Watch Trailer

When We First Met (2018) Sinhala Subtitles | බලා සැනසෙනු නෙලාගනු බැරි ආදරේ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාගෙන් මං ඇහුවොත් ඔයාට කාල තරණයක් කරලා ආපහු අවුරුදු තුනකට වගේ ආපස්සට යන්න අවස්තාවක් දෙනවා කියලා? මොකද කියන්නේ? මං දන්නවා කිසිම ප්‍රශ්න කිරිල්ලකින් තොරවම ඒකට කැමති වෙනවා කියලා. මොකද මං උනත් එහෙමයි. ඒත් එහෙම කාල තරඟයක් කරන්නේ මොන එහෙකටද? තමන්ට කරන්න බැරි වුන දෙයක් කරන්නද? එහෙම නැත්තම් වැරදුනු තැනක්…

ඔයාගෙන් මං ඇහුවොත් ඔයාට කාල තරණයක් කරලා ආපහු අවුරුදු තුනකට වගේ ආපස්සට යන්න අවස්තාවක් දෙනවා කියලා? මොකද කියන්නේ? මං දන්නවා කිසිම ප්‍රශ්න කිරිල්ලකින් තොරවම ඒකට කැමති වෙනවා කියලා. මොකද මං උනත් එහෙමයි. ඒත් එහෙම කාල තරඟයක් කරන්නේ මොන එහෙකටද? තමන්ට කරන්න බැරි වුන දෙයක් කරන්නද? එහෙම නැත්තම් වැරදුනු තැනක් හරි ගස්වන්නද? වැරදි හරි ගස්වනවා කියලා කීයක් නම් එහෙම කරන්නද? වැරදි ගස්වනවා කියලා තමන්ට ජීවිතේදී ලගා කරගන්න බැරි වුන කෙනෙක්ව ලගා කරගන්න උත්සහ කලොත්? මොකද මේ ලෝකේ කී දෙනෙක් නම් ඇතිද අදටත් මේ මොහොත වෙද්දීත් තමන් කැමති කෙනාට ආදරේ කියාගන්න බැරිව. සමහර අය කියලා දාන්න බයයි, තවත් සමහර අයට මැදිහත් වෙන්නවත් බැරි විදිහට තුන්වන පාර්ශවයේ කෙනෙක් මේ වෙද්දීත් මැදිහත් වෙලා ඉන්නවා වෙන්න පුලුවන්, එහෙම නැත්තම් තමන්ගේ මොකක් හරි පුද්ගලික හේතුවක් හෝ අත්දැකීමක් නිසා කියාගන්න බැරිව ලත වෙනවා ඇති. ඔය වගේ තරුණ වයසෙදි ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන කොල්ලෙක් තමයි නෝහා කියන්නේ. හැලොවීන් කියන්නේ සාමාන්‍යයෙන් විදෙස් රටවල්වල සමරන උත්සවයක්. මේකට ඕනා තරම් සාද පවත්වනවා. 2014 වසරේ හැලොවින් දවසේ සාදයට යන නෝහාට ලස්සනම ලස්සන කෙල්ලක්ව මුණගැහෙනවා. එයා නමින් ඒව්රි. එයා ඇවිත් හිටියේ තනියම නෙවෙයි එයාගේ යාලුවා කේරි එක්ක. ඒත් එයාගේ යාලුවා කේරි නම් ඒ වෙද්දීත් සාදයට ආව කොල්ලෙක් එක්ක ගජ රාමෙට තමන්ගේ වැඩේ කරගෙන යන ගමන් හිටියේ. නෝහාට අහම්බෙන් මුණ ගැහුණු ඒව්රිත් මෙයාටම සෙට් වෙලා මේ දෙන්නා හොද කතාවක් දාගෙන ඉන්නත් පුලුවන් කමක් ලැබුනා. සාදයේ කතා කර කර හිටිය මේ දෙන්නා බාර් එකකට ගිහින් සින්දු කියලා ෆොටෝ බූත් එකකින් ලස්සන පින්තූරත් අරගෙන මේ දෙන්නා කෙලින්ම ගියේ ඒව්රිගෙ ගෙදරට. ගෙදරට වෙලා කතා කර කර ඉදලා නෝහා යන්න හදද්දී එයාට වුවමානවක් එනවා ඒවරිව සිපගන්න. මොකද එයා ඒව්රිව සාදයේ ඉදලා දැක්ක මොහොත වෙලාවේ ඉදන් එයා ගැන හැගීම් පහල වුනු එකේ නම් කිසිම අඩුවක් තිබුනේ නැහැ. ඒව්රිව සිපගන්න ලංවෙන නෝහාට ලැබෙන්නේ හග් එකක්. ඒ කිව්වේ වැලදගැනීමක්. (ඔව් ඔව් හරියට හොදටම ආශ්‍රය කරපු කෙල්ලෙක් ඔයාගේ මුණටම “ඔයා මට ඔයාගේ සහෝදරයෙක් වගේ” කිව්වා වගේ තමයි 😂) හිත් අමනාපයෙන් එතනින් පිටවෙලා යන නෝහා හිතුවෙම ඒව්රිට තවත් අවස්තාවක් දෙන්න ඕන කියලා. 

