කොහොමද කට්ටියට සතියක් ඇතුලත ෆිල්ම් එකක් ගේනවා කිව්වට මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුණා,ඉතින් මුලින්ම ඒකට සමාව ඉල්ලනවා. අද මගේ 8 වෙනි උපසිරසි නිර්මාණය විදියට ගෙනාවෙ ටිකක් විෂේශ ෆිල්ම් එකක් මේක ඩෙන්මාර්ක් ෆිල්ම් එකක්.ඒ වගේම මේ ෆිල්ම් එකේ ඩෙන්මාර්ක්,ඉංග්‍රීසි,පෝලන්ත කියන භාෂා තුනේම දෙබස් ඇතුලත් වෙලා තියෙන…
කොහොමද කට්ටියට සතියක් ඇතුලත ෆිල්ම් එකක් ගේනවා කිව්වට මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුණා,ඉතින් මුලින්ම ඒකට සමාව ඉල්ලනවා. අද මගේ 8 වෙනි උපසිරසි නිර්මාණය විදියට ගෙනාවෙ ටිකක් විෂේශ ෆිල්ම් එකක් මේක ඩෙන්මාර්ක් ෆිල්ම් එකක්.ඒ වගේම මේ ෆිල්ම් එකේ ඩෙන්මාර්ක්,ඉංග්‍රීසි,පෝලන්ත කියන භාෂා තුනේම දෙබස් ඇතුලත් වෙලා තියෙනවා.මේක ලෝකේ පුරා ජනප්‍රිය වුනු IMDB හොඳම ෆිල්ම් 250න් 125 වෙනි ස්ථානයේ තියෙන සුපිරි ෆිල්ම් එකක්.
8.3/10 IMDB Rate එකක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා,ඉතින් මේ වගේ සුපිරි රේට් එකක් ලැබිලා තියෙන ෆිල්ම් එකක් අමුතුවෙන් සුපිරිද නැද්ද කියලා කියන්න ඕන නෑනෙ.ඩොලර් මිලියන 3.5ක වියදමක් දරලා නිර්මාණය කරපු මේ ෆිල්ම එක ඩොලර් මිලියන 16.8ක ආදායමක් උපයගෙන තියෙනවා. Bitish Academic Film Awardsහි හොඳම ඉංග්‍රීසි නොවන චිත්‍රපටියට හිමි සම්මානය,2014 Bodil සම්මාන උළෙලෙදි හොඳම ඩෙන්මාර්ක් ෆිල්ම් එකට හිමි සම්මානය,හොඳම නලුවාට හිමි සම්මානය,2012 European Film Awards වල හොඳම තිර රචනයට හිමි සම්මානය ඇතුලුව තවත් සම්මාන උළෙලවල් විශාල ප්‍රමාණයකදි සම්මාන 39ක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.
හරි සම්මාන ගැන ඒ ඇති,ෆිල්ම් එක ගැන කියන්න මම මෙහෙම පටන් ගන්නම්,හිතන්න ඔයා පුංචි ලමයින්ට ගොඩක් කැමති නිතරම එයාලත් එක්ක ඉන්න කැමති කෙනෙක් කියලා.ඉතින් දවසක මේ එක පුංචි ලමයෙක් එයාගේ පෙරපාසල් ගුරුවරියට කියනවා,ඔයා ඒ ලමයව අපයෝජනයකට ලක් කලා කියලා.ඉතින් එහෙම දෙයක් හීනෙකින්වත් හිතලවත් නැති වුනත් කවුරුත් පිලිගන්නෙ ඔයා මම එහෙම දෙයක් කලේ නෑ කියන එකද නැත්තම් අර පුංචි ලමයා කියන එකද,අනිවාර්යෙන්ම මුලු සමාජයම පිලිගන්නෙ අර ලමයා කියන ඒ මොකද කවුරුවත් හිතන්නෙ නැහැ පුංචි ලමයෙක් ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් බොරුවක් කියාවි කියලා.මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් ඒ වගේ කතාවක් ලූකස් කියන්නෙ කලින් පාසලක වැඩ කරපු ගුරුවරයෙක් එයා නර්සරි එකක ලමයි බලා ගන්න කෙනෙක් විදියට වැඩ කරනවා,දවසක් මේ නර්සරි එකේ ලූකස් ගොඩක් ලඟින් ඇසුරු කරන ක්ලාරා කියන පුංචි ලමය ලූකස් තමන් අපයෝජනය ලක් කලා ගුරුවරියට කියනවා.පස්සෙ මේ ළමයගෙ කතාව හින්දා ගොඩක් සුන්දර මනුස්සයෙක් විදියට ගමේ ජීවත් වෙච්ච ලූකස් බොහොම බරපතල විදියට සමාජයෙන් කොන් වෙනවා,ඉතින් ලූකස්ට මොකද වෙන්නෙ ඇත්තටම ක්ලාරා ඒ වගේ කතාවක් තමන්ගෙ ටීචට කියන්නෙ ඇයි කියන දේවල් වලට පිලිතුරු මේ ෆිල්ම් එකේ තියෙනවා. 🙂 🙂 මම හිතන්නෙ මේ ෆිල්ම් එක වැඩිහිටියන්ට තමයි වඩාත් සුදුසු.
