන්නට හිතුවා… :D. මුලින්ම කියන්න ඕන මේක 18+ කියලා නම් කරලා තියෙන්නේ දර්ශන කිහිපයක් නිසා නමුත් මට හරියටම හිතාගන්න බැහැ මේක 18+ ද, නැද්ද කියන එක කෝකටත් ආරක්ෂාවට හොඳ නිසා එහෙම වර්ගීකරණය කලේ.
කතාව මෙහෙමයි, ලින් නම් වූ ඇය බොහොම දුර බැහැර පලාතක උපත ලබලා උස් මහත් වෙලා පවුලේ හැමෝම යුද්ධය නිසාවෙන් මෙලොව හැරගියහම රස්සාවක් හොයාගෙන තමයි මේ අපේ කතාවට මුලික වෙන වතුයාය වෙත එන්නේ. ඇය ගැන අනුකම්පා කරන ගෙදර ප්‍රධාන ගෘහ පාලිකාව ඇයට මේ ගෙදර රැකියාවක් ලබා දෙනවා. නමුත් කතාවේ හැටියට, ලින් මේ වතුයාය ගැන කිසිම දෙයක් යන්නේ නැහැ… ඉතින් ඇයට මේ වතුයාය ගැන අහන්න ලැබෙන්නේ මෙහෙම දෙයක්….
සා-කැට් කියන්නේ මරණය හා සම්බන්ධ තැනක්. මිනිස්සු සිය ගණනක් මෙහෙ මේ වතුයායේ මැරිලා තියනවා. ඉස්සර ප්‍රංශ වැඩ පාලකයන් වියට්නාම කම්කරුවන්ව බොහොම ප්‍රචණ්ඩ විදිහට අපයෝජන කරන්න පුරුදු වෙලා හිටියා මේක ක්‍රියාකාරී වතුයායක් වුන කාලේ. ප්‍රංශ ජාතිකයන් එයාලව රට පුරා ගිහින් වැඩට ගන්නවා. හොඳ පඩියක් හා ගෙයක් දොරක් දෙනවා කියලා බොරු කියල. අසරණ සේවකයන් මෙහෙට ආවහම… සේවකයන්ට මැරෙනකම් කසපාර දුන්නා. ගැහැණු දුෂණය කළා. ළමයින් පවුල්වලින් ඈත් කළා. සිරුරු සිය ගණනක් අර රබර් ගස් යට වැළලිලා තියනවා සොහොන් කොත් නැතුව. බොහොම අය කියනවා වතුයායට පොහොර ලැබෙන්නේ සේවකයන්ගේ සිරුරුවලින් කියල. ආත්ම බොහොම ගණනක්…ඔය වනාන්තරයේ සැරිසරනවා.
නමුත් ඉතින් ඇයට මේ සියල්ල හැරදා යන්නට බැහැ, යන්න තැනක් නැහැ.ඉතින් ඇය රැදෙනවා මේ වතුයායේ නමුත් සියල්ල වෙනස් වෙන්නේ වතුයායේ හිමිකරුවා වෙඩි ප්‍රහාරයක් නිසා තුවාල වෙලා නිවසට පැමිණි මොහොතේ… ඔහුගේ සාත්තුවට ඇපකැප වෙන ඇය ඔහුගේ හිතටත් ටික ටික ඇතුල් වෙනවා… නමුත් දැන් තමයි කතාවේ භයානක කොටස ආරම්භ වෙන්නේ ඒ ඔහුගේ මියගිය බිරිදගේ නාමයෙන්… එතනින් එහා නම් කියන්නට සුදානම් නැහැ… නමුත් මේ ටික කියන්නම් අවසාන වශයෙන් කතාව ගැන… මේ කතාව උඩින් ඔබ දකින කතාව නොවෙයි… සියල්ල උඩු යටිකුරු වෙන සිදුවීම් දෙකක් එකක් ඇයි මුල සිට වෙන සිදුවීම් සිද්ධ වුනේ කියන එක දැකගන්න ලැබෙන මොහොතේ ඔබ පුදුම වෙනවාට සැක නැහැ… නමුත් කතා රචකයා එතනින් නතර වෙන්නේ නැහැ කතාවේ අවසාන මොහොතේත් අපේ සිත උඩු යටිකුරු කරන්නට ඔහු තවත් සැලසුමක් දිගහැරලා තමයි නික්ම යන්නේ…
ඉතින් එහෙව් කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Derek Nguyen, පිටපතත් ඔහුගේමයි. තිරයේ දකින මුහුණු වෙන්නේ සුරුපී Kate Nhung සහ Jean-Michel Richaud, Kim Xuan, Svitlana Kovalenko වගේ පිරිසක්. IMDB මීටරයේ මේකට හිමිවෙන්නේ 6.2 ක් වගේ අගයක්, භයානක චිත්‍රපටයක් නිසාවෙන් විශේෂයෙන්ම ඉංග්‍රීසි නොවන ආසියානු රටක නිර්මාණය වුන භායනක චිත්‍රපටයකට ඒක ලොකු අගයක්. ඒ වගේම රෝටන් ටෝමාටෝ මීටරයේ 63% වගේ අගයක් ලබාගන්න මේ පැය 1 කුත් මිනිත්තු 45 ක් වගේ කාලයක් පුරා දිවයන සලරුව සමත් වෙලා තියනවා.
