කවුරු හරි ලෝකේ තියන සුන්දරම දේ මොකක්ද කියලා ඇහුවොත් මං නම් කියන්නේ ඒ ආදරය කියලා. මොකද මේ ලෝකේ කොච්චර අදුරු ගුප්ත ජරා තැනක් වුනත් ආදරයට ඒ කිසිම සීමා මායිමක් අදාල වෙන්නේ නෑ. ඒක වැටමායිම් කඩාගෙන තමන්ගේ ඉරනම් කාරයව හොයාගෙන එනවා. ඊට පස්සේ ඉරනමේ ලියවිලා තියන විදිහට ආදරේ දෙනවා. ඔයත් ඒ විදිහටම තමයි මගේ නොස…

කවුරු හරි ලෝකේ තියන සුන්දරම දේ මොකක්ද කියලා ඇහුවොත් මං නම් කියන්නේ ඒ ආදරය කියලා. මොකද මේ ලෝකේ කොච්චර අදුරු ගුප්ත ජරා තැනක් වුනත් ආදරයට ඒ කිසිම සීමා මායිමක් අදාල වෙන්නේ නෑ. ඒක වැටමායිම් කඩාගෙන තමන්ගේ ඉරනම් කාරයව හොයාගෙන එනවා. ඊට පස්සේ ඉරනමේ ලියවිලා තියන විදිහට ආදරේ දෙනවා. ඔයත් ඒ විදිහටම තමයි මගේ නොසිතූ වෙලාවක මගේ ජීවිතයට ගොඩ වදුනේ..
ලෝකය දිහා බලද්දි ගොඩක් අය අඩනවා, ආදරය බොරුයි කියනවා.
ඒත් ඒ හැමදෙයක්ම දිහා බලලා
ආපහු ඔයා දිහා බලනකොට මම කොච්චර වාසනාවන්තයිද කියලා මටම හිතෙනවා. මම හීනෙකින්වත් හිතුවේ නෑ ඔයා මගේ ජීවිතේට මෙච්චරටම වටින කෙනෙක් වෙයි කියලා. ඔයා ආවට පස්සේ මගේ ජීවිතේ මෙච්චර ලස්සන වෙනවා කියලා දන්නවනම්,
සත්තයි මන් කලින්ම ඔයාව හොයන් එනවා…
ඉතින් ඔයා මට කොච්චරටම ආදරෙයිද කියලා මම දන්නේ නෑ. ඒත් ඔයත් ඉදලා ඔයත් එක්ක කතා කරලා ලබන සතුට වෙන කාගේ එක්ක හිටියත් ලබන්න බෑ.
ඉතින් දැන් ඔයාට ආදරය කරන එකත් හරියට හුස්ම ගන්නවා වගේ…
පාලනය කරන්න බෑ
නවතින්නේ මැරුණම..
ඉතින් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා තවම හිතාගන්න බැරුව ඉන්නේ. හොදයි කට්ටියම Dia 2020 චිත්‍රපටිය බලන්න ඇති කියලා හිතනවා. ඒක බැලුවනම් මේක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනී නෑ. 2020 ජනවාරි මස 31 විකාෂනය ආරම්භ කරපුමේ චිත්‍රපටයත් Diya චිත්‍රපටය වගේ කන්නඩ සිනමාව උඩු යටිකුරු කරපු අපූරු චිත්‍රපටයක්. දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් වන කිරිෂ්ණා නාගප්පා මහතා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. ඉතින් කන්නඩ වෙලත් මේකට IMDb මීටරේ 9/10ක වාර්තාගත අගයක් ලැබිලා තියනවා.ඉතින් අමුතුවෙන් කියන්න ඕනී නෑනේ මේක කොහොම චිත්‍රපටයක්ද කියලා. එහෙනම් වැඩි විස්තර ඕනී නෑ කතාව පත්තට යමු.
මේ චිත්‍රපටය පුරාම ගලාගෙන යන්නේ ආදි කියන තරුණයාගේ ආදර කතාව. ආදි ඉපදෙන්නේ ඉංදියාවේ මයිසූර් කියන ගමේ දුප්පට්ග් දෙමව්පිය යුවලකගේ එකම දරුවා විදිහට. ඉතින් මොන අගහිගකම් තිබුනත් මෙයාගේ අම්මයි තාත්තයි මෙයාට හොදට උගනනවා. ඉති ඔය අතරෙදි තමයි මෙයාගේ අදර කතාව පටන් ගන්නේ. ඒක පටන් ගන්නේ ටියුෂන් පන්තියේදි. හරියට අපේ රටේ ගොඩක් අයගේ ආදරකතා පටන් ගත්ත විදිහටම තමයි. ඒත් ගොඩක්ය අයගේ ප්‍රස්ට් ලව් එක පාසලටම සීමා වෙනවනේ මෙයාටත් වෙන්නේ එහෙම දෙයක්. පස්සේ මෙයා කැම්පස් යනවා ඉංජිනියරින් ඉගෙන ගන්න එහෙදි ආදිට තව කෙනෙක් හම්භ වෙනවා. එයා මාරම ලස්සනයි ඒ වගේම කෙල්ලට හොදටම සල්ලිත් තියනවා. ඉතින් කොහොමින් කොහොමි මේ ආදර කතාවත් ලස්සනට ගලාගෙන යනවා. ඔය අතරේ ආදි කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සාවක් හොයාගෙන යනවා. එතනින් පස්සේ තමයි හැම දෙයක්ම පටන් ගන්නේ… ඒක ඔයාලම බලන්න කිව්වොත් වැඩක් නෑ.