ඉතින් මම කාටත් ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා,බලාගෙන යද්දි ඇහැට කදුලක් එන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්.ඒ වගේම මේකෙ ඉන්න නලු නිලියන්ගේ රංගනය අති විශිෂ්ඨ තත්වයක තියෙනවා,විශේෂයෙන්ම ලූකස්ගෙ සහ ක්ලාරා කියන ලස්සන පුංචි ගෑනු ළමයගෙ.තවත් දෙයක් කවුරුත්ම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද මේ ෆිල්ම් එකට උපසිරසි නිර්මානය කරන්න මම ගොඩක් මහන්සි වුනා. 🙂 🙂 A/L ලඟ ලඟම ආවත් කොහොම හරි ඊට කලින් තව ෆිල්ම් කිහිපයකට උපසිරසි නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.අවසාන වශයෙන් මට මේ ෆිල්ම් එක දීපු ප්‍රියදර්ශන සහෝදරයටත් ස්තූති කරනවා.කාටත් ජය වේවා !!!
පහත දක්වා ඇති 445MB සහ 945 MB ටොරෙන්ට් පිටපත් ඩෙන්මාර්ක භාෂාවෙන් ඇති අතර 1.93 GB පිටපත ඉංග්‍රීසි පිටපතකි.
445 MB (BR) (Danish) කොපිය මෙතනින් බාගන්න
7b1d1033cc1a2176bcdae18df3745477dd138af3945 MB (BR) (Danish) කොපිය මෙතනින් බාගන්න
823DD9B2CD5418A5C8119D68ED1C9B5CD943652E1.93 GB (BR) (English) කොපිය මෙතනින් බාගන්න
3C75FED46683F41FC89E7ECDC9161DBBAC0CFDCF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,185 downloadsDownload The-Hunt-2012.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
71 comments
SaDuN dAnUsHkA
Nandana
Thank U Udara.
thisal
තැන්ක්ස් මචන් එල IMDB top නම් කොමද අත අරින්නෙ
Sachesc
තෑන්ක්ස් මචං ...
නිරෝෂ්
ස්තුතිය් ශාන්.ජය වේවා !
Jack
ස්තුතියි මචෝ සබ් එකට.
දිගටම සබ් දෙන්න,
ජය.Kulanjana Maduranga
ela.supiri filumak wge.subata thanks UDARA saho.digatama sub demu.jaya wewa...........
Global
නියමයි. සුපිරි..!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කොල්ලෝ. කොහොමහරි A/L ගොඩ දාගනින්.
ඒ වුනාට සබට ස්තුතියි කිව්වා.
අර්ථයක් ඇති ෆිලුමක් ගෙනල්ලා තියෙනවා.ආයු -බෝ -වේවා !!!
Kasun
Thank you very much bro.
ravindu
ඔයාට පුලුවන් නම් මෙි චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්නකෝ හැබැයි මෙිවායේ සමහර එවා අමුතු ජාතියේ චිත්‍රපටි ගොඩක් ඒවා horror ගනයට වැටෙන එවා හැබැයි ඉතින් මෙිවා එලකිරි කියලා තමයි මල්ලියෝ කියන්න තියෙන්නේ ඔයාට පුලුවන් කමක් තියෙනවා නම් සබ් කරලා දෙන්න. තව තියෙනවා එවා ඉදිරියට දෙන්නම් මේ ටිකෙන් පුලුවන් එකක් දෙකක් හෝ වත් සබ් කරලා දෙනවා නම් ඔයාට ගොඩක් තැන්ක්ස් ඔන්න මම ගියා චිත්‍රපටි ටික පහල අැති අවුරැදු ටිකත් එක්ක
1.the cave(2005)
2.the fog(2005)
3.below(2002)
4.columbus circle(2012)
5.deep rising(1998)
6.starship troopers(1997)
7.drive(1997)
8.rogue(2007)
9.the mask(1994)
10.misson to mars(2000)නලින්
නියමයි උදාර මල්ලි, මේක නම් අනිවා බලනවා..
