මගේ අතින් සිද්ධ උන පොඩි අතපසු වීමක් නිසා තමයි මේ චිත්‍රපටියේ සබ් එක ගේන්න පොඩ්ඩක් පරක්කු උනේ. ඒ ගැන සාධාරණ විවේචනයක් අපේ ෂාන් විමුක්ති සහෝදරයට තිබුනත්, සබ් එකේ ආපු පොඩි අවුලකට උදව් ඉල්ලුවම කිසිම අවුලක් නැතුව උදව් කරෙත් ඒ සහෝම තමයි. බොහෝම ස්තූතියි සහෝ. සිද්ධ උන ප්‍රමාදය ගැන සමාව ඉල්ලන අතරේ තවත් ඒ වග…

මගේ අතින් සිද්ධ උන පොඩි අතපසු වීමක් නිසා තමයි මේ චිත්‍රපටියේ සබ් එක ගේන්න පොඩ්ඩක් පරක්කු උනේ. ඒ ගැන සාධාරණ විවේචනයක් අපේ ෂාන් විමුක්ති සහෝදරයට තිබුනත්, සබ් එකේ ආපු පොඩි අවුලකට උදව් ඉල්ලුවම කිසිම අවුලක් නැතුව උදව් කරෙත් ඒ සහෝම තමයි. බොහෝම ස්තූතියි සහෝ. සිද්ධ උන ප්‍රමාදය ගැන සමාව ඉල්ලන අතරේ තවත් ඒ වගේ වැරැද්දක් නොවෙන්නත් වග බලා ගන්නවා.
1890 සැප්තැම්බර් මාසේ පහළොස්වෙනිදා උපත ලද අගතා ක්‍රිස්ටි බ්‍රිතාන්‍ය ජාතික නවකතාකාරිණියක්. ඇය විසින් Hercule Poirot චරිතය සහ Miss Marple යන චරිත දෙක පාදක කරගෙන රහස්පරීක්ශක නවකතා 66 සහ කෙටි කතා 14 ලියල තියෙනවා. ඇය රහස්පරීක්ශක කතා ලියන්න දරපු මුල් උත්සහයන් හයක්ම අසාර්ථක වෙනවා. ඒත් 1920 දි ප්‍රකාශයට පත් කරන ලද, හර්කියුල් පෝරො මූලික කරගත්තු නවකතාවක් උන The Mysterious Affair at Styles කතාවෙන් ඇය සාර්ථක වෙනවා. එතනින් පටන්ගෙන ආපු ගමන නැවතුනේ, බයිබලයටයි ශේක්ස්පියර්ගේ නිර්මාණ වලටයි පස්සේ වැඩිම වාර ගනනක් ප්‍රකාශයට පත් වූ නිර්මාණ විදියට වාර්ථාවක් තියලා. ගිනස් වාර්ථා පොතට අනුව අගතා ක්‍රිස්ටිගේ පොත් වල පිටපත් බිලියන දෙකක් විතර මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි ඇයට නමක් පට පඳින්නේ රහස්පරීක්ශණ ලොවේ අගරැජින කියලා.
අගතා ක්‍රිස්ටිගේ නවකතා අතරින් වැඩිම පිටපත් ගනනක් විකිණිලා තියෙන නවකතාව තමයි And Then There Were None කියන එක. මේ වෙනකොට ඒකේ පිටපත් මිලියන සීයකට වැඩියෙන් විකිණිලා තියෙනවා. ඒ නවකතාව පාදක කරගෙන නිර්මාණය උන ටිවි සීරිස් එකට මම කරපු සබ් එකක් සයිට් එකේ ඇති. තව මේ ලඟදි සබ් කරල දුන්න Crooked House චිත්‍රපටියත් අගතා ක්‍රිස්ටිගේ නවකතාවක් පාදක කර ගත්තු එකක්.
Murder On The Orient Express කියන මේ නවකතාවත් අගතා ක්‍රිස්ටිගේ ප්‍රසිද්ධ නිර්මාණයක්. මේ නවකතාව පාදක කරගෙන චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නේ Kenneth Branagh විසින්. හර්කියූල් පෝරො චරිතයට රංගනයෙන් දායක වෙන්නෙත් ඔහුම තමයි. ඔහුට අමතරව Johnny Depp, Daisy Ridley, Leslie Odom Jr, Tom Bateman, Penélope Cruz, Josh Gad, Michelle Pfeiffer, Judi Dench, Olivia Colman, Willem Dafoe, Marwan Kenzari ඇතුළු නළු නිළි පිරිසක් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටියේ IMDb අගය 6.6 වෙනවා.
චිත්‍රපටියේ අධික ආදායම් වාර්ථා හේතුවෙන් මේක සීරිස් එකක් විදියට ඉදිරියට ගෙනියන්න නිර්මාණකරුවන් බලාපොර්තු වෙනවා. චිත්‍රපටි මාලාවේ දෙවැන්න විදියට, අගතා ක්‍රිස්ටිගේ Death On The Nile නවකතාව පාදක කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කරන්න තීරණය කරල තියෙනවා. ඒ චිත්‍රපටිය නිකුත් කරන්න දින යොදලා තියෙන්නේ 2019 නොවැම්බර් මාසේ අට වැනිදා.
