ආයුබෝවන් ! ගොඩ කාලෙකට පස්සේ තමයි අද බයිස්කෝප් එක පැත්තේ ආවේ. මට මේක කරන්න අවසර ලබාදුන්නේ සිසිල ප්‍රියසාද් සහෝදරයා. මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Thriller/Drama කියන වර්ගීකරණය යටතට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John McTiernan. ඒ Tom Clancy කියන රචකයාගේ Jack Ryan කතා මාලාව යටතේ එන එක කතාවක් විදිහට. ඒ 198…
ආයුබෝවන් ! ගොඩ කාලෙකට පස්සේ තමයි අද බයිස්කෝප් එක පැත්තේ ආවේ. මට මේක කරන්න අවසර ලබාදුන්නේ සිසිල ප්‍රියසාද් සහෝදරයා.
මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Thriller/Drama කියන වර්ගීකරණය යටතට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John McTiernan. ඒ Tom Clancy කියන රචකයාගේ Jack Ryan කතා මාලාව යටතේ එන එක කතාවක් විදිහට. ඒ 1984 නිකුත් වුනු The Hunt for Red October නවකතාව ඇසුරින්. මේකට IMDb සිනමා දර්ශකයේ 7.6/10 ක අගයක් ලැබිලා තියනවා. තව ඔස්කා සම්මානයක් දිනලා තියනවා වගේම තවත් ඔස්කා සම්මාන දෙකකට නිර්දේශ වෙලා තියනවා. ඒ වගේම තවත් අන්තර්ජාතික සම්මාන තුනක් දිනලා වගේම තව හතකටත් නිදේශ වෙලා තියනවා. මේ චිත්‍රපටියේ කැප්ටන් Marko Aleksandrovich Ramius ගේ චරිතයට පණපොවන්නේ Sean Connery සහ සුප්‍රසිද්ද Jack Ryan චරිතයට පණ දෙන්නේ Alec Baldwin විසින්.
සෝවියට් රුසියාවයි ඇමරිකාවයි අතර ඇති වෙන සිතල යුද්දයේ එක්තරා පැතිකඩක් ගැනයි මේ කතාව පාදක වෙන්නේ. Red October කියන්නේ රුසියාව විසින් නිර්මාණය කරන ඇති නවීන බැලස්ටික් මිසයිල සබ්මැරීනයක්. සාමාන්‍ය සබ්මැරින් වල ධාවන පද්දතිය විදිහට තියෙන්නේ Diesel-electric propulsion system (ඩිසල් ඉලෙක්ටෝනික් ධාවන පද්දතියක්) නැත්තන් Nuclear marine propulsion (න්‍යෂ්ඨික ධාවන පද්දතියක්). මෙව්වගෙන් කෙරෙන්නේ ජනනය කරන ශක්තිය propeller (අවරපෙත්තට) ලබාදීලා එමගින් ඉස්සරහට යන්න අවශ්‍ය බලය ලබාගන්න එක. මෙව්වගෙ අධික යාන්ත්‍රික ක්‍රියාවලිය හින්දා ඇති වෙන ශබ්දය සෝනාර් පද්දති වල නිරීක්ෂණයට අහු වෙනවා.
ඒකෙන් වෙන්නේ සතුරු නැව් වලට නැති නම් සබ්මැරින් වලට අදාළ සබ්මැරීනයේ පිහිටීම දැනගනීමට හැකි වෙන එක. හැබැයි මේ Red October වල විශේෂත්වය වෙන්නේ ඉස්සල්ලා කිව්ව පද්දති වලට අමතරව electromagnetic propulsion system (චුම්බකගතික ධාවන පද්දතියක්) නිර්මාණය කරලා තිබීම. කතාවේ විදිහට ඒකට කියන්නේ කැටපිලර් එක කියලා. මේ කැටපිලර් එකේ විශේෂත්වය වෙන්නේ මේ පද්දතිය හින්දා propeller එක පාවිච්චි කරන්නේ නැතුවම සබ්මැරීනය ධාවනය කරන්නට හැකි වීම. ඒ හින්දා ජනනය වෙන ශබ්ධය සෝනාර් වලට අහු වෙන්නේ නෑ. ඒ හින්දා ඒකෙ පිහිටීම දැනගන්න හම්බවෙන්නේ නෑ. මේ Red October වල නායකත්වය භාර දෙන්නේ එයාලගේ දක්ෂතම සබ්මැරින් කැප්ටන් වෙන මාර්කෝ රේමියස්ට (Marko Ramius). ඉතින් මේ සබ්මැරීනය දියත් කරන දවසේ රේමියස් බෝට්ටුවේ දේශපාලන නිලධාරියාව මරලා දාලා. එයාගේ මිසයිල යතුර තමන් භාරයට ගන්නවා. රේමියස්ගේ වැඩ පිළිවෙල ගැන දැනගන්න සෝවියට් නාවික හමුදාව හදන්නේ එයාව විනාශ කරලා දාන්න. අමුතු සබ්මැරීනයක් රුසියාවෙන් දියත් කරලා තියන බව CIA විශ්ලේෂකයෙක් වන ජැක් රයන් (Jack Ryan)ට දැනගන්න ලැබෙනවා. ඉතින් එයාගේ ඉහල නිලදාරීන් එයාට භාර දෙන්නේ මේ රතු ඔක්තෝම්බර් කරන්න යන වැඩේ හොයලා ඒක නවත්තලා දාන්න කියලා. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ? රේමියස් මොකද කරන්න හදන්නේ? මේ අද්භුත සබ්මැරීනය කොහොමද හොයාගන්න හදන්නේ?
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BRපිටපත් සඳහා අදාළ වේ.
3,222 downloadsDownload The-Hunt-for-Red-October-1990.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
13 comments
DhanushkaAASL
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tarbo
Suberb
Ishan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
elama saho thanks
Udaya
thanks bro sub akata.
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.Anonymous
Download denna...puluwannam danna
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
dasun
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks sub akata