එත් විභාගේ ලග ලග නම් සබ් කර කර ඉන්න එක මම අනුමත කරන්නේ නැහැ මල්ලි.
මුලින් විභාගේ ගොඩ ගෙන එන්න... මම සුබ පතනවා හොදටම නෙවෙයි සුපිරියටම ඔයා පාස් වෙන්න කියලා.
ඊට පස්සේ පුළුවන් සුපිරි කතා සෙට් එකකටම...දිගටම සබ් කරමු... අපි බලාගෙන ඉන්නම්.. ;)
ජය වේවා!
chamara southern
thanks udara malli jaya wewa....
indika
thnq :)
jana
thanks saho
charith
niama film ekek
Tharindu
Malliye,,, mulin vibage karan imu neda... passe ona taram sub danna...
Kj119
Ela machan.... thankz..
SisiRu
Thankx bro.... keep it up....
upul
thanks saho....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!#YasmikaSH
විභාගේ කොරගනින් බන්. පස්සසේ බැරියෑ සබ් දෙන්න.. :D
ජය ෴Chami
Thanks
Naween
නියම කතාවක් වගේ.උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
ඔබට ජයෙන් ජය...!කැලුම් ගුණසේකර
කවුරුත් කියනවා වගේ විභාගෙට තමයි මල්ලි මුල් තැන දෙන්න ඕන. අනික්වා පස්සේ වුනත් කරගන්න පුලුවන්. හොද නිර්මාණයක් ඔයා ගෙනත් තියෙන්නේ. ස්තූතියි සහෝ උපසිරැසියට.
Rs
thanks bro
sajeevi
thanks.
welawak labuna gaman balanna onaharsh
හොඳ ෆිල්ම් එකක් වගේ.
සබ් එකට ගොඩක් ස්තූතියි මල්ලි.
හැබැයි හැමදේටම වඩා අධ්‍යාපණ කටයුතු අතපසු කරගන්න නම් එපා කියල මතක් කරනවා.
ජයවේවා..!kavi
sub ekata godak sthuthi udara
Gayan P
Ela Ela Bro .........thanks
plez give more......
IMDB tops...........රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
ස්තුතියි උදාර සහෝ..
සුබ වේවා..ජයෙන් ජය සහෝ..kanthaDLA
445 MB (BR) (Danish) copy ekata sub gelapenne neha..
hadala deepn machan..charith
445 MB (BR) (Danish) copy එකට sub එක ගැලපෙන්නෑනෙ
ඒක හදල දෙන්ඩ බලන්ට.mika
Thanks
I.W.M.S Ilangakoon
thankz malliyoo,,
eth exam hodata karaganingg,,,
jaya wewa,,,,,,DDSameera
niyama..film ekak..ane daruwo...A/L walata mul tana deela wada karanna mallila.....multana iganeemata denna....sahooo
“චූටී මල්ලි”
එලස්
දිගටම දෙමු මචෝ
සබට තුති
ඔබට ජය.......ajee67
බොහොම ස්තුතියි.මමත් බාන්න දැම්මා.බලල්ල ඉවර උන ගමන් තව කමෙන්ට් එකක දාන්නම්.
සාරංග
ශාන් මල්ලි,
උසස් කෘතියක් ලබාදීම ගැන තුති !
හැබැයි පුතෝ, විභාගෙ අනාගන්නෙ එහෙම නෑ ! :-)
මේ කරන, හැම පොදු වැඩක් අතරතුරේමත්, ප්‍රධාන අරමුණ හිතේ රඳවගන්න.විභාගය සාර්ථකව ජය ගන්න අවශ්‍ය දැනුම සහ මානසික සන්සුන්කම ඔබට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
- සාරංග -
Udara Rajapakse
Thanx lot brothers !!!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Dhanuka
macho, puluwannam " Halloween " movies tika sub karnnako... elazzzz . jaya wewa!!!!!!!!!!!!!
upul
good film,thanks lot
දේශාන්
ස්තුතියි මචෝ සබ් එකට
wiki
Thanks
gj
thanks bro.beluwa film eka.
amila
kyna widihta nm supirima wage thx mchn..
Tharindu Wanasinghe
බොහෝමා ස්තුතියි ශාන් සහෝ.....!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Hunt (2012) | අහිංසක බොරුවක් කල හදියක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/The-Hunt-2012-.jpg)

නියමයි සහෝ
හැබැයි අඩන්න වෙයිද දන්නේ නැහැ
අරගෙනම බලන්නම්
උපසිරැසියට තුති.......................... !