ඉතින් පටන්ගත්ත වෙලාවේ ඉදන් එක හුස්මට ඇසිපිය නොහෙලා බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක. හිනාව කදුල දුක සතුට ඒ හැම දෙයක්ම ලස්සනට මුසුකරලා තියනවා. ඒ වගේම ගොඩාක් ලස්සන සිංදු කීපයකුත් මේකේ තියනවා. ඒ සිංදුත් එක්ක චිත්‍රපටය ලස්සනට ගලාගෙන යනවා. ඉතින් Dia එක වගේම මේකත් පටන් ගන්නේත් එක තැනකින් ඒත් ඉවර කරන්නේ වෙනමම තැනකින්. මේක බලන කෙනා ආදරය කරලා තියන කෙනෙක් වුනත් නැති කෙනෙක් වුනත් ඇස්වලට කදුළු උනන එක නම් නතර කරන්න බෑ කාටවත්. බලලා ඉවරවුනාට පස්සේ දවසක් ඒ ගැන හිතලා ආයෙමත් වතාවක් බලන්න. මොකද කොච්චර බැළුවත් මේක නම් එපා වෙන එකක් නෑ.
මේ ලෝකේ කිසිම දෙයක් ස්තාවර නැති එකේ. ආදරය කියන්ත් එක්තරා විදිහක අකුරු හතරක් විතරයි. ඒත් ඒ අකුරු හතරට අර්ථයක් දෙන්න හැමෝටම බෑ. ඇත්තටම ඒක අරුමයක්. සමහරවිට මේක ඔයාගේම ආදර කතාව වෙන්නත් පුළුවන්. තවත් ලස්ස්න චිත්‍රපටයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔබට ජය…
෴ජය෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
44,716 downloadsDownload LOVE-Mocktail-2020.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
38 comments
malith sandeepa
sandun512
thanks saho sub ekata puluwannam the outsider eketa sub eka raladennako plz...
-චානක ඉඳුනිල්-
superb
Isuru minipa
Thanks broo mekata sub dunnata puluwannam Guntumoote 2019 Kannada love story ekatath sub denna
Udaya Saman
දිලා මලේ උපසිරසියට බොහොමතුති.ඒ ගමන කන්නඩ පැත්තට බැහැල වගේ. සුපිරියක් ඈ....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Deshani
thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
ලහිරු
ගොඩක් පිං මල්ලියේ මේ වගේ ෆිල්ම් එකක් බලන්න දුන්නට
ලහිරු
පුලුවන් නම් මේ වගේ ෆිල්ම් ටිකකට සබ් කරපන් මල්ලි මේවා ෆිල්ම් නෙවෙයි අපේ ජීවිත කතා ෆිල්ම් එකක් බලනනවට වඩා දැනෙනවා ජීවිත කතා බලද්දින්
දිල්ශාන් සචින්ත
ඒක ඇත්ත. මේ වගේ පිල්ම් ගොඩක් අඩුයි. එන ඒවත් හොයාගන්න අමාරුයි. කොහොම හරි හොයලා එන හැම එකකටම වගේ සබ් දෙන්න බලන්නම්
Janadhi
Ane therenne nh film eka balanna udaw karannko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
මේක.hd ඩව්න්ලෝඩ් කරන්න ලිංක් එකක් දෙන්නකො
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!චන්දි දිල්හාරා
මේ පිලුම නම් සුපිරි....උඹ සබ් එක දීලා තියෙනවා දැක්කම කමෙන්ට් එක්ක දාන්නම හිතුනා.
මේවාගේ තව එ්වා තියෙනවා නම් සබ් එක දෙන්න.
සුබ පැතුම් සහෝවරුන
කොහොමද මචන් මේ ෆිල්ම් එක ඩවුන්ලොර්ඩ් කරන්නේ ටොරන්ට් එකේ නැනේ ලින්ක් එකක් දන්න කෙනෙක් දෙනවද
දිල්ශාන් සචින්ත
baiscopedownload.co වෙබ් එකේ තියනවා ටොරෙන්ට් සහ ඩිරෙට් ලින්ක් දෙකම. ඒකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.
Hasantha_Sajeewan
Thanks, brother...❤❤❤❤❤❤
Gathsara Umesh
මංසලෙන් තමයි ෆිලුම් දැනගත්ටේ..බොහෝම් සතූතියි..කොහොම මිස් උනද කියන්න දන්නෙ නැහැඃ..බොහෝම ස්තූතියි....
Dil
Thank you so much for subtitles.. appreciate the hard work.. good job..
kavindu_kumara
Tnk u saho..good luck
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
mithnil1986
Thanks Bro
PahasaraDv
Thankz.....
ශසිත් සඳරුවන්
සබට තුති වේවා කිව්වා...
සුපිරියක් තමයි ඉතින්..
දිගටම සබ් දෙමු ආ... ජය!Anonymous
සබ් එකට thanks ඔබට ජය...
Sudeera sanjeewa
Ft
thivanka
movie eka download krnna nadda
Anonymous
Baiscopedownload.co eken ganna
Anonymous
movie eke virus tiyenawa kiyala edge eken block kale mata witharada
දිල්ශාන් සචින්ත
1tamilmv එකට ගිහින් ගන්න
Anonymous
Thank you bro
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿ 6
Anonymous
Love Mocktail 2 eketh sub ikmanatama genna. Thank you.
Dinithi
Good
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Love Mocktail (2020) with Sinhala Subtitles | කදුළු පිරුණු ආදරේ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Love-Mocktail-2020.jpg)
සබ් එකට බොහොම ස්තුතියි❤