එහෙම හිතලා හිත හදාගෙන නෝහා ගෙදර ගියාට ඊට හරියටම පහුවදා ඒව්රිට කොල්ලෙක් මුණ ගැහෙනවා ඊතන් කියලා. එදා මුණ ගැහිල්ලෙන් පස්සේ අන්තිමට ඒ ඇයි හොදැයිය නවතින්නේ අවුරුදු තුනකින් පස්සේ මේ දෙන්නගේ විවාහ ගිවිස ගැනීමත් එක්කමයි. ගිවිස ගැනීමේ සාදයට සහභාගී වෙන්නේ නම් සුළුතරයක් විතරයි. ඒ සුළු තරයට නෝහා පවා ඇතුලත් වෙනවා. එයා ඇවිල්ලා ආයේ ගෙදර යන්න බැරි වෙන්නම බීපු එක. ඒ වගේ තත්වයක් උඩ තියලා නෝහාව ගෙදර යවන්න බැරි නිසා ඒව්රිගේ යාලුවා කේරි එයාව ගෙදර එක්කන් යන පොරොන්දුව ඇතුව නෝහාව එක්කන් යනවා. ඒ යන්නෙත් ගෙදර නෙවෙයි බාර් එකකට. එතනදී නෝහා එයාගේ දුක කියවලා කියවලා ආපහු වතාවක් එයා හරියටම අවුරුදු තුනකට කලින් ෆොටෝ ගත්ත ෆොටෝ බූත් එකට ගිහින් තනියෙන්ම පින්තූර අරගන්නවා. පින්තූර අරගන්න ගියාම තමයි නෝහාට හරි පුදුම වැඩක් වෙන්නේ. එයා එක පාරටම එයාගේ ඇදේ ඉදන් ඇහැරෙනවා කාලයෙන් අවුරුදු තුනකුත් ආපස්සට ගිහින්. එයාට ඒක තේරෙන්න ටික වෙලාවක් යනවා. ඉතින් එයාට ඕන තමන් ආදරේ කරන කෙනා ඒව්රිව ආයෙම වතාවක් හලොවීන් සාදයේදී මුණ ගැහිලා  ඒව්රි එයාගේ පෙම්වතිය කරගන්න. ඒත් එහෙම බලෙන් ලබාගන්න ආදරේට ලොකු ගමනක් තියෙයිද? බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.

ආදරවන්තයින්ගේ මාසයේ දෙවැනි සතියේ ඒ කිව්වේ 2018 පෙබරවාරි 9’වැනිදා තමයි When We First Met (2018) Netflix නාලිකාව හරහා විකාශය වීමක් වුණේ. මේක විශේෂයෙන්ම Netflix ලා නිකුත් කරන එයාලගෙම ඔරිජිනල් චිත්‍රපටයක්. The DUFF (2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Ari Sandel තමයි මේ අද අරගෙන ආව චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්දවුනෙත්. The LEGO Batman Movie (2017), The LEGO Ninjago Movie (2017) චිත්‍රපට ද්විත්වයේම තිරපිටපත් ලිවිම සදහා දායක වුනු John Whittington තමයි මේ ආදරණිය චිත්‍රපටයෙත් තිරපිටපත ලිවිම සදහා දායක වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන චරිත ගැන කතා කරනවානම්, කොමඩි කිව්වම මතක් වෙන නම් අතරේ Mike and Dave Need Wedding Dates (2016), Pitch Perfect (2012), Pitch Perfect (2015), Why Him? (2016) වගේ කොමඩි චිත්‍රපට ගණනාවකම රංගනයෙන් දායක වුණු Adam Devine තමයි මේ චිත්‍රපටයේ “නෝහා“ගෙ චරිතයෙන් දායක වෙන්නේ. එතකොට ඇස් දෙක දැක්කත් වශී වෙලා පිස්සු හැදෙන Percy Jackson & the Olympians (2010), Percy Jackson: Sea of Monsters (2013), San Andreas (2015), Baywatch (2017), The Layover (2017) වගේ චිත්‍රපට ගණනාවකට දායක වෙලා බොහෝ දෙනෙකුගේ සිත් ඇද බැද තියාගත්ත Alexandra Daddario තමයි මේ චිත්‍රපටයේ “ඒව්රි”ගෙ චරිතයෙන් දායක වෙන්නේ. The Secret Circle (2011-2012) කතාමාලාවෙන්, Ouija (2014) වගේම බොහෝ ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණු Teen Wolf (2011-2017)තුලින් පවා රංගනයෙන් දායක වුනු Shelley Hennig තමයි මේ චිත්‍රපටයේ “කේරි”ගෙ චරිතයෙන් දායක වෙන්නේ. ඒවගේම තමයි Fifty Shades of Black (2016), The Babysitter (2017)වගේම Where’s the Money (2017) චිත්‍රපට පෙළ තුලම රංගනයෙන් දායක වුනු Andrew Bachelor තමයි මේ චිත්‍රපටයේ “මැක්ස්”ගෙ චරිතයට දායක වෙන්නේ. අවසාන වශයෙන් The Tomorrow People (2013-2014), The DUFF (2015), The Babysitter (2017) ඒවගේම දැනට විකාශය වන ඇරෝ වගේම ෆ්ලෑෂ් කතාමාලා දෙකෙහි කලින් හිටිය මුල්ම ෆයර්ස්ට්‍රෝම්ගේ චරිතයට දායක වුනු, ස්ටීවන් ඇමෙල්ගේ ඥාති සොහොයුරා වන Robbie Amell තමයි මේ චිත්‍රපටයේ “ඊතන්”ගෙ චරිතයට දායක වීමක් වෙලා තියෙන්නේ. මිට අමතරව ඉතින් තව ගොඩක් නළු නිලියෝ මේකට දායක වෙලා තියෙනවා. මේ වෙද්දී IMDb දර්ශකය තුල 6./10 ක අගයක් වගේම පැයකුත් විනාඩි තිස් හතකුත් පුරාවටම ධාවනය වන මෙම චිත්‍රපටය Comedy කැටගරිය ආවරනය වන පරිදි නිම කරන ලද්දක්. 

