Watch Trailer

The Hunt (2020) Sinhala Subtitles | මිනිස් දඩයම! [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමකින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අපගේ සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම වෙන් කර දී ඇති බැවින් දෙදෙනාගේම මහන්සියට අසාධාරණයක් නොවීම සඳහා දෙදෙනාගේම උපසිරැසිය සහ ලිපිය අප විසින් පළකරමු. සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු! චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය ම…

අතපසුවීමකින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අපගේ සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම වෙන් කර දී ඇති බැවින් දෙදෙනාගේම මහන්සියට අසාධාරණයක් නොවීම සඳහා දෙදෙනාගේම උපසිරැසිය සහ ලිපිය අප විසින් පළකරමු. සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු!

චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය

මොකද හිතෙන්නේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්, යාලුවෙක් බලලා එන ගමන්, බාර් එකක ඉන්න ගමන් නොදන්නා සෙට් එකක් එක පාර ඇවිත් ඔයාව උස්සන් ගියොත්? නිරෝධායනය කරන්න නම් නෙමෙයි. මරන්න. ඒත් ඒ මරන්නේ මොකටද? මොන වරදකට ද? විහිලුවට ගත්ත එකට. නැත්නම් ඇත්තක් එලි කරපු එකට. බොරුවට හෝ ඇත්තට අන්තර්ජාලය හරහා මඩ ගහපු එකට. එහෙම නැත්නම් සෙල්ලමට වෙන්නත් පුළුවන්.

ඉතින් මං අද අරං එන කතාවේ සරල පදනම ඔන්න ඕකයි. ඇඳිරි නීතිය අස්සේ කට්ටිය ගෙදරට වෙලා ඉන්න නිසා, පොඩ්ඩක් ඔලුව රත් කරගන්න පුළුවන් thriller සහ action කාණ්ඩයට වැටෙන චිත්‍රපටයක් තමයි “The Hunt” කියන්නේ. ෆිල්ම් එක එලියට ඇවිල්ල තාම දවස් ගානයි. YouTube එකේ මිලියන 15 ක trailer views බැලුවම මට හිතුන මේක සුපිරියක් වෙන්න ඕන කියල. ඉතින් විමා සහෝ ගේ අදහසක් අනුව මං මේක ඉක්මනටම කරලා දෙන්න තීරණය කළා.

ගොඩක් චිත්‍රපට වල වීරයා සහ දුෂ්ටයා පිරිමි අය උනාට මේ කතාවේ නම් ඉන්නේ චන්ඩි රැජිණලා දෙන්නෙක්. කතාවේ වීරවරිය තමයි ස්නොබෝල් (Betty Gilpin). ඒ වගේම නපුරිගේ නම ඇතීනා (Hilary Swank). ඇතීනා නපුරුයි කියල කිව්වට මට නම් ගොඩක් වෙලාවට හිතුනේ ස්නොබෝල් තරම් එයා නපුරු නෑ කියල. මොකද ස්නොබෝල් ඒ තරම් දරුණු විදිහට තමන්ව මරන්න එන අයගෙන් පළිගන්නවා.

ඇතීනා කියන්නේ සල්ලි තියන ව්‍යාපාරික මට්ටමේ කෙනෙක්. එයාට තියනවා ක්‍රෝෂියාවල පාළු ලස්සන පොඩි ගෙයක්. වැඩේ වෙන්නේ මෙහෙමයි. ඇතීනාගේ සහ එයාගෙ යාළුවන් ගේ නමට සැර මඩ පාරක් වදිනවා ඉන්ටර්නෙට් එක හරහා. එයා සෙල්ලමට මිනී මරනවා කියලා. හැබැයි ඇතීනා නම් ඒ කතාව පිළිගන්නේ නෑ. ඒ මඩ ප්‍රචාරයට සම්බන්ධ 12 දෙනෙක් විතර ඇතීනා තමන්ගේ යාළුවෝ එක්ක හොයා ගන්නවා. ඊට පස්සේ කරන්නේ එයාලව ක්‍රෝෂියාවට උස්සන් ගිහින් අමානුෂික විදිහට මරන එකයි. හැබැයි එයා එක වරදක් කර ගන්නවා. ඒ ස්නොබෝල් වත් මරණ ලැයිස්තුවට දාගන්න එක. මොකක්ද ඒකෙ වරද? ෆිල්ම් එකේ අන්තිම හරියේ ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්.

මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Craig Zobel. IMDb අගය 6.4 ක් වන මේක හදන්න ඩොලර් මිලියන 15ක් විතර වියදම් වෙලා තියෙනවා. ඒ වගේම The Hunt චිත්‍රපටය හොඳම නිළිය (Betty Gilpin), හොඳම දෘශ්‍ය සංකලනය සහ හොඳම තිර රචනය කියන ජූරි සම්මාන වලට නිර්දේශ වෙලා තියෙනවා. හරි එහෙනම් ෆිල්ම් එක බලලා අලුත් අත්දැකීමක් ගන්න කියල හැමෝටම ආරාධනා කරනවා. දැන් මං උපසිරැසි 29ක් කලා. 30 වෙනි ඒකත් ඉක්මනට දෙන්නම්. ස්තූතියි සහ ජය!

 

රවිඳු රුක්ෂාන් සහෝදරයාගේ ලිපිය

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ගිය අවුරුද්දෙම බලාගෙන හිටිය චිත්‍රපටයක්. නමුත් කරුමෙට චිත්‍රපටයට වෙච්ච දේශපාලනික බලපෑමක් නිසා රිලීස් නොකර හිටියා. කොහොමහරි කිව්වෙ රිලීස් කරන්නෙ නැහැ කියලා තමයි. නමුත් මේ වසරේ Blumhouse ප්‍රධානියා වෙන ජේසන් බලම් අන්තර්ජාලයෙ සඳහන් කළා මේ වසරේ මාර්තු මාස 13 වෙනිදා රිලීස් කරනවා බවට. ඉතිං ඉතා කෙටි කාලයක් තමයි චිත්‍රපට ශාලා වල තිරගත කරන්න හැකියාවක් ලැබුණේ. මොකද ”කොරෝනා” වෛරසය නිසාවෙන්. ඉතිං ඔහු පසුව තීරණය කළා චිත්‍රපටයෙ හොඳ පිටපතක් නිකුත් කරන්න. ඉතිං මේ වෙනකොට චිත්‍රපටය හට IMDb අගය 6.4 ක් සහ කුණු තක්කාලි අගය 52% වැනි අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණ කරන්නෙ Craig Zobel විසින්ය. Action l Horror l Thriller යන කාණ්ඩ තුනට අයත් වෙන මෙම චිත්‍රපටය පැයයි විනාඩි 30 ක දාවන කාලයක් තිබෙනවා. ඒවගේම රංගනයෙන් Betty Gilpin l Emma Roberts l Hilary Swank l Ethan Suplee l Glenn Howerton l Ike Barinholtz l Justin Hartley lTeri Wyble l Sturgill Simpson ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ලෝකෙ බලගතු මිනිස්සු ඉන්නවා කියලා හැමෝම දන්නවනෙ. එයාලට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නෙ. ඉතිං මෙයාලා අලුත්ම දෙයක් පටන්ගන්නවා. ඒ තමයි සෙල්ලමට මිනිස්සු දඩයම් කිරීම. මෙයාලා කරන්නෙ මිනිස්සු කට්ටියක් එක්තරා තැනකට දාලා එයාලට ආයුධ එහෙම දීලා සාධාරණව සෙල්ලම් කරන එක. හැබැයි ඉතිං මරණය තමයි. ඉතිං කොහොමහරි මෙයාලා අලුතින් සෙට් එකක් මේ වැඩේට අරගන්නවා. හරියටම කිව්වොත් 11 ක්. හැබැයි හැමෝටම වගේ බේරෙන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නැහැ. ඉතිං බේරුණු කිහිප දෙනා මෙතනින් පැනගන්න උත්සහ කරනවා. සමහරු වෙන වෙනම යනවා. කණ්ඩායමක් ලෙස නොගිහින් තනි තනියෙම. හැබැයි මෙතන කෙනෙක් ඉන්නවා ස්නෝබෝල් කියලා. ඇය ටිකක් මොළේ පාවිච්චි කරල තමයි වැඩ කරන්නෙ. හැබැයි ඇයටත් ප්‍රශ්ණයක් මෙහෙම දෙයකට අපිව ගත්තෙ ඇයි කියලා? මොකද ඇය කිසිම දෙයක් නොකරපු කෙනෙක්. සාමන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්. ඉතිං ඇත්තටම මෙයාලව අරගත්තෙ ඇයි? අර බේරිච්ච කට්ටියට මේකෙන් බේරිලා පැනගන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්නකො.. 

හැමෝටම ජය.!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB / Blu-Ray  පිටපත් සඳහා අදාළ වේ.