මං ඉතින් පුරුද්දක් වශයෙන් අභිරහස් , රහස්පරීක්ශක චිත්‍රපටි වල කතාව ගැන මහ ලොකුවට කියන්න යන්නෙ නෑ නොවැ. මේකට කියල විශේෂයක් නෑ ඉතින්. කතාව තියෙන්නේ ඔරියන් දුම් රියේ ගමන් කරන ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන රැචට් කියල මහත්මයෙක්, පිහි ඇණුම් බර ගානක් එක්ක ඔහුගේ නිදන මැදිරියේ තිබිලා හොයාගන්නවා. ඒ අස්සේ ලොකු හිම කන්දක් නාය ගිහින් රේල් පාර උඩට වැටිලා කෝච්චිය පීලී පනිනවා. මේ ඔක්කොම දේවල් වෙලා තියෙන අස්සේ තමයි අපේ විශිෂ්ඨ රහස්පරීක්ශක හර්කියූල් පෝරො මහත්මයට මේ මිනීමැරුම විසඳන්න භාර වෙන්නේ. එහෙනම් බලමුකො කොහොමද එතුමා මේක විසඳන්නේ කියලා.
හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
22,929 downloadsDownload Murder-on-the-Orient-Express-2017.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
95 comments
Prabodha Madhusankha Hettiarachchi
Rajitha_juzt
මහත්තයෝ සබ් එක කරන් කොට 1gb වලට එහා ඒවට නෙවෙයි ඊට අඩු ෆිල්ම් එකක් බලලා කරන්න..
සිසිල ප්‍රසාද්
එයා 1GB වලට එහා පිටපතකට සබ් කළා කියලා ඔය මහත්තයා මොකටද ඒ පිටපතම අරගන්නේ? BR පිටපතට ගැලපෙන්න සබ් එක දුන්නම සයිස් අඩු BR පිටපතටත් ගැලපෙනව, සයිස් වැඩි BR පිටපතටත් ගැලපෙනව කියලා ඔය මහත්තයා දන්නේ නැද්ද?
සනිඳු ලක්ඛිත
මෙහෙමයි මචං. බයිස්කෝප් සහෝලා විතරක් නෙමෙයි ඔරිජිනල් ඉංගිලිශ් සබ් එක කරන්නෙත් එක පිටපතකට විතරයි. BR නම් ඒ පිටපතෙන් තමයි සයිස් ලොකු පොඩි,x264,x265 සේරම කන්වර්ට් කරලා ගන්නේ. ඉතිං ඒ ප්‍රධාන එකට සබ් එක දුන්නා කියන්නේ අනිත් ඕනි එකකට සබ් එක මැච් වෙනවා. දෙයක් දන්නේ නැත්තම් ඒක වැදගත් විදියට අහපන් මචං. නැත්තම් ලෝකෙට ප්‍රදර්ශනේ වෙන්නේ උබේ ගොං කම!
Udara Damith Dissanayaka
mb 800 ගානෙ ඒවත් තියෙන්නේ
කොහෙද කොල්ලෝ 1 gb වලට වැඩි වෙන්නේ එක
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thisal
ස්තුතියි.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ගොඩක් ආසවෙන් බලන්න හිටපු ෆිලුමක් තමයි. බුදුසරණයි..!
Chokzi
Tnx....✊
Kanchaka
Thanks bro......
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Hashan Wijesinghe
Thanx a lot mcn.
sankha4024
thank sub ekata.. jaya wewa
Dil600627
jayen jayama wewaaaa baiscope team ekata.....................
LimeGreenSoda
thanks
Saranga J. Liyanagama
ගොඩක් ස්තුතියි.
Kavinga
ela ela thank u bro
Pushpa Kumara
ela thanks sub ekata....
rock_promod
thanks sub ekata
Udara Damith Dissanayaka
මන් පොත කියවල තියෙනවා
එක වගේ හොදයිද බලමුකෝ
බලාලා කියන්නම්Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..Nirosh C
ස්තුතියි කල්හාර සහෝ.ජයවේවා!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!thilina peiris
thank you
DhanushkaAASL
THANKS
chinthaka sampath
Thank U Bro.............Max
Jaime Lannister
thnx bro sub ekta.....
sahansudeera
Thank You
AsithaDilruwan
elama saho thanks
Panther
Thanz brother sub akta
anthimaya
Thanks
subodha
Thanks
Gmail
pattta asi mchn me wege slow motion film balanta thanks mchn subta godak
Kasun Tharuka
Filuma kalinma download krala tyagatta sub aka aniwa denawa kyala danna nisa thanks bro
shiransri
තැන්ක්ස් සහෝ .පට්ට ෆිල්ම් එකක් .ඔහොම යමු ඉස්සරහටම .
sachintha
Sub ekata thanks
Dushan Tharuka
thanks
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Damru Ravihara
Thanks for sub
oshanda
තැන්ක්ස් සහෝ .පට්ට ෆිල්ම් එකක් .ඔහොම යමු ඉස්සරහටම .
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Ravindu Rukshan
thx
jagath55
Thanks
anidithialahakoon
Thanks
Prasad Lakmal
thanks
EMWinchester
sub eka gaththa
thanks mcn.lahiru1991
thank you
danithniwanthaka
thanks bro. jaya wewa...!!
madushangamage
thankes bro..
Sachintha Thilakarathna
thanks
ricadodamien
Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
TMK
thanks......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

supiri sahooo thank u bro....