ඇත්තම කියනවනම් මේක ආදරවන්තයින්ගේ දවසෙදි දෙන්න ලොකු උත්සහයක් ගත්තා. ඒත් ඒ වෙද්දී ඉවර කරලා තිබුනේ සම්පුර්ණ ලයින් ගානෙන් හරියටම බාගයක් විතරයි. ඒ ගැන නම් ඇත්තටම කණගාටුයි. ඒත් ඉතින් එළබෙන සතිඅන්තයේදී හරි කිසිම කම්මැලිකමක් නැතුව පටන් ගත්ත වෙලාවේ ඉදන් අන්තිම මොහොත දක්වාම බලන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip  පිටපත් සඳහා ගැලපේ.

10,346 downloadsDownload When-We-First-Met-2018.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,346 downloadsDownload Subtitles70 KB

48 comments

  1. Kulanjana Maduranga

    niayamai…
    lassana storyak wge...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Nuwan_Hero

    thanks bn pattama fime ekak

  3. Januthchathuranga

    supiri film ekk okath man relees una gaman baluwa netflix ekn apahu balannawa sub ekk patta comedy ekk thnk sub walata jaya weewaa

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. tharakat

    තැන්කු සහෝ සබට... ජය වේවා....!!!

  6. heshanhp97

    ela saho.bad moms 2. daddy's home 2 th dendo plzz
    .digatama comedy demu.jaya

  7. Thisal

    ස්තුතියි.

  8. AsithaDilruwan

    elama saho thanks

  9. lahiru sadaruvan

    thank you so much bro....

  10. HARSHANA9211

    Thank you....................

  11. Mawan Geethanjana

    thank you for sub.

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  13. gayan215

    bohoma sthuthi saho sub ekata..

  14. Pasindu_Sahan

    Thanks Saho Sub ekata.Saho Puluwannam """Das boart""" ekata sub ekak hadannako ekata thama sub ekak na

  15. රවිඳු ආදිත්‍ය

    thanks bro
    :-) :-)

  16. Kanchaka

    Thanks bro.

  17. kumaradasa

    Api wanuwan loku kattak kala api wanuwan tamanga kalaya kapa karala sub danawata godak stutie

  18. Suranjan

    Thanks machan....jayawewa.......!

  19. vasana22

    Niyamai bro

  20. DilshanChinthaka

    Perfect Bro

  21. Ravindu Rukshan

    thxthx

  22. surendra

    thanks mcn sub akata

  23. malith

    Ela ela

  24. gayanveranga

    thanks

  25. svhsathyajith

    Thanks for the sub

  26. Shemil90

    Thanks bro

  27. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  28. Pk Tharindu95

  29. Arrow T

    Thank you

  30. anjanamadu

    superb

  31. dilipvijethunga

    Patta film ekakne bn. thnq

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  34. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  35. chamikachasadun

    thanks for subtitles

  36. Rukmal sandaruwan weerasekara

    Thanks!

  37. jayjanith

    Thnx bro

  38. Sachith Hashan

    ජයින් ජයම වීවා...

  39. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  40. Kingdomd

    Thanks

  41. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  42. McMillanStyles

    Thanks for sub

  43. Amalka Himeshan

    Thanks sub ekata

  44. Manoj Ashitha

    elmaaa

  45. Sajithlakshan

    thanks .................

  46. Lucifer Adithy

    thanks

  47. Lakshan1327

    Thanks bro

  48. Thilina

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.