20,966 downloadsDownload The-Hunt-2020-Blu-Ray.zip153 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,966 downloadsDownload Subtitles153 KB

61 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි දෙන්නටම සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. sandun512

    the outsider eke ithuru tikath karala dennako sahoo

  3. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  4. Madhu@7

    උපසිරැසි කරුවන් දෙන්නෙක් හිටියා නම්, රවිඳු මල්ලි ඔයා මේක අතෑරලා Altered Carbon ඉතිරි කොටස් දාන්න තිබ්බනෙ. ඒක නැද්ද දැන්??

  5. sashan

    Thanks machan රවිඳු sub ekata

  6. chandikaranaweera

    me dawas tike baiscope ekata hamawelawema enawa.. puluwan tharam sub denna shakthiya labewa jaya wewa!!!!!

  7. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම ජය වේවා! ✌♥

  8. Gihan perera

    ස්තුතියි මචන් ලා දෙන්නාට ම.... කම්මැලි කම යන්නත් එක්ක පට්ට ෆිලුමක්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.....

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Isirajanith

    Thanks Dolittle 2020 flimtath sub dennko please sub thx

  11. Shaggie

    Thnks mchn

  12. Ayesh Prashan

    Thank You

  13. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA BS

  14. රිශාන්ත

    චාමිකර සහ රවිදු මල්ලිලා දෙන්නාගේ ම උත්සාහය අගයමි

  15. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  16. Anonymous

    ela thanks

  17. Suranjan

    Thanks malli..... Jayawewa......!

  18. indika75

    thanks..

  19. Sajithlakshan

    thanks .......................

  20. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  21. shevin

    Thanks you two

  22. සනිඳු ලක්ඛිත

    දෙන්නටම බොහොම ස්තූති උපසිරසට...මේ කාලෙට පට්ට වටිනවා..ජය වේවා..බුදුසරණයි..!

  23. Anonymous

    Not have subtitles file

  24. M.W. dilhani

    Baiscope eken deyak illala nam wdk na. Kawadawath ape illim itu karanne nane. Kamak na apahu kiyannamko. Bombshell, last thing he wanted, where'd you Bernadette, Dolittle film walata sub dennakoo. Oyala hoyana rating gunathwe oya okkoma tiyenawa mawage. Netflix king, last thing he wanted Netflix ekk ekatawat dennako. Mewata wada gobba film walata oyala sub dila tiyenawa. Me tikath try karala balnna.

    1. Chamikara Vidanage

      ඔයාගෙ bombshell වැඩේ ඉක්මනට කරල දෙන්නම්

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Anonymous

    Tnx sub ekat

  27. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  28. suranuwan

    thanks bro....

  29. Rukshan37

    Ela

  30. nish47

    ස්තූතියි සහෝ

  31. sanjeewakbg

    thanks bro..

  32. MAALNATH

    Thanks ..............good luck .................

  33. Manohari w

    Dennatama godak sthuthi...Jaya wewa.

  34. Hasintha

    Thanks baiscopelk.com eke හැමොටම, sub හදන අයටත්,sub nam සුපිරි, දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  35. lasaa

    Elama

  36. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ....!

  37. NIPUNA

    අන් අයගේ යහපත් විනෝදාස්වාදය වෙනුවෙන් තමන්ට හැකි සහයෝගය ලබාදීමට කටයුතු කරන සියලු දෙනාටම ගොඩක් ස්තුති.

  38. Dewadithya

    Thanks for sub!

  39. NavinduTharaka

    නියමයි සහෝ'.......!! Thank you !!

  40. Pathmila. K

    BluRay Update කරන්න.

  41. Udaya Fdo

    Thanks for both

  42. Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

  43. PaThUm_WiNcHeStEr (පැතුමා)

    උපසිරසට ස්තුතියි, ට්‍රේලර් එක බලලා හොදයි කියලා හිතුනා. දැන්ම බානවා

  44. chinthana

    Trailer, IMDB ,Wikipedia link වෙන film එකක දාල තියෙන්නනෙ.

  45. sahangayantha

    thanks a lot saho

  46. Asin_Bashitha

    Thankz bru.Possessor movie eke sub ekak ikmanata dennako

  47. Dumindu Ishan

    තෑන්ක්ස් උපසිරැසියට

  48. muditha gayan

    Thankzzzzzzzz

  49. Chandimal Kariyapperuma

    Thanks. keep up.

  50. හසිත

    උපසිරස ලබා දුන්නට ස්තුතියි.

Load more comments