2016 හැටියට නම් වෙලා තියෙන්නේ මේක චිත්‍රපට උළෙල හා වියට්නාමයේ නිකුත් වුනේ 2016 නිසාවෙන් ලෝකයේ නිකුත් වීම හා Streaming සේවාවන් වනුවෙන් නිකුත් වෙන්නේ 2018 පෙබරවාරි 16 වැනිදා. ඊයේ තමයි මම නම් පිටපතක් තියනවා දැක්කේ. කොහොම නමුත් කාලෙකින් මම පුදුම වුන මේ කතාව ඔබට භාරයි, බලන ටික දෙනා අදහසක් දක්වලා යාවි කියලා හිතනවා… එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු, ඔබ සැමට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
36 comments
geeganagamage
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!sana bro
kavuru hari meka download karaganna suwa torrent link tikkak dennako
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
thanks saho,,,,,,,,,,,,............... Asama wargaye film akak
Bandaramudiyansi
ලිපිය එක අකුරක් නැර කියෙව්ව..
නොගෙන ඉන්න බැ මෙවගෙ විදෙස් චිත්‍රපට අපටත් බලන්න සලස්ස්වනවට බොහොම ස්තුතියි ..
මම නම් ඔයාගෙ ෆිල්ම් මිස් කරන් නැ ඔබගෙ උපසිරැසියක් දකිනකොට සතුටුයි ඇති වෙන්නෙ ජය ... මෙ ටිකේ දුන්න පොඩි ,පොඩි මුවි ටික ,ටික ටික බලම් ආවේ ... ලස්සන කතා... අර කවුද මන්ද කිව්ව වගේ ලොකු රේට් තියෙන සමහර ෆිල්ම්ස් තියෙනව මෙලෝ යකෙකුටවත් බලන්න බැරි ඔලුවත් ඔල්මාදවෙන..
එ අතින් මල්ලි උපසිරැසි ගෙනෙණ ෆිල්ම් මරු...
මේවගෙ හොද විදෙස් ෆිල්ම් තිබ්බොත් දෙන්න ස්පාඤ්ඤ එව වගෙ .. ❤
___God bla you___Prazad
Niyamai saho..great..jayawewa
siyath dasanayaka
Thank you very much
Suranjan
Thanks bro......jayawewa......!
prashan
Thanks machan..jaya wewa..thwa honda ewata sub krpn..jaya ubata
Yd Neon
Sub ekata tnx
plz herbeats dancing film eke sub eka dennkoViraj
sub ekata thanks saho.. jaya wewa!!
Krishan NiShalya
බොහොම ස්තූති....
තවත් වෙනත් භාශාවල ෆිල්ම් වලට උපසිරැසි ලබාදෙන්නraviz
Thank you...........1
Sajithlakshan
බොහොම ස්තූති….
AsithaDilruwan
ela ela thanks
Bandaramudiyansi
මෙක නම් මරු
malith
Ela ela
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!nipulrobin
Onna math baawa sub ekata thank saho
Ishan007
Thanx ayye
dilshan_tharaka
Thnks sahoo.. patta film eka.. :) :)
H_anuru
Thank you
Nedstark
Thank you maru film eka.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.Chathuranga9168
sub එක අයින් වෙලාද? ' සොයාගත් නොහැකිලු '
Gihan Hirantha
Thanks
Harindu Perera
පට්ට Story එකක්. පට්ට film එකක්. බොහොම ස්තුතියි subs වලට...
Thilee
මචන් sub එක ගන්න බැහැ කියනවනෙ
Nishshanka Ruwan
ස්තුතියි :)
The_chale
නියමයි සුපිරි වැඩක්
Cj
තැන්කුයි වේවා
mister2one
මේ ෆිල්ම් එක අයින් කරලද?
Saranga J. Liyanagama
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තුතියි මේ විදිහේ වෙනස් නිර්මාණ අපි සෑම වෙනුවෙන් අරගෙන එනවට